Jump to content

සියෝත් ලෙන්

විකිපීඩියා වෙතින්
සියෝත් ලෙන්
ප්‍රධාන ලෙනෙහි ඇතුළත
Map showing the location of සියෝත් ලෙන්
Map showing the location of සියෝත් ලෙන්
Map showing the location of සියෝත් ලෙන්
Map showing the location of සියෝත් ලෙන්
ගුජරාටය තුළ පිහිටීම
පිහිටුමසියෝත් ගම්මානය, කච් දිස්ත්‍රික්කය, ගුජරාට්, ඉන්දියාව
ඛණ්ඩාංක23°46′26″N 68°52′35″E / 23.7738889°N 68.8763889°E / 23.7738889; 68.8763889ඛණ්ඩාංක: 23°46′26″N 68°52′35″E / 23.7738889°N 68.8763889°E / 23.7738889; 68.8763889

සියෝත් ලෙන්, හෙවත් ඇතැන් අවස්ථාවල කතේශ්වර බෞද්ධ ලෙන්,[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ගුජරාට් හි කච් දිස්ත්‍රික්කයේ ලක්පත් තාලුකා හි සියෝත් ගම්මානය අසල පිහිටි ශෛලකර්ම ලෙන් පහකි.[2]

මෙහි ප්‍රධාන ලෙනෙහි නැගෙනහිරට මුහුණලා ඇති ගර්භගෘහයක්, ප්‍රදක්ෂිණා පථයක් සහ අවකාශය බෙදා ඇති අයුරින් පෙනීයන්නේ පළමු හෝ දෙවන සියවසේ සිට මෙය ශිව දේවාලයක් ලෙස භාවිතා වී ඇති බවයි.[1] පසුව මෙම ලෙන් බෞද්ධයන්ගේ භාවිතයට ගැනුණු අතර, මෙහි හමුවූ මුද්‍රා සහ බ්‍රාහ්මී අභිලේඛන ඊට සාක්ෂ්‍ය සපයයි. සෙසු ලෙන් සරල තනි කුටීරවලින් සමන්විත වන අතර, සත්වන සියවසේ දී හියුංසාං විසින් වාර්තා කළ ඉන්දු ගංගාවේ මුවදොර අසල පිහිටි බෞද්ධ ලෙන් අසූවට එම ලෙන් ද අයත් විය හැක.[3][4][5][6][7][8][9][10][11] ප්‍රදේශවාසීන්ගේ විශ්වාසය වන්නේ මෙම ලෙන් අතීත මංකොල්ලකරුවන් විසින් සිය ධනය සැඟවීමට භාවිතා කළ ස්ථානයක් බවයි.[12]

1988–89 කාලයේ සිදුකරන ලද කැනීම්වලින් විවිධ මුද්‍රාවලින් යුත් බුද්ධ රූප සහිත මැටි මුද්‍රා, සහ පසුකාලීන බ්‍රාහ්මී සහ දේවනාගරී අක්ෂර සහිත මුද්‍රා කිහිපයක් ද හමුවී ඇත. සෙසු සොයාගැනීම් අතර තඹ මුදු, ගාධෛය කාසි, ටෙරාකොටා නන්දි රුවක්, විවිධ මැටි බඳුන් ද වේ. පුරාවිද්‍යා සාක්ෂි අනුව, දොළොස්වනභෝ දහතුන්වන සියවස්වල දී ශෛවාගමිකයන් විසින් නැවත මෙම ස්ථානය අත්පත් කරගෙන ඇති බව පෙනී යයි.[1][13] 2001 ගුජරාට් භූකම්පනයෙන් පසු මෙම ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලදී.[14]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ a b c Susan Verma Mishra; Himanshu Prabha Ray (5 August 2016). The Archaeology of Sacred Spaces: The Temple in Western India, 2nd Century BCE–8th Century CE. Routledge. p. 74. ISBN 978-1-317-19374-6.
  2. ^ Ray, Himanshu Prabha. "Maritime Landscapes and Coastal Architecture: The Long Coastline of India" (PDF). IGNCA. p. 3.
  3. ^ Aruna Deshpande (1 November 2013). Buddhist India Rediscovered. Jaico Publishing House. p. 133. ISBN 978-81-8495-247-6.
  4. ^ "Siyot Caves". Gujarat Tourism. සම්ප්‍රවේශය 1 November 2015.
  5. ^ "Siot caves, Lakhpat taluka". Megalithic Portal Gallery. 28 October 2007. සම්ප්‍රවේශය 1 November 2015.
  6. ^ "Siot caves, Lakhpat taluka". The Megalithic Portal. 28 October 2007. සම්ප්‍රවේශය 1 November 2015.
  7. ^ "On Modi website, a piece on Gujarat's Buddhist link". The Indian Express. 15 September 2014. සම්ප්‍රවේශය 1 November 2015.
  8. ^ "Mausam to link 10 Gujarat sites to Indian Ocean world". The Times of India. 24 July 2014. සම්ප්‍රවේශය 1 November 2015.
  9. ^ "Gujarat to be projected as Buddhist pilgrimage destination". The Times of India. 11 January 2010. සම්ප්‍රවේශය 1 November 2015.
  10. ^ "India plans to preserve Buddhist caves". Buddhist Channel. 30 March 2011. සම්ප්‍රවේශය 1 November 2015.
  11. ^ "A Virtual Tour, Gujarat Govt Preserving Rich Buddhist Heritage". India Behind The Lens (News Centre) IBTL. 20 April 2012. සම්ප්‍රවේශය 1 November 2015.
  12. ^ "સિયોત ગુફા". Ha Ame Gujarati (ගුජරාටි බසින්). සම්ප්‍රවේශය 1 November 2015.
  13. ^ Joshi, M. C., ed. (1993). "Excavation at Siyot, District Kutch" (PDF). Indian Archaeology 1988–89: A Review. New Delhi: The Director General, Archaeological Survey of India: 10.
  14. ^ "સ્થાપત્યોની જાળવણી માટે અઢી કરોડ... પણ!". divyabhaskar.co.in (ගුජරාටි බසින්). 24 January 2011. සම්ප්‍රවේශය 1 November 2015.
"https://si.wikipedia.org/w/index.php?title=සියෝත්_ලෙන්&oldid=468871" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි