ධාරාශිව් ලෙන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ධාරාශිව් ලෙන්
धाराशिव लेणी
ධාරාශිව් ලෙ‍නෙහි ප්‍රධාන ශාලාව
ධාරාශිව් ලෙ‍නෙහි ප්‍රධාන ශාලාව
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Maharashtra" does not exist.ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර තුළ පිහිටීම[1]
ඛණ්ඩාංක: 18°11′44″N 76°0′36″E / 18.19556°N 76.01000°E / 18.19556; 76.01000ඛණ්ඩාංක: 18°11′44″N 76°0′36″E / 18.19556°N 76.01000°E / 18.19556; 76.01000
රට ඉන්දියාව
ප්‍රාන්තයමහාරාෂ්ට්‍ර
දිස්ත්‍රික්කයඔස්මානාබාද්
දින නිර්ණයක්‍රි.ව. 5වන සියවස
සොයාගැනීම10වන සියවස
ISO 3166 කේතයIN-MH

ධාරාශිව් ලෙන් යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඔස්මානාබාද් නගරයට 8 km නුදුරින් පිහිටි බලාඝත් කඳුවැටියේ ඇති ලෙන් 7කින් සමන්විත ලෙන් සංකීර්ණයකි.[2][3][4] මෙම ලෙන් ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයට ලක්වූ අතර ජෙම්ස් බර්ගස් විසින් රචිත Archaeological survey of India ග්‍රන්ථයේ ද මේ පිළිබඳ සඳහන් වේ.[5] මහාරාෂ්ට්‍ර රජය විසින් ධාරාශිව් ලෙන් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.[6]

ඉතිහාසය[සංස්කරණය]

ධාරාශිව් ලෙන් ක්‍රි.ව. 5-7වන සියවස් අතර කාලයේ නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ. පළමු ලෙන ක්‍රි.ව. 10වන සියවසේ රාෂ්ට්‍රකූටයන්ගේ සමයේ සොයාගැනුණු අතර[5] මෙම ලෙන් බෞද්ධ ලෙන් ද, නැතහොත් ජෛන ලෙන් ද යුනවෙන් වාද විවාද පවතියි.[2] විශ්වාස කෙරෙන්නේ මුලින් මෙම ලෙන් බෞද්ධ ලෙන් වූ බවත්, පසුව ඒවා ජෛනාගමිකයන්ගේ ප්‍රයෝජනයට ගෙන ඇති බවයි.[5]

ලෙන්[සංස්කරණය]

මෙහි ලෙන් 7ක් ඇති අතර, ඉන් 1වන ලෙස කුළුණු 20ක පීඨිකාවකින් සමන්විත ය. ප්‍රධාන ලෙනක් වන ලෙන් අංක 2 අජන්තාවේ වාකාටක ලෙන් ආදර්ශයට ගෙන තනා ඇත. මෙහි මධ්‍ය ශාලාව අඩි 80 x 80 ප්‍රමාණයේ වන අතර, එහි භික්ෂූන්ගේ වාසය සඳහා කුටි 14ක් ඇත. ගර්භගෘහයේ පද්මාසනයෙන් වැඩහිඳින ගෞතම බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් ඇත. තෙවන ලෙන ද පළමු ලෙනට සමාන වන අතර, මෙහි පසුව ඇති ලෙන් ජෛන ලෙන් වේ.[5][2]

වර්තමාන තත්ත්වය[සංස්කරණය]

ධාරාශිව් ලෙන් බෞද්ධ සහ ජෛන යන සම්ප්‍රදායයන් දෙකටම අයත් යැයි මත ඉදිරිපත්ව තිබේ. කෙසේනමුත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලෙන් 1200ක ජේම්ස් බර්ගස් විසින් සිදුකරන ලද අධ්‍යයනයක දී පෙනීගොස් ඇත්තේ සැබැවින්ම ක්‍රි.ව. 5වන සියවසේ දී ධාරාශිව් ලෙක් බෞද්ධ ලෙන් වූ බවයි. 12වන සියවසේ දී ඉන් ඇතැම් ලෙන් ජෛන ලෙන් බවට පත්වී ඇත.[7][8]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Location of Dharashiv Caves, Osmanabad". WikiMapia. Retrieved 14 July 2015. Italic or bold markup not allowed in: |publisher= (help)
  2. 2.0 2.1 2.2 "Dharashiv caves". osmanabad online. Retrieved 13 July 2015. Italic or bold markup not allowed in: |website= (help)
  3. "Osmanabad". Incredible India. Retrieved 13 July 2015. Italic or bold markup not allowed in: |website= (help)
  4. "दयनीय अवस्थेत धाराशीव लेण्या!" (in Marathi). Sakal. 24 July 2012. Retrieved 13 July 2015. Italic or bold markup not allowed in: |publisher= (help)CS1 maint: unrecognized language (link)
  5. 5.0 5.1 5.2 5.3 "Dharashiv Caves - Historical Background". Official Government website of Osmanabad. Retrieved 13 July 2015. Italic or bold markup not allowed in: |website= (help)
  6. "ऐतिहासिक धाराशिव लेण्यांचे अस्तित्व धोक्यात" (in Marathi). Lokmat. 16 April 2014. Retrieved 13 July 2015. Italic or bold markup not allowed in: |publisher= (help)CS1 maint: unrecognized language (link)
  7. "धाराशिव लेणींचा ठेवा : दीड हजार वर्षांचा इतिहास". Divya Marathi. 21 August 2011. Retrieved 14 July 2015. Italic or bold markup not allowed in: |publisher= (help)
  8. http://ekpravas.blogspot.in/2011/08/dharashiv-caves.html
"https://si.wikipedia.org/w/index.php?title=ධාරාශිව්_ලෙන්&oldid=414580" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි