සම්මා සම්බුදුවරු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බුදුන් වහන්සේගේ රුව දක්වන ශෛලමය ප්‍රතිමාවක ඡායාරූපයක්.

බුද්ධ ධර්මය සහ බුද්ධාගම
පිළිබඳ  ලිපි මාලාවක කොටසකි 

Dharmachakra.png
බුද්ධාගම පිළිබඳ ද්වාරය

බුදු දහමෙහි ඉතිහාසය

බෞද්ධ සංගායනා - බුදු දහමට සබැඳි සිදුවීම්

ප්‍රමුඛ චරිත

ගෞතම බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයෝ · පසුකාලීන බෞද්ධයෝ

ධර්මය සහ බෞද්ධ යෙදුම්

චතුරාර්ය සත්‍යය
ආර්ය අෂ්ටාංගික මාර්ගය
ත්‍රි ලක්ෂණ
පටිච්ච සමුප්පාදය
සසර · නිවන
පංච ස්කන්ධ · ලෝකය
කර්මය · පුනර්භවය

පිළිවෙත් සහ මාර්ගඵල සතර

බුද්ධත්වය · බෝධිසත්ව
මාර්ගඵල සතර
ප්‍රඥාව · භාවනා · සිල්පද
පාරමිතාවන් · තෙරුවන්
බෞද්ධ ශ්‍රමණ · ගිහියා

රටවල් සහප්‍රදේශ

බුදු දහමෙහි සම්ප්‍රදායන්

ථේරවාද · මහායාන
වජ්‍රායාන
විවිධ සම්ප්‍රදායන්ට පෙර

ග්‍රන්ථයන්

පාලි ත්‍රිපිටකය · ටිබෙට් ත්‍රිපිටකය
චීන ත්‍රිපිටකය

ආශ්‍රිත ලැයිස්තුව

සංසන්දනාත්මක අධ්‍යයනයන්
බෞද්ධ සංස්කෘතියේ මූලික අංග

සම්මා සම්බුදුවරු නමින් හැඳින්වෙන්නේ තමා විසින්ම සත්‍යය සොයා ගොස් නිවන අවබෝධ කරගත් සහ ලොවට එම දැණුම බෙදාදුන් උතුමන්ය. සාමාන්‍යයෙන් බෞද්ධයෝ සිද්ධාර්ත ගෞතම බුදුන් වහන්සේ — ජීවිත කාලය බු.ව. 623 සිට බු.ව. 543 වූ අතර බෝධි මය ඵලය බු.ව. 588 දී සක්ෂාත් කර ගෙන ඇත — පළමු හෝ අවසාන බුදුන් වහන්සේ වන බවක් පිළි නොගනිති. පාරම්පරික බෞද්ධයා යන සංකල්පයේ සිට බලන කළ බුදුන් වහන්සේ කෙනෙකු යනු ධර්මය නැවත සොයා ගත් සහ නිර්වාණය සක්ෂාත් කර ගත් සහ, එවැනි ඵලයක් ලබා ගැනීමට තරම් යහපත් කර්ම ප්‍රමාණයක් රැස් කර ගත් උත්තමෙයකි. අනන්ත අප්‍රමාණ වූ විශ්වීය කාලය තුළ එවැනි පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් සිට ඇත. එබැවින්, අප දකිනා මේ ලොව බොදුනුවන් අදහන "ගෞතම බුදුරජාණන් වහන්සේ " (බෞද්ධ හැඳින්වීමට අනුව "ශාක්‍යමුණි") යනු එම උත්තරීතර බුදු පරපුරෙහි තවත් එක් ශ්‍රේෂ්ඨ ජනිත වීමකි. බෞද්ධ ඇදහීමට අනුව වත්මන් කාලයට පෙර එක් නොපැහැදිලි අතීතයකත් තවත් අනාගත කාලයකත් බුදු උතුමන් පහල වෙති. අප තිලෝකාග්‍ර, සුගත තතාගථ, මහා කාරුණික, සම්මා සම්බුදු, ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ පහලවීමට පෙර "දීපංකර බුදුරජාණන් වහන්සේ " මෙලොවට පහල වූ අතර අනාගත දී පහලව බුදු වන බුදුන් "මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" ය. ථෙරවාද බෞද්ධයන්ගේ එකම අධ්‍යාත්මික පැතුම හැකි ඉක්මනින් සසර දුකින් මිදී නිවන් දැකීමය. සම්මා සම්බුදු වරුන් ලොව පහල වන්නේ ඉතාම දීර්ඝ කාලයකින් බවත් එය අතිශය දුර්ලභ භාග්‍යයක් බවත් ථෙරවාද බෞද්ධ ඉගැන්වීමයි. ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන ථෙරවාද බෞද්ධයන් උන්වහන්සේගේ සම්බුදු සසුනෙහි උත්සාහවත් වීමෙන් බුදු සසුන ලොවින් අතුරුදන් වීමට පෙර ධර්මය අවබෝධ කර නිවන් මගට යොමු වීම ථෙරවාද සම්ප්‍රදාය වඩාත් ප්‍රධානතම අරමුණ ලෙස සලකයි. යම් හෙයකින් මෙම බුදු සසුනෙහි පිහිට ලබා නිවන් අවබෝධ කිරීමට නොහැකි වුවහොත් සසරෙහි නැවතත් දුකට පත්වීමටත් සතර අපායෙහි වැටීමට සිදු වීමටත් සිදුවන බැවින් ප්‍රමාද නොවී ධර්මයට යොමු විය යුතු බවත් පින් රැස් කල යුතු බවත් ථෙරවාද බුදු සමය ශ්‍රාවකයන්ට කියා දෙයි. කෙසේ වෙතත් ගෞතම බුදු සසුන පිරිහීමෙන් පසුව ධර්මය අතුරුදන් වීමත් ඉන් පසුව ලෝකය දුශ්චරිතයෙන් සහ පවින් පිරුණු මිනිසුන් ආයුෂයෙන් පිරිහෙන කාලයකට ගමන කරන බවත් මනුෂ්‍ය ආයුෂ අවුරුදු දහයකට අඩුවන බවත් අනතුරුව මිනිසුන් ද්වේශයෙන් එකිනෙක හිංසාවට පත්කර මරා ගනිමින් මහත් විනාශයක් සිදු කරගන්නා බවත් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ථෙරවාද ධර්මයෙහි සඳහන් වෙයි. එයින් අනතුරුව මිනිසුන් නැවත සුචරිතයෙහි හැසිරීමෙන් නැවත ආයුෂ වැඩි දියුණු වී මිනිස් ආයුෂ අවුරුදු අසුදහසක් දක්වා වැඩි වූ පසුව නැවතත් "මෛත්‍රී" බුදුපියාණන් වහන්සේ ලොව පහළවන බවත් ථෙරවාද ධර්මයෙහි දැක්වෙයි. තවද මෙම බුදු සසුනෙහි ධර්මය අවබෝධ නොකළහොත් මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමද සමහර බෞද්ධයන්ගේ ප්‍රාර්ථනාවක් වෙයි. ථෙරවාද බුදු දහම අනුව විමසා බැලීමේදී පෙනී යන්නේ එසේ නැවත පහල වන බුදු සසුනකින් හෝ පිහිටක් ලබා ගැනීමට වුවද පවින් දුරු වී මෙම ගෞතම බුදු සසුනෙහි උත්සාහවත් වී සතර අපායෙන් මිදී ථෙරවාද ධර්මයෙහි ඉගැන්වෙන ගුණ ධර්ම තමන් තුල දියුණු කර ගත යුතු බවයි.


A Tang Dynasty sculpture of Amitabha Buddha, found in the Hidden Stream Temple Cave, Longmen Grottoes, චීනය indicates.
A statue of Lord Buddha in Hyderabad, India.

බුද්ධත්වය ලැබීම[සංස්කරණය]

චීනයේ ටැංග් රාජ්‍ය කාලයට අයිති හෙබෙයි පළාතේ තිබෙන බුදුන් වහන්සේගේ හිඳි පිළිමයක්.


බුදු දහමේ ඉගැන්වීම් වලට අනුව බුද්ධත්වය යනු සර්වඥතාඥාණය හෙවත් අවබෝධතා ඥාණය ලබා ගැනීමයි. (සංස්කෘත භාෂාවෙන් බුද්ධත්ව - පාලී බුද්ධත්ත නැතහොත් භාෂා දෙකෙන්ම බුද්ධභාව යනුයි.) අවබෝධතා ඥානය යනු සංස්කෘත භාෂාවෙන් සම්‍යසම්බෝධි, පාලී සම්මා සම්බෝධි යනුයි. ධර්මය කුමක්දැයි පහදා දීමට ගුරුවරයෙකුද නොමැතිව, චතුරාර්ය සත්‍ය සහ ආර්යාෂ්ඨාංගික මාර්ගයද ලෝකයේ නොපවතින අවස්ථාවක ස්වොත්සාහයෙන් බුද්ධත්වය ලබා ගෙන ඒ දහම කියා දීම පිණිස පහල වන තැනැත්තා හඳුන්වාදීම සඳහා පාලී ග්‍රන්ථ වල සහ ථෙරවාදී සම්ප්‍රදායයෙහි 'බුද්ධ' යන යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වේ. ඉතා පුළුල් වශයෙන් 'නිර්වාණ'ය ලබා ගත් සියලු තැනැත්තන් සඳහාද එය යොදනු ලැ‍බේ. බුදු වරයෙකුගේ ඉගැන්වීම් අනුව අවබෝධතා ඥාණය ලබා ගත් අය 'අර්හත්' ලෙස හැඳින්වෙන අතර බුදුන් සඳහාද එය යෙදේ. නිර්වාණය යන්නෙහි මූලික පරමාර්ථය අනුව අර්හත් සහ බුද්ධ සමාන වුවද (රහතුන් වහන්සේලා සහ බුදුවරු) ඒ තත්වයන් දෙකෙහි වෙනස්කම් පෙන්නුම් කරන්නේ පාරමිතා පිරීම පැත්තෙනි. මහායාන සම්ප්‍රදායට අනුව අවබෝධතා ඥාණය ලබා ගත් සියලු තැනැත්තන් හැඳින්වීම තෙක් 'බුද්ධ' යන වචනයෙහි අර්ථය පුළුල් වෙයි. 'ථෙරවාද අරහත්' යනුද එක්තරා බුදු කෙනෙකු ලෙස මෙම මහායාන සම්ප්‍රදායයෙහි ඉගැන්වෙන අතරම මෙම භාවිතාව ථෙරවාදි අටුවා වලද සමහර විට හමුවේ. සිද්ධාර්ථ ගෞතමයන් එකම බුදුන් ලෙස බෞද්ධයෝ නොසළකති. පාලි ග්‍රන්ථ වල ඊට පෙර සිටි බුදුවරුන් බොහෝ ගණනක් ගැන සඳහන් කර ඇත. (බුදුන් 28 නමකගේ ලේඛණය බලන්න.) මේ අතර මහායාන බුද්ධාගමෙහි ඊට අමතරව ඓතිහාසික සාධක වලින් හමු වන බුදුවරුන්ට වඩා දේවත්වය ආරෝපණය කළ බුදුවරු වෙති. (අමිතාභ නැතහොත් වයිරෝචන ආදී උදාහරණ බලන්න.) බුද්ධාගමේ සියලු පාර්ශව වල පොදු පිළිගැනීමක් වන්නේ ඊළඟ බුදුන් වහන්සේ මෛත්‍රිය නම් බුදුවරයෙකු බවයි.


අටවිසි බුදුවරු[සංස්කරණය]

අටවිසි බුදුන් වහන්සේලාගේ නම් පහත දැක්වේ.

  1. තණ්හංකර
  2. මේධංකර
  3. සරණංකර
  4. දීපංකර
  5. කොණ්ඩඤ්ඤ
  6. මංගල
  7. සුමන
  8. රේවත
  9. සෝභිත
  10. අනෝමදස‍්සී
  11. පදුම
  12. නාරද
  13. පදුමුත්තර
  14. සුමේධ
  15. සුජත
  16. පියදස්සි
  17. අත්ථදස්සි
  18. ධම්මදස්සි
  19. සිද්ධත්ථ
  20. තිස්ස
  21. ඵුස්ස
  22. විපස්සි
  23. සිඛි
  24. වෙස්සභු
  25. කකුසන්ධ
  26. කොනගමන
  27. කස්සප
  28. ගෞතම

මූලාශ්‍ර[සංස්කරණය]

  • The Threefold Lotus Sutra (Kosei Publishing, Tokyo 1975), tr. by B. Kato, Y. Tamura, and K. Miyasaka, revised by W. Soothill, W. Schiffer, and P. Del Campana
  • The Mahayana Mahaparinirvana Sutra (Nirvana Publications, London, 1999-2000), tr. by K. Yamamoto, ed. and revised by Dr. Tony Page
  • The Sovereign All-Creating Mind: The Motherly Buddha (Sri Satguru Publications, Delhi 1992), tr. by E.K. Neumaier-Dargyay
  • Buddha - The Compassionate Teacher (2002), by K.M.M.Swe

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

Wikiquote-logo-en.svg
Wikiquote has a collection of quotations related to:

බාහිර සබැඳින්[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=සම්මා_සම්බුදුවරු&oldid=275184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි