පටිච්ච සමුප්පාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

බුද්ධ ධර්මය
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharma Wheel.svg

බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

ධර්ම සංගායනා
බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
බුද්ධකාලීන ශ්‍රාවකයෝ
පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

මූලාශ්‍ර හා සබැඳි

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

මෙම ලිපිය බුදු දහම
හා සබැඳි ලිපි පෙළකට අයත් වේ

බුදු දහම
ධර්ම චක්‍රය

බුදුරජාණන් වහන්සේ
අට විසි බුදුවරු
ශ්‍රී සද්ධර්මය
ආර්ය සංඝයා වහන්සේ

මූලික සංකල්ප
තිසරණය
චතුරාර්ය සත්‍යය
පටිච්ච සමුප්පාදය
නිර්වාණය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
වෙනත්

බුදු දහමේ ඉතිහාසය
(කාල රේඛාව)

ප්‍රකට බෞද්ධයින්

බුදු දහම, කලාපය අනුව

ත්‍රිපිටකය
ධර්ම සංගායනා
බෞද්ධ සංස්කෘතිය

නිකාය
මහායානය
වජ්‍රයානය

පටිච්ච සමුප්පාදය යන්න බුදු දහමේ ගැඹුරු එමෙන්ම ගැඹුරුවම වැටහෙන ධර්මයකි. මේ ධර්මය අවබෝධ කරගත නුහුණු බැවින් සත්ත්වයෝ අවුලෙන් අවුලට පත්ව දුර්ගතිය ඉක්මවිය නොහැකිව සසර ඉක්මවිය නොහැකිව සිටිති.එය මනා සිහි නුවණින් විමසා දැනගත යුතුවේ.පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යා සහගත වීම නිසා, හේතු-ඵල පැවැත්මෙන් සත්වයන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව දුකෙන් දුකට පැමිණෙන ආකාරය යි. අවිද්‍යාව යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමයි. අවිජ්ජාව නිසා පටිච්ව සමුප්පාදය තුළ සකස්වන දෑ පටිච්ව සමුප්පන්න ධර්මයන් ය. ඒවා නම්,

  • සංස්කාර - කාය සංස්කාර (ආශ්වාස ප්‍රශ්වාස), වචී සංස්කාර (විතක්ක විචාර) සහ චිත්ත සංස්කාර (සංඥා වේදනා) යන ධර්මයන් ය[1]
  • විඤ්ඤාණ - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතනයකට අරමුණක් පැමිණි විට එහි හටගන්නා සිතයි; විශේෂයෙන් දැන ගන්නේ යන අරුතින් විඤ්ඤාණය නම් වේ[2]
  • නාම රූප - නාම ධර්මයන් (වේදනා, සංඥා, චේතනා, ඵස්ස, මනසිකාර) සහ සතර මහා භූතයන්ගෙන් සකස් වූ(උපාදාය)[3] රූපය; ආයතන සියල්ලෙහිම තැනුම් ඒකකය මෙය යි
  • සළායතන - ඇස, කණ, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන් සය ම භව පැවැත්ම ඇති කරන ලෙස සැකසී ඇති බැවින් ආයතන නම් වේ[4]; මෙම සය ආධ්‍යාත්මික (අභ්‍යන්තර) ආයතන යි[5]; ඒවාට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු (මනසට අරමුණු වන දේ; ධම්ම) බාහිර ආයතන [6] නම් වේ.
  • ඵස්ස (ස්පර්ශය) - ආයතනයකට අරමුණක් ලැබුණ විට එහි හටගන්නා සිත ඒ සමඟ එක් වීම යි; එවිට අරමුණ නිසා ඇතිවන
    • සැප, සොම්නස්, දුක්, දොම්නස් හෝ මැදහත් බවක් ඇත් ද ඒ පිළිබඳ දැනීමක් ඇතිවේ; එකල සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) යන විඳීම් ඇති වේ
    • යම් විඳීමක් ඇත්ද, එයම හඳුනා ගනී; එනම් සංඥා උපදී
    • යමක් හඳූනා ගනී ද ඒ ගැන චේතනා පහළ වේ; අවිද්‍යා සහගත පුද්ගලයා ගේ එම චේතනාවම විපාක දීමට සකස් වේ
බුදු දහමේ එන ස්පර්ශය (ඵස්ස) සිංහල බසෙහි පහස යන අර්ථයෙන් නොයෙදේ
  • වේදනාව - ස්පර්ශය නිසා හට ගැනෙන සැප, දුක සහ නොදුක් නොසැප (අදුක්ඛමසුඛ) විඳීම යි
  • තණ්හාව - සැප, දුක සහ නොදුක් නොසැප යන සියළු විඳීම් ගැන නොනුවණින්(අයෝනිසෝමනසිකාරයෙන් යුතුව) සිතීම නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස සහ අරමුණු යන්නෙහි යම් ආස්වාදයක් ඇත් ද ඒ කෙරෙහි සිත ඇලී යයි (නන්දිරාග); මෙය ම තණ්හාව වේ. එනම් කාම තණ්හා, භව තණ්හා සහ විභව තණ්හා යනාදිය යි.
  • උපාදාන - තණ්හාවෙන් යුතුව අරමුණු සොයන්නා එය ලැබුණු විට අගය කරන්නට ගනී (විනිච්ඡයෝ); එකල විඤ්ඤාණය එම අරමුණු ම ඇසුරු කරමින් ම පවතී; එනිසාම රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයට ගැන කැමැත්තෙන් ම ඇලී යයි (ඡන්දරාග); මෙසේ කෙළෙසුන් ට බැඳී යාම උපාදානය යි.
  • භවය - බැඳී ගිය සිතින් චේතනා පහළ කරන විට කර්ම සකස් වනුයේ යම් ධාතුවක (කාම, රූප, අරූප යන) විඳවීම (වේදනීයං) පිණිස විපාක දෙන ආකාරයෙනි. මෙය භවය යි.
  • ජාති - සත්වයකු (එනම් තණ්හාව නොඇල්මෙන් ඉතිරි නැතිව නිරුද්‍ධ වී නොමැති අයෙක්) මරණයට පත් වන විට සකස් වී ඇති භවයට අනුකූලව ඉපදීම ජාතියයි. විපාක දුන් කර්මයට අනුකූලව පංච උපාදානස්කන්ධ පහළ වීමත් (ඛන්ධානං පාතුභූතෝ), ආයතන සයක් ලැබීමත් (ආයතනං පටිලාභෝ) සිදු වන්නේ ජාතිය සමඟ යි.
  • ජරා-මරණ - උපත ලද සත්වයා ක්‍රමයෙන් දිරාපත් වෙමින් මරණයට පත්වීම යි; එනම් සියළු දුක් සමූහය යි.

දුක සකස් වීම[සංස්කරණය කරන්න]

බුදු රජාණන් වහන්සේ නොයෙක් ආකාරයෙන් විස්තර කර වදාළේ පටිච්ච සමුප්පන්නව ම දුක සකස් වන බව යි.

කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං දුක්‌ඛස්‌ස සමුදයො... සෝතඤ්ච පටිච්ච... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිචච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස සමුදයො

පින්වත් මහණෙනි, දුකෙහි හට ගැනීම යනු කුමක් ද? ඇසත් රූපයත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; මෙය තමයි දුකේ හට ගැනීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා; විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා; පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ හට ගැනීම.
කතමො ච, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො? චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති. අයං දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො... සෝතඤ්ච පටිච්ව... ඝානඤ්ච පටිච්ච... ජිව්‌හඤ්‌ච පටිච්‌ච... කායඤ්ච පටිච්ච... මනඤ්‌ච පටිච්‌ච ධම්‌මෙ ච උප්‌පජ්‌ජති මනොවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො. ඵස්‌සපච්‌චයා වෙදනා; වෙදනාපච්‌චයා තණ්‌හා. තස්‌සායෙව තණ්‌හාය අසෙසවිරාගනිරොධා උපාදානනිරොධො; උපාදානනිරොධා භවනිරොධො ; භවනිරොධා ජාතිනිරොධො; ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. එවමෙතස්‌ස කෙවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරොධො හොති. අයං ඛො, භික්‌ඛවෙ, දුක්‌ඛස්‌ස අත්‌ථඞ්‌ගමො
පින්වත් මහණෙනි, දුකේ නැති වීම යනු කුමක් ද? ඇසත් රූපත් නිසයි ඇසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. මෙය තමයි දුකේ නැති වීම. කණත් නිසා... නාසයත් නිසා... දිවත් නිසා... කයත් නිසා... මනසත් මනසට අරමුණු වන දේත් නිසයි මනසේ විඤ්ඤාණය උපදින්නේ. ඔය තුනේ එකතු වීම ස්පර්ශය යි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. විඳීම හේතුවෙන් තණ්හාව ඇති වෙනවා. ඒ තණ්හාව ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්‍ධ වෙනවා. උපාදාන නිරුද්‍ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා.භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්‍ධ වීමෙන් ජරාමරණ, සෝක, වැළපීම්, දුක්දොම්නස් සුසුම් හෙළීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට යි මුළුමහත් දුක්ඛස්කන්ධය ම නිරුද්ධ වන්නේ. පින්වත් මහණෙනි, මෙය තමයි දුකේ නැති වීම.

— දුක්‌ඛසමුදයසුත්‌තං [7]

පංචඋපාදානස්කන්ධය සැකසීම වශයෙන්[සංස්කරණය කරන්න]

ඇවැත්නි, ඉදින් යම් හෙයකින් ආධ්‍යාත්මික වූ සිත ‍නොබිඳුනේ වේ නම් බාහිර ධර්මයෝත් ආපාථට එත් නම් එයින් උපදනා වූ හෝ ඊට අනුරූප වූ මෙනෙහි කිරීමක් වේ නම් මෙසේ ඊට අනුරූප වූ විඥානභාගයාගේ පහළ වීම් වේ. එබඳු වූවහුගේ යම් රූපයක් වේද එය රූපෝපදානසකන්‍ධෙයහි සඞ්ග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංඥාවක් වේද එය සංඥොපාදානාස්කන්ධයෙහි සංග්‍රහයට යේ. එබඳු වූවහුගේ යම් සංස්කාරයෝ වේත්ද ඔහු සංස්කාරොපදානස්කන්ධයෙහි සංග්‍රහයට යෙත්. එබඳු වූවහුගේ යම් විඥානයෙක් වේද එය විඥානොපාදානස්කන්ධයෙහි සංග්‍රහයට යේ. හෙතෙම මෙසේ දනියි. මෙසේ වනාහී මේ පසද් වැදෑරුම් වූ උපාදානස්කන්ධයන්ගේ සංග්‍රහය සන්නිපාතය එක්රැස් වීම වෙයි. භාග්‍යවතුන්වහන්සේ විසින් මෙය වදාරන ලදී. යමෙක් පටිච්ච සමුප්පාදය දකියිද හෙතෙම ධර්මය දකියි. යමෙක් ධර්මය දකියිද හෙතෙම පටිච්ච සමුප්පාදය දකියි. කියාය. මේ උපාදානාස්කන්ධ පස්දෙන ප්‍රත්‍යයෙන් උපන්නාහුය. මේ පඤ්‍චොපාදානස්කන්ධයෙහි යම් කැමැත්තක් ආලයක් ස්නේහයක් ගැලී සිටීමක් වේද එය දුක්ඛසමුදය යයි මේ උපාදානස්කන්ධ පසෙහි යම් ඡන්දරාගය නැති වීමෙක් ඡන්දරාගය දුරු කිරීමෙක් වේද එය දුක්ඛ නිරෝධය යි කියායි. ඇවැත්නි මහණහු විසින් මේ පමණෙකින් බුද්ධශාසනය බොහෝකොට කරන ලද්දේ වේ යයි.


“යතො ච ඛො ආවුසො අජ්ඣත්තිකො වෙ මනො අපරිහින්නො හොති, බාහිරා ච ධම්මා ආපාථං ආගච්ඡන්ති, තජ්ජො ච සමන්නාහාරො හොති, එවං තජ්ජස්ස විඤ්ඤාණභාගස්ස පාතුහාවො හොති. යං තථාභූතස්ස රූපං, තං රූපූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡති.යා තථාභූතස්ස වෙදනා, සා වෙදනූපාදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්චති. යෙ තථාභූතස්ස සඞ්ඛාරා, තෙ සඞ්ඛාරුපදානක්ඛන්ධෙ සඞ්ගහං ගච්ඡන්ති. යං තථාභූතස්ස විඤ්ඤාණං, තං විඤ්ඤූපාදානක්ඛන්ධ සඞ්ගහං ගච්ඡති. සො එවං පජානාති: එවං ‍කිරමෙසං පඤ්චන්නං උපාදානක්ඛන්ධානං සඞ්ගහො සන්නිපාතො සමවායො හොති. වුත්තං ඛො පනෙතං භගවතා: සො පටිච්චසමු්පාදං පස්සති සො ධම්මං පස්සති. යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සතී'ති. පටිච්චසමුප්පන්නා ඛො පනිමෙ යදිදං පඤ්චුපාදානක්ඛන්ධො. යො ඉමෙසු පඤ්චසුපාදානක්ඛන්ධෙසු ඡන්දො ආලයො අනුනයො අ‍ජ්ඣොසානං සො දුක්ඛසමුදයො, යො ඉමෙසු පඤ්චසු පාදානක්ඛන්ධෙසු ඡන්දරාග විනයො ඡන්දරාප්පහානං සො දුක්ඛනිරොධො'ති. එත්තාවතාපි ඛො ආවුසො භික්ඛුනො බහුකතං හොතීති.[8]


Paticca-Samuppada.JPG

හේතු-ඵල වශයෙන් පටිච්ච සමුප්පාද පැවතීම මෙසේ වටහාගත හැක.

  • අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
  • සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
  • විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
  • නාමරූප පච්වචයා සලායතනං - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
  • සලායතන පච්චයා ඵස්සෝ - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
  • ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
  • වේදනා පච්චයා තණ්හා - දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
  • තණ්හා පච්චයා උපාදානං - තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
  • උපාදාන පච්චයා භචෝ - බැඳීම් හේතු කොට භව සකස් වේ
  • භව පච්චයා ජාති - භව සකස් වීම හේතු කොට ඉපදෙයි
  • ජාති පච්චයා ජරා මරණං - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී

පටිච්ව සමුප්පාදය ආර්ය න්‍යායය සමඟ ගලපා අවබෝධ කර ගැනීම ම දුකින් නිදහස් වීමේ මඟයි. අන් අයුරකින් කිවහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ පටිච්ච සමුප්පාදය නුවණින් විමසන විටයි.

යො පටිච්‌චසමුප්‌පාදං පස්‌සති සො ධම්‌මං පස්‌සති; යො ධම්‌මං පස්‌සති සො පටිච්‌චසමුප්‌පාදං පස්‌සතී
යමෙක් පටිච්ච සමුප්පාදය නුවණින් දකියි ද, හෙතෙම ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි. යමෙක් ශ්‍රී සද්ධර්මය නුවණින් දකියි ද, හෙතෙම පටිච්ච සමුප්පාදය නුවණින් දකියි

— මහාහත්‌ථිපදොපමසුත්‌තං [9]

යොමුව[සංස්කරණය කරන්න]

  1. මජ්‌ඣිමනිකායො→මූලපරියායවග්‌ගො→චූළයමකවග්‌ගො→චූළවෙදල්‌ලසුත්‌තං[1]

  2. කිඤ්‌ච, භික්‌ඛවෙ, විඤ්‌ඤාණං වදෙථ? විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ'න්‌ති වුච්‌චති. කිඤ්‌ච විජානාති?
    පින්වත් මහණෙනි, විඤ්ඤාණය යැයි කියන්නේ කුමක් නිසා ද? පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ. කවර දෙයක් නම් විශේෂයෙන් දැන ගනි යි ද?
    අම්‌බිලම්‌පි විජානාති, තිත්‌තකම්‌පි විජානාති, කටුකම්‌පි විජානාති, මධුරම්‌පි විජානාති, ඛාරිකම්‌පි විජානාති, අඛාරිකම්‌පි විජානාති, ලොණිකම්‌පි විජානාති, අලොණිකම්‌පි විජානාති. විජානාතීති ඛො, භික්‌ඛවෙ, තස්‌මා 'විඤ්‌ඤාණ' න්‌ති වුච්‌චති
    ඇඹුල්බවත් විශේෂයෙන් දැන ගන්නවා, තිත්තබවත්..., කටුකබවත් ..., මිහිරිබවත්..., කර රසයත්..., කර රස නැති බවත්..., ලුණු රසයත්..., ලුණු නො වන රසයත් විශේෂයෙන් දැන ගන්නවා. පින්වත් මහණෙනි, විශේෂයෙන් දැනගන්නවා යන අරුතෙනු යි විඤ්ඤාණය කියා කියන්නේ.
    සංයුත්‌තනිකායො→ඛන්‌ධවග්‌ගො→ඛන්‌ධසංයුත්‌තං→ඛජ්‌ජනීයවග්‌ගො→ඛජ්‌ජනීයසුත්‌තං[2]
  3. ඇවැත්නි, සතරමහාභූතත් සතරමහාභූතයන් නිසා පවත්නා රූපත් යන මෙය රූපය යි කියනු ලැබේ. - මජ්‌ඣිම නිකාය-1.1.9 සම්මාදිට්ඨි සූත්‍රය
  4. සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං
  5. සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→අජ්‌ඣත්‌තානිච්‌චසුත්‌තං [3]
  6. සංයුත්‌තනිකායො→සළායතනවග්ගො→සළායතනසංයුත්‌තං→අනිච්‌චවග්‌ගො→බාහිරානිච්‌චසුත්‌තං[4]
  7. සංයුත්‌තනිකායො→සළායතනවග්‌ගො→සළායතනසංයුත්‌තං→යොගක්‌ඛෙමිවග්‌ගො→දුක්‌ඛසමුදයසුත්‌තං [5]; (සිංහල අනුවාදය: මහමෙව්නා සදහම් ප්‍රකාශන [6], 239 පිටුව )
  8. ම. නි. i, (2001), මහාසාරොපම සුත්ත, බු. ජ. ත්‍රි. ග්‍ර. මා,ශ්‍රී ල. ජ. ප්‍ර, කොළඹ, පි.462
  9. මජ්‌ඣිමනිකායො→මූලපණ්‌ණාසපාළි→ඔපම්‌මවග්‌ගො→මහාහත්‌ථිපදොපමසුත්‌තං [7]


"https://si.wikipedia.org/w/index.php?title=පටිච්ච_සමුප්පාදය&oldid=338754" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි