ප්‍රජාපති

විකිපීඩියා වෙතින්

ප්‍රජාපති (සංස්කෘත: प्रजापति) හින්දු ආගමේ වෛදික දෙවියෙකි.[1][2][3] පසුකාලීන සාහිත්‍ය තුළ නිර්මාණකරු වන බ්‍රහ්මා අරුත් ගන්වා ඇත. නමුත් මෙම පදය විවිධ දෙවිවරුන් සංකේතවත් කරයි. හින්දු ලියවිලි වලට අනුව, විශ්වකර්ම, අග්නි, ඉන්ද්‍ර, දක්ෂ ආදින්ටත් මෙම නමින් ආමන්ත්‍රණය කර ඇත.[2] සම්භාව්‍ය හා මධ්‍යතන යුගයේ සාහිත්‍යය තුළ ප්‍රජාපති යන නම පාරබෞතික සංකල්පයක් වන බ්‍රහ්මන් හට සමකොට ප්‍රජාපති-බ්‍රහ්මන් ලෙස අරුත් ගන්වා ඇත.[4]

නිරුක්තිය[සංස්කරණය]

ප්‍රජාපති යන්නෙහි අර්ථය පිළිබඳව සළකා බලන විට, ප්‍රජා සහ පති යන වචන දෙක එකතු වීමෙන් සෑදි ඇත. ප්‍රජා යන්නෙන් නිර්මාණය සහ ප්‍රජනන ශක්තිය ලෙස අරුත් ගැන්වෙන අතර පති යනු ස්වාමියා යන්නයි. එවිට ප්‍රජාපති යනු "ජීවීන්ගේ ස්වාමියා" යන්නයි. පසු කාලීන වෛදික ග්‍රන්ථ වල ප්‍රජාපති යනු සුවිශේෂී වෛදික දෙවියෙකු වන නමුත් එහි වැදගත්කම අඩු වේ. පසුව, මෙම පදය වෙනත් දෙවිවරුන්, විශේෂයෙන් බ්‍රහ්ම යන පද සමඟ සමාන වේ. තවමත් පසු කාලීනව මෙම පදය නව යමක් නිර්මාණය කරන ඕනෑම දිව්‍යමය, අර්ධ දිව්‍යමය හෝ මනුෂ්‍ය මුනිවරුන් අර්ථ දක්වා ඇත.[1][2][5]

මූලාරම්භය[සංස්කරණය]

ප්‍රජාපතීගේ මූලාරම්භය පැහැදිලි නැත. ඔහු පිළිබඳව වෛදික මුලාශ්‍ර වල පසුකාලීනව සඳහන්ව ඇති අතර විවිධ පරිච්ඡේදවල ඔහු ගැන සඳහන් කරන ගීතිකා විවිධ විශ්වීය න්‍යායන් සපයයි.[3] ඔහු පිළිබඳව වෛදික සංහිතා තුළ සඳහන් නොවේ.[6] ප්‍රජාපති වේදයේ සූර්‍ය දෙවියන් ලෙස අරුත් ගැන්වූ සවිත්‍රට වඩා කනිෂ්ඨය.වේදයන්හි ඔහුගේ පැතිකඩ ක්‍රමයෙන් ඉහළ යයි.[7]

ඉන්දු-යුරෝපීය[සංස්කරණය]

ප්‍රජාපති සහ ග්‍රීක දෙවියකු වන ප්‍රෝටොගොනොස් අතර සම්බන්ධතාවයක් පවති.[8][9] රොබට් ග්‍රේව්ස්ට අනුව, ප්‍රජාපති යන නාමය ශබ්දාර්තයෙන් ප්‍රෝටොගොනොස් හා සමාන වේ. ප්‍රෝටොගොනොස් සහ ප්‍රජාපති සමඟ සම්බන්ධ වන විශ්ව අණ්ඩය සංකල්පය ලෝකයේ බොහෝ රටවල සුලභය.

ලියවිලි[සංස්කරණය]

ප්‍රජාපති පිළිබඳව වේද සහ පශ්චාත් වෛදික ලියවිලි තුළ බොහෝ ආකාරවලින් හා නොගැලපෙන ලෙසින් විස්තර කර ඇත.

වේද[සංස්කරණය]

අහසත් පොළොවත් මැවූ අයෙකු වීම වැනි වෛදික ග්‍රන්ථ තුළ ඔහුගේ භූමිකාව එකිනෙකට වෙනස් වේ. වෛදික ලියවිලි වල බ්‍රාහ්මන කොටසේ ඔහුගේ භූමිකාව උච්චතම අකාරයෙන් දක්වා ඇත.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Dalal2010p311 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. 2.0 2.1 2.2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Williams2008p234 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 James G. Lochtefeld (2002). The Illustrated Encyclopedia of Hinduism: N-Z. The Rosen Publishing Group. pp. 518–519. ISBN 978-0-8239-3180-4.
  4. Sukumari Bhattacharji (2007). The Indian Theogony. Cambridge University Press. pp. 322–323, 337, 338, 341–342.
  5. James G. Lochtefeld (2002). The Illustrated Encyclopedia of Hinduism: N-Z. The Rosen Publishing Group. pp. 169, 518–519. ISBN 978-0-8239-3180-4.
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Gonda1986p2 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. Jan Gonda (1982), The Popular Prajāpati, History of Religions, Vol. 22, No. 2 (Nov., 1982), University of Chicago Press, pp. 129-130
  8. Martin West, Early Greek Philosophy and the Orient. Oxford, Clarendon Press, 1971: 28-34
  9. Kate Alsobrook (2008), "The Beginning of Time: Vedic and Orphic Theogonies and Poetics". M.A. Thesis, Reviewers: James Sickinger, Kathleen Erndl, John Marincola and Svetla Slaveva-Griffin, Florida State University, pages 20, 1-5, 24-25, 40-44
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රජාපති&oldid=486816" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි