බාඝ් ලෙන්
බාඝ් ලෙන් | |
ඛණ්ඩාංක | 22°19′21.63″N 74°48′22.36″E / 22.3226750°N 74.8062111°Eඛණ්ඩාංක: 22°19′21.63″N 74°48′22.36″E / 22.3226750°N 74.8062111°E |
---|---|
මාදිලිය | බෞද්ධ ලෙන් |
බාඝ් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ මධ්‍යම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ධාර් දිස්ත්‍රික්කයේ ධාර් නගරයේ පිහිටි වින්ධ්‍යාවේ දකුණු බෑවුමෙහි වූ ලෙන් නවයකින් ස්මාරක සංකීර්ණයකි.[1] මෙම ස්මාරක ධාර් නගරයේ සිට 97 km දුරින් පිහිටා ඇත. මෙම ලෙන් ප්‍රකට වී ඇත්තේ ඒවායේ ඇති අනර්ඝ පුරාතන ඉන්දියානු බිතු සිතුවම් සමූහය නිසායි. මෙම ස්ථාන හැඳින්වීමට "ලෙන" යන වදන එතරම් උචිත නොවන්නේ මේව ස්වාභාවිකව නිර්මාණය වූ ලෙන් නොවන නිසායි.
අජන්තාවේ සේම බාඝ් ලෙන් ද කැම ඇත්තේ පළපුරුදු කලාශිල්පීන් විසින් ලම්බක වැලිගල් මුහුණතෙහි ය. මෙය ඍතුමය දිය පහරක් වන බාඝානි හි ඉවුරෙහි පිහිටියේ ය. බෞද්ධ ලෙන් වුව ද, ලෙන් නවයෙන් වර්තමානයේ ශේෂ වී ඇත්තේ ලෙන් හතරක් පමණි. මෙම ලෙන් සියල්ලම 'විහාරයන්' ය. සතරැස් සැලැස්මක් ඇති මෙම ලෙන් භික්ෂූන්ගේ ආවාසශාලා ලෙස භාවිතා වන්නට ඇත. පසුපස ඇතු කුඩා කුටීරය මඟින් 'චෛත්‍යශාලාව' සෑදේ. වත්මන් ලෙන් පහ අතුරින් වඩාත්ම වැදගත් වන්නේ 4වන ලෙනයි. එය රන්ග් මහාල් (වර්ණ මහල) ලෙස හඳුන්වනු ලබයි.
බාඝ් ලෙන් නිර්මාණය වූයේ ක්‍රි.ව. 5වන-6වන සියවස් අතර කාලයේ ය. මෙය ඉන්දියාවේ බෞද්ධාගමේ අවසන් අවධියක් විය.[2]
සිතුවම්
[සංස්කරණය]බාඝ් හි ලෙන් අංක 3 සහ 4 (ලෙන් අංක 2,5, සහ 7 හි ශේෂයන් දක්නට ලැබේ) ලෙන් විහාර බිත්තිවල සහ සිවිලිම්වල වූ සිතුවම් කැබලි ටෙම්පරා ක්‍රමයට සිතුවම් කොට තිබේ. මෙම සිතුවම්වලින් අධ්‍යාත්මිකත්වයට වඩා ලෞකිකත්වය ඉස්මතු කොට තිබේ. මෙහි දී රතු-දුඹුරු පැහැ බොරළු සහිත ඝන මඩ බදාමයක් බිත්ති සහ සිවිලිම් මත තවරා, ඒ මත හුනු ආලේප කොට සිතුවම් ඇඳ තිබේ. මෙහි හමුවන සිතුවම් අතුරින් අලංකාරම සිතුවම් ලෙන් අංක 4 හි ද්වාරමණ්ඩපයේ බිත්තිවල දක්නට ලැබේ. මෙය තවදුරටත් විනාශ වීම වැළැක්වීමට 1982දී මෙහිවූ බොහෝ සිතුවම් ප්‍රවේශමෙන් ඉවත්කොට ග්වලියෝර් හි පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කරන ලදී.[3]
-
වර්ණාලේපිත ප්‍රතිමා.
-
බාඝ් ලෙන් අංක 2හි ඇතු බෝධිසත්තව රූ.
-
බාඝ් ලෙන් අංක 4 සිතුවමෙහි විස්තරාත්මක දර්ශනයක්.
-
බාඝ් ලෙන්වල ඇති බෝධිසත්ත්ව රුවක්.
දින නිර්ණය
[සංස්කරණය]මෙම අඩවියේ අංක 2 ලෙනෙන් හමුවූ තඹ සන්නසක මහාරාජ සුබන්ධු විසින් විහාරය පිළිසකර කිරීමට කළ ප්‍රදානයක් පිළිබඳ සඳහන් වේ. මෙම බාඝ් අභිලේඛනයේ දිනය හමුනොවූව ද, ඔහුගේ බාඩ්වානි තඹ සන්නස වර්ෂය (ගුප්ත වර්ෂ) 167 (487) ලෙස දින නිර්ණිත ය. ඒ අනුව අංක 2 ලෙනෙහි ප්‍රතිසංස්කරණ පසුකාලීන 5වන සියවසේ සිදුවූයේ යැයි සිතිය හැක.[4]
-
ලෙන්වල පිහිටීම
-
පිවිසුම
-
කුළුණු
-
ලෙන්වල ඉදිරිපස
-
ප්‍රතිමා
-
ASI දැන්වීම් පුවරුව
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ http://dhar.nic.in/visit.htm#tab=1
- ^ Dutt, Sukumar (1988). Buddhist Monks and Monasteries of India: Their History and Their Contribution to Indian Culture (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass. p. 162. ISBN 9788120804982.
- ^ "Bagh Caves – rock cut Buddhist temples". සම්ප්‍රවේශය 23 April 2010.
- ^ Verma, Archana (2007). Cultural and Visual Flux at Early Historical Bagh in Central India, Oxford: Archaeopress, ISBN 978-1-4073-0151-8, p.19
වැඩිදුර කියවීමට
[සංස්කරණය]- Pande, Anuapa (2002). The Buddhist Cave Paintings of Bagh, New Delhi: Aryan Books International, ISBN 81-7305-218-2, sumit vyas