බ්‍රහ්මන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

පර බ්‍රහ්මන් (IAST: Para Brahman; / සංස්කෘත දී: परब्रह्मन्) යනු සියලු වර්ණනයන්, සංකල්පීකරණයන් පරයන විශ්වයේ පරම තත්වයයි.[1][2][3] එය විශ්වයේ නිර්මාණයට පැවැත්මට සහ විනාශය මුඛ්‍ය වන අන්ත කාරණාවයි. එය විශ්වයේ සියලු නියමයන් පරයන් විශ්වය දරා සිටින සර්ව උත්තරීතර සර්ව ව්‍යාප්ති මූලයයි.

නිරාකාර බ්‍රහ්මන් ඕම් යන ප්‍රණව අක්ෂරයෙන් දැක්විය හැකිය.

බ්‍රහ්මන් අකාර ත්‍රිත්වයක් ඔස්සේ දැක්විය හැකිය. එනම් සත් (සත්‍ය) - චිත් (විඥානය) - ආනන්ද (ප්‍රමෝදය) ලෙසිණි. එය කිසිදා නොවෙනස් වන නමුත් සියලු වෙනස් වීම් වල මූලය එයයි.[2][4][5] බ්‍රහ්මන් යන්නෙන් අදහස් කරන්නේ පාරභෞතික සංකල්පයක් ලෙස විශ්වයේ පවතින සියලු විවිධත්වයන් පිටුපස ඇති තනි බැඳීමයි.

බ්‍රහ්මන් යනු වෛදික වාක්‍යකි. බ්‍රහ්මන් වේදයේ යතුර ලෙසද දැක්වෙන අතර මුල් කාලීන උපනිෂද් තුළ එය පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.[6] වේදයන් තුළ බ්‍රහ්මන් විශ්වීය මූලධර්මය ලෙස සංකල්පනය කරත් [7] උපනිෂද් තුළ එය පරම සත්‍ය, පරම විඥානය සහ පරම ප්‍රමෝදයට ලෙසත් එසේම ආකාරයක් සහිත සහ වෙනස් නොවන, ස්ථිර, ඉහළම යථාර්ථය ලෙස දක්වා ඇත.

බ්‍රහ්මන් හින්දු ග්‍රන්ථවල ආත්මන් යන සංකල්පය සමඟ සාකච්ඡා කරත් විවිධ ගුරු සම්ප්‍රදායන් සමඟ වෙනස් වේ.[8] ද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන් සෑම ජීවියෙකු තුළම ආත්මයට වඩා වෙනස් ය.[5][9][10] අද්වෛත වේදාන්ත දර්ශනයට අනුව බ්‍රහ්මන් ආත්මයට සමාන ය, බ්‍රහ්මන් සෑම ජීවියෙකු තුළම සහ සෑම තැනකම පැතිර පවතින අතර, පැවැත්මේ සියලු කොටස් එකතු කරන ඒකීයත්වයයි.[11][12]

නිරුක්තිය සහ සබැඳි නියමයන්[සංස්කරණය]

බ්‍රහ්මන් (ब्रह्म) යනු පුරුෂ ස්වරූපයකින් සිටින ත්‍රිමූර්තියේ මැවුම්කරු වන බ්‍රහ්මයා සමඟ වෙන් කොට හඳුනාගත යුතු අලිංගික නාමයකි. (එනම් බ්‍රහ්මන්ට ලිංගයක් නැත.) බ්‍රහ්මන් යනු ලිංග බේදය ඉක්මවන අතිමහත් අපෞරුෂත්වයක් ගම්‍ය වන සංකල්පයකි. බ්‍රහ්මන් උත්තරීතර ආත්මය ලෙස හැඳින්වේ. රාමක්‍රිෂ්න පුලිගන්ද්ල එය හඳුන්වනු ලබන්නේ ලෝකය ඉක්මවා පවතින වෙනස් නොවන යථාර්ථය ලෙසයි.[13]

සංස්කෘත තුළ:

  • බ්‍රහ්ම (ब्रह्म), බ්‍රහ්මන් (ब्रह्मन्) යනු හින්දු ආගමේ උත්තරීතර හා ය අවසාන යථාර්ථය, උත්තරීතර විශ්වීය ආත්මය යන සංකල්පයයි.
  • බ්‍රහ්මා (ब्रह्मा) යනු ප්‍රජාපති බ්‍රහ්මා දෙවියන්ය. ඔහු ත්‍රිමූර්තිය තුළ සිටින නිර්මාණ කාර්යය භාරව සිටින පුරුෂ ස්වරූපයයි. එනමුත් බ්‍රහ්ම දෙවියන් වටා ගෙතුනු වන්දනයක් ඉන්දියාව තුළ නැත, මන්ද නිර්මාණ කාර්‍ය බාරව සිටින බ්‍රහ්මාගේ ආයුෂ දීර්ඝ වුවත් ඔහුද සදාකාලික නොවන බැවිනි. ඔහුද කල්ප අවසානයේ පරම පුරුෂ සමඟ එක් වන අතර නව කල්ප ආරම්භයේදි නැවත ජන්මය ලබයි.
  • බ්‍රාහ්මණ (ब्राह्मण) යනු වෛදික මන්ත්‍ර පිළිබඳ ගද්‍ය විවරණයකි
  • බ්‍රාහ්මණ (ब्राह्मण) යනු පූජකයන් වේ.
  • ඊශ්වර යනු අද්වෛතය අනුව පරම සත්‍ය හෙවත් අවසාන යථාර්ථය වන බ්‍රහ්මන් ගේ අර්ධ ලෞකික ප්‍රකාශනයක් ලෙස හඳුනාගෙන ඇත.

ඉතිහාසය සහ සාහිත්‍යය[සංස්කරණය]

බ්‍රහ්මන් යනු වෛදික සංහිතා තුළ පවතින සංකල්පයකි. බ්‍රහ්මන් සංකල්පය වේදයන්හී සිය ගණනක ගීතිකා වල සඳහන් වේ.

උපනිෂද්[සංස්කරණය]

මුල් කාලීන උපනිෂද් වල මූලික අවධානය යොමු වී ඇත්තේ බ්‍රහ්මන්ගේ සහ ආත්මන් පිළිබඳ දැනුම එනම්, බ්‍රහ්මවිද්‍යාව සහ ආත්මවිද්‍යාව කෙරෙහිය.

උපනිෂද් තුළ බ්‍රහ්මන් සංකල්පය පිළිබඳව මහා වාක්‍යන් කිහිපයක් අඩංගු වේ.

වගන්තිය උපනිෂද් පර්වර්තනය යොමුව
अहं ब्रह्म अस्मि
අහම් බ්‍රහ්මාස්මි
බ්‍රිහදරන්‍යක උපනිෂද් 1.4.10 "මා වෙමි බ්‍රහ්මන්" [14]
अयम् आत्मा ब्रह्म
අයම් ආත්මා බ්‍රහ්ම
බ්‍රිහදරන්‍යක උපනිෂද් 4.4.5 "ආත්මය යනු බ්‍රහ්මන් වේ" [15]
सर्वं खल्विदं ब्रह्म

සර්වම් ඛල්විදම් බ්‍රහ්ම

චන්දෝග්‍ය උපනිෂද් 3.14.1 "මේ සියල්ල බ්‍රහ්මන්ය" [16]
एकमेवाद्वितीयम्
එකම් එවද්විතියම්
චන්දෝග්‍ය උපනිෂද් 6.2.1 "එය (බ්‍රහ්මන්) ද්විත්ව නොවන ඒකීයත්වයයි" [17]
तत्त्वमसि
තත් ත්වම් අසි
චන්දෝග්‍ය උපනිෂද් 6.8.7 et seq. "ඔබ එයයි" ("ඔබ බ්‍රහ්මන් වේ") [18][19]
प्रज्ञानं ब्रह्म

ප්‍රඥාන බ්‍රහ්ම

ඓතරේය උපනිෂද් 3.3.7 "ප්‍රඥාව යනු බ්‍රහ්මන් ය" [20]

උපනිෂද් විවිධ ආකාරවලින් බ්‍රහ්මන්ගේ පාරභෞතික සංකල්පය සාකච්ඡ චොන්දෝග්‍ය උපනිෂද් අවධාරණය කරන්නේ ආත්මය (අභ්‍යන්තර සාරය) පවතින බවත්, බ්‍රහ්මන් එම ආත්මය හා සමාන බවත්ය.


විශ්වයම බ්‍රහ්මන් ය. සන්සුන්ව, යමෙක් එයට නමස්කාර කළ යුතුය,

—චන්දෝග්‍ය උපනිෂද් 3.14.1[21][22]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Lochtefeld, James G. (2002). The Illustrated Encyclopedia of Hinduism. 1. The Rosen Publishing Group. p. 122. ISBN 978-0823931798.
  2. 2.0 2.1 P. T. Raju (2006), Idealistic Thought of India, Routledge, ISBN 978-1406732627, page 426 and Conclusion chapter part XII
  3. Fowler 2002, pp. 49–55 (in Upanishads), 318–319 (in Vishistadvaita), 246–248 and 252–255 (in Advaita), 342–343 (in Dvaita), 175–176 (in Samkhya-Yoga).
  4. Mariasusai Dhavamony (2002), Hindu-Christian Dialogue: Theological Soundings and Perspectives, Rodopi Press, ISBN 978-9042015104, pages 43–44
  5. 5.0 5.1 For dualism school of Hinduism, see: Francis X. Clooney (2010), Hindu God, Christian God: How Reason Helps Break Down the Boundaries between Religions, Oxford University Press, ISBN 978-0199738724, pages 51–58, 111–115;
    For monist school of Hinduism, see: B. Martinez-Bedard (2006), Types of Causes in Aristotle and Sankara, Thesis – Department of Religious Studies (Advisors: Kathryn McClymond and Sandra Dwyer), Georgia State University, pages 18–35
  6. Stephen Philips (1998), Routledge Encyclopedia of Philosophy: Brahman to Derrida (Editor; Edward Craig), Routledge, ISBN 978-0415187077, pages 1–4
  7. Goodman, Hananya (1994). Between Jerusalem and Benares: Comparative Studies in Judaism and Hinduism. State University of New York Press. p. 121. ISBN 978-0791417164.
  8. Klaus K. Klostermaier (2007), A Survey of Hinduism, Third Edition, State University of New York Press, ISBN 978-0791470824, Chapter 12: Atman and Brahman – Self and All
  9. Michael Myers (2000), Brahman: A Comparative Theology, Routledge, ISBN 978-0700712571, pages 124–127
  10. Thomas Padiyath (2014), The Metaphysics of Becoming, De Gruyter, ISBN 978-3110342550, pages 155–157
  11. Arvind Sharma (2007), Advaita Vedānta: An Introduction, Motilal Banarsidass, ISBN 978-8120820272, pages 19–40, 53–58, 79–86
  12. John E. Welshons (2009), One Soul, One Love, One Heart, New World Library, ISBN 978-1577315889, pages 17–18
  13. Puligandla 1997, p. 222.
  14. Sanskrit and English Translation: S. Madhavananda, Brihadaranyaka Upanishad 1.4.10, Brihadaranyaka Upanishad – Shankara Bhashya, page 145
  15. Sanskrit and English Translation: S. Madhavananda, Brihadaranyaka Upanishad 4.4.5, Brihadaranyaka Upanishad – Shankara Bhashya, pages 711–712
  16. Sanskrit: छान्दोग्योपनिषद् १.१ ॥तृतीयॊऽध्यायः॥ Wikisource
    English Translation:Max Muller, Chandogya Upanishad 3.14.1 Oxford University Press, page 48;
    Max Muller, The Upanisads සඳහා ගූගල් බුක්ස්, Routledge, pages xviii–xix
  17. Sanskrit: छान्दोग्योपनिषद् १.२ ॥षष्ठोऽध्यायः॥ Wikisource
    English Translation:Max Muller, Chandogya Upanishad 6.2.1 Oxford University Press, page 93;
    Max Muller, The Upanisads සඳහා ගූගල් බුක්ස්, Routledge, pages xviii–xix
  18. Sanskrit: छान्दोग्योपनिषद् १.२ ॥षष्ठोऽध्यायः॥ Wikisource
    English Translation:Robert Hume, Chandogya Upanishad 6.8, The Thirteen Principal Upanishads, Oxford University Press, pages 246–250
  19. A. S. Gupta, The Meanings of "That Thou Art", Philosophy East and West, Vol. 12, No. 2, pages 125–134
  20. Sanskrit: ऐतरेयोपनिषद् Wikisource
    English Translation:Max Muller, Aitareya Upanishad 3.3.7, also known as Aitareya Aranyaka 2.6.1.7 Oxford University Press, page 246
  21. Robert Hume, Chandogya Upanishad 3.14.1 – 3.14.4, The Thirteen Principal Upanishads, Oxford University Press, pages 209–210
  22. Paul Deussen, Sixty Upanishads of the Veda, Volume 1, Motilal Banarsidass, ISBN 978-8120814684, pages 110–111 with preface and footnotes

ග්‍රන්ථ නමාවලිය[සංස්කරණය]

  • Puligandla, Ramakrishna (1997), Fundamentals of Indian Philosophy, New Delhi: D. K. Printworld (P) Ltd. 
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්මන්&oldid=486789" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි