ගෝතම බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්
(ගෞතම බුදුන් වහන්සේ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ගෝතම බුදුන් වහන්සේ
[[Image:thumb|මධ්‍යය|කැළණි විහාරයේ සිතුවමක්|250px]]
බෝධිය:ඇසතු
අගසවු:සාරිපුත්ත - මොග්ගල්ලාන
බුදුවූ දිනය:බු.පූ. 45 වෙසක් මස පසළොස්වක දින
බුදුවූ ස්ථානය:බුද්ධගයාව ඉන්දියාව
පරිනිර්වාණය සිදුවූ දිනය:බු.ව. 1 වෙසක් මස පසළොස්වක දින
ගිහිකල නම:සිදුහත්
පූර්වප්‍රාප්තික:කස්සප බුදුරජාණන් වහන්සේ
අනුප්‍රාප්තික:අනාගතයේදී මෙත් බුදුන් වහන්සේ
පරිනිර්වාණය සිදුවූ ස්ථානය:උපවර්තන සල් උයන
කල්පය:භද්‍ර
නියත විවරණ දුන්නේ:දීපංකර බුදුරජාණන් වහන්සේ

සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය[සංස්කරණය]

බුදු රදුන් සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය අතීතයේ මගධ රාජධානියට අයත් උරුවෙල ජනපදයේ නේරංජනා ගඟ අසබඩ ගයාව වූ අතර වර්තමානයේ ඉන්දියාවේ බුද්ධගයාව ලෙස හඳුන්වන අතර මහාබෝධි විහාරය එහි පිහිටා ඇත.

මාර පරාජය[සංස්කරණය]




අප මහ බෝසතාණන් වහන්සේ බුදුවනු පිණිස මනුලොව පහළවන්නට සිතා පස්මහ බැලුම් බැලුවා. දෙවියන්ගේ ඉල්ලීම පරිදි තමන්ට දෙව් ලොවින් චුත වන්නට කාලය පැමිණි කල ඇසළ මස පුර පසළොස්වක පෝදා තුසිත දෙව්ලොවින් චුතව මහාමායා දේවිය කුස තුළ පිළිසිඳ ගත්තා.

ගිහිගෙය කළ කිරුණ උන්වහන්සේ සියලු දේ අතහැර පැවිදිව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කර සොත්ථිය බමුණා දුන් කුස තණ අට මිට ද ගෙන ගයා ශීර්ෂයෙහි අතු පතර විහිදුවමින් තිබූ ඇසතු වෘක්ෂ මූලය වෙත වැඩම කළා. එහි වජ්‍රාසනය මත එම කුස තණඅට මිට අතුරා පෙර බුදුවරුන් බුද්ධත්වයට පත් වූ නැගෙනහිර දිශාව දෙසට පළඟක් බැඳ තිර අදිටනින් භාවනාවට සිත යොමු කළා.

මේ අවස්ථාවේ පවිටු මාරයා සිද්ධාර්ථ මාගේ විෂය ඉක්මවා යන්නට හදන්නේය, එයට ඉඩ නොදිය යුතුයි සිතා මාර සේනාව රැගෙන බෝසතාණන් වහන්සේ වෙත පැමිණියා. ඒ මාර සේනාව මාරයාගේ ඉදිරියෙන් දොළොස් යොදුනක්ද, දකුණු පසින් හා වම් පසින් දොළොස් යොදුනක්ද පිටුපසින් සක්වළ කෙළවර කොට ද සිටියා. ඉහළින් තව යොදුනක් දක්වා පැතිර සිටියා.

මේ මහා මාර සේනාවෙහි ශබ්දය මහපොළොව පැළී යන ආකාරයට යොදුන් දහසක් දක්වා නැගුණා. මාරයා ‘’ගිරිමේඛලා’’ නම් හස්ති රාජයා පිට නැගී නොයෙක් ආයුධ ඇති අත් දහසක් මවාගෙන විවිධ පාට ඇති, විවිධ මුහුණු ඇති විවිධ ආයුධ සහිත පිරිවරද සමග බෝසතාණන් වහන්සේ බිය ගන්වන්නට පැමිණියා.

මාරයා එහි පැමිණෙන්නට කලින් දස දහසක් සක්වළ දේවතා සමූහයා මහබෝසතුනට ස්තුති ගායනා කරමින් ඒ අසළ සිටියා. නමුත් මාරසේනාව පැමිණෙන විට ඒ කිසිදු කෙනෙකුට එහි රැඳී සිටින්නට තරම් චිත්ත ශක්තියක් තිබුණේ නැහැ. ඒ සියල්ලෝම පැන ගියා.

මහ බෝසතාණන් වහන්සේ තමන් සමීපයෙහි සිටි දෙව් දේවිතාවුන් ද නැති බව දැන, තමා ඉදිරියෙහි සිටින දස දහස් ගණන් මාර සේනාව දැක, තනි මා හා සටනට මේ සා සෙනගක් පැමිණ ඇතැයි සිතා තමන් වහන්සේ සසරදී පුරුදු කරන ලද දානාදි පාරමිතාවන් සිහි කරමින් එහිම වැඩ සිටියා.

මාරයාද මහා වාතයෙන් බෝසතුන් විනාශ කරමියි සිතා මහ සුළඟක් මැව්වා. ඒ සුළඟ අඩ යොදුන්, දෙයොදුන්, තුන් යොදුන් විශාල වූ මහා පර්වත පළා දමා අසල ඇති මහ ගස් පවා මුලින් උගුල්වා සුණු විසුණු කරවමින් හමා ගියා. නමුත් සසර පුරුදු කළ අපමණ පුණ්‍ය ධර්ම ඇති මහ බෝසතාණන් වහන්සේගේ සිවුරු කොනකුදු සොලවන්නට ඒ මහ සැඩ සුළඟට හැකියාවක් ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව මාරයා ජලයෙන් විනාශ කරමියි සිතා මහ වැස්සක් මැව්වා. ඒ වැසි ජල ධාරාවන්ගෙන් වේගය නිසා පොළොව සිදුරු වී ගියා. මහා ගස් යට කරන් ජලධාරාවන් ගලා ගියත් බෝසතාණන් වහන්සේගේ සිවුරු එකදු දිය බිඳකින් තෙමන්නට තරම් හැකියාවක් ඒ ජලකඳට ලැබුණේ නැහැ.

එයින් පසුව ගිය මාරයා මහ පාෂාණ වර්ෂාවක් වැස්සවූවා. විශාල වූ ගල් පර්වත කැබැලි බවට පත් වී දුම් දමමින් ගිනි ගනිමින් අහසින් අවුත් උන්වහන්සේ ඉදිරියෙහි මල් මාලාවන් බවට පත් වුණා. මාරයා ආයුධ වර්ෂාවක් මැවුවා. එක් පැත්තක් කැපෙන දෙපැත්තම කැපෙන දිළිසෙන ආයුධ දහස් ගණනක් දුම් දමමින්, දිළිසෙමින් අහසින් පැමිණි ඒ ආයුධ වැස්ස බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි වැටුණේ මල් වැස්සක් ලෙසිනුයි.

එවිට මාරයා ගිනියම් වූ අඟුරු වැස්සක් මවා පෑවා. ඒ ගිනි අඟුරු වැස්ස අහසින් බෝසතාණන් වෙත පැමිණ දිව්‍යමය මල් ලෙසින් විසිරී වැටුණා. උණු අළු වැස්සක් මැව්වේ ඉන් අනතුරුවයි.

ඒ උණු අළු වැස්සි බෝසතුන් වෙත පැමිණ සඳුණු කුඩු බවට පත් වී ගියා. එයින්ද සෑහීමකට පත්නොවුණු මාරයා බෝසතාණන් වහන්සේට විරුද්ධ ව වැලි වැස්සක් මැව්වා. එම වැලි වැස්ස ඉතා සියුම් එකක් දුම් දමමින් දිළිසෙමින් අහසින් අවුත් ඒ වැලි වැස්ස දිව්‍ය මල් මෙන් බෝසතුන් ඉදිරියේ වැටුණා.

දිව්‍ය ජලධාරාවක් ලෙසින් බෝසතාණන් වෙතට පැමිණ නැවතුණේ මාරයා විසින් මවන ලද මඩ වැස්සයි. එයද දුම් දමමින් දිළිසෙමින් පැමිණියත් උන්වහන්සේට හිරිහැරයක් වූයේ නැහැ. නවවෙනුව මාරයා විසින් මහා අන්ධකාරයක් මවා බෝසතාණන් බිය වද්දන්නට උත්සාහ කළා. ඒ අඳුර මහා ඝන අන්ධකාරයක් වුවත් බෝසතාණන් වහන්සේට පීඩාවක් නොවුනේ උන්වහන්සේ වැඩ සිටිය තැන ඉර උදාවූවා සේ ආලෝකවත් වී තිබුණු නිසයි.

මේ නව මහා වර්ෂාවන් වස්සා බෝසතාණන් වහන්සේ බිය වද්දන්නට නොහැකි වූ තැන මාරයා මාර සේනාව සමගින් බෝසතාණන් වහන්සේ වෙත පැමිණ සිද්ධාර්ථයාණෙනි පලා යව, මේ අසුන මගේය. ඔබේ නොවේය යනුවෙන් පැවසුවා.

මහ බෝසතාණන් වහන්සේ ද මේ අස්න මගේ ය ඔබේ නොවේය යනුවෙන් නොබියව පිළිතුරු දුන්නා. කෝපාවිෂ්ට වූ මාරයා කෝපය ඉවසාගත නොහැකිව උන්වහන්සේ වෙත චක්‍රායුධයෙන් දමා ගැසුවා. තමන් විසින් පුරන ලද පාරමි ධර්ම සිහිකරමින් සිටි බෝසතාණන් වහන්සෙට කිසිදු උපද්‍රවයක් ඇති වූයේ නැහැ.

එයද අහසින්විත් බෝසතාණන් වහන්සේගේ හිසට ඉහළින් මල් වියනක් සේ අහසේ රැඳුණා. අනෙකුත් මාර සේනාව විසින්ද එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයන් සියල්ලෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේට කිසිදු පීඩාවක් ඇති වූණේ නැහැ.

මාර සේනාව බියෙන් පළා ගිය දේවතාවුන් සිදුහත් කුමාරයා විනාශ වී ගියේ දැයි සක්වළගලට මුවා වී හිස ඔසවා බලන්නට වුණා.

තමන් අසල සිටින විශාල මාර සේනාව පෙන්වූ මාරයා මේ සියල්ල මාගේ සාක්ෂිකරුවෝ ය ප්‍රකාශ කළා. පසුව බෝසතාණන් වහන්සේගෙන් විමසුවා. බෝසතාණන්වහන්සේ ඒ සඳහා සාක්ෂි දිය හැකි සජීවි කෙනෙක් එතැන නොසිටි බැවින් වෙස්සන්තර ආත්මභාවයන් ආදියෙහි දී තමන් වහන්සේ පුරුදු කළ දාන පාරමිතාව සිහිකළා. මහ පොළොව මෙතැනදී තමන්ට ඇති සාක්ෂිය යැයි පවසා සිවුරු පට තුළින් තම දකුණු අත එළියට ගෙන භූමිය ස්පර්ශ කළා.

ඒ හා සමඟින් මහපොළොව මහ හඬ දී කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් තැති ගත් ගිරිමේඛලා හස්ති රාජයා බෝසතාණන් වහන්සේ ඉදිරියෙහි දණ ගැසුවා. එය දුටු මාර සේනාව හිස හැරුණු හැරුණු අත දුවන්නට වුණා. බියෙන් පලා යන්නා වූ මාර සේනාව දුටු දේව සමූහයා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දිනුවා. මාරයා පරාජයට පත්වුණා. යනුවෙන් සතුටින් හඬ නවගන්නට වුණා.

පිරිනිවන් පෑම[සංස්කරණය]

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය හා ආදාහනය කළ ස්ථානය සම්බන්ධව කිසියම් ගැටලුවක් මතු වෙනවා.. ඒක අප හෙමින් සීරුවේ විසඳාගත යුතු කරුණකි. මෙහිදී අපට කුසිනාරාව හා විශාලාව එදා පිහිටි නියම තැන කුමක්ද කියා මුලින්ම හොයා ගන්නට වෙනවා..

මෙහිදී පූජාවලිය, රාජාවලිය, වන්නි රාජාවලිය වැනි පුස්තකයන් ඉතා වැදගත් වෙනවා.. එම පොත්වලට අනුව අද මතුකරගෙන තිබෙන ගම් නගර සියල්ලක්ම පාහේ පිහිටි දිශාවන් නිවැරදියි.. වෙනසකට ඇත්තේ විශාලා මහ නුවර හා කුසිනාරා නුවර දෙක පමණයි.. අනෙක්වා හරියන්නත් ඒ දෙක වෙනස් වෙන්නත් මෙතන කුමන හෝ පැටලීමක් තියෙන්න පුලුවන් නේද? ඔව් ඇත්තටම එතන නිවැරදි කරගත යුතු දෙයක් තියෙනවා..

    පුජාවලියට හා රාජාවලියට අනුව විශාලා මහනුවර බෝධිමූලයෙන් බටහිරටත්, කුසිනාරාව උතුරිනුත් පිහිටා තිබිය යුතුයි.. එමෙන්ම මේ නුවර වල් දෙක අතර දුර පරතරය ගොඩාක් ලොකු වෙන්නත් බෑ.. ඔහොම තියෙනකොට මහාවංශයෙන් විශාලාව ගැන සඳහනක් හමුවෙනවා.. එකල්හි මහමෙව්නා උයන මහා සාගර නම් විය. පශ්චිම දිශාවෙහි විශාල නම් පුරයක් විය"
   ඉතින් මේ අනුවත් අනුරපුරයට බටහිර දෙසින් විශාලා නුවර පැවති බව සිතා ගන්නට හැකියි. එය පූජාවලි කතාවටත් ගැලපෙනවා.. එහෙනම් බෝධියට උතුරින් කුසිනාරාවත් තිබෙන්න පුලුවන් නේද? අනෙක් වැදගත්ම කරුණ නම් මහා සෑය ගැන කියවෙන කතන්දරයයි..

බුදුරදුන්ගේ රන්දෙන දවාලිම කරන්නේ මේ අද රුවන්වැලි මහා සෑය තිබෙන තැනයි. එනිසයි එතනට මහා සෑය කියා නම හැදුනේත්.. අනෙක් සියල්ලම චෛත්‍ය/වෙහෙර වූ අතර මෙතනට කියන්නේ මහා සෑය කියායි.. සෑය කියන්නේ සොහොනටමයි. ඉන් කලෙකට පසුව අපේ හෙළයේ සිටි අශෝක මහරජු විසින් එතන වෙහෙරක් සකස් කරනවා.. ඉන් පසුවයි එය ස්වර්ණමාලී මහා සෑය වන්නේ... බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වලින් වැඩි කොටසක් ඇත්තේද මෙතනම තමයි.. එසේම කිසියම් දවසකදී සියලු ධාතූන් වහන්සේලා අන්තර්ධාන වන්නේත් මේ රුවන්වැලි මහා සෑය ස්ථානයේදීම තමයි.. එසේම සිව් බුදුවරයින් වහන්සේලාම මේ ස්ථානයට වැඩි පූජනීය තැනක්ද වෙනවා..

    මෙතන ශ්‍රි දේහය ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවූ අඟුරු නාග ලොවට ගෙන ගොස් එහි වෙහෙරක් සාදනවා.. එම අංගර සෑය අද මීගමුව (අඟුරුකාරම්මුල්ල) පැත්තේ තිබෙන බව සඳහන් වෙනවා.. එහෙනම් පූජාවලියේ සදහන් කුසිනාරා නුවර ශ්‍රීමහා බෝධියට උතුරින් තිබුනා යැයි කීම නිවැරදි නේද කියන එක අපට පහසුවෙන් හිතන්න පුලුවන්..

හොඳයි එහෙමනම් කල්තොට බුදුගල ඇති සම්බන්ධය කුමක්ද? ඒ සම්බන්ධව අපට මෙහෙම හිතන්නටත් පුලුවන්. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත් හලේ එහිදී වෙන්න පුලුවන්. එහෙම නැත්නම් එතන පිරිණිවියා නම් ශ්‍රී දේහය අනුරපුරට වැඩමවා එහි ආදාහනය කලා විය යුතුයි.. (එහි සිට ශ්‍රී දේහය අනුරපුරට ගෙන ගිය ගැමි කතාත් අසන්නට ලැබෙනවා)

    කෙසේ හෝ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු එම ප්‍රවෘත්තිය මුළු දිවයින පුරාම එදා පැතිර ගියා. ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ධාතු කොටස් බෙදා ගැනීම සඳහා දේව වැසියන්ද, බ්‍රහ්මචාරීන්ද, ශාක්‍යයන්, ක්‍ෂත්‍රියන්, කෝලීයන්, මල්ලවයන්, ලිච්ඡවීන් ආදීන්ද අතර ගැටුමක් ඇති වූහ. ඇත්තටම මීට හේතු ගොඩක් තියෙන්න පුලුවන්.. එසේම මහා කාශ්‍යප මහ තෙරුන්ගේ අවසරය ලැබෙන තෙක් චිතකයට ගිනි නොතිබූ බවද සඳහන් වෙනවා..
   කොහොම හරි මුළු දිවයිනටම රජුන් වන සක්විති රජ කෙනෙකුගේ හෝ බුදුවරයෙකුගේ භෂ්මාවශේෂ තබා ගන්නා ප්‍රාදේශීය රාජ්‍යයන් ප්‍රබලත්වයට පත්වන බව හෙළයන්ගේ විශ්වාසයකි. හෙළයේ භේදවී වෙන්වී තිබූ සියලු කුල ගොත් එක්සේසත් කල අප සීහළ වංශික නායකවූ ගෝතම නර සීහයාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳුවා ගන්නා රාජ්‍යයන් ප්‍රබල රාජ්‍යයක් වන බව ඔවුන් සියල්ලන්ම පිළිගත් නිසාත්, ධාතූන් ලඟ තබා ගැනීමෙන් එතුලින් විශේෂ විශ්ව කිරණ ශක්තියක් ලැබෙන බව දන්නවා. මෙම ධාතු බෙදා ගැනීමේදීත් යම් ගැටුම්කාරී තත්වයක් රජවරු අතර උද්ගත වුනා..
   කෙසේ හෝ මෙම ගැටුම සමනය වූයේ ද්‍රෝණ බමුණාගේ මැදිහත් වීමෙනි. ද්‍රෝණ බමුණා එම සිරි භෂ්මාවශේෂ නැලි අටකට සමානව බෙදා දීමෙන් පසු ගැටුම විසඳුණි..

මෙසේ ශාරීරික ධාතු බෙදා දීමෙන් පසුව ඉතිරි වූ දන්ත සතරක්‌ බෙදා ගත් අයුරු මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්‌වේ. එක්‌ දළදාවක්‌ දේව හෙළයන් වෙතද, තවත් දළදාවක්‌ ගන්ධාර පුරයටද, තව දළදාවක්‌ නාග ගොත් රජවරු වෙතටද අනෙක කාලිංග රජුටද ලබාදී ඇත. අද අප නුවරදී වැඳුම් පිදුම් කරමින් වාර්ෂිකව දළදා පෙරහැර පවත්වමින් ගෞරවාහාර දක්‌වන්නේ එම කාලිංග රජු ලබාගත් දන්තධාතූන් වහන්සේටය.. හොඳයි එහෙමනම් බොදුනුවන්ට ස්වර්ණමාලී මහා සෑය පිහිටි ස්ථානය කෙතරම් වටිනවා ඇත්ද කියා අපට දැන් සිතන්නට පුලුවන්..

    අද අනුරාධපුරයට බුද්ධ කාලයේ උරුවේලාව කියා භාවිතා කොට තිබෙනවා.. ඒ බව මහාවංශයේමද සඳහන් වෙනවා.. උරුවේලාවේ රජවරුන් සිටි තවත් උරුවේල ජනපද කීපයක්ම තැන් තැන්වල තිබී තිබෙනවා.

උරුවේලාව කියන්නේ විශාල ජනපදයක්. හිරිවඩුන්නත් උරුවේලාවම අයිති කොටසක්. හෙළදිව වැසියන්ට ඉතාම වටිනා සිරි මහා බෝධි දෙකක් හමු වෙනවා.. ඒ හිරිවඩුන්න සිරි මහා බෝධිය හා අනුරපුර සිරි මහා බෝධියයි.. මේ සිරි මහා බෝධි දෙක අතර සියුම් ලෙස විසඳාගත යුතු කරුණු කීපයකුත් තියෙනවා..

   බෝසතුන් වහන්සේ ගිහිගෙයින් නික්ම ගියාට පසු හිරිවඩුන්න බොධිය ලඟ තමයි වැඩිකාලයක් ඉඳල තියෙන්නේ.. එතන ඉන්න කාලේදී තමයි අර වසවත් රජුත් මහා පිරිසක් සමග යුද්ධයකට පැමිණියේ.. වසවර්ති පැමිනියේ සිදුහත් කුමරුන්ව රජ මාළිගයට එක්කගෙන ගොස් සක්විති රජෙක් කරවන්නටයි.. දේව වැසියන්ට උවමනා වුනේ බෝසතුන්ව බුදුවරයෙක් කරවන්නයි.. මේක තමයි දෙපැත්තේ ඇතිවූ හබය.. හබයක් නිසා රණ භූමියක් හටගත් ප්‍රදේශයක් නිසා තමයි ඔය හබරණ කියන්නේත්.. ඒ මහා යුද්ධ වෙලාවේදී බෝසතුන්ගේ සහායට සිටි දේව රජවරු ඇතුලු සේනාව පැරදී පලා ගියා.. ඒත් දැඩිමුණ්ඩ කුමාරයා ඇතුලු සේනාව අන්තිම මොහොත දක්වාම බොසතුන්ව ආරක්ෂා කලා.. දැඩිමුණ්ඩ කුමරුගේ ප්‍රති ප්‍රහාර හමුවේ වසවර්ති සේනාව අන්තිමට පැරදී පලා යනවා.. (මේ දැඩිමුණ්ඩ දෙවියන්ගේ ආශීර්වාදය අදටත් හෙළ බෞද්ධයා වෙත පවතිනවා )
  ඉතින් කොහොම හරි මේ යුද්ධය සැබෑවට මිනිසුන් අතර හටගත් යුද්ධයක්. බුදුවීමේදී ඇතිවූ චෛතසික ක්ලේශ මාර යුද්ධය වෙනයි. මේ දෙක අද සමහරුන් පටලවාගෙන තියෙනවා.. මේවා පටලවා ගත්තොත් සැබෑ බුදු දහම ග්‍රහණය කර ගන්නට නොහැකි වෙනවා..

හොඳයි, එතකොට හිරිවඩුන්න බෝධිය තමයි මධ්‍ය මණ්ඩළය වෙන්නේ.. එහි තිබෙන වජ්‍රාසනය මත තමයි බෝසතුන් යුධ වෙලාවේ නොසැලී වැඩ ඉන්නේ.. එහි වැඩහිඳ කරන අධිෂ්ඨාන ශක්තිය අති මහත් ප්‍රබලයි.. එතන කිසියම් සුවිශේෂී විශ්ව ධර්මතාවයක් ගැබ් වෙනවා..

  ක්ලේශ මාර යුද්ධය හා වශවත් කුමාර යුද්ධය එක දවසේ වුනු එකක් නොවේ. එතන කිසියම් කාල පරතරයක් තියෙනවා.. එහෙමනම් ක්ලේශ මාර යුද්ධය කොට බුද්ධත්වය ලැබුවේ කුමන බෝධි මූලයේද කියා තවමත් කිසියම් ගැටලුවක් අපට පැන නගිනවා..

එය සිදුවූයේ මේ හිරිවඩුන්න බෝධි මූළයේ වෙන්නත් පුලුවන්.. අනුරපුර බෝධි මූළයේ වෙන්නත් පුලුවන්.. අනාගතයේ යම් දිනෙක රාජ අනුග්‍රහය ඇතුව අනුරපුර සිරිමහා බෝධිය ලඟ කැණීමක් කර සොයා ගැනීමක් කරන තෙක් අප මුණිවත රකිමු.. (යම් විටෙක එහිදී වජ්‍රාසනයක් හා බෝධි මූලය යට විශාල කටාරමක් මතු වුනොත් අපට නිගමනයකට එන්නට පහසු වෙයි..)

   අප දන්නවා නේද 'බොන්සායී' ශාක ගස් ගැන.. කිසියම් භාජනයක් ඇතුලේ ගහක් පැළකොට වතුර දමමින් පෝෂණය කොට එය පවත්වා ගෙන යන්න පුලුවන්.. එහෙත් අවුරුදු දහස් ගනනක් ගියත් එය වැඩෙන්නේ කිසියම් ප්‍රමාණයකට පමනයි.. එසේම මේ අනුර පුර බෝධියද කවුරු හෝ විසින් යටට විශාල භාජනයක් තබ සිටෙව්වා නම් එසේ වන්නත් බැරි නෑ නේද?..

(මෙය බෝසතුන් වහන්සේ හෝ ආනන්ද හිමියන් විසින් රෝපණය කලාද, නැතිනම් ඊට පසුව වෙන රජ කෙනෙකුන් විසින් රෝපණය කලාද, එසේත් නැතිනම් ස්වාභාවික බෝධියක්ද කියා කියන්නට තවම නිසි කාලය පැමිණ නැත ) රෝපණය කල එකක් වේවා, ස්වාභාවික එකක් වේවා මේ ද්විත්ව බෝධියම පූජනීයත්වයට, වන්ඳනීයත්වයට ඉතාම සුදුසුයි..

   පූජාවලියේ සඳහන් ගම් නගර විස්තරය අනුරපුර සිරි මහා බෝධි මූළය සිට කියුවාද නැත්නම් හිරිවඩුන්න බෝධි මූළය සිට කීවාද  කියා කියන්නට අපහසුයි. හැබැයි අනුරපුර සිරි මහා බෝධි මූළය ලක්ෂ කොට කීවානම් බෝධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සැවැත් නුවරය" කියන තැනටත් ගැලපීම එනවා.. එවිට පූජාවලි, රාජාවලි පොත්වල සඳහන් සැවැත් නුවර, කුසිනාරාව, විශාලාව ඇතුලු සියල්ලේම දිශා පෙන්වීම් නිවැරදි වෙනවා..

බුදුපියාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශණය පැවැත්වූ තැන පිළිබඳ අපට කිසිම ගැටලුවක් නෑ. එය ඉසින්බැස්සගල තිබෙන ඉසිපතනාරාමයමයි.. බුදුවීම සිදුවන්නේ හිරිවඩුන්න හෝ අනුරපුරදී.. පරිණිර්වාණය සිදුවන්නේත් අනුරපුරට අයිති කුසිනාරාවේ හෝ බුදුගලදී වෙන්න පුලුවන්.. කොතැන වුනත් සිරි දේහයට ගිනිදැල්වීම සිදුවන්නේ රුවන්වැලි මහා සෑය අභියසදී විය යුතුයි.. එවිට ඉපදීම සිදුවන්නේ කොහේදීද? ඉපදීම සිදුවන්නේ මායා දේවිය ඤාති ගමකට යන අතර තුරදීයි.. එය බඹරගලදී වෙන්නත් පුලුවන්. එසේ නැත්නම් අනෙක් ඤාතීන් සිටි නේපාල පැත්තේ තැනක් වෙන්නත් පුලුවන්.. උප්පත්තිය කොතන වුනත් අනෙක් සියලු දේ සිදුවන්නේත් බුදුන් වහන්සේ වැඩ සිටියේත් මේ උතුම් හෙළබිම තුලමයි. එය සියලු ආකාරයෙන්ම ප්‍රත්‍යක්ෂයි.. එනිසා තර්ක නැගීමේදී 'බුදුන් උපන්නේ ලංකාවේ' කියනවාට වඩා උචිත වන්නේ 'බුදුන් වැඩසිටියේ මේ හෙළ ජම්බුද්වීපයේ' කියන එකයි.. උන්වහන්සේ හෙළයෙක් මිස ඉන්දියානුවෙක් නොවේ..

"https://si.wikipedia.org/w/index.php?title=ගෝතම_බුදුන්_වහන්සේ&oldid=457404" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි