මහා විහාරය‍

විකිපීඩියා වෙතින්

ලක්දිව මුල්ම විහාරය මහා විහාරය වේ. මහා විහාරය යනුවෙන් නිශ්චිතවම හැදින්වෙන්නේ කුමන අංගද යන්න පිළිබධව උගතුන් අතර විවිද මතභේද පවතී. එසේ උවද දෙවන පෑතිස් රජතුමා විසින් අනුරාධපුරයෙහි මුලින්ම පිටුවන ලද මහා ආරාමයට බෙහෙවින් උචිත වන පරිදි මහා විහාරය යන පදය යෙදී ඇති බව පිළිගත හැකිය.

මුල් අවධියේ ලක්දිව විසූ සියළුම භික්ෂූන් වහන්සේලා කොතැනක හෝ විසූවද අනුරාධපුරයේ මහා විහාරයට ආගමික වශයෙන් සම්බන්ධ වූහ.

ඉතිහාසය[සංස්කරණය]

මුල් සමයේ මුටසීව රජු විසින් රජවරුන්ගේ උයනක් සේ සම්පාදනය කොට තිබූ මහාමේඝ වනෝද්‍යානය, පසුව දේවානම්පිය තිස්ස රජු විසින් මිහිඳු හිමියන් ප්‍රමුඛ මහා සංඝයා වෙත පූජා කරන ලදී. උන්වහන්සේලාගේ වාසය වෙනුවෙන් දේවානම්පිය තිස්ස රජු තැනූ විහාරය, මහමෙවුනා තිසරම් රද්මහ වෙහෙර ලෙස සෙල්ලිපිහී සඳහන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=මහා_විහාරය‍&oldid=497538" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි