සාරු මාරු
සාරු මාරු | |
![]() සාරු මාරු හි මහා ස්තූපය | |
ඛණ්ඩාංක | 22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°Eඛණ්ඩාංක: 22°43′48″N 77°31′12″E / 22.729949°N 77.519910°E |
---|---|
මාදිලිය | බෞද්ධ ජනාවාසය, ස්තූප සහ ලෙන් |
මෙහි යටත් පෙදෙසකි | පන්ගෝරාරියා |
සාරු මාරු යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන විහාර සංකීර්ණයකින් සහ බෞද්ධ ලෙන් සමූහයකින් යුත් පුරාවිද්‍යා අඩවියකි. මෙය පිහිටියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සෙහොරේ දිස්ත්‍රික්කයේ බුධානි ටෙහ්සිල් හි පංගෝරාරියා ගම්මානය අසල ය.[1][2] මෙම ස්ථානය සාංචියට 120 km පමණ දකුණින් පිහිටියේ ය.
විස්තරය
[සංස්කරණය]මෙම ස්ථානයෙහි ස්තූප ගණනාවක් මෙන්ම භික්ෂූන්ගේ වාසයට භාවිතා කළ ස්වාභාවික ලෙන් ගණනාවක් ද දක්නට ලැබේ. ලෙන්වල ස්වස්තිකය, ත්‍රිරත්න, කලස යනාදී බෞද්ධ සංකේත දක්නට ලැබේ. ප්‍රධාන ලෙනෙහි අශෝක රජුගේ අභිලේඛන ද්විත්වයක් වේ: ඉන් එකක් අශෝකගේ ආඥාවක් වන සුළු ශිලා ආඥා අංක 1හිම ප්‍රභේදනයකි. අනෙක් අභිලේඛනයෙන් කියැවෙන්නේ පියදසි (අශෝක රජුගේ විරුද නාමයකි) මහාරාහකුමාර (කුමරුගේ) චාරිකාවක් පිළිබඳවයි.[1][2]
අනුස්මරණ අභිලේඛනය පියදසි නාම/ රාජකුමාල ව/ සංවාසමනෙ/ ඉමං දේසං පපුනිථ/ විහාර(ය)තාය්(ඒ)
"(රාජාභිෂේකයෙන් පසුව) "පියදසි" නම් (වූ) රජ (වරෙක) සිය අවිවාහක බිසව සමඟ සිටි (පාලක) කුමාර අවධියේ විනෝද චාරිකාවක් සඳහා මෙම ස්ථානයට පැමිණියේ ය."
එම අභිලේඛනයට අනුව අශෝක නෙම බෞද්ධ විහාර සංකීර්ණය බැහැදැක ඇත්තේ කුමාර සමයේ මධ්‍ය ප්‍රදේශයේ පාලකයාව සිටි කාලයේ ය. එකල ඔහුගේ නිවහන වූයේ වීදිශාවයි.[1] බෞද්ධ සම්ප්‍රදායයෙහි අශෝකගේ භාර්යාව වීදිශාදේවී ලෙස හඳුන්වනු ලබයි.
-
සාරු මාරු කඳුගැටයේ කුඩා ස්තූප.
-
සාරු මාරු ලෙනක ඇති අශෝක අභිලේඛනයක්. මෙය සුළු ශිලා ආඥා අංක 1 හි කොටසකි.[5]
-
සුළු ආඥාවන් දිස්වන ආකාරය
සම්පූර්ණ අනුස්මරණ අභිලේඛනය
[සංස්කරණය]පරිවර්තනය (සිංහල) |
ප්‍රතිලේඛනය | ප්‍රතිලේඛනය (බ්‍රාහ්මී අක්ෂර) |
අභිලේඛනය (ප්‍රාකෘත බසින් බ්‍රාහ්මී අක්ෂරවලින්) |
---|---|---|---|
|
|
|
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c Gupta, The Origins of Indian Art, p.196
- ^ a b Archaeological Survey of India
- ^ Allen, Charles (2012). Ashoka: The Search for India's Lost Emperor (ඉංග්‍රීසි බසින්). Little, Brown Book Group. pp. 154–155. ISBN 978-1-4087-0388-5.
- ^ Falk, Harry. The Preamble at Panguraria (ඉංග්‍රීසි බසින්). p. 119.
- ^ Sircar, D. C. (1979). Asokan studies. Plate XVI.
- ^ Allen, Charles (2012). Ashoka: The Search for India's Lost Emperor (ඉංග්‍රීසි බසින්). Little, Brown Book Group. pp. 154–155. ISBN 9781408703885.
බාහිර සබැඳි
[සංස්කරණය]