බින්නායග බෞද්ධ ලෙන්

විකිපීඩියා වෙතින්
බින්නායග ලෙන්
බින්නායග ලෙන්
Map showing the location of බින්නායග ලෙන්
Map showing the location of බින්නායග ලෙන්
Map showing the location of බින්නායග ලෙන්
Map showing the location of බින්නායග ලෙන්
ඛණ්ඩාංක24°03′46″N 75°53′33″E / 24.062657°N 75.8925667°E / 24.062657; 75.8925667ඛණ්ඩාංක: 24°03′46″N 75°53′33″E / 24.062657°N 75.8925667°E / 24.062657; 75.8925667

බින්නායග බෞද්ධ ලෙන් හෙවත් විනායක ලෙන් නැතහොත් විනායග ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බින්නායග ගම්මානයේ පිහිටි ලෙන් සමූහයකි. මෙහි දකුණට මුහුණලා පිහිටි ලැටරයිට් ලෙන් 20ක් පමණ දක්නට ලැබේ. ආරාම සංකීර්ණයක් වන මෙහි කුටීර කෝල්වි ලෙන් කුටිවලට වඩා කුඩා ය. මෙම ලෙන්වල ස්තූප ආකාර ව්‍යූහයන් දක්නට ලැබේ. මෙහි කවුළු සහිත චෛත්‍ය දක්නට ලැබේ. මෙහි වූ තවත් ලෙනක විවෘත අංගණයක් සහිත පර්යන්ත දෙකක් පිහිටා ඇත.[1]

මෙම ලෙන් කෝල්වි සිට සැතපුම් 8ක් දිරින් පිහිටා ඇත.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Jaipur Circle, ASI. "BUDDHIST CAVES AND PILLARS". Archaeological Survey of India. සම්ප්‍රවේශය 30 November 2013.
  2. ERNET India at IUCAA Data Center Pune in co-operation with CMU, IIIT-H, NSF, IISC Banglore and MCIT for the Govt. of India and 21 participating centers. "Some Buddhist Antiquities and Monuments of Rajasthan". Digital Library of India. 3 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 November 2013.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බින්නායග_බෞද්ධ_ලෙන්&oldid=468053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි