බංගලාදේශයේ බුදු දහම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සෝමපුර මහා විහාරය යනු බංගලාදේශයේ පිහිටි පැරණිතම බෞද්ධ ආයතනයයි.

බංගලාදේශයේ බුදු දහම 11වන සියවස තෙක්ම එරට අති ප්‍රමුඛ ආගම බවට පත්ව තිබුණ ද, වර්තමානයේ බුදු දහම බංගලාදේශයේ තෙවැනියට විශාලතම පිරිසක් අදහන ආගම බවට පත්ව තිබේ. එරට ජනගහනයෙන් 0.7%ක් පමණ ථෙරවාද බුදු දහම අදහති.[1] බංගලාදේශයේ බෞද්ධ ජනගහනයෙන් 65%ක් පමණම චිතගොං කඳුකර ප්‍රදේශයේ සංකේන්ද්‍රණය වී පවතී. එම ප්‍රදේශයේ වෙසෙන චක්මා, මර්මා, තන්චන්ග්‍යා, සෙසු ජුම්මා ජනයා සහ බරුවා යන ජනයාගේ බහුර ආගම වන්නේ ද බුදු දහමයි. සෙසු 35%ක බෞද්ධ ජනහගහනය බෙංගාලි බෞද්ධ ප්‍රජාවගෙන් සමන්විත ය. බෞද්ධ ප්‍රජාව බංගලාදේශයේ ජනාකීර්ණ ප්‍රදේශ වන චිතගොං සහ ධකා ප්‍රදේශවල දක්නට ලැබේ.

ජනගහන විශ්ලේෂණය[සංස්කරණය]

2014 වන විට, බංගලාදේශයේ වානිජ නගරය වන චිතගොංහි බරුවාවරුන් සහ උප-නිවර්තන චිතගොං කඳුකර ප්‍රදේශවල වෙසෙන ස්වදේශික අරකානීස සම්භවයක් ඇත්තවුන්ගේන ‍බහුතරයක් බෞද්ධාගමිකයන් බව හෙළිව තිබේ. බංගලාදේශයේ බෞද්ධාගමිකයන්ගෙන් බහුතරයන් එනම් 65%ක් පමණම බරුවා ජනයාගෙන් සමන්විත වේ. චක්මා, චක්, මර්මා, තන්චන්ග්‍යා සහ ඛ්‍යාන්ග් ජනයා අතීතයේ සිටම බුදු දහම අදහන්නෝ වෙති. සර්වසව වාදය අදහන ඇතැම් ගෝත්‍ර ද බෞද්ධ බලපෑමට නතුව ඇත. මේ අතරට ඛුමි සහ ම්රු ගෝත්‍ර අයත් ය. නමුත් සෙසු ගෝත්‍රවලට සාපේක්ෂව මේවායේ ඇත්තේ අඩු ව්‍යාප්තියකි.

බංගලාදේශය තුළ බෞද්ධ ජනගහනය[2]
දිස්ත්‍රික්කය ප්‍රතිශතය (%)
චිතගොං < 0.06
රංගමති 12.65
කොක්ස් බසාර් 0.55
බන්දර්බාන් 0.03
ඛග්‍රාඡාරි < 0.08
ධකා 0.23
මුන්ෂිගාන්ජ් 0.2

ඉතිහාසය[සංස්කරණය]

මහාස්ථාන්ගාර්වලින් හමුවූ පැරණිතම බුද්ධ ප්‍රතිමාවක්

පුරාවෘත්තයක් අනුව කියැවෙන්නේ ගෞතම බුදුන් වහන්සේ වරක් ධර්ම ප්‍රචාරය සඳහා මෙම ප්‍රදේශය වෙත පැමිණි බවයි. උන් වහන්සේගේ මාර්ගයෙහි ගමන් කිරීමට එහිදී පුද්ගලයකු හෝ දෙදෙනකු මහණ වූ බව ද කියැවේ. කෙසේනමුත්, අශෝක අධිරාජයාගේ සමය වන තෙක්ම මෙම ප්‍රදේශයේ බුදු දහමට එතරම් අනුග්‍රහයක් හිමි වූයේ නැත. ඉන්දියානු උපමහාද්වීපය පාලනය කළ පාල අධිරාජ්‍යය විසින් බොහෝ බෞද්ධ මතවාදයන් වර්තමාන බංගලාදේශය වෙත ව්‍යාප්ත කරන ලදී. ඔවුහු මහාස්ථාන්ගාර් සහ සෝමපුර මහා විහාරය වැනි විහාරාරාම ගණනාවක් ඉදිකළහ. බික්‍රම්පූර් නගරයේ උපන් සුප්‍රකට ආචාර්යවරයකු වූ ආතිෂ විසින් මහායාම බුදු දහම ව්‍යාප්ත කරන ලදී.

චන්ද්‍ර රාජවංශයේ පුරාණ්චන්ද්‍ර සහ සුබර්ණචන්ද්‍ර විසින් බුදු දහම වැළඳගත් අතර, හරිකේල් සහ චන්ද්‍රද්වීප් (බරිසාල්) පාලන කළ ඔවුන්ගේ අනුප්‍රාප්තික ත්‍රෛලෝක්‍යචන්ද්‍ර සහ ශ්‍රීචන්ද්‍ර ද ඔවුන්ව අනුගමනය කළහ.[3] ඛාඩ්ගා රාජවංශය යනු භාට් යන පෙළපත් නාමය දරන ලද බෞද්ධ රජවරුන් විසූ රාජවංශයකි. ඔවුන් විසින් විහාර සහ ආරාම ගණනාවක් ඉදිකොට තිබේ. රාජභට රජු දැඩිව කැපවූ මහායාන බෞද්ධයකු ලෙස සැලකේ.[4]

1202 තුර්කි ආක්‍රමණ සමයේ බුදු දහම විවිධ ස්වරූපවලින් ව්‍යාප්තව පැවති බැව් පිළිගැනේ.[5] ආක්‍රමණික හමුදා විසින් විහාරාරාම ගණනාවක් විනාශ කොට තිබේ. නාලන්දා විශ්වවිද්‍යාලය වැනි බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන විනාශ කිරීම හේතුවෙන් බුද්ධාගම ශීඝ්‍රයෙන් පරිහානියට පත් වන්නට විය.[6] 1980 දශකය දක්වා අනුයාත සියවස් ගණනාවක දී, සෙසු බෞද්ධයින් චිතගොං ප්‍රදේශය වටා ඒකරාශී වන්නට විය. මෙම ප්‍රදේශය බ්‍රිතාන්‍ය රාජ් (1858–1947) යුගය තෙක්ම ආක්‍රමණය නොකොට පැවතිණි. 19වන සියවසේ දී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර ඇරඹුණු අතර,[7] මෙහි දී ථෙරවාද භික්ෂු නිකායයන් දෙකක් වූ සංඝරාජ් නිකාය සහ මහාස්ථබිර් නිකාය වර්ධනය විය.

චිතගොං කඳු ප්‍රදේශයේ බහුතර ජනයා බෞද්ධ ගෝත්‍රවලින් සමන්විත විය. ඔවුන්ගේ ආගම විවිධ ගෝත්‍රික ඇදහීම් සහ බෞද්ධ භාෂිතයේ සංකලනයක් ලෙස පැවතිණි. 1981 සංඛ්‍යාලේඛන අනුව, බංගලාදේශයේ ආසන්න වශයෙන් බෞද්ධයන් 538,000ක් ජීවත් වන අතර, ඔවුන් ජනගහනයෙන් සියයට 1කට මඳක් අඩු ප්‍රමාණයක් නියෝජනය වේ.

සංස්කෘතිය[සංස්කරණය]

ආතිෂ යනු පාල රාජවංශයේ විසූ පුරාතන භික්ෂූන්ගෙන් අයෙකි. උන් වහන්සේ බංගලාදේශී බෞද්ධ නිකායයක් අනුගමනය කළේ ය.

චිතගොංහි බෞද්ධ විහාර කිහිපයක් දක්නට ලැබේ. බොහෝ බෞද්ධ ගම්මානවල, ශිෂ්‍යයින් ජීවත් වන බෙංගාලි (ජාතික භාෂාව) සහ ඇතැම් පාලි (පුරාතන බෞද්ධ සූත්‍රමය භාෂාව) ලියන්නට සහ කියවන්නට උගන්වන පාසැලක් (ක්යොං) දක්නට ලැබේ.[5] සිය පාසල් අඡයාපනය හදාළ මිනිසුන්ට මෙම පාසල්වල මඳ කාලයක් නවාතැන් ගනීමට ද හැක. ප්‍රාදේශීය බෞද්ධ ආශ්‍රමය ග්‍රාමීය දිවියේ වැදගත් මධ්‍යස්ථානයක් වියත

විහාරවලින් පිටත බුදු දහම එය ව්‍යාප්තව පවතින ප්‍රදේශවල නොයෙකුත් ජනප්‍රිය ඇදහීම් සහ විශ්වාසයන් සමග මුසු වී පවතියි.[5] බොහෝ ප්‍රදේශවල, බුද්ධ ප්‍රතිමා සඳහා විවිධ චාරිත්‍ර ඉටු කිරීම සිදු කෙරේ. බුදුන් වහ්නසේගේ දිවියේ වැදගත් සිදුවීම් සැමරීම සඳහා ‍බංගලාදේශ බෞද්ධයින් විසින් නොයෙකුත් ප්‍රධාන උත්සව පවත්වනු ලබයි. සැබැවින්ම බුදු දහම මගින් දේව වන්දනාව ප්‍රතික්ෂේප කොට, බුද්ධත්වයට පත්වූ තැනැත්තකු ලෙස බුදුන් වහන්සේගේ මතකය පමණක් සිහිපත් කිරීම සිදුවුව ද, ජනප්‍රිය බුදු දහම තුළ බුදුන් ප්‍රමුඛ දේවතාවුන් සහ සුළු දේවතාවුන් රැසක් වන්දනාමාන කරනු දැකගත හැක.

ආගමික කටයුතු අමාත්‍යාංශය මගින් බෞද්ධ පූජාස්ථාන සහ පුරාවස්තු පවත්වා ගැනීමට සහ නඩත්තු කිරීමට සහාය සපයයි.[5] පහර්පූර් (රාජ්ෂාහි ප්‍රදේශයේ) සහ මේනාමති (කොමිලා ප්‍රදේශයේ) පිහිටි පුරාතන විහාර ක්‍රි.ව. හත්වන සිට නවවන දියවස් දක්වා කාලයට අයත් යැයි සැලකෙන අතර, මේවා රාජ්‍යයේ ආරක්ෂිත ස්මාරක ලෙසින් නම්කොට ඇත.

ප්‍රමුඛ බංගලාදේශ බෞද්ධයින්[සංස්කරණය]

භික්ෂූන්
පරිපලනය

නියෝජ්‍ය ලේකම් සහ ඉහළ

දේශපාලනය
කලාව සහ සාහිත්‍යය
ක්‍රිකට් ක්‍රීඩකයන්

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Bangladesh : AT A GLANCE". Retrieved 27 February 2015.
  2. "Bangladesh - Amar Desh Online - আমারদেশ অনলাইন". Retrieved 27 February 2015.
  3. P. 22 European Trade and Colonial Conquest: Volume 1
  4. P. 261 Early Advaita Vedanta and Buddhism: The Mahayana Context of the Gau?apadiya By Richard King
  5. 5.0 5.1 5.2 5.3 සැකිල්ල:Country study
  6. "Caryagiti". Retrieved 27 February 2015.
  7. "Jewel in the Crown: Bengal's Buddhist Revival in the 19th and 20th Centuries".
  8. Jahangir, Apurba (6 March 2016). "A Free Spirit". The Daily Star. Retrieved 25 January 2016.

සැකිල්ල:Asia in topic

"https://si.wikipedia.org/w/index.php?title=බංගලාදේශයේ_බුදු_දහම&oldid=412087" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි