පරිනිර්වාණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක.පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබාදෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

වාණ යනු තෘෂ්ණාවයි. ඊට නිර්+වාණ ලෙස නිර් යන පදය එකතුවීමෙන් වාණ යන පදයේ ප්ර තිවිරුද්ධ අර්ථය ගෙන නිර්වාණ යන තනි වචනය සෑදෙයි. නිර්වාණය යනුවෙන් හඳුන්වනුයේ නිවීමය.එනම් කලේශයන්ගෙන් සිත සිත නිදහස්කර ගැනීමයි.එයද ක්ලේශ යටපත් කිරීමෙන් නොව මුළුමනින් ප්ර්හාණය කිරීම මඟිනි.නිර්වාණය නම් ලෝකෝත්තර ධර්මයකි. “කතමේ ධම්මා ලොකුත්තරා චත්තාරො ච අරියමග්ගා චත්තාරි ච සාමඤ්ඤඵලානි, අසංඛතා ච ධාතු ඉමෙ ධම්මා ලොකුත්තරා” ලෙස දක්වා ඇත්තේ සතර ආර්ය මාර්ගද සතර සාමඤ්ඤඵලද අසංඛත ධාතු සංඛාත නිර්වාණයද ලොකෝත්තර ධර්මයන්ට අයත් දෙයක් ලෙසය.මෙහි අදහස නම් නිර්වාණය හුදෙක් ප්රකඥප්ති මාත්ර්යක් නොවන බවයි.සාමාන්යම ලෝක ව්යධවහාරයෙහි සිද්ධවන දේ ලොකෝත්තර සේ නොදැක්වෙන බැවිනි.නිර්වාණය සතර මඟඵල ඥාණවලින් ප්ර්ත්ය්ක්ෂ වශයෙන් අවබෝධ කළයුතු සියුම් ධර්මයකි.එසේම මේ අවබෝධය නම් ප්රයතිවේධ අවබෝධයයි.ඇස් ඇති අය බාහිර ලෝකයේ යම් යම් දේ දෙනෙතින් නරඹන්නාක් සේ සතර ආර්ය මාර්ගඵල ඥාණ සම්පාදනය කළ ආර්යයන් විසින් ඒ ඒ සතර මාර්ගඵල ඥාණ නැමැති දෙනෙත්වලින් නිර්වාණය දැක ප්ර ත්යික්ෂ කරගත යුතුය. මෙසේ ආර්ය උතුමන්ට නිර්වාණය ප්රෙත්යවක්ෂ වශයෙන් දැකගත හැකිය.ජාති අන්ධයන්ට මෙලොව ඇති බාහිර වස්තූන් දැකගත නොහැකිය.ඒවා පවතින බව පැවසුවද ඒවායේ සටහන්,වර්ණ හා හැඩ තල ආදිය දැනගැනීමට ජාති අන්ධයින්ට නොහැකිය.ඒ හා සමානව ක්ලේශ ප්ර,හාණයෙහි අසමත්වූ පුහුදුන් ජනයාට නිවන් පවතින නමුදු එය පවතින බව දැකගත නොහැකිය.ජාති අන්ධයින් වස්තූන් පවතින නමුදු දැකීමට නොහැකි බැවින් ඒවා නොපවතිතැයි ප්රැකාශ කිරීම නිවැරදි නොවේ.එපරිදිම පුහුදුන්හට නිවන දැකගැනීමට නොලැබුණ පමණින් නිවන නැතැයි ප්රලකාශ කිරීමද නිවැරදි නැත.ඒ නිසා අන්ධ පුහුදුන්ද නිවන අනුමාන වශයෙන් වත් නොදත හැකි වුවද කල්යාිණ පුහුදුන්හට නිවන පවතින බව අනුමාන කළ හැකිය.මඟඵල ඉපදවීම පිණිස අරමුණු කරනුයේ නිවනයි.නිවන නැතිව මඟඵල අවබෝධයක් නොලැබේ.විඳීමෙහි ලොල්බව හෙවත් තෘෂ්ණාව රහිතබව නිවනයි.මෙයින් අදහස්වනුයේ නිර්වාණාවබෝධ කිරීම සඳහා සියළු විඳීම් ප්රයහාණය කරදැමිය යුතුබවයි.නිර්වාණය ශාන්ත ස්වරූපයෙන් එකක්ම වන නමුදු අවස්ථානුරූපීව ප්රමකාශ කිරීමේ හැඩතල සලකා ද්විස්වරූපී ලෙස ප්රනකාශ කෙරේ.එනම් සෝපාදිශේෂ පරිනිර්වාණය හා අනුපාදිශේෂ නිර්වාණය ලෙසයි.කර්ම ක්ලේශ ප්රමහාණය කිරීමෙන් මඟඵල අවබෝධයට පත්වීම හා පඤ්චස්කන්ධර ශේෂවීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.ක්ලේශ ප්රඵහීණවුවද ඒ උතුමා ජීවත්ව සිටින තුරු පඤචස්කන්ධධ දරාසිටීමේදී ස්නායු ආවේග හෙවත් සංවේදනා විඳීමේ ස්වරූපයක් නැතිවුවද වේදනා දැනෙන බැවින් එහි උපාදිශේෂය ඇත.එබැවින් ක්ලේශ ප්රඵහීණවුවද ජීවිතේන්රිේද ය පවතින තෙක් එය සෝපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.ජීවිතේන්රිවි ය අවසන්වීමෙන් පසුව ස්කන්ධව පරිනිර්වාණයට පැමිණෙන නිසා එබඳුවූ අවස්ථාව අනුපාදිශේෂ පරිනිර්වාණය යන නමින් හැඳින්වේ.තවත් අයුරකින් දැක්වුවහොත් අර්හත් ළුලය ලබා ජීවත්ව සිටීම සෝපාදිශේෂ පරිනිර්වාණයයි.එසේම අර්හත්ඵලය අවබෝධකළ උතුමා ජීවිතය අවසන්කර කළුරිය කිරීම අනුපාදිශේෂ පරිනිර්වාණයයි.මෙම සෝපාදිශේෂ පරිනිර්වාණය ක්ලේශ පරිනිර්වාණය හා දිට්ඨධම්ම පරිනිර්වාණ යන නම් වලින් ද අනුපාදිශේෂ පරිනිර්වාණය ස්කන්ධප පරිනිර්වාණය හා සම්පරායික නිර්වාණය යන නම්වලින්ද හැඳින්වේ.

එමෙන්ම පරිනිර්වාණය සුඤ්ඤත, අනිමිත්ත හා අප්පණ්හිත යයි ත්රි්විධ කොටද සැලකිය හැකිය.ආරම්මණ හා සම්ප්ර,යෝග වශයෙන් රාග,ද්වේෂ හා මෝහ වලින් ශූන්යැ නිසා පරිනිර්වාණය සුඤ්ඤත ලෙස හැඳින්වේ.සංඛථත ධර්මයන් පලිබෝධ සහිතවේ.සංඛත ධර්ම විවිධ පළිබෝධයන් නිසා නිරතුරු ලෝක සත්වයයා පීඩනයට පත්වනබව පෙනේ.එබැවින් ශාන්ත සුඛයක් ලබාගැනීමට නොහැකිය.අසංඛත සංඛ්යාවත පරිනිර්වාණය එබඳු සියළු පලිබෝධවලින් ශූන්ය්ය.ඒ නිසා සුඤ්ඤත වේ.රාග,ද්වේෂ හා මෝහ වශයෙන් නිමිති සලකා ගැනීම්වලින් තොර නිසා අනිම්ත්ත ලෙසද හැඳින්වේ.සංඛත ධර්ම නිමිත්ත සහිතය.සියළු ඉපදීමට මුල්වන රාග,ද්වේෂ හා මෝහ අකුසල මූල නිමිත්ත යනුවෙන් හැඳින්වේ.එසේම ඒ නිමිත්ත සියළු ක්ලේශවලට,ජරාමරණවලට,සියළු අනර්ථ වලට හේතුසාධක වේ.එවැනි නිමිත්ත රහිත නිසා අසංඛත සංඛ්යා ත පරිනිර්වාණය අනිමිත්ත ලෙස හැඳින්වේ.රාග,ද්වේෂ හා මෝහ වශයෙන් ප්රාණීධි රහිත නිසා අප්පණිහිතය.මෙහි සඳහන් ප්ර්ණිධි නම් ප්රාැර්ථනා,ආශා,පිපාසාව යන අර්ථ ගෙන දෙන පදයකි.සංඛත ධර්ම ප්රිණිධි සහිතවේ.ප්රා‍ර්ථනා, ආසා,පිපාසා ප්ර ණිධි සහිත නිසා එයින් නිරතුරු ආශා,දුක් උපදවයි.අසංඛත සංඛ්යාපත පරිනිර්වාණය ප්රේණිධි රහිතවේ.ඒ නිසාම අප්පණිහිත නමින් හැඳින්වේ.වේදයිත සුඛ හා ශාන්ති සුඛ ලෙසට සුඛය දෙවදෑරුම් වේ.සසරභවගමන පුරා ඉන්රි් ය ප්රී ණනය පිණිස අවශ්යණ සියළු දේ ලැබීම වේදයිත සුඛයයි. එය විදුලියක් සේ ක්ෂණිකය.ක්ෂණකයින් ඇතිව බිඳී යයි.සියළු වේදයිත අනිත්ය්ය.එසේම අනන්ත දුක්ඛයක් උපදවීමට සමත්ය.ඒ නිසා වේදයිත සුඛයද දුක්ඛයෙහිම අන්තර්ගත කරදැක්විය හැකිය. මේ නිසා විඳීම් ප්ර ධානකොට ඇති සියල්ල දුක්ඛයටම අයත්බැව් පැහැදිලිවේ.එසේ නම් දුක්ඛයෙහි අවසානයක් දැකීමට නම් විඳීම් ස්වභාවය සිතින් ඉවත්කළ යුතුබැව් මනාව අවබෝධවේ.විඳීම් නැති බව පමණක් සුවයක් සේ පිළිගතහැකිබව මේ අනුව පෙනීයයි.පරිනිර්වාණයෙහි ඇත්තේ අවේදයිත සුවයකි.එනම් සියළු විඳීම් සිතින් ප්රිහාණය කළවිට ඉතිරිවනුයේ මේ අවේදයිත ස්වභාවයයි.විඳීම්හි අන්තර්ගත කිසිදු පළිබෝධයක් මේ අවේදයිත ස්වභාවයෙහි නැත.කිසිදු විඳීමක් නැති බැවින් එසේ වෙනස්වීමට කිසිවක් ඉතිරිවන්නේද නැත.වෙනස්නොවන බැවින් පරිනිර්වාණය සුවයකි.ශාන්තිය නම් මේ අවේදයිත සුවයයි.ශාන්ති සුවය නිසා පැමිණියාවූ‍ෙමතු පැමිණෙන ක්ලේශ දුක්ඛයෙන්ද සතර අපායික දුක්ඛයෙන්ද නිදහස්වීමට ලැබේ.මේ සියළු දුක්ඛ ඇතිවනුයේ විඳීම නිසාය.විඳීමෙන් මිඳීමට ලැබීමම මෙහිදී සුවයක් වශයෙන් සලකා ඇත්තේ අවේදයිත ස්වභාවයතුළ කිසිදු වින්දනීය ලක්ෂණයක් ගැබ්ව නැති බැවිනි.යමක් සුඛ හෝ දුක්ඛ වශයෙන් වැටහෙන්නේ විඳීම ඇතිඅවස්ථාව තුළදීය.එය නොවිඳීන්නේ නම් සුව හෝ දුක්ඛ වශයෙන් කිසිදු දැනහැඳිනීමක් නොලැබේ.එසේම ඒ ශාන්ත ස්වභාවය කිසිවිටෙක යළි නොපෙරලෙන තත්වයකි.මේ නිසා එය අචල සුවයකැයි කියනු ලැබේ. සැප යැයි සාමාන්යය ලෝක ව්යිවහාරය අනුව හැඳින්වෙන දේතුළද වෙනස්වීම හා විඳීම්වල ඇති අහිතකර ලක්ෂණ අන්තර්ගත බැවින් ඒවාද දුක්ඛයෙහිම අන්තගත හැඩතල සේ සලකා ඇත. පරිනිර්වාණයෙහි ශුන්යා හා අනිමිත්ත හා අප්පණිහිත යන ලක්ෂණ තෙවර්ගය විද්යිමානය.සකල සංස්කාරවලින්ම ශුන්යය බැවින් පරිනිර්වාණය ශූන්යහ ලෙසද,කිසිදු සංස්කාර නිමිත්තක් නොගන්නා නිසා අනිමිත්ත ලෙසද, තෘෂ්ණා ප්රබණිධි රහිත නිසා අප්පණිහිත ලෙසද සැලකිය හැකිය.ත්රිසපිටකයේ නොයෙක් ස්ථානවල පරිනිර්වාණය දැක්වීම සඳහා පර්යාය පද රාශියක් භාවිතා කර තිබේ.ඒවායින් පහත සඳහන් නාමයන් සුවිශේෂී ඒවා ලෙස පෙන්වා දියහැකිය.එනම් අසඞ්ඛත, අන්ත,අනාසව, සච්ච,පාර, නිපුණ, සුදුද්දාස, අජර, ධුව, අපලෝකිත, අනිදස්සන, නිප්පපඤ්ච, සන්ත,අමත, පණිත, සිව, ඛේම, තණ්හක්ඛය, අච්ඡරිය, අබ්භූත, අනීතික, අනීතිකධම්ම, නිබ්බාන, අබ්යා පච්ඣ, විරාග, සුද්ධි, මුත්ති, අනාලය, දීප, ලේන, තාණ, සරණ, පරායන යනුවෙන් සංයුක්ත නිකායේ අසඞ්ඛත සංයුක්තයෙහි මේ නම් විග්ර,හකර දක්වා තිබේ.

මෙසේ ක්ලේශ ධර්මවලින් සිත විනිර්මුක්ත කරගැනීමට ඉඩ ප්ර.ස්තාව සැලසෙනුයේ විදර්ශනා භාවනාව මඟින් සිත තුළ ඇති විඳීමේ ස්වභාවය නොවිඳීමේ ස්වභාවයකට පරිවර්තනය කිරීම මඟිනි.එය පහසුවෙන් ඉටු කළහැකි ක්රිඩයාවළියක් නොවේ.මහත් වෙහෙසක් හා වෑයමක් දරා ධෛර්ය සම්පන්නව අත්පත්කර ගත යුතු නිෂ්ටාවකි.ඒ සඳහා අනුගමනය කළයුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.එයට මැදුම් පිළිවෙත යැයිද කියනු ලැබේ. ඊට හේතුව ශාස්වත හා උච්ඡේද යන ද්වි අන්තවලින් එක්අන්තයකට නොවැටී මධ්යයස්ථව සත්යු අවබෝධය ලබාගන්නා බැවිනි. මෙම ශාස්වත අන්තය අත්තකිලමථානු යෝගය යටතටද උච්ඡේද වාදය කාමසුඛල්ලිකානුයෝගය යටතට ද සංග්ර්හවී තිබේ.සෝවාන්මාර්ග ඵල ලාභය අවබෝධ වීමේදී ප්රසහාණය කරන සංයෝජන ධර්ම තුනට අයත් සීලබ්බතපරාමාසයේදී මෙකී ද්වි අන්තගාමී කරවන ස්වභාවයට පත්නොවී නිවැරදි ආර්යමාර්ගයට ප්රඅවේශව කටයුතුකිරීමේ හැකියාව අත්පත් කරගැනීමට හැකියාව ලැබේ. එබැවින් පළමු ආර්යභූමියට ප්රීවේශවූ මොහොතේ පටන්ම එහි අවසානය වූ අර්හත්ව ඵල අවබෝධය දක්වා නිවැරදි පිළිවෙතට අනුව පිළිපදින අයෙකු බවට ආර්ය ශ්රාතවකයා පත්වේ.මෙහි පරිනිර්වාණය ලෙස හඳුන්වනුයේ මැනවින් නිවීමයි. හෙවත් නිවන මනා ලෙස අත්පත් කරගෙන නිවනට පැමිණ වාසය කිරීමයි. එහිදී නිර්වාණ යන්නට පරි යන උපසර්ග පදය එකතු වී පරි+ නිර්වාණය + පරිනිර්වාණය ලෙස සෑදී තිබේ.සාමාන්ය යෙන් පරිනිර්වාණය සේ හැඳින්වෙනුයේ සම්මා සම්බුදුවරුන්ගේ ජීවිතය අවසන්ව සකන්ධ පංචකයෙහි බිඳීයාමයි.සාමාන්යේ අයෙකුගේ නම් මෙය සම්මුති මරණය ලෙස හැඳින්වේ.සාමාන්යි පුද්ගලයෙකු මරණයට පත්වීමේදී ඒ පුද්ගලයාගේ ජීවිතය එකී භවයට අවසන්වුවද ඔහුගේ සසර භව ගමන එතකින් අවසන් නොවේ. ඒ පුද්ගලයා කෙලෙස් සහිතව මියගිය බැවින් මියයාමේදී අවසන් චුති සිත නිරුද්ධවනවාත් සමඟ පණුවෙකු එක් තැනක් අත්හැර තවත් තැනක් අල්ලා ගන්නාක් සේ කිසිදු අතරක් නොතබාම තවත් ස්ථානයක් අල්ලාගෙන පටිසන්ධි විඤ්ඤාණය පහළ කරනු ලැබේ.මෙය චිත්තක්ෂ ණ දෙකක් අතර කාලප්රානන්තරයකි.සාමාන්යකයෙන් චිත්තක්ෂයණ දෙකක් අතර ඇති කාලප්රාමන්තරය නොගිනිය හැකිවූ තරම් කුඩා හා ක්ෂණික වේ.ඒ සඳහා උපමාවක් හෝ දැක්විය නොහැකිබව බුදුරදුන් පවා දේශනා කර තිබේ.සමහරු විවිධ නිකායාන්තර මතවාද කරපින්නාගෙන අන්තරාභවයක් ගැන කතාබහ කළද ථේරවාද සම්ප්රාදායට අනුව එසේ චිත්තක්ෂණ දෙකක් අතර කාලප්රාාන්තරයක් හෝ තවත් එක් භවයකට අයත් චිත්ත චෛතසික දැක්විය නොහැකිය.චුති හා පටිසන්ධි චිත්තක්ෂණ අතර කාලය තුළ තවත් චිත්ත චෛතසික පරම්පරාවක් ඇතිවන්නේ නම් නොඅනුමානව එය තවත් එක්භවයක් විය යුතුමය.පිරිසිදු ථේරවාදී අර්ථකථනය අනුව අන්තරාභවයක් හෝ ඇතැමුන් දක්වන ආකාරයට චුති චිත්තය හා පටිසන්ධි විඤ්ඤාණය අතර කිසියම් කාලපරාසයක වූ තවත් භවයකට අයත් චිත්ත චෛතසික පරම්පරාවක් දැක්විය නොහැකිය.මේ අනුව කෙනෙකු මියයාමෙන් පසුව නව උපතක් සොයන කාලවකවානුවක් සම්භවේසී නමින් ධර්මානූකූලව දැක්විය නොහැකිබව වටහාගත යුතුය. මේ නව අර්ථකථව ඉදිරිපත්කරන අයගේ අදහසේ අන්දමට යම් කෙනෙකුගේ මරණාසන්න චිත්ත වීථියේ අවසාන සිත හෙවත් චුති චිත්තය නිරුද්ධවීමෙන් අනතුරුව පටිසන්ධි විඤ්ඤාණය හෙවත් නව භවයක උපත ලැබීම සඳහා පාදක වන සිත ඉපදෙන කාලසීමා අතරතුර නව උපතක් සොයන භවයේ කිසියම් ස්ථානයක සිට තාවකාලිකව රැඳීසිට නව උපතක් සොයන ගන්ධබ්බයෙකු පිළිබඳ අදහස එක්තරා අයුරකට ආත්මවාදී ස්වරූපයකට පරිවර්තනයවූ මුල්බුදුදහමක හැඩතල මතුකරවිය හැකිබව වටහාගැනීම වැදගත්ය.සැබවින්ම මුල්බුදුදහමතුළ මේ ආත්මවාදී ස්වරූපයක් නැත.සිදුවී ඇත්තේ මුල්බුදුදහම තුළ ව්යීවහාරවූ ඇතැම් වචන වරදවා අර්ථග්රවහණය කරගැනීමට මෙකල වසන පිරිස් පෙළඹීමයි.මන්ද දිගුකාලයක් තිස්සේ මේ වචන භාවිතාවීම නිසා කාලයාගේ ඇවෑමෙන් ඒවා සඳහා දී ඇති නියම අර්ථය ගිලිහීයාමත් සමඟම ඊට අදාළ වචන සඳහා නූතන යුගයට ඔබින අර්ථ ගැන්වීමට මුල්බුදුදහම ගැඹුරින් නොහදාළ ඇතැම් පිරිස් පෙළඹීමයි.මේ නිසා හේතුඵල පදනමක් මත පිහිටා සිට සිය ජීවන දර්ශනය ඉදිරිපත්කරන බුදුදහමේ හරය ආත්මවාදයෙන් මනස දූෂිතකර ගත් සුළු පිරිසක් විසින් වරදවා ග්රිහණයකර ගැනීමෙන් බුදුදහමේ හරය වෙනුවට මතුපිට ඔපයගැන පමණක් සලකා මුල්බුදුහමේ ව්යාවහාරවූ වචනවලට අත්තනෝමතික අර්ථගන්වා බුද්ධ දේශනාව ආත්මවාදී ස්වරූපයකින් විග්රවහ කිරීමට පෙළඹී තිබේ.එබැවින් නිවන හා පරිනිර්වාණය පිළිබඳ ඇති නිවැරදි අර්ථ ග්ර්හණය කරගැනීමට මේ ආත්මවාදී ස්වරූප බෞද්ධ අර්ථකථන අසමත්ව ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පරිනිර්වාණය&oldid=443898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි