වායු

විකිපීඩියා වෙතින්
විද්‍යුත් ක්ෂේත්‍රයකට බඳුන් කොට නොමැති වායු කලාපයේ අංශු (පාරමාණු, අණු, හෝ අයන) නිදහසේ ඔබමොබ ගමන් කරති.

වායු යනු පදාර්ථයේ සම්භාව්‍ය අවස්ථා තුනෙන් (අනෙකුත් ඒවා නම් ඝන හා ද්‍රව වෙති) එකකි. උච්ච උෂ්ණත්වයකදී වායුවක් අධික ලෙස අයනීකෘතවී ප්ලාස්මා අවස්ථාවට පත්විය හැකි අතර එය පදාර්ථයෙහි සම්භාව්‍ය අවස්ථාවක් සැටියට නොගැනෙයි.

ශබ්ද නිරුක්තිය[සංස්කරණය]

භෞතික ගති ලක්ෂණ[සංස්කරණය]

ගසාගෙන යන දුම් අංශු වලින් අවට වායුවෙහි චලනය පිළිබඳ ඉඟි ලබා දෙයි.

මුලින් සඳහන් කරන ලද අංශුන්ගේ විද්‍යුත් ස්වභාවය නිසා ඒවා අවට අවකාශයේ බල ක්ෂේත්‍රයක් නිර්මාණය වෙයි. අංශු දෙකක් අතර මෙම බල ක්ෂේත්‍රවල අන්තර් ක්‍රියාකාරිත්වය නිසා අන්තර් අනුක ආකර්ෂණ බල ඇතිවේ. අංශු දෙක අතර දුර මත රඳා පවතින මෙම අන්තර් අණුක ආකර්ෂණ බල මගින් ඒවායේ චලිතයට හා තාප ගතික ගුණවල‍ට බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් මෙම අංශු උෂ්ණත්වය හා පීඩනය හමුවේදී විශාල ප්‍රමාණයකින් එකිනෙකින් ඈත් වෙයි. මෙය ඉතා කුඩා‍ආකර්ෂණ බලයක් සඳහා හේතු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙහි යෙදීම් බොහෝමයක් සඳහා අන්තර්ගත අණුක ආකර්ෂණ බල නොසලකා හැරිය හැක.

වායුවක් පහත සඳහන් ගති ගුණද පෙන්ණුම් කරයි.

  • ඝන හා ද්‍රව සමග සැසඳීමේදී සාපේක්ෂව අඩු ගණත්ව හා දුස්ස්‍රාවීතාව
  • උෂ්ණත්වය හා පීඩනය හමුවේදී ඉතා විශාල ලෙස ප්‍රසාරණයට හා සංකෝචනයට භාජනය වෙයි. එම නිසා වායු සම්පීඩය යයි හඳුන්වයි.
  • අඩංගු භාජනය තුළ ඉක්මණින් සමජාතීය මිශ්‍රණයක් ලැබෙන සේ ව්‍යාප්ත වෙයි.

මහේක්ෂීය[සංස්කරණය]

පද්ධතිය විශ්ලේෂණය කිරීමේදී දිග පිළිබඳ පරිමාණයක් තිබීම අපේක්ෂිතය. විශාල දිග පරිමාණය මහෙක්ෂ පද්ධතිය සදහා අදාල වන අතර වඩා කුඩා දිග පරිමාණ ක්ෂුද්‍ර මට්ටමේ පද්ධති සඳහා අදාල වේ. මහේක්ෂ පද්ධතිවල දී මනින සංරචක, වායුවක් පද්ධතියක් මත හෝ එහි වටපිටාව මත ඇති කරන ප්‍රවේගය, පීඩනය හෝ උෂ්ණත්වය මැන විශාල පරිමාණ බලපෑම් වැනි ඒවා වෙයි. ද්‍රව ගතික සමීකරණවල විවිධ ආකාර, Navier-Stokes සමීකරණය හා Euler සමීකරණය වැනි ගණිතමය සමීකරණ චලනය වන වායුවල පීඩනය, ඝනත්වය, උෂ්ණත්වය හා ප්‍ර‍ෙව්ගය අතර සම්බන්ධතා‍ ආදර්ශනය සඳහා ගොඩනගා ඇත.

පීඩනය[සංස්කරණය]

අඩංගු භාජනයේ බිත්තිමත අඩංගු වායුව මගින් ඇති කරන පීඩනය සරළ චාලක සිද්ධාන්ත මගින් පැහැදිලි කළ හැක. වායු අංශු ඒ මේ අත අහඹු චලිතයේ යෙදෙන අතර ඒවා භාජනයේ බිත්ති සමග මෙන්ම එකිනෙක සමග ද ගැටේ. මෙම අංශු සියල්ල ස්කන්ධය, ගම්‍යතාව හා ශක්තිය යන සංස්ථිතික විය යුතු භෞතික ලකෂණ පෙන්නුම් කරයි. (ආදී යන්ත්‍ර විද්‍යාවට අනුව ගම්‍යතාව යනු ස්කන්ධ හෝ අර්ධ ප්‍රවේගයේ වර්ගයේත් ගුණිතයෙන් ලැබෙන අගයයි).

අංශු භාජනයේ බිත්තිවල ගැටීම නිසා ඇතිවන සියළු බලවල සියළු සංරචකවල එකතුව භාජන බිත්තියේ වර්ගඵලයෙන් බෙදූ විට පීඩනය ලැබේ. එමනිසා පීඩනය චලනයවන අංශුවල රේඛීය ගම්‍යතාවල සාමාන්‍ය ලෙස ද පැවසිය හැක. පොදු දුර්මනයක් වන්නේ වායු පීඩනය විස්තර කිරීමට අණු එකිනෙක හා ගැටීම අත්‍යවශ්‍ය වන බවයි. නමුත් මේ සඳහා ඒවායේ අහඹු ප්‍රවේගය ප්‍රමාණවත්ය.

උෂ්ණත්වය[සංස්කරණය]

ඕනෑම භෞතික පද්ධතියක උෂ්ණත්වය එය තැනී ඇති පරමාණු හා අණුවල චලිතයේ ප්‍රතිඵලයකි. සංඛ්‍යානමය යාන්ත්‍ර විද්‍යාවේ දී උෂ්ණත්වය යනු අංශුවක අඩංගු මධ්‍යයන චාලක ශක්තිය පිළිබඳ මිනුමකි. මෙම ශක්ති ගබඩාවක ආකාරය අංශු වල ස්වතන්ත්‍රතා ප්‍රමාණය මගින් කියැවේ( ශක්ති තත්ව) අංශුවලට විවිධ ප්‍රවේග පවතින අතර එක් අංශුවක ප්‍රවේගය අනෙකුත් අංශු සමග ගැටුම් නිසා නිතර වෙනස් වේ. වේග පරාසය සාමාන්‍යයෙන් මැක්ස්වෙල් - බෝල්ට්ස්මාන් ව්‍යාප්තිය මගින් පැහැදිලි කෙරේ.

විශිෂ්ට පරිමාව[සංස්කරණය]

තාපගතික විශ්ලේෂණයක් සිදුකිරීමේ දී ඝටන විත්ති ගුණ පිළිබඳ කතා කිරීම අත්‍යවශ්‍යය. වායු ප්‍රමාණය මත රඳා පවතින ගුණ විත්ති ගුණ ලෙසද වායු ප්‍රමාණය මත රඳා නොපවතින ගුණ ඝටන ගුණ ලෙස හැඳින්වේ. විශිෂ්ට පරිමාව ඝටනා ගුණයකට උදාහරණයක් වේ. මන්ද යත් විශිෂ්ට පරිමාව යනු පදාර්ථ ඒකක ස්කන්ධයක් මගින් අයත් කරගන්නා පරිමාව වන හෙයිනි. පරිම‍ාව හා විශිෂ්ට පරිමාව අතර වෙනස වන්නේ විශිෂ්ට පරිමාව ස්කන්ධයෙන් ස්වායත්ත වීමයි.

ඝනත්වය වායුවල අණුවලට නිදහසේ චලනය විය හැකි නිසා වායුවක ස්කන්ධය සාමාන්‍යයෙන් විදහා දක්වන්නේ එහි ඝනත්වයෙනි. ඝනත්වය යනු ඒකක පරිමාවක ස්කන්ධයයි. සරළව විශිෂ්ට පරිමාවේ විලෝමයයි. වායු සදහා ඝනත්වය විශාල පරාසයක් තුළ වෙනස් විය හැක. එසේ වන්නේ වායු අණු අහඹු චලනයේ යෙදෙන බැවිනි. මහේක්ෂීය ලෙස ඝනත්වය යනු වායුවක තත්ව විචල්‍යයන් පිළිබඳව කිසියම් ක්‍රියාවලියක් තුළදී ඝනත්වයේ වෙනස්වීම තාප ගතික නියමවලට අනුකූලව සිදුවේ. අහඹු චලිතයේ යෙදෙන අංශු විශාල සංඛ්‍යාවක් ඇති බව දී තිබුණද ස්ථිතික වායුවක් සදහා මුළු භාජනය පුරාම ඇත්තේ සමාන ඝනත්වයකි. එම නිසා ඝනත්වය අදිශ රාශියකි. එනම් එය විශාලත්වයක් ඇති දිශාවක් නැති සරළ භෞතික රාශියකි. නිත්‍ය ස්කන්ධයක් ඇති භාජනයක පරිමාව වායුවේ ඝනත්වයට සමානුපාතික බව චාලක සිද්ධාන්ත මගින් පෙන්වා දිය හැක.

අන්වීක්ෂීය[සංස්කරණය]

අන්වීක්ෂීය පරිමාණයකදි මනිනු ලබන්නේ අණුක මට්ටමේ රාශීන්ය. අණුක හෝ අංශුමය චලිතය විස්තර කිරීම සදහා විවිධ සිද්ධාන්ත හා ගණිතමය ආදර්ශන බිහිවී ඇත. වායුන්ට අදාල ආදර්ශන කිහිපයක් පහත පෙළ ගස්වා ඇත.

චාලක වාදය[සංස්කරණය]

චාලක වාදය (හෝ වායු පිළිබද චාලකවාදය) වායුවල අණුක සංයුතිය හා චලිතය සලකමින් පීඩනය , උෂ්ණත්වය හෝ පරිමාව වැනි මහේක්ෂීය ගුණ විස්තර කිරීමට යත්න දරයි. මෙම වාදය කියා සිටින්නේ පීඩනය ඇති වන්නේ සර් අයිසැක් නිව්ටන් අනුමාන කළ පරිදි අණු අතර ස්ථිතික විකර්ෂණයෙන් නොව විවිධ ප්‍රවේගවලින් චලනය වන අණු එකිනෙක ගැටීම නිසා කියාය. මෙය අණුක චාලනවාදය ලෙස ද ගැටුම් පිළිබදවාදය ලෙස ද හදුන්වයි.

බ්‍රවුනීය චලිතය[සංස්කරණය]

වායු අංශූන්ගේ අහුඹු චලනය නිසාවෙන් විසරණය සිදුවෙයි.

බ්‍රව්නීය චලිතය යනු තරලයක් තුළ ඇති අංශුවක අහඹු චලිතය විස්තර කිරීමට යොදා ගන්නා ගණිතමය අකෘතියකි. අංශු පිළිබදවාදය ලෙසද මෙය හදුන්වයි.

තනි වායු (පරමාණු හෝ අණු) නිරීක්ෂණය සදහා වූ නූතන තාක්ෂණික සීමා තුළ දී සිදු කළ හැක්කේ සෛද්ධාන්තික ගණනය කිරීම් මගින් ඒවායේ චලිතය ගැන අදහස් ඉදිරිපත් කිරීමයි. නමුත් එම චලිතය බ්‍රව්නීය චලිතයෙන් වෙනස් වේ. එයට හේතුව බ්‍රව්නීය චලිතය ඇති වන්නේ අදාල අංශු සමග වායු අණු එකක් හෝ කිහිපයක් වේගයෙන් ගැටීමෙන්, විටින් විට වෙනස් වන වායු අණුවල ඝර්ෂණ බල නිසා ඇති වන සුමට ඇදීමක් හේතුවෙන් වන බැවිනි. මෙම අංශුව ( සාමාන්‍යයෙන් පරමාණු මිලියන් හෝ බිලියන ගණනක අඩංගු) අක්- වක් මාර්ගයක චලිත වුවද , තනි වායු පරමාණුවක් පරීක්ෂා කිරීමේදී බලාපොරොත්තු විය හැකි තරම් අක්වක් චලිතයක් නිරීක්ෂණය කළ නොහැක.

අන්තර්අණුක බල[සංස්කරණය]

When gases are compressed, intermolecular forces like those shown here start to play a more active role.

භෞතික විද්‍යාවේදී, රසායන විද්‍යාවේ දී හා ජීව විද්‍යාවේ දී අන්තර් අණුක ආකර්ෂණ බල යනු ස්ථායී අණු අතර හෝ මහාපරිමාණ අණුවල ක්‍රියාකාරී භාණ්ඩ අතර ඇති වන බලයි. අණු ද්වි පරමාණුක නිදහස් මූලද්‍රව්‍ය හා තනි පරමාණු අතර ඇතිවන ක්ෂණික ආකර්ශන අන්තර් අණුක ආකර්ෂණ බලවලට අයත් වේ. අස්ථායී නිසා අයනික හා සහ සංයුජ බන්ධනවලින් වෙනස් වන අතර මේවා ඇති වන්නේ අංශුවල ක්ෂණික ධ්‍රැවීකරණය නිසාය. අණුවක හෝ පරමාණුවක ව්‍යුහයෙහි ඉලෙක්ට්‍රෝන චලන නියමිත ස්ථානයක් නොමැති නිසා ඉලෙක්ට්‍රෝන හරියටම ව්‍යාප්ත වී නොතිබීමේ හැකියාවක් ඇත. එම නිසා විද්‍යුත් ආරෝපණ ද හරියටම ව්‍යාප්ත නොවී තිබිය හැක.

සරල ආකෘතිය[සංස්කරණය]

වායුවක් විස්තර අනාවරණය කිරීමට ගණිතමය ආකෘතියක් යටතේ නිර්මාණය කරන ලද සමීකරණයකි. අද වන විට එකදු තනි සමීකරණයකින් සියලු තත්ත්ව යටතේ වායූන්ගේ ගති ලක්ෂණ නිවැරදිව දක්වා නොමැත. නමුත් යම් යම් තත්ත්ව හා උපකල්පන යටතේ එකඟවන සමීකරණ කිහිපයක් ඇත. වායු ආකෘති ‘තාත්වික වායු’ ‘කල්පිත’ හා ‘පරිපූර්ණ’ වශයෙන් පුළුල්ව සාකච්ඡාවට ලක් කෙරේ. ඉහත එක් එක් ආකෘතිවලට අදාළ උපකල්පනද අන්තර්ගත වේ. එය තාප ගතික පද්ධතියක අධ්‍යයනය පහසු කරයි.

තාත්වික වායු[සංස්කරණය]

තාත්වික වායු ක්‍රියාවලි උපකල්පන මත පදනම වූවකි.

පහත උපකල්පන

  • සම්පීඩ්‍යතා ක්‍රියා
  • විචල්‍ය තාප ධාරිතා
  • වැන්ඩවාල් බල
  • අසමතුලිත තාප ගතික ක්‍රියා
  • අණුක විඝටනය පිළිබඳව වාද හා විවිධ සංයුති යටතේ මූලික ප්‍රිතික්‍රියා

බොහෝ යෙදීම් සදහා ඉහත කරුණු පිළිබඳ වැඩි දුර අධ්‍යයනයක් අවශ්‍යවේ. උදාහරණයක් ලෙස තාත්වික වායු ක්‍රියාකාරිත්වය වැදගත්වන අංශයක් වන අභ්‍යවකාශ පටලයක් නැවත පෘථිවි ගත වීමේදී ඇතිවන අධික පීඩනය හා තාපය ගැන අධ්‍යයනය කිරීම අද දින වන විට සිදුවේ.

කල්පිත වායු[සංස්කරණය]

පරිපූර්ණ වායු යනු තාත්වික වායු තව දුරටත් උපකල්පන යොදා සුළු කිරීමකි. එනම් සම්පීඩ්‍ය සාධකය මෙහිදී 1 වශයෙන් යොදා ගනී. එම නිසා විචල්‍ය තත්ත්ව යටතේ කල්පිත වායු නියමය පිළිපදී. ඉහත ආසන්න කිරීම් ඉංජිනේරු ශිල්පයේදී සුදුසුය. ආසන්න කිරීම් නිසා සත්‍ය සංයෝග අතර වෙනස යම් සැලකිය යුතු පරාසයක පවතියි. උදාහරණයක් ලෙස, පරිපූර්ණ වායුවේදී යොදා ගන්නා උපකල්පන මගින් මෙම විශ්මිත දහන කුටීරය තුළ සිදුවන දහනය පැහැදිලිව ඉදිරිපත් කිරීමට හා ගණනය සිදුකළ හැකිය.

පරිපූර්ණ වායු[සංස්කරණය]

අර්ථ දැක්වීම අනුව අන්තර් අණුක ආකර්ෂණ බල නොසලකා හැර ඇත. කල්පිත වායූන් හිදී කරන ලද උපකල්පන සියල්ල ද මෙහිදී උපකල්පනය කරනු ඇත. ඊට අමතරව පහත උපකල්පනද අන්තර්ගත කර ඇත.

  • අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැර ඇත.

අන්තර් අණුක ආකර්ශන බල නොසලකා හැරීම නිසා පරිපූර්ණ වායුවක් පවතින අවස්ථාව චාලක වාදය හෝ ස්ථිත යාන්ත්‍රික විද්‍යාව මගින් පහසුවෙන් පැහැදිලි කළ හැකිය.

පරිපූර්ණ වායුවේ අර්ථ දැක්වීම තව දුරටත් දෙආකාරයකට සරල කළ හැකි අතර සමහරක් ග්‍රන්ථ මෙය අතහැර හෝ සංයුක්ත කොට සරල කිරීම් ඉදිරිපත් කොට ඇත. පැහැදිලිව අවබෝධ කිරීමට මෙම සරල කිරීම් වෙන වෙනම ඉදිරිපත් කොට ඇත.

තාපජ පරිපූර්ණ[සංස්කරණය]

  • වායුව තාප ගතික සමතුලිතතාවේ සිටී · රසායනිකව ප්‍රතික්‍රියා නොකරයි. · අභ්‍යන්තර ශක්තිය, එන්තැල්පිය සහ විශිෂ්ට තාපය උෂ්ණත්වයේ පමණක් ශ්‍රිත වේ.

e = e(T) h = h(T) de = CvdT dh = CpdT මෙවැනි උපකල්පනයක් ආදර්ශනය සදහා උපකාරීවේ. උදාහරණයක් ලෙස අක්ෂීය සම්පීඩකය ගත් විට එහි උෂ්ණත්වය තාපජ පරිපූර්ණ ආකෘතියෙන් පිට පැනීමට තරම් ප්‍රමාණවත් නොවේ. තාප ධාරිතාවට විචලනය වීමට ඉඩ ඇත, එනමුත් උෂ්ණත්වයට හා අණුවලට මැදිහත් වීමට අවසර නොමැත.

කැලරික පරිපූර්ණ[සංස්කරණය]

සියළුම සීමා කිරීම් හා උපකල්පන කරන ලද වායු ආකෘතියට පහත උපකල්පනය ද ඇතුළත් කරනු ලැබේ.

  • නියත විශිෂ්ට තාපය (Constant Specific Heats)

e = CvT h = CpT කෙසේ වුවත් මෙය සීමා කිරීම් අධික වූ වායු ආකෘතියක් වුවද එයට සෑහෙන තරම් නිරවද්‍ය ගණනයක් කිරීමට අවකාශ තිබිය හැකිය. උදාහරණයක් වශයෙන් අක්ෂීය සම්පීඩකයේ සම්පීඩන ක්‍රියාවලිය , අප ඉහත සලකා බලන ලද උදාහරණයේදී (නියත පීඩනය තාප ධාරිතාව Cp සහ විචල්‍ය පීඩනයේ තාප ධාරිතාව Cp) සසඳන ලද සරල කිරීම් හා සිදුවන අපගමනය අනෙක් සාධක සම්පීඩක ක්‍රියාවලියට එකතු වන විට අවසාන ප්‍රතිඵලය කෙරෙහි විශාල බලපෑමක් Cp නියතව පැවතුණත් හෝ නැතත් එල්ල කළ හැකිය. (සම්පීඩකයෙහි අවකාශය , මායිම් ස්ථරය , ඝර්ෂණ හානිය , නිෂ්පාදන අපද්‍රව්‍යය ආදිය වේ.)

ඉතිහාසමය නිපදවීම්[සංස්කරණය]

ඇතැම් විට බොයිල්ගේ නියමය, අවස්ථා සමීකරණයක ප්‍රථම ප්‍රකාශනය විය හැකිය.1662 දී අයර්ලන්ත ජාතිකයකු වන , රොබට් බොයිල් විසින් එක් කෙළවරක් සීල් කරන ලද J හැඩැති වීදුරු නලයක් යොදා ගෙන පර්යේෂණ ශ්‍රේණියක් ඉදිරිපත් කළේය. එම නලයේ කෙටි සීල් කරන ලද කෙළවරෙහි නියත වායු ප්‍රමාණයක් සිරවන පරිදි නලයට ‍රසදිය එකතු කළේය. අතිරේක රසදිය නලයට එකතු කර වායුවේ පරිමාව ප්‍රවේශමෙන් මැන ගත්තේය. නලයේ දිග විවෘත කෙළවර හා කෙටි කෙළවර අතර රසදිය මට්ටම් අන්තරය අනුව වායුවේ පීඩනය නිර්ණය කර ගත හැකි විය. මෙම ‍පර්යේෂණ තුළින් වායු පරිමාව , පීඩනය සමග ප්‍රතිලෝමව විචලනය වන බව බොයිල් සටහන් කර ගත්තේය. ගණිතමය ප්‍රකාශනයක් ලෙස එය pV = නියතයක් සේ දැක්විය හැක.

pVn = නියතයක් ලෙස මෙම සමීකරණයක් පිළියෙල කර ගැනීම මගින් විවිධ තාප ගතික ක්‍රියාවලි පුළුල්ව විස්තර කිරීමට යොදා ගත හැකිය. එසේම විශිෂ්ට තාප අනුපාතය (γ) වැනි විවිධ අගයන් තුළින් n හි අගය වෙනස්වීම සිදුවේ.

1787 දී ප්‍රංශ භෞතික විද්‍යාඥ ජැක් චාල්ස් ඔක්සිජන්, නයිට්‍රජන් , කාබන්ඩයොක්සයිඩ් හා වාතය, නියමිත 80 K ප්‍රාන්තර වලදී එකම ප්‍රමාණයකට ප්‍රසාරණය වන බව සොයා ගන්නා ලදී.

1802 දී ජෝසෆ් ලුවිස්ගේ-ලුසැක් පරිමාව හා උෂ්ණත්වය අතර රේඛීය සම්බන්ධය පෙන්වා දෙන සමාන පර්යේෂණවල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී.

V1/T1 = V2/T2

1801 දී ජෝන් ඩෝල්ටන් ආංශික පීඩන නියමය ප්‍රකාශයට පත් කරන ලදී. වායු මිශ්‍රණයක පීඩනය , එහි අඩංගු වායු සියල්ල තනි තනිව ඇති කරන පීඩනයන්ගේ එකතුවට සමාන වේ. ගණිතමය වශයෙන් විශේෂ n සඳහා එය මෙසේ දැක්විය හැක.

මුළු පීඩනය = පළමු වායුවේ + 2වන වායුවේ + n වැනි වායුවේ පීඩනය පීඩනය ...... වායුවේ පීඩනය

විශේෂ මාතෘකා[සංස්කරණය]

සම්පීඩ්‍යතාවය[සංස්කරණය]

සම්පීඩ්‍යතා සාධකය (Z) යොදාගනු ලබන්නේ සත්‍ය වායුවක පරිපූර්ණ වායු සමීකරණය වෙනස් කිරීමෙන් ගණනය කිරීම සදහා වේ. පරිපූර්ණ වායු සමීකරණය වඩා නිරවද්‍යව යොදා ගැනීමට මෙය භාවිතා කරනා අතර ඇතැම් විට එය (fudge –factor) නමින් ද හඳුන්වයි. සාමාන්‍යයෙන් 2හි අගය 1ට ඉතා ආසන්න වේ.

රෙනෝල්ඩ්ස් අංකය (Reynolds Number)[සංස්කරණය]

තරල ගති විද්‍යාවේදී රෙනෝල්ඩ්ස් අංකය තරලයේ අභ්‍යන්තර බල හා දුස්‍රාවී බල අතර අනුපාතයක් වන අතර එය තරල ගති විද්‍යාවේදී යොදාගන්නා වැදගත් මාන රහිත අංකයක් වේ. අනෙකුත් මාන රහිත අංකයන් මෙන්ම රෙ‍නෝල්ඩ්ස් අංකය ද ගති විද්‍යාවේ නිවැරදි බව පෙන්වන‍ හොඳ මිණුම් දණ්ඩක් ද වේ.

දුස්ස්‍රාවීතාවය[සංස්කරණය]

උදාහරණ - අප මුලින් දැනගත් පරිදිම පීඩනය බිත්තියක් මත ලම්භකව ක්‍රියා කිරීම. (සාමාන්‍යයෙන්) එම බලයේ අපසාරී සංරචකය වායුවේ දුස්ස්‍රාවීතාවය මත රඳා පවතී. වස්තුවක් වායුවක් හරහා ගමන් කිරීමේදී දුස්ස්‍රාවීතා බලපෑම වඩාත් වැදගත් වේ.

ආකූලතාවය[සංස්කරණය]

තරල ගති විද්‍යාවේදී ආකූතාවය හෝ ආකූල ප්‍රවාහය යනු එහි ලාක්ෂණික ව්‍යාකූලවීම අනුමානිකව වෙනස්වීමයි. මෙහිදී අඩු ගම්‍යතා විසරණයක් හා විශාල ගම්‍යතා සංවහනයක් මෙන්ම කාලය හා අවකාශය හමුවේදී පීඩනය හා ප්‍රවේගය වෙනස්වීම් වේ.

මායිම් ස්ථරය (Boundary Layer)[සංස්කරණය]

අංශු ඒ හරහා ගමන්කරන වස්තුවක පෘෂ්ඨියට ඇලේ. මෙම අංශු ස්ථරය මායිම් ස්ථරය ලෙස හැඳින්වේ. වස්තුවේ පෘෂ්ඨය මතදී අංශුව පෘෂ්ඨයේ ඝර්ෂණය නිසා නිෂ්ඵල වී පැවතීම අනිවාර්යෙන්ම සිදුවන්නකි.

මායිම් ස්ථරය සමග ඇති වස්තුවේ හැඩයට එම මායිම් ස්ථරය හරහා බලපෑමක් ඇති කිරීම මගින් එහි හැඩය වෙනස් කිරීමට හැක. තවද “මායිම් ස්ථරය” පෘෂ්ඨයෙන් වෙන් කිරීමට ද හැක. එලෙස වෙන් කිරීමේ දී අනිවාර්යෙන්ම එය නැවතත් තවත් පෘෂ්ඨයක් සාදා ගනිමින් ගලා යාමේ මාර්ගය වෙනස් කර ගනී. මේ සඳහා පැරණි උදාරණයක් නම් ව‍ායු පත්‍ර නිපදවීමයි. (stalling airfoil)

උපරිම එන්ට්‍රොපිය පිළිබඳ මූලධර්මය[සංස්කරණය]

මුළු නිදහස් ශක්ති ප්‍රමාණවල එකතුව අනන්තය කරා ළගා වන්නට එම පද්ධතියම එහි මහේක්ෂ අවස්ථාවට ළගාවීමට සමරූපීවම එය එහි උපරිම ගුණාකාරය බවට ද පත්වේ.

තාපගති සමතුලිතතාවය[සංස්කරණය]

තාපගති සමතුලිතතාවය යොදාගනු ලබන්නේ පද්ධතිය තුළ හටගන්නා ශක්ති වෙනස ප්‍රමාණවත් තරම් අණු අතර ගැටීම ඇතිවීමට තරම් විශාල කාල පරිමාණයක සිදු වන විට පරමාණු එකිනෙක වේගයෙන් ගැටීමෙන් පිටවන ශක්තිය පරමාණු තමන් සතු ශක්තිය වශයෙනුත් ශක්තිය විවිධ ප්‍රභේද වශයෙන් ද පද්ධතියේ පවතිනා මුළු ශක්තිය සියළුම පරමාණු අතර සමතුලිතතාවය පවතින පරිදි බෙදී‍ යන්නේ නම් පමණි. (දර්ශීය පද්ධතියක වුවද මෙය සිදු වීමට ගතවන්නේ නැනෝ තත්පර කිහිපයක් පමණි)

"https://si.wikipedia.org/w/index.php?title=වායු&oldid=539437" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි