එලිෆන්ටා ලෙන්

විකිපීඩියා වෙතින්
එලිෆන්ටා ලෙන්
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
6 මීටර (20 ft) උසැති ත්‍රිමූර්තිය
පිහිටුමඑලිෆන්ටා දූපත, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
නිර්ණායකයසංස්කෘතික: i, iii
මූලාශ්‍ර244
අභිලේඛනය1987 (11 වන සැසිය)
ඛණ්ඩාංකlandmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E / 18.96353606039862; 72.93137752883608ඛණ්ඩාංක: landmark_region:IN 18°57′49″N 72°55′53″E / 18.96353606039862°N 72.93137752883608°E / 18.96353606039862; 72.93137752883608
එලිෆන්ටා ලෙන් is located in ඉන්දියාව
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන්වල පිහිටීම
එලිෆන්ටා ලෙන් is located in මහාරාෂ්ට්‍ර
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් (මහාරාෂ්ට්‍ර)
එලිෆන්ටා ලෙන් is located in මුම්බායි
එලිෆන්ටා ලෙන්
එලිෆන්ටා ලෙන් (මුම්බායි)

එලිෆන්ටා ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන් ශිව දෙවියන් උදෙසා කැපකළ ලෙන් දේවාල සමූහයක් වන අතර එය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ද වේ.[1][2][3] මේවා පිහිටියේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි සිට 10 කිලෝමීටර (6.2 mi) පමණ නැගෙනහිරින් මුම්බායි වරාය අසල පිහිටි එලිෆන්ටා දූපත හෙවත් ඝරපූරි (අර්ථය "ගිරි නගරය") හි ය. ජවහර්ලාල් නේරු වරායට 2 කිලෝමීටර (1.2 mi) පමණ බටහිරින් පිහිටි මෙම දූපතේ හින්දු ලෙන් පහක් සහ ක්‍රි.පූ. 2වන සියවසට පමණ අයත් බෞද්ධ ස්තූප නටබුන් ගොඩැලි කිහිපයක්[4][2][5] මෙන්ම දිය පොකුණු සහිත කුඩා බෞද්ධ ලෙන් ද්විත්වයක් ද පිහිටා ඇත.[6][7]

එලිෆන්ටා ලෙන්වල ඇති ශෛලකර්ම ගෘහනිර්මාණ සහ ප්‍රතිමා අංගවලින් හින්දු සහ බෞද්ධ සංකල්ප හා ප්‍රතිමා කලාවේ සම්මිශ්‍රණයක් පෙන්වයි.[5][8][9] මෙම ලෙන් සාරා ඇත්තේ ඝන බැසෝල්ට් පාෂාණයෙහි ය. කිහිපයක් හැරුණුවිට මෙහි බොහෝ කලා නිර්මාණ විනාශ වී ඇත.[10] ප්‍රධාන දෙවොලෙහි දිශානතිය සහ අනෙක් දේවාලවල සාපේක්ෂ පිහිටීම මණ්ඩල රටාවක් පෙන්වයි.[2] මෙහි වූ කැටයම් මඟින් හින්දු පුරාණෝක්ති කථාවන් නිරූපණය වන අතර, එහි වූ විශාල ඒකශිලාමය 20 අඩි (6.1 m) ත්‍රිමූර්ති සදාශිව, නටරාජ සහ යෝගීශ්වර කැටයම් ඉතා ප්‍රසිද්ධ ය.[2][11][12]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; historic_places නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 2.2 2.3 Elephanta Island, Encyclopedia Britannica
  3. Carmel Berkson; Wendy Doniger; George Michell (1999). Elephanta: The Cave of Śiva. Princeton University Press (Motilal Banarsidass, Reprint). pp. 3–5. ISBN 978-81-208-1284-0.
  4. "There are remains of a brick built Buddhist stupa nearby which may belong to circa second century BC. Around it are seven smaller stupas, which may be votive. " in Dhavalikar, M. K. (Madhukar Keshav) (2007). Elephanta. Archaeological Survey of India. p. 75.
  5. 5.0 5.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; geo නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. Brockman, Norbert (2011). Encyclopedia of Sacred Places (ඉංග්‍රීසි බසින්). ABC-CLIO. p. 153. ISBN 9781598846546.
  7. Brunn, Stanley D. (2015). The Changing World Religion Map: Sacred Places, Identities, Practices and Politics (ඉංග්‍රීසි බසින්). Springer. p. 514. ISBN 9789401793766.
  8. "Elephanta Caves" (PDF). Unesco. සම්ප්‍රවේශය 10 February 2010.
  9. "Elephanta Caves". Works Heritage: Unesco.org. සම්ප්‍රවේශය 10 February 2010.
  10. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kramrisch1988p443 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  11. Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase. pp. 148–149. ISBN 978-0-8160-7564-5.
  12. Stella Kramrisch (1988). The Presence of Siva. Motilal Banarsidass. pp. 443–459. ISBN 978-81-208-0491-3.

බාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:Caves around Mumbai සැකිල්ල:Hindu inscriptions and arts

"https://si.wikipedia.org/w/index.php?title=එලිෆන්ටා_ලෙන්&oldid=602703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි