දුර්ගා

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

දුර්ගා
යුද්ධයට අධිපති දෙවඟන
නපුර පරදා යහපත ජයගැනීම
අනභිභවනීය තැනැත්තිය
මාතෘ දේවතාවියගේ රෞද්‍ර ස්වරූපය
Durga Mahisasuramardini.JPG
දුර්ගා මහීෂාසුර-මර්දිනී, මහීෂාසුර මර්දනය කරන්නිය
සංස්කෘත පරිවර්තනයDurgā (\dûr-gā\)[1]
අනුබැඳියදේවී, ආදි-පරාශක්ති, පාර්වතී, චණ්ඩිකා, කාලී, ත්‍රිපුර සුන්දරී, ඊශ්වරී
ආයුධයචක්‍රය, ශංඛය, ත්‍රිශූලය, ගදාව, දුන්න සහ හීය, දෑකැත්ත සහ පලිහ, ඝණ්ටා
වල්ලභයාශිව
අනුගමනය වූයේපාර්වතී, කාලී, ත්‍රිපුර සුන්දරී
වාහනයව්‍යාඝ්‍රයා හෝ සිංහයා[2][1]
උත්සවදුර්ගා පූජා, දුර්ගා අෂ්ටමි, නවරාත්‍රී, දුස්සෙහ්රා, විජයදශාමි

දුර්ගා(සංස්කෘත: दुर्गा), එනම් ආදි පරාශක්ති, දේවී, ශක්ති, භවානි, පාර්වතී, අම්බා ඇතුළු නම් ගණනාවකින් හැඳින්වෙන දේවතාවියගේ ස්වරූපය වඩාත්ම ජනප්‍රිය හින්දු දෙවඟනන් අතුරින් අයෙකි.[3][4][5]දුර්ගා යන්නෙහි අරුත කිසිවෙකුට ලං විය නොහැකි යන්නයි. රණකාමී දේවතාවියක වන ඇය සාමයට, සෞභාග්‍යයට සහ ධර්මයට බාධා පමුණුවන දුෂ්ට බලවේග සහ අසුරයන් සමග සටන් වැද යලි ධර්මය ස්ථාපනය කරයි.[4][6] මැය මව් දෙවඟනගේ රෞද්‍ර ස්වරූපයක් ලෙස සැලකේ.[7]

ඉතිහාසය සහ ලිඛිත සාධක[සංස්කරණය]

දේවත්වයේ ස්ත්‍රී තත්වය ගැන ප්‍රකාශ වන පැරණිතම සාධකයක් වන්නේ සෘග් වේදයේ පරිච්ඡේද 10.125 ඇති දේවී සුක්තම තුළය.(සංක්ෂිප්ත):[8][9]

මා වෙමි රැජිණිය, සියලු නිධානයන් රැස් කර දෙන්නියයි. සියල්ලගේම වන්දනයට සුදුසු වන්නා වූ අධිකතර චින්තකයාය. එමතුද නොව මා විසින් දේව ගණයා (ත්‍රිමූර්තියද ඇතුලුව) හට බොහෝ ස්ථානයන් හී වාසයට පැමිණිය හැකි සේ ස්ථාපිත කර ඇත්තේය.මා මතින් සියල්ල ආහාර ගෙන යැපෙති. දෘෂ්ටිය ශබ්දය සහිත ආශ්වාස-ප්‍රශ්වාස කරන්නා වූ සියලු ජීවීන් එය දනී හෝ නොදනී. මා මහා විශ්වයෙහි ප්‍රකට ස්වභාවය තුළ වාසය කරන්නෙමි. මා විවර කරන්නා වූ මෙම සත්‍ය සියල්ල අසත්වා. සැබැවින්ම මා සම්පූර්ණ කොට පවසන මෙම වදන් සියලු දෙවියන් ඇතුළු මිනිසුන් තමන්ගේ යහපත උදෙසා ඒ ආකාරයෙන් ම පිළිගත යුත්තේය. මාගේ ඉච්ඡාව වන්නේත් අරමුණ වන්නේත් මිනිසා අග්‍රගණ්‍ය බවට පත්වී විශ්වය අවබෝධ කරවූ සෘෂිවරයන් බවට පත්කිරීමයි. ඒ සඳහා මා ඔවුන් පෝෂණය කරමි. විශ්වයේ එදිරිවාදින් හට විරෝධය පෑම උදෙසා මා ඔහුගේ (රුද්‍ර) දුන්නෙහි දුනු දිය අදින්නෙමි.

මං පෘථිවියේ සහ ස්වර්ගය නිර්මාණය කර එහි ඇතුළාන්තයේ පරිපාලිකාව ලෙස හිඳිමි. ලෝකයේ මුදුන මා අහස්ගැබ ඉදිරියට වන සේ ගෙන ආ මුත්, මාගේ නිවස ජලය සහිත සාගරයේ ය. එතැන් සිට පැතිරුණු සියළු සියලු ජීවීන්ගේ පෞර්ෂය ද මා වෙමි. මාගේ විශ්ව රුව තුළ ඔවුන් සියල්ල විද්‍යාමාන වේ. මහ පරයන උත්තරීතර අයකු නොමැති ලෙස ඔවුන් සියල්ලම පැතිරව වාසය කරන්නා සේ, මාගේ ඉඡ්චාවන් පරිදි සියලු ලෝකයන් මා විසින් විද්‍යාමාන කොට ඇත. සදාතනික වූ පරම විඥානය මා වෙමි. එය මාගේ ශ්‍රේෂ්ඨත්වය තුළ ලැඟුම් ගෙන ඇත.

-දේවි සුක්තම් සෘග් වේද 10.125.3 – 10.125.8,[8][9][10]

දුර්ගා දේවිය හා ඇයගේ විවිධාකාර ස්වරූප පිළිබඳව ක්‍රිස්තු යුගය ආරම්භයත් සමඟ විවිධ වීර කාව්‍යන් තුළ රචනා කෙරිණි. මහාභාරත තුළ යුධිස්තිර සහ අර්ජුන විසින් දුර්ගා දේවිය උදෙසා ස්තෝත්‍ර ගායනා කෙරූ බව දක්වා ඇත.[11] එමෙන්ම මාර්කණ්ඩේය පුරාණයේ තිබෙන දේවී මහත්ම්‍යම් තුළත් දේවී භාගවත පුරාණය ආදි ග්‍රන්ථ තුළත් දුර්ගා දෙවඟන පිළිබඳව විශේෂයෙන් සඳහන් වේ.[12][13]

මූලාරම්භය[සංස්කරණය]

නාගර්ජුනි ගුහාවක තිබෙන ඉපැරැණි සෙල් ලිපියක්

1916 දි ඉතිහාසඥයෙකු වන රාම්ප්‍රසාද් චන්ද දක්වන අකාරයට දුර්ගා දේවිය ඉන්දියානු මහද්වීපය පුරා ක්‍රමයෙන් සංක්‍රමණය වූවකි. ඔහුට අනුව දුර්ගා දේවිය මූල ස්වරූපය යනු හිමාලයේ, වින්ද්‍යාවේ සහ අභිරා ගෝත්‍රිකයන් වන්දනා කළ දේවතාවියන්ගේ සංකලනයකි.

ශිලාලේඛනයන්ට අනුව දුර්ගා දෙවඟන ඉතාමත් පැරණි දෙවඟනක් වේ. සිද්ධමාත්‍රිකා ලියවිලි වල සෙල් ලිපි වලට අනුව සහ නාගර්ජුන ගුහාවන් තුළ ඇය සහ මහිෂාසුර අතර ඇති වූ සංග්‍රාමය පිළිබඳව දක්වා ඇත.[14]

ප්‍රතිමාශිල්පය[සංස්කරණය]

thumb|දකුණ|දුර්ගා දේවියගේ සංකේත දුර්ගා දේවිය තුළින් වීරත්වය සංකේතවත් කෙරේ. ප්‍රධාන වශයෙන් ස්වරූප ත්‍රිත්වයක් ඔස්සේ ප්‍රකට වේ. එනම් මහාලක්ෂ්මි දුර්ගා (මහිෂාසුර-මර්ධිනි), මහාසරස්වති දුර්ගා (කෞෂිකි) සහ මහකාලි දුර්ගා ලෙසිණි. එයිනුත් දුර්ගා දේවියගේ වඩාත් ප්‍රචලිත ස්වරූපය වන්නේ මහිෂාසුර-මර්ධිනි ස්වරූපයයි. එහිදි ඇය අෂ්ටබුජ (අත් අටක්), දසබුජ (අත් දහයක්) සහ අෂ්ටදසබුජ (අත් දහඅටක්) සහිතව නිරූපණය කරයි.[15] දුර්ගා මෑණියන්ගේ ප්‍රමුඛ වාහනය වන්නේ කේසර සිංහයාය. මහිෂාසුර-මර්ධිනි ස්වරූපයේදි දෙවියන් විසින් ඇයට ලබා දුන් විවිධ අස්ත්‍ර දරා සිටින අතර එවායෙ සංකේත රාශියක් තිබේ.

  • ශංඛය - ප්‍රීතිමත් බව
  • චක්‍රය - ධාර්මික බව
  • ගධාව - පක්ෂපාතීත්වය
  • දුන්න - යහපත් චරිතය
  • ත්‍රීශූලය - නිර්භීත බව
  • අසිපත - විමංසන බුද්ධිය
  • පද්මය - මධ්‍යස්ථ බව

දුර්ගා දෙවඟන තුළින් විශ්ව මාතාවගේ බෞතික නිර්මාණය පිළිබිඹු වන්නේ මේ ආකාරයට විවිධ දෙවිවරුන්ගේ අස්ත්‍රයන් දරා සිටින හෙයිනි. පුරාවිද්‍යා සොයාගැනීම් වලින් සනාථ වන අකාරයට දුර්ගා දේවියගේ මෙම ස්වරූපය ඉන්දියාවේ ප්‍රචලිත වන්නේ සිව්වන ශතවර්ෂයේදී පමණය. මහාචාර්‍ය ඩේවිස් කිංස්ලී[16] පවසන ආකාරයට දුර්ගා ස්වරූපය ඇතැම් දේවස්ථාන වල ඇති උනේ මහාවිද්‍යන් හී සහ සප්තමාත්‍රිකා වල කොටසක් වශයෙනි. සුප්‍රසිද්ධ හින්දු දේවස්ථාන තුළ දුර්ගා දේවිය සිතුවම් දේවී මහත්ම්‍යම් හී පැවසෙන ආකාරයට සිතුවම් කර ඇත.[17]

පූජා සහ උත්සව[සංස්කරණය]

දුර්ගා පුජා උත්සව

දුර්ගා වන්දනය නගෙනහිර ඉන්දියාව සහ නෙපාලයේ ශක්ත බැතිමතුන් අතර වඩාත් ප්‍රචලිතය.

දුර්ගා පූජාව[සංස්කරණය]

මාර්කණ්ඩේය පුරාණයට අනුව දින 9ක් හො 4ක් පැවැත්විය හැකිය. දින 4 දුර්ගා පූජාව බෙංගාලය, ඔඩිශාව, ඇසෑමය, බිහාරය ආදි ප්‍රදේශයන්හී වඩාත් ප්‍රචලිතය.[1][18] එය පැවැත්වෙනුයේ හින්දු දින දර්ශනයට අනුව අශිවින මාසයේය.[19] (සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලය) සරත් ඍතුවේ පැවැත්වෙන් බැවින් එයට ශාරදීය දුර්ගා පූජාව සහ අකාල බෝධන් නමින් හැඳින්වේ. බෙංගාල සම්ප්‍රදාය අනුව දුර්ගා පූජාව සඳහා මැටියෙන් නිර්මාණය කළ ප්‍රතිමා භාවිතා කරයි. ප්‍රතිමා නෙළන විට එයට වෛශ්‍යාවකගේ නිවසෙන් ලබා ගත් පස් ස්වල්පයක්ද එක් කිරිම බෙංගාලයේ එන සිරිතකි. එහිදි උතුරු ඉන්දියානුවන් දින 9ක් පුරා දෙවඟන උදේසා භක්ති සේවය කරන අතර බෙංගාලි වැසියන් අවසාන දින සතරෙහි පමණක් එය උත්සවාකාරයෙන් සමරණු ලබයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

සැකිල්ල:Hindudharma

"https://si.wikipedia.org/w/index.php?title=දුර්ගා&oldid=457473" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි