බුදුදහම-අනිත්‍ය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අනිත්‍ය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

නිර්මල බුදුදහමට අනුව ත්රිලක්‍ෂණ යෙහි දැක්වෙන්නේ අනිත්‍ය' ලක්ෂණයක් නොව අනිච්ඡ' ලක්ෂණයකි. අනිච්ඡ යන්නෙහි නිවැරදි අර්ථය වන්නේ තමා කැමති පරිදිම පවතින්නේ නැත යන අර්ථයයි = යමක් තමා කැමති පරිදිම පැවැත්විය නොහැකිනම් එය දුකක් මිස සැපක් නොවන්නේමය = යමක් දුක නම් එය මගේය මාහට අයත්ය කියා අල්වා ගැනීම හො දැඩිව අප්ක්ෂා කිරීම නිෂ්ඵල අර්ථ සුන්ය ක්‍රියාවක්ම වන්නේය - ජයසිරි -[සංස්කරණය]

.



=== අනිත්‍ය ශීර්ෂය යටතේ .මෙහි පහත පලවන අදහස් හා ප්‍රකාශන නිර්මල බුදුදහමට හෝ මාතෘකාවට කිසිසේත් අදාළ නොවන හා කියවන්නා තුල නිවැරදි අවබෝදය ඇතිකරවනවා වෙනුවට අතරමන් කරන ඒවාය. මේ සිල්ල බැහැර කරනවා නම් නිර්මල බුදුදහමේ නාමයෙන් එය විකිපීඩියාව පරිශීලනය කරන අහිංසක පාටකයාට කරන ඉමහත් සේවයක් ලෙස මම දකිමි === ජයසිරි


පුරාණ ඉන්දියාවේ ශ‍්‍රමණ සම්ප‍්‍රදායන්හි (මින් මහාවීර හා ගෞතම බුද්ධ සුවිශේෂී වෙයි) අරහත් නමින් හඳුන්වන සියලූ ලෞකික බැඳීම් වලින් මිදුනු නිර්වාණය සාක්‍ෂාත් කරගත් ආධ්‍යාත්මික ජීවිතයේ උපරිම ආස්ථානය කරා ළඟාවූ තැනැත්තකු වෙයි. එම තැනැත්තා ජීව විද්‍යාත්මකව මිය යාමෙන් අනතුරුව නැවත උත්පත්තියක් නොලබයි.

සම්භවය ලියු සොංග්නියන්, 12 වන සියවස අවසන් කාළය සහ 13 වන සියවස මුල් කාළයේ, සොංග් රාවංශික

බුදුන් පාලි ති‍්‍රපිටකයේ දක්වා ඇති ආකාරයට අරහත් යන වචනයේ සාහිත්‍යාත්මක අර්ථය වන්නේ ගරුකළයුතු තැනැත්තා යන්න සහ උසස් මනුෂ්‍යයකුට ළගාවිය හැකි ඉහල ස්ථානය කරා ළඟාවූ තැනැත්තා (අරිය පුද්ගල) යන්නය. මෙම යෙදුම බුදුන්ට මෙන්ම ඔහුගේ නිර්වාණාවබෝධය ලත් අනුගාමිකයන් සඳහාද විශේෂණයක් ලෙසින් යොදා ගැනුනි. ඉතාම සුලභව යොදාගනු ලබන බෞද්ධ පාඨය වන ‘නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස’ යන්නෙහිද එය යෙදෙන්නේ අරහත් තත්වයට පත් බුදුන් වහන්සේට නමස්කාර කරමි යන අර්ථයෙනි.

ඵෙරවාද බුදුදහම

ඵෙරවාද බුදුදහම තුල බුදුහු ප‍්‍රථමයෙන්ම තමන්ව අරහත් යන නමින් හඳුන්වාගත් අතර එයින් අදහස් කරනු ලැබූයේ සියලූ කෙලෙසුන්ගෙන් මිදුනු තණ්හාව, වෛරය සහ මෝහයෙන් නිදහස් වූ මෝහාන්ධකාරය සහ තෘෂ්ණාව දුරුකළ අනාගත උත්පත්තියට හේතුකාරක වන්නාවූ කිසිවකින් තොර සබෑව ඒ ලෙසින්ම දැකිය හැකි තැනැත්තා යන අර්ථයෙනි. එනම් මෙම ගුණාංගය කියාපාන්නේ පූර්ණ පාරිශුද්ධත්වය සැබෑ වටිනාකම සහ නිර්වාණය ළගාකර ගැනීමයි.

පාලි සාහිත්‍යයේ ආනන්ද හිමියන් කියා සිටින්නේ ආකාර හතරකින් ඕනෑම එක් මාර්ගයක් අනුගමනය කළහැකි බවයි.

  • සංවරය පෙරටුව ගමන්කරන විදර්ශනාවක් ඇතිකරගැනීම (සමථා පුබ්බංගමා විපස්සනා)
  • විදර්ශනාව පෙරටුව ගමන්කරන සංවරයක් ඇතිකරගැනීම (විපස්සනා පුබුබංගමා සමථා)
  • සංවරය හා විදර්ශනාව අනුපිලිවෙලින් ඇතිකරගැනීම (සමථා විපස්සනා යුගන්ධා)
  • කෙනෙකුගේ මනස ධර්මයෙන් උද්දීපනයව එහි ප‍්‍රතිඵලයක් ලෙස බාධකයන් අත්හැර දමමින් සංවරභාවය ඇතිකරගැනීම (ධම්මා උද්දකා විගාහිතා මනසා හෝති)

ඵෙරවාද බුදුදහමේදී අරහත් තත්වයට පත්වූවන් බුදුන්ට සමාන ඵලයක් සාක්‍ෂාත් කරගත් අය වූවද ඔවුන්ගේ කි‍්‍රයාකාරීත්වය අනුව ඔවුන් හා බුදුන් අතර යම් වෙනසක් පවතී.

මහායාන බුදුදහම

මහායාන බෞද්ධයෝ යමෙකුගේ අධ්‍යාත්මික අපේක්‍ෂාවන්හි අවසාන අරමුණ ලෙස බුදුන් සැලකිය යුතු බව විශ්වාස කරති. අරහත් බුදුන්ගේ නිර්වාණාබෝධය ලත් අනුගාමිකයකු වුවද බෝධිසත්වයන්ට ඊට වඩා වැදගත් ස්ථානයක් හිමිවේ. ඵෙරවාද බුදුදහමට වඩා වෙනස් මහායාන බුදුදහම තුල බෝධිසත්ව යන්නට වෙනස් අර්ථයක් අඩංගු වේ. පාලි සාහිත්‍යය තුල සිය ආධ්‍යාත්මික සංවර්ධනය පිලිබඳව තථාගතයන් වහන්සේ සඳහන් කරන අවස්ථාවන්හිදී ‘මා සත්‍යාවබෝධය නොලත් බෝධිසත්වයකු ලෙස සිටින කල්හි’ යනුවෙන් සඳහන් වේ. එනම් මෙහිදී බෝධිසත්ව යන්නේ අදහස් වන්නේ නිර්වාණාවබෝධය නොලත් ඒ වෙනුවෙන් පරිශ‍්‍රම දරන අයෙකි. මහායාන බුදුදහම තුල බෝධිසත්ව යනුවෙන් හැඳින්වෙන්නේ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් සිය අභිමතාර්ථය කැපකර සියලූම පෘතග්ජනයින් සත්‍යාවබෝධය ලබනතුරු සිය නිර්වාණ මාර්ගය අතහැර සිටින තැනැත්තෙකි. එවැනි තැනැත්තකු නිර්වාණාවබෝධයේ මූල අවස්ථාවක් ලෙස නම් කරනු ලබන බෝධිචිත්ත නම් තත්වයකට පත්වූ අයකු ලෙස සැලකේ.


විවිධ රහතුන්ගේ ඉරියව් දැක්වෙන ප‍්‍රතිමා සහිත මිදුලක් (කැලිෆෝනියාව)

ජෛන ආගම

ජෛන ආගමේ ‘අරහත්’ හෝ ‘අරහන්ත්’ යන්න ජින යන්නට සමාන වචනයක් ලෙස සැලකෙන අතර ඔහු සියලූ අගති කර්මයන් නැතිකරදැමූ ජීවතුන් අතර සිටින තැනැත්තෙකි. විශේෂිත කර්මයක් දරා සිටීම හේතුකොටගෙන ජෛන ආගමික ගුරුවරයකු වීමේ අවස්ථාව ලබන්නන් සැලකෙන තීර්ථංකර යන තත්වයට මෙය සමාන නොවේ. ජෛන නවාකර් මන්ත‍්‍රය ආරම්භවන්නේ ‘නමෝ අර්හත් නාම්’ යනුවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=බුදුදහම-අනිත්‍ය&oldid=365006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි