පන්හාලාකාජී ලෙන්
පන්හාලාකාජී ලෙන් | |
---|---|
![]() පන්හාලාකාජී ලෙන් | |
ඛණ්ඩාංක | 17°38′44″N 73°14′42″E / 17.645678°N 73.245072°Eඛණ්ඩාංක: 17°38′44″N 73°14′42″E / 17.645678°N 73.245072°E |
පන්හාලාකාජී ලෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රත්නගිරි දිස්ත්‍රික්කය තුළ, මුම්බායි සිට 160km පමණ දකුණට වන්නට ය. මෙය බෞද්ධ ලෙන් 30කින් පමණ සමන්විත ය.[1] ක්‍රි.ව. 3වන සියවසේ පමණ හීනයාන බෞද්ධ නිකායයෙහි ආභාසය අනුව නිර්මාණය වූ මෙහි මුල්කාලීන ලෙන් අංක 5 හි ස්තූපය ඉදිවී තිබේ.[2] මෙම ලෙන්වල බ්‍රාහ්මී සහ දේවනාගරී අක්ෂරවලින් යුත් අභිලේඛන තිබේ.[1] ක්‍රි.ව. 10-11වන සියවස වන විට, වජ්‍රයාන බෞද්ධයන් විසින් ලෙන් අංක 10 නිර්මාණය කොට තිබේ. එහි අක්ෂෝභ්‍ය සහ මහාචන්දරෝෂණ වැනි වජ්‍රයාන දේවතා රූ දක්නට ලැබේ. සිල්හාරා පාලන සමයේ දී ශෛව සහ ගණාපත්‍ය ආගමිකයන් මෙහි පුදපූජා කටයුතු ආරම්භ කොට තිබේ.[2] මෙහි ඇති ලෙන් 29න් 28ක්ම පිහිටා ඇත්තේ කොට්ජායි කඳුකර දියපහරේ දකුණු ඉවුරේ ය.
මෙහි වූ වැදගත් ලෙන් කිහිපයක් පහත දැක්වේ:[2]
- ලෙන් අංක 10 තුළ මහා-චන්ද්‍රරෝෂණ දේව රුවක් දක්නට ලැබේ. මෙම දේවතාවා ස්තූපය මත දක්නට ලැබෙන අතර, එය රත්නගිරිය සහ ඔරිස්සාවේ පුරාතන බෞද්ධ විහාර සිහිගන්වයි.
- ලෙන් අංක 14 තුළ නාථ් පන්ථ දේව රූ සහිත ය.
- ලෙන් අංක 19 තුඅල ශුවලිංගයක් දක්නට ලැබේ. එහි සිවිලිමේ හින්දු සූත්‍ර දක්නට ලැබේ.
- ලෙන් අංක 29 නාථ් පන්ථ විසින් භාවිතයට ගෙන ඇති අතර, එය ගෞර් ලෙන ලෙස නම්කොට ඇත.
ප්‍රවේශ විය හැකි ආකාර[සංස්කරණය]
- දුම්රියෙන්: ආසන්නතම දුම්රිය ස්ථානය පිහිටියේ ඛේද්, රත්නගිරි හි ය.[1]
- මහා මාර්ග: දාපෝලි හි NH 4 අධිවේගී මාර්ගය අසල ය.[1]
බාහිර සබැඳි[සංස්කරණය]

පන්හාලාකාජී ලෙන් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 1.2 1.3 ET Bureau (18 April 2013). "Quick getaway: Dapoli, Saharanpur, Nanjagud". Economic Times. Bennett, Coleman & Co. Ltd. සම්ප්‍රවේශය 10 November 2013.
- ↑ 2.0 2.1 2.2 Mitra, Debala (1984). India Archaeology 1981-82 (PDF). New Delhi: Archaeological Survey of India, Government of India. pp. 97, 98. 26 November 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 10 November 2013.
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |