Jump to content

දීඝවාපී

විකිපීඩියා වෙතින්
දීඝවාපි විහාරය
Deegawapi
මූලික තොරතුරු
පිහිටීමදීඝවාපිය, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (18 අප්‍රේල් 1948)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

ශ්‍රී ලංකාවේ දිගාමඬුල්ල (අම්පාර) දිස්ත්‍රික්කයේ පිහිටි, වංශකතාවන්හී දිඝන්ඛ් හෙවත් දිඝානක ලෙසින් හදුන්වා ඇති දීඝවාපිය පුදබිම ක්‍රි.පූ. 3 වැනි සියවස දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ. පාලි සහ සංස්කෘත වදන් වදනින් දීඝ යනු ‘දිග’ සහ වාපි යනු ‘ජලාශ’ය යන්න වේ.

ඉතිහාසය

[සංස්කරණය]

දීඝවාපිය සම්බන්ධ ඉතිහාසමය තොරතුරු 5 වැනි සියවසේ ලියන ලද පුරාණ වංශ කථාවක් වු මහාවංශයේද ඊට කළින් ලියන ලද ථුපවංශයේද, පරම්පරා ගත කථා සහ අනෙකුත් ඓතිහාසික විස්තරයන්හී දැකගත හැකිවේ. මහාවංශයට අනූව දීඝවාපිය වෙත බුදුන් වහන්සේ වැඩි බවත් උන්වහන්සේ භාවනානුයෝගීව වැඩ සිටි ස්ථානයේ පසුකාලීනව චෛත්‍යක් ඉදිවූ බවත් සදහන් වේ.[2] මීට අමතරව දීපවංශය සහ තවත් වැදගත් පාලි ලේඛණයක් වු සමන්ත පාසාදිකාවේද දීඝවාපිය ගැන සදහන් කෙරුනු අවස්ථා පවතී. මෙම වංශ කථා වල සදහන් වන්නේ එම ප්‍රදේශයේ මුල් පදිංචි කරුවන් ‘යක්ෂ’ නමින් හැදින්වුණු බවයි.

දුටුගැමුණුගේ පියා වු කාවන්තිස්සගේ රාජ්‍ය සමයේදී මෙම ප්‍රදේශය රුහුණු රාජධානියේ කොටසක්ව තිබුණු බවට ‍ඓතිහාසික ශිලා ලේඛණ ගත කරුණු තිබේ. ක්‍රි.පු. 3 වැනි සියවසේදී මෙම ප්‍රදේහය දිගාමඩුල්ල දිස්ත්‍රික්කය හෝ දිගාමඩුල්ල ලෙස හැදින්විණි. දුටුගැමුණුගේ සහෝදරයා වු තිස්ස ඔහුගේ නියෝගය මත මෙම ප්‍රදේශය පාලනය කර ඇත. තිස්ස නැවතත් තම සහෝදරයා (ගැමුණු සමග මිතුරු වු පසු දිගාමඩුල්ල දිස්ත්‍රික්කය හා දීඝවාපිය බලාගැනීමට ආපසු ය‍වන ලදී. පිහිටි රට (දළ වශයෙන් දැනට උතුරු පළාත) ජයග්‍රහණය කිරීමෙන් පසු තිස්ස නැවත වරක් දීඝවාපියේ පාලකයා විය. මහාවංශයට අනුව දීඝවාපි දාගැබ කරවා ඇත්තේ සද්ධාතිස්ස රජු විසින් වේ.[3]

දීඝවාපියෙහි වැදගත්කම ඒ ප්‍රදේශයට බුදුන් වැඩීම හා සම්බන්ධ පුරාවෘතවලින් ද පාලි සාහිත්‍යයේ මෙන්ම වංශකථාවලින් හෙලිවන සුළු කරුණුවලින් ද පැහැදිලි වේ. ප්‍රදේශයේ දේශපාලනික ඉතිහාසය පිලිබද වැදගත් කාර්ය භාර්යයක් ද දීඝවාපියෙන් කර ඇත. මෑත කාලයේ සිංහල රජවරු එම ප්‍රදේශයේ මුස්ලිම්වරු සහ බර්ගර්වරු පදිංචි කරවා ඇත.

මධ්‍යකාලීන - ලන්දේසි හා මුස්ලිම් පදිංචිකරුවන්

[සංස්කරණය]

දීඝවාපී විහාරය සහ චෛත්‍යයට දිගින් දිගමට රාජ්‍ය අනුග්‍රහය ලැබුණි. එමෙන්ම මුලින්ම ඉතාම දුෂ්කර කාලයන් තුල පවා නොකඩවා වන්දනා කරුවන් පැමිණියහ. 1638 දී 11 රාජසිංහ රජු දීඝවාපිය අවට සිට වෙරළ දක්වා ප්‍රදේශය ලන්දේසිට පවරා දුන්නේය. මෙසේ කරන ලද්දේ එවකට පෘතුගිසීන් විසින් අල්ලා ගෙන සිටි වෙරළ බඩ බිම් තිරු වලින් ඔවුන් ඉවත් කිරීමේ අරමුණේහි ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළද සමාගම කුරුදු සහ වෙනත් වාණිජ නිෂ්පාදන වල වෙළද අයිතියද ලබාගනී. ක්‍රි.ව. 1640 වන විට ලන්දේසිහු ත්‍රිකුණාමලය සහ මඩකලපුව පෘතුගිසීන්ගෙන් අත්පත් කර ගත්හ. පෘතුගිසින් සමග කළ යුද්ධය සදහා වන්දි ඉල්ලමින් එම මුහුදුබඩ ප්‍රදේශ සිංහල පාලනයට පවරා දීම ලන්දේසීන් ඉටු නොකළහ. එම ප්‍රදේශයේ ලන්දේසි පදිංචි කරුවන්ගෙන් පැවත එන්නක් අදත් එහි වාසය කරති.

එම ප්‍රදේශයට තවත් මහජන ආගමනයක් සිදු වුයේ ක්‍රි.ව. 1736 දීය. මඩකලපුවේ දැනට සිටින මුස්ලිම් වරුන් පවත එන්නේ 1726 දී සෙනරත් රජු විසින් අම්පාර දිස්ත්‍රික්කයේ (දීඝවාපිය අවට ප්‍රදේශයේ පදිංචි කරවනු ලැබු මුස්ලිම් අනාථයින්ගෙනි. ඔවුන් නිරිත දිග පෙදෙසෙහි එම ප්‍රදේශයට පලවා හරින ලද්දේ පෘතුගිසීන් විසිනි.

වර්තමාන යුගය

[සංස්කරණය]

අද දීඝවාපිය ප්‍රධාන වශයෙන් මුස්ලිම් බලය ඇති ප්‍රදේශයක් බවට පත්වී ඇත. මුස්ලිම්වරු දෙමළ භාෂාව කථාකරන පිරිසක් නිවසේදී ඔවුන් සිංහල භාෂාවද හොදින් හසුරුවති. ප්‍රධාන වශයෙන් 20 වන සියවසේ දී හින්දු - දෙමළ ජනතාවගේ වර්ධනය වී ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ වැඩි කාටසක ආණ්ඩුව හා එල්.ටී.ටී.ය අතර ඇදී යන යුද්ධයක් පවතී. එල්.ටී.ටී.ය කියන්නේ ඔවුනගේ මාතෘ භූමියේ කොටසක් බවත් 2007 සිට මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ය ගෙන් මුදා ගෙන ඇත. කෙසේ වෙතත් දීඝවාපිය අදද තර්ජනයට පාත්‍ර වී ඇති ප්‍රදේශයක් බොහෝ දෙනා බලයෙන් ඉඩම් අයිති කරගෙන එම ප්‍රදේශයේ පදිංචි වී සිටිති. ඔවුහු එහි ඉතිහාසය ගැන තැකීමක් නෙකෙරති. සංචාරක ව්‍යාපාරය උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට ඇති ඉඩකඩ මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැත. ප්‍රයෝජනයට ගත්තද එසේ කළ යුත්තේ ඓතිහාසික වටිනාකම විනාශ නොකරමිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනට විද්‍යාත්මක වටිනාකම් ඇති ප්‍රදේශ 35 ක් දීඝවාපියෙන් හදුනාගෙන ඇත. පුරාවිද්‍යා වටිනාකම් වලින් යුත් ප්‍රදේශ අඩු ගණයේ වර්ග කිලෝමීටර් 42 කි.

නටඹුන්

[සංස්කරණය]

මෙම ස්ථානයේ තිබෙන විශේෂම ඉදිකිරිම වන දාගැබ සිමාවේ සිට සැතපුම් 1\2 පමණ දුරකට නටබුන් විසිරි තිබෙන බවට හදුනාගැනීමට හැකිවේ. ස්ථුපය රුහුණු රාජදානිය ආශ්‍රිතව පවතී විශාල පරිමාණයේ දාගැබක් ලෙස සලකනු ලැබේ. එසේම මෙම ස්ථානය ආශිතව කරන ලද කැණීම වලින් ස්ථුපය ප්‍රකාර බැමි 2 යුක්තව කරන ලද බවට තහවුරු කොට තිබේ. වාහල්කඩ නිර්මාණයද මෙම ස්ථුපය ආශ්‍රිතව හදුනා ගත හැකිය. දාගැබ් භූමියෙන් හමුවී ඇති කුඩා ධාතු කරඩු වලට අනුව මෙම දාගැබද, මුල් කාලයේ ඡත්‍රාවලිය සහිතව නිර්මාණය වුවක් වුවත් ක්‍රි.ව.8-9 සියවස් වන විට කොත්කැරැල්ල සහිතව එය නැවත ප්‍රතිසංස්කරණය වී ඇතිබව පැහැදිලි වේ.

ස්ථුපය අවට භුමියේ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක සාක්ෂි පෙන්නුම් කරන පාදම් කොටස්, ගල්කණු සහිත ස්ථාන දක්නට ලැබේ. ඒ අතර පිළිම ගෙවල් පිළිබද සාක්ෂි, අවට කුටි සම්බන්ද සාක්ෂි ප්‍රධාන වේ. බෝධිඝරයක් පිළිබද නටබුන් ද හදුනා ගත හැකිය. දාගැබ් පරිශ්‍රයට නැගෙනහිර දෙසින් ඉපැරණි රෝහලක් පවතී බවටද සාක්ෂි පවතී. එහි වූ බෙහෙත් ඔරුවක සාධක වර්තමානයේදීද දැක ගත හැකි වේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 29 මාර්තු 2016.
  2. ^ (මහාවංශය පරි 78)
  3. ^ මහාවංශයමහා වංශය - 18 කොටස ( පරිඡ්ඡේද 23 24 ) සංරක්ෂණය කළ පිටපත 2016-04-04 at the Wayback Machine. මහාවංශයේ 17 වෙනි පිටුව බලන්න.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දීඝවාපී&oldid=592287" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි