ඨානාලේ ලෙන්

විකිපීඩියා වෙතින්
නාඩ්සූර්/ ඨානාලේ ලෙන්


නාඩ්සූර්/ඨානාලේ ලෙන්, සහ විහාර අංක 7 ඇතුළත
ඨානාලේ ලෙන් is located in මහාරාෂ්ට්‍ර
ඨානාලේ ලෙන්
මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම
ඨානාලේ ලෙන් is located in ඉන්දියාව
ඨානාලේ ලෙන්
ඨානාලේ ලෙන් (ඉන්දියාව)
ඛණ්ඩාංක18°34′09″N 73°19′09″E / 18.569222°N 73.319068°E / 18.569222; 73.319068ඛණ්ඩාංක: 18°34′09″N 73°19′09″E / 18.569222°N 73.319068°E / 18.569222; 73.319068
මාදිලියබෞද්ධ ලෙන්

ඨානාලේ ලෙන් හෙවත් නාඩ්සූර් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍රයේ මුම්බායි සිට 72 km (45 mi) පමණ ගිනිකොණදිගට වන්නට පිහිටි බෞද්ධ ලෙන් 23කින් යුත් සමූහයකි. මෙය රායිගාඩ් හි සූධාගාඩ් තාලුකාවේ ඨානාලේ ගම්මානයේ පිහිටියේ ය.[1]

මෙම ලෙන් නිර්මාණය කොට ඇත්තේ ක්‍රි.පූ. පළමු සියවසේ දී ය.[1] එහි චෛත්‍ය ගෘහ ද්විත්වයක්, ස්තූප ද්විත්වයක් සහ විහාර ශාලා දක්නට ලැබේ.[2] ඉන්දියාවේ පිහිටි පැරණිතම කනින ලද ලෙන්වලින් එකක් විය හැකි මෙය, පුරාතන චෞල් වෙළඳ මාර්ගයෙහි පිහිටියේ ය. මෙහි වූ මුල්ම ලෙන් ක්‍රි.පූ. 70 සහ 50 අතර කාලයේ නිර්මාණය වන්නට ඇති බව, මෙහි වූ සෙල්ලිපි අනුව පෙනී යයි.[2]

මෙම ලෙන් භාරතීය පුරාවිද්‍යා සමීක්ෂණායතනය විසින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස නම්කොට ඇත.

ආශ්‍රේයය්න්[සංස්කරණය]

  1. 1.0 1.1 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. pp. 201–201. ISBN 8170307740.
  2. 2.0 2.1 Wright, Colin. "Interior of Buddhist vihara, Cave VII, Nadsur 10032616". www.bl.uk (ඉංග්‍රීසි බසින්). මෙම ලිපිය තුළ මෙම ප්‍රභවයේ පෙළ ඇතුළත් වන අතර එය පොදු වසම තුළ පවතියි.
"https://si.wikipedia.org/w/index.php?title=ඨානාලේ_ලෙන්&oldid=518711" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි