ත්‍රිපිටක කොරියානා

විකිපීඩියා වෙතින්
හේඉන්සා විහාර ජංග්‍යොං පන්ජොන්, ත්‍රිපිටක කොරියානා දැවඅච්චු සුරක්ෂිතාගාරය
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
හේඉන්සා සුරක්ෂිතාගාරයෙහි වූ ත්‍රිපිටක කොරියානා එකතුව
පිහිටුමදකුණු කොරියාව
නිර්ණායකයසංස්කෘතික: iv, vi
මූලාශ්‍ර737
අභිලේඛනය1995 (19 වන සැසිය)
ඛණ්ඩාංක35°48′N 128°06′E / 35.800°N 128.100°E / 35.800; 128.100
ත්‍රිපිටක කොරියානා is located in දකුණු කොරියාව
ත්‍රිපිටක කොරියානා
දකුණු කොරියාව තුළ ත්‍රිපිටක කොරියානා හි පිහිටුම
ත්‍රිපිටක කොරියානා
හංගුල්
හෝ
හන්ජා
හෝ
ප්‍රතිශෝධිත රෝමානුකරණයPalman Daejanggyeong
හෝ Goryeo Daejanggyeong
මැකූන්–‍රයිෂවර්P'alman Taejanggyŏng
හෝ Koryŏ Taejanggyŏng

ත්‍රිපිටක කොරියානා (අර්ථය. ගොර්යෝ ත්‍රිපිටකය) හෙවත් පල්මන් දේජංග්‍යොං ("අසූ දහස් ත්‍රිපිටකය") යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිපිටකයෙහි කොරියානු ප්‍රභේදයකි. දැව මුද්‍රණ අච්චු 81,258ක කැටයම් කරන ලද මෙය 13වන සියවසේ දී නිර්මාණය විය.[1] මෙය බෞද්ධ ත්‍රිපිටකයෙහි හන්ජා අක්ෂරවලින් රචිත ලොව වඩාත්ම සවිස්තරාත්මක සහ පැරණිතම පිටපත වන අතර, මාතෘකා 1496ක් ඔස්සේ වෙළුම් 6568ක, අක්ෂර 52,330,152 යුක්තව නිර්මිත මෙහි දෝෂ හමු වී නැත. මෙහි සෑම දැව අච්චුවක් සෙන්ටිමීටර 24 උසින් ද, සෙන්ටිමීටර 70 පමණ දිගින් ද යුක්ත ‍ය.[2] මෙම අච්චුවල ඝනකම සෙන්ටිමීටර 2.6 සිට 4 දක්වා අගයයන් ගන්නා අතර, සෑම අච්චු ඵලකයක්ම කිලෝග්‍රෑම් තුනේ සිට හතර දක්වා බරකින් යුක්ත ය. මේවා එක මත එක තැබුවහොත්, එහි උස බෙක්දු කන්දේ උසට සමාන එනම්, 2.74 km පමණ පමණ වන අතර දික් අතරට තැබුවහොත් 60 km පමණ දිගැති වේ. මේවායේ සමස්ත ස්කන්ධය ටොන් 280 පමණ වේ.[3] වසර 750කට පමණ පෙර නිර්මාණය වුව ද, මෙම දැව ඵලක තවමත් අගනා තත්ත්වයෙන් පවතියි.[4][5] මෙම ත්‍රිපිටක කොරියානා සමූහය දකුණු කොරියාවේ දකුණු ග්‍යොංසං පළාතේ හේඉන්සා බෞද්ධ විහාරයේ තැන්පත් කොට තිබේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Printing woodblocks of the Tripiṭaka Koreana and miscellaneous Buddhist scriptures". UNESCO Memory of the World. United Nations. සම්ප්‍රවේශය 30 July 2016.
  2. "Haeinsa Temple Janggyeong Panjeon, the Depositories for the Tripitaka Koreana Woodblocks" (PDF). UNESCO World Heritage Centre. United Nations. සම්ප්‍රවේශය 30 July 2016.
  3. Park, Sang-jin (18 September 2014). Under the Microscope: The Secrets of the Tripitaka Koreana Woodblocks (ඉංග්‍රීසි බසින්). Cambridge Scholars Publishing. p. 6. ISBN 9781443867320. සම්ප්‍රවේශය 30 September 2016.
  4. Cultural Heritage Administration (South Korea) (19 November 2011). World Heritage in Korea (ඉංග්‍රීසි බසින්). 길잡이미디어. p. 188. ISBN 9788981241773. සම්ප්‍රවේශය 30 July 2016.
  5. Park, Sang-jin (18 September 2014). Under the Microscope: The Secrets of the Tripitaka Koreana Woodblocks (ඉංග්‍රීසි බසින්). Cambridge Scholars Publishing. p. 131. ISBN 9781443867320. සම්ප්‍රවේශය 30 July 2016.

උද්ධෘත කෘති[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 35°48′N 128°06′E / 35.800°N 128.100°E / 35.800; 128.100

"https://si.wikipedia.org/w/index.php?title=ත්‍රිපිටක_කොරියානා&oldid=475017" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි