ඛාප්රා කෝඩියා ලෙන්

විකිපීඩියා වෙතින්
ඛාප්රා කෝඩියා ලෙන්
ඛාප්රා කෝඩියා ලෙන්
Map showing the location of ඛාප්රා කෝඩියා ලෙන්
Map showing the location of ඛාප්රා කෝඩියා ලෙන්
Map showing the location of ඛාප්රා කෝඩියා ලෙන්
Map showing the location of ඛාප්රා කෝඩියා ලෙන්
ඛණ්ඩාංක21°31′48″N 70°28′05″E / 21.529933°N 70.468088°E / 21.529933; 70.468088ඛණ්ඩාංක: 21°31′48″N 70°28′05″E / 21.529933°N 70.468088°E / 21.529933; 70.468088

ඛාප්රා කෝඩියා ලෙන් ජූනාගධ් බෞද්ධ ලෙන් සමූහයේ කොටසකි. මෙම ලෙන් එම සමූහයේ පවතින පැරණිතම ලෙන් වේ. මෙම ලෙන්වල ඇති අක්ෂර අනුව ඒවා ක්‍රි.පූ. 4වන-3වන සියවස්වල අශෝක අධිරාජ සමයේ නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැක. සෙසු ලෙන් හා සැලකීමේ දී මෙම ලෙන් ඉතා චාම් ය.[1] මෙම ලෙන් ඛාන්ගාර් මහාල් යනුවෙන් ද හඳුන්වනු ලබයි.[2] මෙම ලෙන් පුරාතන සුදර්ශන ජලාශයේ (වර්තමානයේ නොපවතියි) ඉවුර දිගේ, උපර්කෝට් කොටුවට මදක් පිටතින් පිහිටියේ ය.

ලෙන්වල සැලැස්ම.

ලෙන් සාරා ඇත්තේ නැගෙනහිර-බටහිර දිශාව ඔස්සේ වූ ආයත ගැටියක් දිගේ ය. ඒවා ප්‍රමාණයෙන් කුඩා ය. මෙහි භාවිත වූ ජල රඳවන සුවිශේෂී අයුරින් නිමවා ඇති අතර, ලෙන් පිහිටා ඇත්තේ ඉංග්‍රීසි 'L' අකුරක හැඩයට ය. මෙම ලෙන් වස් සමයේ දී භික්ෂූන්ගේ ප්‍රයෝජනයට ගැනිණි. නමුත් වසර ගණනාවක් භාවිතයෙන් පසු, පාෂාණයෙහි වූ පළුදු හේතුවෙන් ජලය කාන්දු වූ නිසා මෙම ලෙන් අත්හැර දැමිණි. අනතුරුව භික්ෂූන් මහාරාෂ්ට්‍රය වෙත සංක්‍රමණය වූ බැව් පෙනේ. පසුකාලීනව ගල් වළක් ලෙස භාවිතා කීරිම නිසා මෙහි ලෙන් විනාශ වූ අතර, වර්තමානයේ ශේෂව ඇත්තේ ඉහළම මහල් පමණි.[3]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Ticketed Monuments - Gujarat Buddhist Cave Groups, Uperkot, Junagadh". Archaeological Survey of India, Government of India. 26 September 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2013.
  2. Sagar, Krishna Chandra (1992). Foreign influence on ancient India. New Delhi: Northern Book Centre. p. 150. ISBN 978-8172110284. සම්ප්‍රවේශය 25 November 2013.
  3. "Buddhist Caves". Gujarat Tourism - Tourism Corporation of Gujarat Limited. 12 December 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 November 2013.


"https://si.wikipedia.org/w/index.php?title=ඛාප්රා_කෝඩියා_ලෙන්&oldid=468819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි