ත්රිලක්ෂණය
ත්රිලක්ෂණය යනු බුද්ධාගමේ එන ජනප්‍රිය සංකල්පයකි. මෙම සංකල්පය මුලින්ම විස්තර කරඇත්තේ බුද්ධඝෝෂ හිමි විසින් උන්වහන්සේගේ විසුද්ධිමග්ග ග්‍රන්ථය මගිනි.
විසුද්ධිමග්ගය විස්තරකරන පරිදි ත්රිලක්ෂණය යනු පැවැත්මක ඇති අනිත්‍ය, දුක්ඛ, සහ අනාත්ම යන ලක්ෂණය ත්රිත්වයවේ.
ත්රිලක්ෂණය විවිධ භාෂා වලින්[සංස්කරණය]
පසු කලෙක පාලි ත්‍රිපිටකය වෙනත් භාෂා වලට පරිවර්ථනය කිරීමෙදී අනිච්ච, දුක්ඛ සහ අනත්ත වදන් සඳහා අදාල බසෙහි පවත්න යෙදුම් යොදාගෙන ඇති අවස්ථා බොහොමයකි. භාෂා පිරිවර්තනයේදී බහුලව සිදුවන සංසිද්ධියක් වන නිවැරදිම යෙදුම යොදා නොගැනීම හො සර්‍වසම තේරුම ගෙනදෙන වදනක් ඉලක්ක බසෙහි නෙමැතිවීම යන කරුණු මත සමහරක් පරිවර්ථන වලදී තේරුම විකෘත්ති වී ඇතියයි සැලකේ.
දේශනාකිරීමට හේතුව[සංස්කරණය]
ගෞතම බුදුන් වහන්සේ ලක්‍ෂණත්‍රය ලෝකයාට දේශනා කලේ දුන්නේ එෙකල දඹදිව සමාජයේ මුල් බැසගෙන තිබූ මිථ්‍යා දෘෂ්ටි හැට දෙකක් බැහැර කිරීමටයි. ඒවා ශාස්වත හා උචේඡ්ද දෘෂ්ටි වලට අයත්විය. [1]
අනිච්ච[සංස්කරණය]
යනු පෙරලන සහ විපරිණාමය වන බැවින් නිත්‍ය නොවූ; හැම කල්හි නො පවත්නා.අනිත්‍ය සරලව නම සියළු සංස්කාරක ධර්ම (සකස්කර)රැස්කල දේ නැති වන දෙයක් බැවින්ද සිංහලෙන් අනිත්‍ය පදය යෙදේ
දුක්ඛ[සංස්කරණය]
යනු තථාගත වැදගත්ම පාටයක් සංඛත ධර්ම ඇතිව නැති වන ස්භාවය සහ සියළු සංස්කාර ධර්ම පිඩාවට පත්වන අර්තයෙන්ද දුක යනුවෙන් යමක් පෙරලන සුළුද එය දුකට පිඩාවට පත්වන අර්තයෙන්.
අනත්ත[සංස්කරණය]
ලොව පවතින සජීවී අජීවී වස්තුන්වල ඇතිවී නැතිවී යාම අනාත්ම වේ .මෙම අනාත්ම තත්වය යමෙකුගේ සිතේ ඇතිවන තමාගේ වන වැරදි හැගීම හෝ ආත්ම දෘෂ්ටිය තුල දුක ඇතිවේ.(මාගේ වසගයේ පවත්වන්නට බැ)යන අර්ථයෙන්.