භාවනා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිත පුහුණුකිරීම භාවනාකිරීම නම්වේ.

විවිධ ආගම් සහ දර්ශණවල[සංස්කරණය කරන්න]

බුද්ධාගම[සංස්කරණය කරන්න]

බෞද්ධ භාවනා යනු තථාගත ධර්මය ඉගෙනගෙන, මතකයේ ඇති ධර්ම කොටස් තමන්ගේ උදාහරණ සහිතව මෙනෙහි කර අවබෝධ කරගැනීමටය. එසේ සමුදය වය දැකීමෙන් ලැබෙන සමාධියට ආර්ය සමාධිය කියනු ලැබේ. භාවනා වඩන විට මුල් කාලයේ දී විනාඩි කිහිපයක් වුව ද භාවනා කිරීම ප්ර මාණවත් වන අතර ඉන්ද්රි්ය වැඩිම නිසා කලක් යන විට ප්රීණතිය සුඛය සහිත සමාධීන් ලැබීමෙන් වැඩි වේලාවක් භාවනා වැඩිය හැක. භාවනාව හිඳින සිටින සක්මන් කරන නිදන ඕනෑම ඉරියව්වක කළ හැකිය. කලක් භාවනා කරණ විට ප්රීසතිය සුඛය ගලන සමාධීන් (ධ්යාදනයන්) ඇති වී ඇති වී අනිත්යල දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණය අවබෝධයෙන් ධර්මාවබෝධය ලැබිය හැක.

පංච උපාදානස්කන්ධය යනු කුමක් ද?

රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කියලා උපාදානයට බඳුන් වෙන ස්කන්ධයන් පහක් තියෙනවා. සත්වයා කියලා හඳුන්වන්නේ මේ ස්කන්ධ පහට. උපාදාන කියන්නේ දැඩිව ගැනීම කියන අර්ථයෙන්. සංඛිත්තේන පංචූපාදානස්කන්ධා දුක්ඛා. මේ ස්කන්ධ පහේ පහළ වීම කියන්නේ දුක් කඳු පහක පහළ වීමට යි.

1. රූප කියලා කියන්නේ කුමකට ද? රූප කියන්නේ ඇසට පෙනෙන රූප වලට විතරක් නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු සහ ඒ නිසා ඇති වුණ වර්ණ ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ආදී සියල්ල රෑප යි. පඨවි ධාතුව කියන්නේ තද ගතියට. කෙස් ලොම් වැනි කොටස් වල පඨවි ධාතුව වැඩි නිසා තදයි. ආපෝ කියන්නේ ඇලෙන වැගිරෙන ගතියට. ජලය ලේ දහදිය වැනි දේවල් වල ආපෝ ධාතුව වැඩි නිසා ඇලෙන වැගිරෙන ස්වභාවයෙන් යුක්තයි. තේජෝ කියන්නේ උෂ්ණත්වයට. වායෝ කියන්නේ පිම්බෙන සෙළවෙන ස්වභාවයට. අපේ කය ඇතුලු ලොව ඇති ඕනෑම වස්තුවක් සෑදී ඇත්තේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු සතර අඩු වැඩි වශයෙන් සංයෝග වීමෙන්.

2. වේදනා කියන්නේ කුමකට ද? දුක් වේදනාවට විතරක් නෙමෙයි. සැප දුක් මැදහත් වේදනා තුනටම වේදනාස්කන්ධය කියනවා. අපට ප්රි ය අරමුණක් ඇස කන ආදී ඉන්ද්රිියක ගැටුනොත් ඇති වෙන්නේ සුඛ වේදනාවක්. අප්රි ය පුද්ගලයෙක් හෝ වස්තුවක් ගැටුණොත් ඇති වෙන්නේ දුක්ඛ වේදනාවක්. ප්රි්ය අප්රිැය නොවන මැදහත් අරමුණක් නිසා ඇති වෙන්නේ උපේක්ෂා වේදනාවක්. ස්ඵර්ශ වෙන දේ අනුව තමයි වේදනාව ඇති වෙන්නේ. එසේනම් වේදනාව අපට ඕනෑ විදිහට පවත්වාගන්න පුළුවන් දෙයක් නොවෙයි.

3. සංඥා කියන්නේ කුමක් ද? සංඥා කියන්නේ හඳුනාගැනීමට. නිල් රතු කහ ආදී වශයෙන් වර්ණ හඳුනාගන්නවා. ශබ්ද හදුනාගන්නවා. ලුණු රස තිත්ත රස ආදී වශයෙන් රස හඳුනාගන්නවා. සංඥාවෙන් මව හදුනාගන්නවා, පියා හඳුනාගන්නවා, දූ දරුවන් හිතමිත්රාවදීන් හඳුනා ගන්නවා. වේදනාව සැපය දුක්ය ආදී වශයෙන් සංඥාවෙනුයි හඳුනාගන්නේ. ඉගෙනගන්නකොට සංඥා ගොඩ වැඩි වෙනවා. ඒ ඒ දේවල් හඳුනාගැනීමේ හැකියාව වැඩි වෙනවා.

4. සංස්කාර කියන්නේ කුමක් ද? සකස් කරන නිසා සංස්කාර කියනවා. සංස්කාරයෙන් සකස් කළ දේ නැවත සකස් කරනවා. අපි යම් මනවඩනා රෑපයක් හොඳයි ලස්සන යි කියලා සංස්කාරයක් කළොත් ඒ සංස්කාරය නිසා නැවත නැවතත් ඒ වස්තුවේ රෑප සටහන, ඒ නිසා ඇති වූ වේදනාව, රෑප සංඥාව, හොඳයි ලස්සනයි ආදී වශයෙන් කළ සංස්කාරය සහ විඤ්ඤාණය නැවත නැවත ඇති වෙනවා. කුසල චේතනාව නිසා පුඤ්ඤාභිසංඛාර හෙවත් දාන ශිල භාවනා වැනි දස කුසල් ඇති වෙනවා. අකුසල චේතනාව නිසා අපුඤ්ඤාභිසංඛාර හෙවත් මුසාවාද, පරුසාවාච, පිසුණාවාච (කේලම්) වැනි දස අකුසල් ඇති වෙනවා. අරූපාවචර කුසල් ආනෙඤ්ජාභිසංඛාර යි. අපි කයෙන් වචනයෙන් සහ සිතින් නිරතුරැව සංස්කාර රැස් කරනවා. ඒවාට තවත් ආකාරයකින් කාය සංඛාර, වචී සංඛාර සහ චිත්ත සංඛාර කියනවා.

5. විඤ්ඤාණය කියන්නේ දැනගැනීමට. රෑප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා, ගන්ධ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා, මනසට එන නොයෙක් අරමුණු දැනගන්නවා. සංඥාවෙන් හඳුනාගත් දේ විඤ්ඤාණයෙන් දැනගන්නවා.

ඇසෙහි රූපයක් ගැටුණු විට රූප දකින සිත ඇති වෙනවා. ඇසයි රූපයයි රූප දකින සිතේ එකතුවයි කියන තුනට ඇසේ ස්ඵර්ශය කියනවා. ස්ඵර්ශය නිසා එම රූප අරමුණේ රසය විඳින සැප දුක් හෝ මැදහත් වේදනාවක් ඇති වෙනවා. සංඥාවෙන් ඒ රූපයේ මේ වේදනාව ඇතැයි හඳුනාගන්නවා. චේතනාවෙන් ඒ රූපය ලබාගත යුතුය, අකමැති එකක් නම් ඉවත් කළ යුතුය ආදී වශයෙන් සංස්කාර ඇති වෙනවා. මේ ආකාරයට කණ නාසය දිව කය මනස යන ආයතනයන්ට පිළිවෙලින් ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධම්ම යන අරමුණු ගැටී ඒ ඒ ආයතනයන්ගේ ස්ඵර්ශය ඇති වීමෙන් වේදනා සංඥා සංස්කාර ඇති වෙවී නැති වෙවී යනවා. මගේ කය, මගේ දුව පුතා ආදී වශයෙන් රෑපය මමය මගේය කියලා දැඩිව අල්ලාගෙන ඉන්නවා නම් රෑප උපාදානස්කන්ධයක් වෙනවා. ඒවාගේම මගේ සැපය, මගේ දුක ආදී වශයෙන් වේදනාව උපාදාන කරන විට වේදනා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මගේ හැඳිනීම, මගේ මතකය, මගේ උගත් කම ආදී වශයෙන් සංඥාව උපාදාන කරන විට සංඥා උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මගේ පින, මගේ පව, මගේ රැකියාව, මගේ ලෝභය, මගේ ද්වේෂය, මගේ ප්ර්ඥාව, මගේ සතිය ආදී වශයෙන් සංස්කාර උපාදාන කරන විට සංස්කාර උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මට පේනවා, මට ඇසෙනවා, මම රස විදිනවා, මට දැනෙනවා ආදී වශයෙන් උපාදාන කරන විට විඤ්ඤාණ උපාදානස්කන්ධයක් ඇති වෙනවා. මේ ආකාරයට අපි ධර්මයක් මෙනෙහි නොකරන, භාවනාවක් නොකරන සෑම අවස්ථාවකම අවිද්යාාවත් තෘෂ්ණාවත් නිසා පංච උපාදානස්කන්ධයන් සකස් කරගන්නවා. ඒ ඒ ස්කන්ධයන් මොනවා දැයි මතකයේ තබාගෙන කාලයක් මෙනෙහි කරන විට පංච උපාදානස්කන්ධයන් පිලිබදව මනා අවබෝධයක් ලැබෙනවා. රාග ද්වේෂ මෝහ වැනි ක්ලේෂයන් අඩු විමක් ද අත්දැකිය හැකියි. විදර්ශනාව යනු පංච උපාදානස්කන්ධයන් අනිත්යව දුක්ඛ අනාත්ම අශුභ අසාර වශයෙන් යෝනිසෝ මනසිකාරය කිරීමයි, නුවනින් විමසීමයි. එය කළ යුතු අන්දම කෙටියෙන් විමසා බලමු,

1. අනිච්චානුපස්සනාව

1). දුක්ඛාර්ය සත්ය ය පිලිබද අවබෝධයක් ඇති වීමට, සිතේ සමාධියක් ඇති වීමට, ජාති ජරා ව්යා ධි මරණ දුක්ඛය කෙටියෙන් හෝ මෙනෙහි කරන්න. අපායේ ඉපදීම දුකක්. තමන් අපායේ ඉපිද ඇති බව ඇති පිළිගෙන තියුණු හුල් වලින් ඇනීම, අත්පා කැපීම, මස් ගැලවීම, ලෝදිය පෙවීම වැනි දුක් වලට තමා පත් වී ඇති බව මෙනෙහි කරන්න. ප්රේ්ත ලෝකයේ ඉපිද ගින්නෙන් පිච්චෙමින් අසූචි මළමුත්රා ආදිය අනුභව කරමින් අවුරුදු දහස් ගනන් දුක් වින්ද බව මෙනෙහි කරන්න. තිරිසන් අපායේ ඉපිද ගවයින් වැනි සතුන් වෙලා ජීවිත කාලයම බර වැඩ අරගෙන මැරූ අවස්තා වල ගලා ගිය ලේ මහා සාගරයේ ජලයට වඩා වැඩි බව මෙනෙහි කරන්න. මිනිසෙකු වශයෙන් ඉපිද කුඩා කල හෙලවෙන්නට වත් කථා කරන්නටවත් බැරිව දුක් වින්ද හැටි, ඉගෙනගන්න, රැකියාවල් කරන්න දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. අකීකරු දරුවන් ස්වාමි භාර්යාවන් නිසා දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. නොයෙක් රෝග වැළදී දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. පිළිකා අපස්මාර මොලේ ගෙඩි වකුගඩු රෝග වැනි දරැණු ලෙඩ තමාටත් ඕනෑම වෙලාවක හැදෙන්න පුළුවන් බව සිතන්න. වයසට ගිහින් ඉන්ද්රිබයයන් දුබලව එක්තැන්ව අවුරුදු ගණන් දුක් විදින්නට සිදු විය හැකි බව සිතන්න. දෙවියන්ට බොහෝ කල් ආයුෂ ඇති නමුත් දෙව්ලොව ද දුක් ඇත. දෙවියන් ද රාග ද්වේෂ මෝහ ගිණි වලින් දැවේ. දෙවියන්ට ද නොයෙක් රාජකාරීන් පැවරේ ඒවායින් වෙහෙසට පත් වූ විට දෙවියන් සුවදක් ආඝාණය කර මත් වේ. මත් වෙන්නේ දුක නිසාය. බඹලොව ද දුකකි. බ්රිහ්මයින්ට ද සෑම විටම ධ්යාසනයෙන් සිටීමට බැරි නිසා දෝමනස්සය ඇති වේ. බ්රයහ්මයින් ද චුත වී අපායට තිරිසන් ලෝකයට වැටේ. මෙසේ කෙටියෙන් දුක්ඛය මෙනෙහි කරන්න. (සතර අපායෙන් මිදීමට නම් චතුරාර්ය සත්යෙ අවබෝධ කර සෝවාන් ඵලයකට හෝ පත් විය යුතුය.)

2). දැන් මරණසතිය වඩන්න. මරණය දුකකි. උපන් හැම සත්වයාම මරණයට පත් වේ. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාට පවා මරණයට යටත් වීමට සිදු විය. එසේ නම් තමා ද ඕනෑම මොහොතක මරණයට පත් විය හැකි බව සිතන්න. තමන් දැක ඇති මළ සිරැරක් ආසන්නයේ තමන්ගේ සිරුර තබන්න. දැන් තමා මරණයට පත් වී ඇති බව සිතට කාවද්දන්න. මළ සිරුර ඉදිමී නිල්වී ඕජස් ගලන හැටි පණුවන් ගහන හැටි මස් දියවෙවී යන හැටි මෙනෙහි කරන්න. සිත සමාධි වෙන තෙක් මෙසේ මෙනෙහි කරන්න. මේ කය මෙසේ අනිච්ච නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේය කියන්න වටිනවා දැයි තමාගෙන් විමසන්න. මෙසේ භාවනා කරන විට සමහරෙකුට තමා පෙර භවයක මියගොස් මනෝමය කයින් සිට මළ සිරුර දකිමින් සිට අවස්ථාවක් පෙනිය හැක. එසේ පෙනීමටම අවශ්යාම නොවේ. සිත එකග වූ පසු සමුදය අස්ථංගමය මෙනෙහි කරන්න.

3). දැන් සමුදය හෙවත් කුණු කය හටගත්ත හැටි මෙනෙහි කරන්න. මනවඩනා ආහාරයන් වැනි දෑ පතයි. සිතින් හෝ මැනවයි කියයි. නැවත නැවත ඒවායේ බැසගෙන සිටියි. ඒ නිසා ඒ රෑපයන්ගෙන් ලැබෙන සතුට උපාදාන වේ. උපාදානය නිසා ඒ මනවඩනා රෑපය, භවය හෙවත් තණ්හාව පවතියි. භවය නිසා ජාතිය ඇති වී මේ කුණු කය හටගෙන ජරා මරණ දුක් රැස හටගනියි. ආහාර වෙනුවට, මනවඩනා රූප ඇඳුම් පැළදුම් රෑපවාහිනී වැඩසටහන්, කැමති පුද්ගලයින් වැනි දෑ ආදේශ කර සමුදය මෙනෙහි කරන්න.

4). අස්ථංගමය හෙවත් කුණු කය නිරෝධ වෙන හැටි (මතු නූපදින හැටි) මෙනෙහි කරන්න. මනවඩනා ආහාරයන් නොපතයි. ඒවා මැනවයි නොකියයි. නැවත නැවත ඒවායේ බැසගෙන නොසිටියි. ඒ නිසා ඒ රෑපයන්ගෙන් සතුටක් නොලැබෙන නිසා උපාදානය නැති වේ. උපාදානය නැති වීම නිසා භවය හෙවත් ඒ ආහාරයන්ට තණ්හාවේ පැවැත්මක් නැති වේ. භවය නැති වීම නිසා ජාතිය නැති වේ. මේ කුණු කය හට නොගන්නා බැවින් ජරා මරණ දුක් රැස නිරෝධ වේ. ආහාරයන් වෙනුවට, ඇඳුම් පැළදුම් රෑපවාහිනී වැඩසටහන්, තමා කැමති පුද්ගලයින් වැනි මනවඩනා රෑපයන් ආදේශ කර අස්ථංගමය මෙනෙහි කළ හැක.

5). මේ කුණු කය කෙසේ හටගත්තේ දැයි තමාගෙන්ම විමසන්න. තණ්හාව, භවය වැනි පිළිතුරු ලැබේ. එය තමාගේම අවබෝධයකි. චතුරාර්යසත්ය ය අවබෝධ වන්නේ මේ ආකාරයට ය. නචකිඤ්චි ලෝකේ උපාදියතී. භාවනාවෙන් ලැබුණු ඒ අවබෝධය සහිතව කිසිවක නොඇලී වාසය කරන්න.

ඉහත සමුදය අස්ථංගමය බලන ආකාරය මතක තබාගෙන හෝ කලක් මෙනෙහි කරනවිට අවබෝධ වේ. මලක් පරවෙනවා, බාහිර දෙයක් වේගයෙන් ඇති වෙනවා නැති වෙනවා වැනි දෙයක් දැකීමෙන් චතුරාර්ය සත්යා අවබෝධය ලැබිය නොහැක. සමුදය අස්ථංගමය දැකීම ගැඹුරින් අනිත්යල දැකීමයි. එසේ දැකීම යනු උදයව්යගය වැනි විදර්ශනා ඥාණයන් ඇති වීමයි. රෑපය පමණක් ගෙන සමුදය අස්ථංගමය පළමුව අවබෝධ වූ පසුව ඒ රෑපයන්ගෙන් ලැබෙන වේදනාව, සංඥාව ආදිය පැතීම මැනවයි කීම බැසගැනීම නිසා සතුට උපාදාන වී භවය නිසා ජාතිය හටගන්නා හැටි ද එසේ නොකිරීමෙන් උපාදානය භවය ජාතිය නැති වී දුක නැති වෙන හැටි ද වැඩිදුරටත් මෙනෙහි කළ හැක.

සාරාංශය

ජාති ජරා ව්යානධි දුක්ඛය කෙටියෙන් මෙනෙහි කරන්න. මරණ සතිය වඩන්න. සමුදය හෙවත් මනවඩනා රූපයන්ගේ සතුට සෙවීම නිසා මළ මිණියක් වැනි කුණු කයක් හටගන්නා හැටි මෙනෙහි කරන්න. අස්ථංගමය හෙවත් මනවඩනා රෑපයන්ගේ සතුට නොසෙවීම නිසා කුණ කය කවදා හෝ නිරෝධ වෙන හැටි මෙනෙහි කරන්න. අවසානයේ දී මේ දුක්ඛය කෙසේ හටගත්තේ දැයි තමාගෙන්ම විමසූ විට තණ්හාව භවය වැනි පිළිතුරු ලැබේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වේ.

2. ධාතු මනසිකාර භාවනාව

ධාතු කියන්නේ සත්ත්ව පුද්ගල නොවන හේතූන් නිසා හටගත් මූලද්රකව්ය් කියන අර්ථයෙන්. ධාතු මනසිකාරය වැඩිමෙන් අනත්ත හෙවත් තමාගේයයි කිසිවක් ගත නොහැකි බව අවබෝධ වෙනවා. අනත්තානුපස්සනාව වැඩේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කියා ධාතු සයක් තිබෙනවා. පඨවි කියන්නේ තද ගතියට. ආපෝ කියන්නේ ඇලෙන වැගිරෙන ස්වභාවයට. තේජෝ කියන්නේ උෂ්ණත්වයට. වායෝ කියන්නේ සෙලවෙන ස්වභාවයට. හැම වස්තුවකම ධාතු සතරම තිබෙනවා. ඒ ඒ ධාතූන්ගේ අඩු වැඩි බව අනුව විවිධාකාර වස්තූන් ඇති වෙලා තියෙනවා.

පඨවි ගතිය වැඩි වුනොත් ඒ වස්තුව සම් මස් නහර ඇට ගස් ගල් ලෝහ වර්ග වැනි තද දෙයක් වෙනවා.

ආපෝ ධාතුව යමක අධික වුනොත් සෙම සොටු ලේ සැරව ජලය වැනි ඇලෙන වැගිරෙන දෙයක් වෙනවා.

තේජෝ ධාතුව අධික වෙන්න වෙන්න රස්නය වැඩි වෙනවා. ගින්නෙහි තේජෝ ධාතුව අධිකයි.

සුළගෙහි වායෝ ධාතුව අධිකයි. ඒ නිසා වේගයෙන් චලනය වෙනවා. අප කායික චලනයන් කරන්නේ ඒ ක්රි යාව කිරීමට අවශ්යන සිතෙහි බලයෙන් ඒ අවශ්යර අවයවයේ උපන් වායෝ ධාතුවේ ක්රි යාකාරිත්වයෙන්.

අයිස් කැටයක් ගැන සිතන්න. ඒක ඝණ වෙලා තියෙන්නේ පඨවි ගතිය අධික නිසා. අනෙක් ධාතු තුනත් එතන තියෙනවා. රස්නය හෙවත් තේජෝ ගතිය වැඩි කලොත් ඒ අයිස් කැටය දිය වෙන්න පටන් ගන්නවා. එතකොට ආපෝ ධාතුව ප්රනකට වෙනවා. තව දුරටත් රත් කළොත් වාශ්ප වෙනවා. එතකොට වායෝ ධාතුව ප්රඩකට වෙනවා. මෙතන ධාතු ටිකක් හැර අයිස් කැටයක් කියා දෙයක් සත්යප වශයෙන් ම තිබෙනවා ද කියා සිතා බලන්න. ධාතු සතරකට තමයි අයිස් කැටයක් කියා නමක් දුන්නේ. මේ ධාතු සතර නිසා වර්ණයක් ඇති වෙලා රෑප සටහන් දිග පලල හැඩ තල මනසින් ඇති වෙලා, ධාතු ගොඩකට ගැහැණියක්ය පිරිමියෙක්ය ලමයෙක් ය ගෙයක් ය ආදී වශයෙන් මුළාවට පත් වෙනවා. ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශයට. විඤ්ඤාණය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ සහ මනසින් නොයෙක් අරමුණු දැනගැනීමට.

පියවර 1 - භාවනා කර පලපුරුද්දක් නැති කෙනෙකුට තමන් කළ දානමය පින්කම් (භික්ෂූන් වහන්සේලාට දුන් දානය හෝ තමන් දානයකට සහභාගි වූ අවස්තාවක්, දුගී මගී යාචකයින්ට දන් දුන් අවස්තාවන්, කඨින පින්කම් පිරිත් පින්කම්, සත්වයෙක්ව මරණයෙන් නිදහස් කරගැනීම ආදිය) සිහිපත් කරගෙන සිත එකග කරගන්න පුලුවන්. දන්දෙන්න අමාරුම දේ මොකක් දේ තණ්හාවයි. තණ්හාව තමයි දුක්ඛ සමුය කියන්නේ. තමන්ගේ ඡාග ගුනය සිහි කරගන්න. දෙයක් අත්හැරීමේ හැකියාව තමන්ටත් තියෙනවා කියලා සිතන්න. එතකොට ප්රීනතිය ප්රවමෝදය ඇති වෙලා සිත සමාධි වෙනවා.

පියවර 2 - දැන් ධාතු මනසිකාරය වැඩිය යුතුය.

අසූචි කියන්නේත් පඨවි ධාතුව. බාහිර අසූචි, අපි මම මගේ කියලා ගන්නේ නැහැනේ. බාහිර අසූචි පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ මගේ නොවේ, මේ කයේ කෙස් පිළිකුලයි පඨවි ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න. මේ වගේ ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හෘදය වස්තුව අක්මාව ආදී අනෙක් කොටස් ගැනත් මෙනෙහි කරගෙන යන්න.

ඊලගට ආපේ ධාතුව. ඇලෙන වැගිරෙන ගතිය. බාහිර මුත්රාප වගේ දෙයක් ගැන හිතනවා. බාහිර මුත්රාබ පිළිකුලයි ආපෝ ධතුව මම නොවේ, මගේ නොවේ. මේ කයේ පිත පිලිකුලයි ආපේ ධාතුව මම නොවේ, මගේ නොවේ. මේ විදිහට සෙම සැරව ලේ දහඩිය වගේ ආපෝ ධාතු කොටස් භාවනා කරන්න.

ඊලගට තේජෝ ධාතුව - රස්නය හෝ සීතලට තේජෝ ධාතුව කියනවා. කුණු බක්කියකත් කුණු නිසා රස්නයක් ඇති වෙනවා. ඒ වගේම අපේ ශරීරයෙත් බැක්ටීරියා ආදිය නිසා රස්නයක් ඇති වෙනවා. කුණු බක්කියක ඇති රස්නය තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ. මේ කයේ රස්නය තේජෝ ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කර අවබෝධ කරගන්න.

ඊලගට වායෝ ධාතුව - අපට ගන්ධය දැනෙන්නේ වායෝ ධාතුව හරහා. කුණු ගොඩක හෝ අසූචි ගොඩක දුර්ඝන්ධය පිළිකුළයි වායෝ ධාතුව මම නොවේ මගේ නොවේ. මේ කයේ හුස්ම පිළිකුලයි වායෝ ධාතුව මම නොවේ, මගේ නොවේ යනුවෙන් මෙනෙහි කරන්න. බාහිර ලෝකයේ කඳු හෙල් සාගර ආදී සියල්ලම ධාතු වශයෙන් සලකා පහ කරන්න. මෙහෙම මෙනෙහි කළාම සිත ධාතු සතරෙන්ම මිදෙනවා. මෙතරම් කාලයක් මමය මගේය කියලා අල්ලාගෙන සිටි කුණු ජරාවන්ගෙන් සිත නිදහස් වෙනවා.

පියවර 3 - අශුභ දේ සුභයි, අනිත්යි දේ නිත්යුයි, දුක් දේම සුඛයි කියන වැරදි සංඥා නිසා මගේය යන මුසාව ඇති වෙලා අනන්ත සසර අප මහත් පීඩාවට දුකට පත් වුණා. ඒ වැරදි සංඥා සහ ඉන් ඇති වූ මුසාවාද පරැසාවාච පිසුණාවාච ආදී දස අකුසලයට ලැජ්ජා වෙන්න පිළිකුල් කරන්න. එයට ඇති තණ්හාව දන් දෙන්න.

පියවර 4 - දැන් සිතන්න, නිවන විතරයි සකස් කල දෙයක් නොවන්නේ, නොකැඩෙන්නේ නොබිඳෙන්නේ. සියලු දේ කැඩෙන බිදෙන බැවින් මුසාවන්. ‘තණ්හාව ක්ෂය වීම නිවනයි‘ යනුවෙන් මෙනෙහි කරන්න. මෙසේ ඉන්ද්රිවයයන් සංවරව සිටිම හොඳ යයි නුවන ඇති කරගන්න. සියලු සත්වයෝ සිටින්නේ දුකේ බව සිතා සිංහල දෙමළ හිතවත් අහිතවත් ආදී සියලු කුළ පහ කරන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායි, බාහිරව මෙත්තාව පතුරුවන්න.

සාරාංශය

තමන් කළ දානමය පුණ්‍යක්‍රියා මෙනෙහි කරන්න. ඊලගට, ධාතු මනසිකාරය වඩන්න. කයේ පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතූන් බාහිර අසූචි වැනි පිළිකුල් දෙයක් සමග සංසංන්දනාත්මකව මෙනෙහි කර තමා නොවන බව අවබෝධ කරගන්න. සුභයි සුඛයි මගේ කියා ගැනීම නිසා ඇති වෙන මුසාවට ලැජ්ජා වෙනවා පිළිකුල් කරනවා යයි එය පහ කරන්න. නිවන පමණයි සත්යක යනුවෙන් සච්චාදිට්ඨානය මෙනෙහි කරන්න. අප්රකමාණව මෙත්තාව පතුරවන්න.

3. ආහාර සතර සහ දුක්ඛය

කබලිංකාරාහාර, ඵස්සාහාර, මනෝසංචේතනාහාර, විඤ්ඤාණාහාර කියා තණ්හාව නිසා හටගන්නා ආහාර වර්ග සතරක් තියෙනවා. ඵලයක් හෙවත් සසර පැවැත්මක් ඇති කරන නිසා ආහාර කියනවා. කබලිංකාරාහාර කියන්නේ මනවඩනා රූපයන්ට. අප ගන්නා ආහාර, ස්ත්රීප පුරුෂ රූප, ලස්සන බබාලා, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගස් වැල්, මනවඩනා ශබ්ද, ස්ඵර්ශ ආදී සියල්ල කබලිංකාරාහාර යි. ඇස කන නාසය දිව කය මනස යන ආයතනයන්ට අරමුණු ගැටීම නිසා විඤ්ඤාණය පහළවී ඒ ඒ ආයතනයන්ගේ ස්ඵර්ශය ඇති වෙනවා. ඇසේ ස්ඵර්ශය, කනේ ස්ඵර්ශය, නාසයේ ස්ඵර්ශය ආදී වශයෙන් ස්ඵර්ශය සයාකාර වෙනවා. ඒ ස්ඵර්ශය ඵස්සාහාරය යි. ඵස්සය නිසා වේදනාව ඇති වෙනවා.

මනෝසංචේතනාව කියන්නේ චේතනාවට. ඵස්සය ඇති වෙලා වේදනා සංඥා ඇති වුණාම චේතනාව ඇති වෙනවා. චේතනව නිසා සංස්කාර ඇති වෙනවා. විඤ්ඤාණය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ සහ මනසින් නොයෙක් අරමුණු දැනගැනීමට.

විපල්ලාසය - විපරීත හෙවත් වැරදි දැකීම්. යෝගය - යෝගය යනු යෙදීමයි. මෙය සත්වයා සසරට බැඳ තබන ධර්මයකි. ග්‍රන්ථය - ග්ර්න්ථය යනු ගැටයයි. ආශ්‍රවය - ආශ්රගව යනු පසු සංඥාවන්ය ඕඝ - ඕඝ යනු සැඩපහරයි සල්ල - සල්ල යනු හුලයි

භාවනාව 1 -

ජාති ජරා ව්යා ධි මරණ වෙලා මනෝමය කයකින් සිටින විට කාලා නැහැ වගේ දුක්ඛයක් ඇති වේ. අසූචි මළමුත්රාය පිරිණු මවු කුසකට බැසගෙන කුණු කයක් හදාගත් විට ආයතන සයට ස්ඵර්ශ වන්නේ දුක්ඛය යි. දුක්ඛය ස්ඵර්ශ වී දෝමනස්සයක් ඇති වේ. දෝමනස්ස සහගත සංඥාවෙන් හදන සංස්කාර ශෝක කරයි. ශෝක කරණ සංස්කාරයෙන් හදන විඤ්ඤාණය පරිදේව කරයි. මෙසේ මෙනෙහි කර අවබෝධ කරගන්න.

(එනම්, ලෝකයේ ඇත්තේ දුක්ඛය යි. රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධම්ම ආදිය ආයතන සයට ස්ඵර්ශ වී අප නිරතුරුවම දුක්ඛ දෝමනස්ස ශෝක (හැඩීම්) පරිදේව (වැළපීම්) සහිතව සිටින බව අවබෝධ කරගන්න.)

භාවනාව 2 -

ආහාර, ස්ත්රීත පුරුෂ රූප, ලස්සන බබාලා වැනි කබලිංකාරාහාරය නිසා අශුභ දේ සුභය යන විපල්ලාසය ඇති වෙනවා. එනම් සුභය යන හඳුනාගැනීම, සුභ යයි දැකීම සහ සුභය යන දෘෂ්ටියක් ඇති වෙනවා. දෙතිස් කුණපයන්ගෙන් හටගත් කුණු කය සුභ වශයෙන් ගැනීම මෙයට උදාහරණයක්.

සුභය යන විපල්ලාසය නිසා ආහාර, ස්ත්රීී පුරුෂ රූප, ලස්සන බබාලා, ඇඳුම් පැළඳුම්, යාන වාහන, ගස් වැල්, මනවඩනා ශබ්ද, ස්ඵර්ශ වැනි කබලිංකාරාහාරයන් උපාදාන කරනවා. මමය මගේය කියලා දැඩිව ගන්නවා.

කාම උපාදානය නිසා කාම යෝගයේ යෙදෙනවා. එනම්, රැකියාව වැනි සංස්කාර කර මිළ මුදල් උපයනවා. ආහාර නොයෙක් භාණ්ඩ ඇඳුම් නිවාස ආදිය සපයාගන්නවා. කාම යෝගය නිසා සසරට බැඳෙනවා. කාම යෝගය පහ නොකිරීමෙන් අභිජ්ජාකාය ග්රාන්ථය හෙවත් දැඩි ලෝභයෙන් ඉහත කාමයන්ට ගැට ගැසෙනවා.

ගැටය පහ නොකරන නිසා කාම ආශ්‍රවය ඇති වෙනවා. එනම් කාමයන් විඳීම නිසා සුඛය යන සංඥාව ඇති වෙනවා.

කාමාශ්රමවය වැඩි වීමෙන් කාම ඕඝය හෙවත් කාම නැමති සැඩ පහරට හසු වෙනවා. එනම්, වැඩි වැඩියෙන් කාමයන් සොයමින් කාමය නැමති මඩ වගුරේ ගිලෙනවා.

කාම ඕඝය නිසා අශුභ දේ සුභය යන විෂ පෙවූ හීයක් ඇනෙන්නා සේ රාග සල්ලය හෙවත් රාගය නැමති හුල ඇනෙනවා.

විඤ්ඤාණය රූපය එළඹ සිටිනවා. එනම්, ඉහත මනවඩනා රූපයන්හි සිත පුණ පුණා සිත බැසගන්නවා.

නැවත නැවත චක්‍රාකාරව මේ කියාවලිය සිදු වෙනවා.

මේ ක්‍රිවයාවලිය කර බඹලොව උපදින්නේ නැහැ. මෙහි ප්‍රතිඵලය වනුයේ රාගය නිසා ඡන්දයෙන් අගති ගමනක් යාමයි. නැවත නැවත අසූචි මළමුත්‍රා පිරුණු මව් කුසකට බැසගෙන දුක හටගැනීමයි. කබලිංකාරාහාරය, අශුභ දේ සුභය යන විපල්ලාසය, කාම උපාදානය, කාම යෝගය, අභිජ්ජා කායග්ර න්ථය, කාමාශ්‍රවය, කාම ඕඝය, රාග සල්ලය, විඤ්ඤාණය රූපය එළඹ සිටීම. රාගය නිසා ඡන්දයෙන් අගතියට යාම කියන කාරණා දහය නැවත නැවත මෙනෙහි කර අවබෝධ කරගන්න. කාමේසුවිනෙය්යබගේධං නහිජාතුගබ්බසෙය්යං පුණරේතීති, ආදී වශයෙන් මෙත්ත සූත්රතයේ වදාරා ඇති පරිදි කාමයන්හි ගිජු බව නැති වීම නිසා නැවත මවුකුසකට යාමට නුසුදුසු බව අවබෝධ වේ.

භාවනාව 3 -

ඇස කණ නාසය දිව කය මනස යන ආයතන සයට පිළිවෙලින් රූප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධම්ම යන අරමුණු ලැබීම නිසා පිළීවෙලින් ඇසේ ස්ඵර්ශය, කනේ ස්ඵර්ශය, නාසයේ ස්ඵර්ශය, දිවේ ස්ඵර්ශය, කයේ ස්ඵර්ශය, මනසේ ස්ඵර්ශය ඇති වෙනවා. ඵස්සය නිසා වේදනාව ඇති වෙනවා.

ඵස්ස ආහාරය නිසා දුක සැපයයි විපල්ලාසයක් ඇති වෙනවා. සුඛය යන සංඥාව, සුඛය යන චිත්තය හෙවත් දැනගැනීම, දුක්ඛය සුඛ වශයෙන් ගෙන සැපයයි දුක ඉවසීම හෙවත් දිට්ඨිය ඇති වෙනවා. සුඛය යන විපල්ලාසය නිසා සීලබ්බත උපාදානය ඇති වෙනවා. දොස්තර ඉංජිනේරු ගුරු ව්‍යාපාර ආදී සීලබ්බතයන් සහ පරලොව වශයෙන් දිව්යගත්වය, බ්‍රහ්මත්වය වැනි සීලබ්බතයන් සුඛ යයි දැඩිව ගන්නවා.

සීලබ්බත උපාදානය නිසා භව යෝගයේ යෙදෙනවා. වැඩි වැඩියෙන් ඉගෙනගන්නවා, රැකියාවන් කරනවා, මිළ මුදල් උපයනවා, දෙව්ලොව යාමට පින් කරනවා. භව යෝගය නිසා ව්යාවපාද කායග්රලන්ථය ඇති වෙනවා. දුක නැමති විෂ ටිකෙන් ටික මතු වෙනවා. ලෙඩරෝග, අනතුරු, නින්දා අපහාස, අලාභ ආදිය නිසා ව්යාරපාදයෙන් ගැටගැසෙනවා.

ව්‍යපාදය ඇති වුණත් අත් නොහරින නිසා භව ආශ්‍රවය ඇති වෙනවා. අද කරදර වුනත් හෙට හොඳ වේය යයි සිතා පෙර වූ සුඛයම පතාගෙන ක්‍රියා කරනවා. භව ආශ්‍රවය පහ නොකිරීම නිසා භව ඕඝය ඇති වෙනවා. එක විභාගයක් අසමත් කෙනා වැඩි වැඩියෙන් විභාග සමත් කරන්න යනවා. කාරෙක කැඩුණාම ඊට වඩා හොඳ එකකට යනවා. දෙව්ලොව යාමට එක පින්කමක් කළ කෙනා වැඩි වැඩියෙන් පින් කරනවා.

භව ඕඝය නිසා ද්වේෂ සල්ලය ඇනෙනවා. දුක නැමති විෂ මතු වීම නිසා ද්වේෂය නැමති හුල ඇනෙනවා.

විඤ්ඤාණය වේදනාව එළඹ සිටිනවා. සියල්ල දුක යයි පිළි නොගැනීමත් සැපය යන විපල්ලාසයත් නිසා විඤ්ඤාණය වේදනාව අල්ලාගෙන සිටිනවා.

ද්වේෂය නිසා ද්වේෂයෙන් අගතියට යනවා. ජරාව හෙවත් වෙනස් වීම නිසා දොම්නස (මානසික දුක්ඛය) ඇති වෙනවා. මේ ක්‍රියාවලිය නැවත නැවත සිදු වෙනවා.

(කෙනෙක් සමග අමනාප වූ විට, දොස් අහන්නට ලැබුණු විට, කායික පීඩාවක් ඇති විට නැවත නැවත ඒ අරමුණටම සිත යන්නේ ද්වේෂ සල්ලය නිසාය.)

4. දුක්ඛ පටිපදා දන්දාභිඥාව

ඉහත කාරණා දහය, එනම් කබලිංකාරාහාරය නිසා ඇති වෙන ගැටලුවට පිළියම් වශයෙන් දුක්ඛ පටිපදා දන්ධාභිඥාව තථාගතයන් වහන්සේ විසින් තෙවෙනි පටිපදා සූත්රථයේ වදාළ සේක. තෙවෙනි පටිපදා සූත්රතයේ වදාළ ආකාරය ආහාරයේ පටික්කූලතා සංඥාව, අසුභ සංඥාව, මරණ සංඥාව ආදී භාවනාවන් පළමුව වැඩිය යුතු ය.

වමනයේ පිළිකුළ මෙනෙහි කරන්න. වමනය ගන්ධයෙන් ද පිළිකුල් ය, සෙවල ගතිය නිසා ස්ඵර්ශය ද පිළිකුල්ය, වමනය ගැන කථා කරනවාට ද අප කැමති නැත, රසය ද ඉතා පිළිකුල්ය. ඉන්ද්රිදයයන් සයම ප්රිතික්ෂේප කරන වමනය ඇත්තේ කොතැනදැයි සිතා බලන්න. තමාගේ උදරයේ ය. වමනය නිසා ලේ හටගෙන ඒ ලෙයින් කෙස් ලොම් නිය දත් සම් මස් නහර ආදී දෙතිස් කුණපය සෑදී ඇත. වමනයෙන් සෑදුණා වූ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, පපුමස, අතුණු, අතුණු බැඳුම්, ආමාශය, අසූචි, පිත සෙම සැරව ලේ දහදිය මේදය කඳුළු කෙළ සෙම සොටු සැරව ආදී කුණප කොටස් පිළිකුල් බව මෙනෙහි කරන්න. (තමාට තේරෙන කොටස් මෙනෙහි කිරීම ප්රහමාණවත් ය. තමාට වැඩියෙන් වැටහෙන කොටස් වැඩියෙන් මෙනෙහි කරන්න.) ඊළගට මරණ සංඥාව වඩන්න. මරණය සියලු දෙනාට සාධාරණ බව සිතා තමා මරණයට පත් වී ඇති බව සිතන්න. දින ගණනක් යන විට මළ සිරැර ඉදිමී නිල්වී ඕජස් ගලන ආකාරය පණූවන් ගසන ආකාරය සතුන් මළ මිණියේ කොටස් කඩාගෙන යන ආකාරය ඇට ද දිරා මළ මිණිය පොළොවට පස් වෙන අකාරය මෙනෙහි කරන්න. මේ කය මෙසේ අනිත්යය නම් දුක්ඛ නම් විපරිණායට පත් වෙනවා නම් මගේය කියන්න වටිනවා දැයි තමාගෙන්ම විමසන්න. අනත්ත හෙවත් තමා නොවන බව අවබෝධ වේ. ශන්‍යතාවයට යයි.

දැන් රූප වේදනාදී ස්කන්ධයන්ගේ සමුදය වය (අස්ථංගමය) මෙනෙහි කරන්න. සමුදය යනු මේ ස්කන්ධයන් හටගන්නා ආකාරය යි. වය යනු කවදා හෝ අනාගත ස්කන්ධයන් නූපදින ආකාරය යි. ආහාර, ස්ත්රීද පුරුෂ රූප, ලස්සන බබාලා, ඇඳුම් පැළඳුම්, යාන වාහන වැනි තමා අභින්දනා කරන කබලිංකාරාහාරයක් ගෙන මෙසේ මෙනෙහි කරන්න.

මනවඩනා රූපයේ සතුට සොයනවා, එය හොඳය ලස්සනය මනරම්ය ආදී වශයෙන් සිතින් හෝ ප්‍රකාශ කරනවා. නැවත නැවත ඒ රූපයේම බැසගන්නවා. එවිට ඒ නිසා ලැබෙන සතුට හෙවත් නන්දිය උපාදාන වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය නිසා ජාතිය ඇති වෙලා කුණු කය හටගන්නවා. මේ අකාරයටම පංචකාම සුඛ වේදනාවන් සොයනවා, ඒවා සුඛ යයි සිතින් හෝ ප්රදකාශ කරනවා, නැවත නැවත ඒ වේදනාවම සොය සොයා බැසගනීම නිසා උපාදානය නිසා භවය ජාතිය ඇති වීම ගැන ද සිතන්න.

ඊළගට වය මෙනෙහි කරන්න. මනවඩනා රූපයේ සතුට සොයන්නේ නැහැ. ප්රදකාශ කරන්නේ නැහැ. ඒවායේ නැවත නැවත බැසගන්නේ නැහැ. උපාදාන වෙන්න සතුටක් නන්දියක් නැහැ. උපාදානය නැති නිසා භවයක් නැහැ. ජාතියක් නැහැ. දුඛ නිරෝධ වන්නේ මේ ආකාරයට බව මෙනෙහි කරන්න. මේ අකාරයටම, පංචකාම සුඛ වේදනාවන් සොයන්නේ නැහැ, ඒවා සුඛ යයි සිතින් හෝ ප්රනකාශ කරන්නේ නැහැ, නැවත නැවත ඒ වේදනාවම සොය සොයා බැසගන්නේ නැති නිසා උපාදානය නිරෝධ වී භවය, ජාතිය නැති වෙන ආකාරය ද මෙනෙහි කරන්න.

(උපාදානය යනු මමය මගේය ආදී වශයෙන් දැඩිව ගැනීමයි. භවය යනු තණ්හාවේ පැවැත්ම බව පෙටකෝපදේසයේ සඳහන් වේ. එනම් උපාදානස්කන්ධ රාශිය යි. රූප වේදනා ආදිය උපාදාන කරගත් විට එයට තණ්හාව පවතියි. එසේ තණ්හාව පැවතීම භවයයි. ඒ නිසා කර්ම රැස් වීම ද සිදු වේ. භවය නිසා ඒ රූපය ලැබිය හැකි තැනක උප්පත්තිය ලබයි.)

සමථ භාවනාවෙන් ලැබෙන ධ්‍යාන අන් ශාසන වලත් ඇත. ඒවා නිවනට යොමු වූ සමාධීන් නොවේ. මෙසේ සමුදය වය මෙනෙහි කළ පසු ලැබෙන ධ්යාසනය නිවනට යොමු වූ ආර්ය ධ්‍යානයයි. එසේ පටිච්ච සමුප්පාදයේ අවබෝධය සහිතව ලැබෙන සමාධියකින් වාසය කිරීමට දිබ්බ විහාරය කියා කියනු ලැබේ.

මෙසෙ සමාධියෙන් යුතුව වාසය කරන්න. කුණු කය මගේයයි ගැනීම වැනි කාම විතක්කයන් පෙර වූ දේ හැටියට සළකා දැන් කාම විතක්කයන් නොකරමි යයි අධිෂ්ඨානයක් ඇති කරගන්න. එය පළමු සම්යගක් ප්රපධාන විරිය යි.

මෙසේ සමාධියෙන් වාසය කරන විට මේ දෙතිස් කුණපයක් නිසා සෑදුණා වූ කුණු කය මහා දුකක් ය යි අවබෝධ වේ. එනම් දුක්ඛාර්ය සත්ය ය අවබෝධ වේ. එසේ නම් දුකයි දුකයි කියා සිටීමම ප්ර්මාණවත් නොවේ. නිවනට යා යුතුය. තණ්හාවන් මුළුමනින්ම ක්ෂය වීම නිවනයි. නිවන පමණයි සත්යළ සකස් කළ සියල්ල කැඩේ බිඳේ යයි සච්චාදිට්ඨානය සිහිපත් කරගන්න. නිවනට ඡන්දය ඇති කරගන්න. ඒ අවබෝධය ඇතිව ඉන්ද්රිකය සංවර කරගෙන සියලු සත්වයෝ දුකින් මිදෙත්වා නිවන් ලබත්වා යයි තමාට නොව බාහිරව මෙත්තාව පතුරුවමින් මෙත්තාවෙන් අප්රතමාණයට යන්න. (මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යනු සතර අප්රමමාණයෝය. සතර අප්ර මාණයේ නිවන් දොරටුය. මෙත්තාවෙන් අප්රණමාණයට ගිය විට විඤ්ඤාණය අල්ලාගෙන සිටින රූප වේදනා සංඥා සංස්කාරයන්ගෙන් ගැලවී සිත විසංඛාරගත වේ. තණ්හාවන් ක්ෂය වීම නිවන බව අවබෝධ වේ.)

5. කරණීය මෙත්ත සූත්‍රය සහ ආර්ය මෛත්‍රී භාවනාව

බුද්ධ කාළයේ භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් වනගතව භාවනා කරන්නට විය. උන් වහන්සේලාට ඒ වනයේ විසූ අමනුෂ්‍යයන්ගෙන් නොයෙක් කරදර හිරිහැර විඳින්නට සිදු විය. පෙරළා පැමිණ තථාගතයන් වහන්සේ හමු වූ උන් වහන්සේලාට ආරක්ෂාව සඳහාත් නිවන් ලැබීම සඳහා කමටහන වශයෙනුත් මෙම කරණීය මෙත්ත සූත්රකය වදාළ සේක. කරණීය මෙත්ත සූත්රුය භාවන කළ උන් වහන්සේලා වස් අවසාන වීමටම පෙර අරහත්වයට පත් වූ සේක.

කරණීය මත්ත කුසලේන යංතං සංතං පදං අභිසමෙච්ච සක්කෝ - මේ ජීවිතයේදීම නිවනට පැමිණ වාසය කිරීමට අපේක්ෂා කරන තම හිතවැඩ කැමති සත්පුරුෂයා විසින් දස කුසලය වැඩිමට මෙසේ දක්ෂ විය යුතුය.

පාණාතිපාතය නිසා ද්වේෂය ඇති වේ, ද්වේෂය නිසා පාණාතිපාතය ඇති වේ, පාණාතිපාතය දුරු කරමි. අදත්තාදානය නිසා ලෝභය ඇති වේ, ලෝභය නිසා අදත්තාදානය ඇති වේ, අදත්තාදානය දුරු කරමි. කාමමිත්යායචාරය නිසා මෝහය ඇති වේ, මෝහය නිසා කාමමිත්යායචාරය ඇති වේ කාමමිත්යාදචාරය දුරු කරමි. මුසාවාදය නිසා ලෝභය ඇති වේ, ලෝභය නිසා මුසාවාදය ඇති වේ මුසාවාදය දුරු කරමි. පරුසාවාචය නිසා ද්වේෂය ඇති වේ, ද්වේෂය නිසා පරුසාවාචය ඇති වේ, පරුසාවාචය දුරු කරමි. සම්පප්රතලාපය නිසා මෝහය ඇති වේ, මෝහය නිසා සම්පප්රයලාපය ඇති වේ සම්පප්රවලාපය දුරු කරමි.

උජූ ච - සෘජු වන්නේය. පාණාතිපාත අදත්තාදාන කාමමිත්යා චාර වැනි කයෙන් සිදු වෙන අකුසල සංස්කාරයන් සහ මුසාවාද පරුසාවාච පිසුණාවාච සම්පප්රයලාප වැනි වචනයෙන් සිදු වෙන අකුසල් දුරු කිරීමෙන්

සෘජු වේ. මෙබඳු අකුසල් කරන්නේ මේ දෙතිස් කුණපයකින් සෑදුණා වූ ශරීරයන් පැවැත්වීමට සහ පිණිවීමට බව සිතා එහි ඇති නිසරු බව අවබෝධ කරගන්න. ඒ සඳහා සිල් පද සමාදන් වන්න. එවිට සෘජු භාවය ඇති වේ.

සූජු ච - මැනවින් සෘජු වන්නේය. සිල් පද කැඩී ඇති නම් නැවත සම්පප්ර ලාප ආදිය නොකරමියි අධිෂ්ඨාන කරගන්න. එවිට මැනවින් සෘජු වේ.

සුවචෝචස්ස - කීකරු වන්නේය. සුවච වීමට ද්වේෂයට සම්බන්ධ මක්ඛ, ඉරිසියා, පළාස, මච්ඡරිය යන කෙලෙස් පහ කරන්න.

මක්ඛය යනු අනුන්ගේ සහ තමන්ගේ ගුණය මැකීමයි. අප ඕනෑ තරම් අපට උපකාර කළ අයගේ, ගුණවතුන්ගේ ගුණ මැකූ අවස්ථා ඇත. එබඳු අවස්ථාවක් සිහි කර මක්ඛය පහ කරන්න. ක්රෝඑධය නිසා මක්ඛය ඇති වේ. එය පහ කරන්න. ශීලය සමාධිය ආදී ගුණධර්ම නැති කරගෙන දුසිල් වීම තමන්ගේ ගුණය මකාගැනීමකි. මක්ඛය නිසා ඉරිසියාව අධික වන බැවින් ඉරිසියාවේ සමුදය මක්ඛය යි. අන් අය තමාට නැති මිළ මුදල්, යාන වාහන, උසස් රැකියාවන්, දේපල ආදිය නිසා නිත්යර සැපයක් විඳී යයි ඉරිසියා සහගත සිතුවිලි ඇති වන අවස්ථා ඕනෑ තරම් ඇත. එබඳු අවස්ථාවක් මෙනෙහි කර ඉරිසියාව පහ කරන්න. පළාසය යනු ලාභ ප්රතයෝජන සළකා එක් දෙයකින් තව දෙයක් වෙන් කිරීමයි. යාලුවන් දෙදෙනෙකු ඇති විට එක් අයෙකුගෙන් වැඩි ලාභ ප්රායෝජන ඇති නිසා අනෙකා කේලාම් කියා වෙන් කරයි. එසේ කිරීමට හෝ සිතයි. අනික් පුද්ගලයා නැති වෙනවා නම් කියා හෝ සිතයි. එය පළාසයකි. එබඳු අවස්ථාවක් මෙනෙහි කර පළාසය පහ කරන්න. පළාසය නිසා මච්ඡරිය අධික වේ. කුළ මච්ඡරිය නිසා සිංහල දෙමළ ආදී කුළයන් අල්ලාගෙන වෙනත් ජාතීන්ට ගරහයි. ලාභ මච්ඡරිය නිසා හොර කිරුම් මැණුම් භාවිතා කරයි, වංචා කර භාණ්ඩ වල මිළ අඩුකරගැනීමට සිතයි. ආවාස මච්ඡරිය නිසා කය පැවැත්වීමට අදත්තාදානය, පාණාතිපාතය කරයි. ධම්ම මච්ඡරිය නිසා බොරු බණ කියයි. වර්ණ මච්ඡරිය නිසා තමා විභාග ආදියෙන් අසමත්ව ඒ බව සැගවීමට බොරු කියයි. මෙබඳු අවස්ථා සිහි කර මච්ඡරිය පහ කරන්න.

මෘදු, අනතිමානී - මෘදු වන්නේය. නිහතමානී වන්නේය. ගේදොර ඉඩකඩම්, යාන වාහන, තනතුරු, උගත්කම්, බාහිර පුද්ගලයන් ආදිය මමය මගේයයි ගැනීම නිසා (චේතනා කිරීමෙන්) මෘදු බව නැති වේ. අහංකාරය මානය ඇති වේ. එනම්, ප්රිගල්භ ගති ඇති වේ. දිට්ඨි ආශ්රණව ආදී ආශ්ර වයන් වැඩි වේ. තමා මරණයට පත් වන විට සියල්ල අතහැර යාමට සිදු වෙන බව සිතන්න. තමා දැන් මරණයට පත් වී ඇතැයි සිතා කය ඇතුළු බාහිර සියල්ල සිතින් අතහරින්න. තමාගේ මළ සිරුර ඉදිමී කුණු වී ඕජස් ගළමින් වැගිරෙමින් පොළවට පස් වී යන ආකාරය මෙනෙහි කරන්න. මේ කය මෙසේ අනිත්යා නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මමය මගේය කියා ගැනීමට කිසිවක් නැති බව අවබෝධ කරගන්න. තමා කාන්තාවක්ය පුරුෂයෙක්ය ආදී වශයෙන් ඇතිකරගෙන සිටින අහංකාරය ද දුරු කරගන්න. සන්තුස්සකෝච, සුභරෝච, අප්පකිච්චෝච, සල්ලහුකවුත්තී - ඉහත ගුණධර්මයන් ඇතිකරගත් විට සතුටින් වාසය කළ හැකි වීම, ලද දෙයින් යැපිය හැකි වීම, අල්ප වූ කෘත්ය ඇති වීම සහ සන්සුන් වූ පැවතුම් ඇති වෙන ආකාරය මෙනෙහි කරන්න.

සන්තින්ද්‍රියෝ ච - ඉන්ද්රිහය සංවර කරගන්නේය. මෘදු අනතිමානී වීම නිසා දිට්ඨි ආදී ආශ්රඇව අඩු වීමෙන් මේ රූපය බලන්න, මේ ශබ්දය අහන්න, මේ රසය විඳින්න ආදී වශයෙන් කාමයන්ට තල්ලු කරණ ගතිය නැති වීම නිසා කාමාශ්රාවය අඩු වීමෙන් ඉන්ද්රි යයන් සංවර කරගැනීමට පහසු වෙන බව දකින්න.

නිපකෝ ච - ප්ර ඥාවන්ත වන්නේය. ඉන්ද්රිවය සංවරව සිටින විට කෙලෙස් දැවිලි ඇති නොවන බැවින් කිසිවක් මමය මගේයයි උපාදාන නොකර ඉන්ද්රිිය සංවර කරගෙන වාසය කිරීම හොඳ යයි නිපක භාවය ඇති කරගන්න.

අප්පගබ්බෝ - ප්රපගල්භ භාවය දුරු කරන්නේය. අත සළ සළා කථා කිරීම වැනි කායික ප්රකගල්භයන්, අන් අයට කථා කිරීමට ඉඩ නොදී තමාම කථා කිරීම වැනි වාචසික ප්රොගල්භයන්, උසස් යයි සම්මත අය හා තමා සමාන කිරීම වැනි මානසික ප්රලගල්භයන් දුරු කරන්න. සියලු සංස්කාර සකස් කළ බැවින් අනිත්ය් යයි සළකා ධ්යාුන සංස්කාරයක් වැනි කුසලයක් නිසා වත් මානයක් ඇති කර නොගන්න.

කුලේසු අනනුගිද්ධෝ - සියලු කුලයන් පහ කරන්න. සිංහල දෙමල බෞද්ධ අබෞද්ධ නෑ නොනෑ ආදී සියලු කුළ හදාගන්නේ වේදනාවට තණ්හාවෙන්ය. සියලු සත්වයෝ සිටින්නේ දුකේ යයි අවබෝධ කරගෙන සියලු කුළ පහ කරන්න.

බුදු පසේබුදු මහරහත් ආදී නුවනැති කිසිවෙක් නින්දා කරන සුළු වූ සුළු හෝ වරදක් නොකිරීමට අධිෂ්ඨාන කරගන්න. සියලු සත්වයින් දරුවන් සේ සලකා කුඩා සතුන්ට හානි වන නිසා පොළොව හෑරීම වැනි සංස්කාරයක් වත් නොකිරීමට අධිෂ්ඨාන කරගන්න. ක්රෝකධය නිසා හෝ ව්‍යාපාදය නිසා හෝ කිසිවෙකුටත් හානියක් නොකරමියි සිතන්න.

ඉහත කාරණා විනාඩි කිහිපයක් හෝ මෙනෙහි කර මෙත්තාව පතුරුවන්න. තමාට නොව බාහිරව, සත්ව කොට්ඨාශ වශයෙන් දිශා වශයෙන් මෙත්තාව පතුරුවන්න.

උතුරු දිශාවේ සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! දකුණු දිශාවේ සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! නැගෙනහිර දකුණු දිශාවේ සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! බටහිර දිශාවේ සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! උඩ දිශාවේ සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! යට දිශාවේ සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා ! තරහ නොගැනීම, දස කුසලය, මගේයයි ගැනීම පහ කිරීම නිසා ඇති වූ සම්මා දිට්ඨිය ආදී සීලයට ඇතුලත් කරගන්න.

කාමයන්හි ගිජු බව නසා අසූචි මළ මුත්රාස පිරුණු මවු කුසකට නැවත නොපැමිණෙන්නට අධිෂ්ඨාන කරගන්න.

"https://si.wikipedia.org/w/index.php?title=භාවනා&oldid=395867" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි