විෂ්ණු

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
විෂ්ණු
ආරක්ෂක දෙවි, යහපත රැකීම, ධර්මය ප්‍රතිෂ්ඨාපනය, මෝක්ෂ[1][2]
Bhagavan Vishnu.jpg
විෂ්ණු
දේවනගරි विष्णु
සංස්කෘත පරිවර්තනය Viṣṇu
අනුබැඳිය බ්‍රහ්මන් (වෛෂ්ණව ආගම), ත්‍රීමූර්ති, දේව, ත්‍රිදේව්
වාසභවනය වෛකුන්ත
ආයුධය චක්‍රය (සුදර්ශන චක්‍රය) සහ යගදාව (කෞමෝදකී ගදා)[3]
සංකේත නෙළුම්, ශේෂ
වල්ලභයන් ලක්ෂ්මී
වාහනය ගරුඩා[3]
උත්සව හෝලි, රාම් නවාමි, ක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි, නරසිංහ ජයන්ති, ඕනම්, තුල්සි විවාහ්[4]
විෂ්ණු දෙවියෝ

විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි.ඔහු වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්රධාන නිකායන් එක් ) වේ. ඔහු නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස, ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. හින්දු පූජනීය පෙළට , විෂ්ණු සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .

විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි.

විෂ්ණු අවතාර(මනුලොව උපත ලැබීම්)[සංස්කරණය]

විෂ්ණු දෙවියන්ගේ අවතාර පිළිබඳ තොරතුරු අඩංගු වන්නේද, ‘පුරාණ’ ග්‍රන්ථයේය. විෂ්ණු දෙවියන්ගේ අවතාර (අවතාර ලෙසින් හැඳින්වූවද මනුලොව උපත ලැබීම්‍ ය. සාමාන්ය අර්ථයෙන් අවතාර නොවේ.) හෙවත් ඉපදීම් 10 ක් සඳහන් වන අතර එයින් 9 ක් අතීතයේ පහළ වු අතර කලි යුගය අවසානයේදී අනෙක් අවතාරය හෙවත් කල්කී පහළ වේ.

(නොකඩවා වැසි ඇද හැලෙන්නට වුනු සමයක් , සත් සමුදුරුම කැලැඹිලා රළ වියරු වුනු සමයක්, වට වැසි , ජලය, කරදිය එක්වෙලා ගම් බිම් වසාගනිමින් සමස්ත පෘතුවියම ජලයෙන් යටපත් වන්නට ගිය සමයක්, සිදුවන අනතුර ගැන ලොව පහළ වූ පළමු මනුෂ්යයා වන මනු ට දැන්වූ ශ්‍රී විෂ්ණු දෙවිදුන් මත්ස්ය වේශයකින් ලෝකයේ පහළ වෙනවා , ඉනික්බිති බල සම්පන්න නෞකාවක ස්වරූපයක් නිර්මාණය කරන එතුමන් මත්ස්ය වේශයෙන් ඒ නෞකාව හිසින් ඇදගෙන පැමිණ මනු සහ ඔහුගේ පවුලත් , සප්ත මහා සෘෂීහුනුත් නැවට නංවා ලෝකය වනසාලූ රුදුරු ජල ගැල්මෙන් බේරා ගනු ලබනවා.)

කුර්ම අවතාරය[සංස්කරණය]

එක් කාලයක දුර්වාශස් නම් ඍෂීවරයා ශක්‍රයාට (ඉන්ද්‍ර දෙවියන්) ත්‍යාගයක් ලෙස දුන් මල්මාලයක් ඔහු ක්‍රීඩා කිරීම පිණිස ඓරාවණ නම් දිව්‍යමය හස්තියාට දුන්නේය. මේ ගැන කිපුණු ඍෂීවරයා සියලුම දෙවිවරුන්ගේ බලය පිරිහෙත්වායි ශාප කළේය. එය එසේම සිදුවූ අතර අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මහා බලි නැමැති අසුරයා සේනාව රැගෙන ඉන්ද්‍ර දෙවියන්ගේ තලය (Plane)වන ස්වර්ග ලෝකයේ අමරාවතී පුරය අල්ලා ගැනීමට පැමිණියේ ය. තමන් පරාජයට පත්වන බව දත් සුරයෝ ( දෙවියන්) විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් පිහිට පැතූහ. දිවැස් ලා බැලූ විෂ්ණු දෙවිඳුන්ට ක්ෂීරසාගරය කලඹා අමෘතය ලැබ පානය කිරීමෙන් මිස දෙවියන්හට බලවත් විය නොහැකි බව පෙණුනි.ක්ෂීරසාගරය කැලඹීම සුරයන්ට පමණක් කල නොහැකි නිසා අසුරයන් සමඟ සමගියෙන් ක්ෂීරසාගරය කලඹවා ලබා ගන්නා අමෘතය හරියට දෙකට බෙදා ගන්නා ගිවිසුම පිට අසුරයන්ද කැමති කරවා ගත්හ.

2 වන මතය - ලොව වනසාලපු ඒ රුදුරු ජල ගැල්මෙන් ලොව පැවති සියලු මහානුභාව වස්තූන් සයුරට ඇදී යනවා , දෙවියන්ට හිමිව තිබූ මහානර්ඝ වස්තුව වුනු අමුරුත පවා මේ වස්තූන් එක්ක මේ වස්තූන් සමග සයුර තුල සැගවී යනවා . දිගු කලක පටන් සුරයන් සමග යුද්ධ කරමින් හුන් අසුරයින්ට දෙවියන් සතුව තිබූ මේ මහානර්ඝ වස්තුව නැතිව යාමෙන් අති මහත් සතුටට පත් වෙනවා , ඔවුන් සුරයන්ගේ බලය අඩු වන බව දැන සුරයන්ට නොබියව තාඩන පීඩන කරන්නට වෙනවා , මෙම ගැහැට ඉවසාගත නොහී සුරයෝ තමන්ව ගලවාගන්නා මෙන් විශ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීම් කරනවා . ඉනික්බිති විශ්ණු දෙවිදුන් ශිව දෙවිදුන් සමග එක්ව මන්දිර පව්ව ගලවා වාසුකී නම් නා රජු ඒ වටා ඔතා තෙමේ කුර්මාවතාරයෙන් පහලව කිරි සයුරේ ගිලී මන්දිර පව්ව පිට මත තබාගෙන වාසුකීගේ වල්ගයෙන් හා හිසින් අදිමින් ඉදිබු වේශයෙන් මන්දිර පව්ව සොලවමින් සුරයෝ කලඹන්නට වූහ , ඒ හේතුවෙන් රළ පෙළ සගවා තබා ගත් ඒ මහානර්ඝ වස්තූන් මතුවන්නට වූවා , කල්ප වෘක්ෂය , සුරබිදෙන , ශ්‍රී ලක්ශ්මිය , හලාහල විෂ වැනි ඒ වස්තූන් සමග අමුරුතයත් මතු වෙනවා , ඒ ලැබීමෙන් සුරයන්ට අසුරයන් පරදා ජය ගන්නට හැකි වෙනවා

වරාහ අවතාරය[සංස්කරණය]

වරක් හිරණ්‍යාක්ෂ නම් අසුරයෙක් නැවත පෘථිවිය ක්ෂීරසාගරය තුලට හෙලුවේය. විශාල සූකර වේශයක් මවා ගත් විෂ්ණු දෙවිඳුන් අසුරයා මරා සිය දළ දෙක මත තබා පෘථිවිය නැවතත් මතු කළේය.

නරසිංහ(නෘසිංහ) අවතාරය[සංස්කරණය]

කාෂ්‍යප නැමැත්තාට අදිති ගෙන් උපන් හිරණ්‍ය කාෂ්‍යප නම් බලවත් අසුර රජෙකු වූ අතර ඔහු උග්‍ර තපසක් රැක, දෙවියන්, මිනිසුන් තිරිසනුන්ට හෝ රෑ,දවල් හෝ ගෙදරදී පිටතදී හෝ අවියකින් හෝ විෂකින් හෝ තමාව නැසිය නොහැකි ලෙසට මහා බ්‍රහ්මයාගෙන් වරයක් ලබාගත්තේය. ඔහුගෙන් ගැලවීමක් ලබා දෙන ලෙස සියලු දේවතාවෝ විෂ්ණු දෙවිඳුන් හමුවට ගොස් ඉල්ලූහ.

බලි නම් රජු මහා තපසකින් අති සුවිශේශී සෘධි බලයක් උපදවා ගන්නට සමත් වෙනවා , මේ අසමසම බලය නිසා මහත්සේ උදම් වන බලි සිතූ මනාපයට අධර්මවාදී වන්නට වනවා , දෙවියන්ට පවා බලි මේ ලබලා තිබුණු අසීමිත බලය මහත් ගැහැටක් වෙනවා නමුත් බලි ලබලා තිබුණු අසීමිත බලය හේතුවෙන් ඔහුට එරෙහිව සටන් වදින්න දෙවියන් පවා බිය වනවා , කොහොම වුනත් මීට කදිම උපායක් භාවිතා කරන ශ්‍රී විෂ්ණු දෙවිදුන් ඉතාමත්ම මිටි පුද්ගලයෙකුගේ නොහොත් වාමනයෙක් වන් ස්වරූපයකින් ලෝකයේ පහල වෙනවා , ඉන් පසු ඔහු බලි රජුව හමුවීමට යනවා , බලි රජු ඒ කාලයේ එක්තරා යාගයක් පුරමින් හුන්නේ, ඔහු ලගට පැමිණ යමෙක් යමක් ඉල්ලයිද , බලි රජු නිසැකයෙන්ම එය ඔහුට ලබා දෙනවා... මේ කියන වාමනාවතාරයෙන් පහල වුණු විශ්නු දෙවිදුනුත් බලි හමුවට යනවා, ඔහු ඉල්ලනවා තමන්ගේ අඩි තුනක් වැසෙන පරිදි බිම් කඩක් ඔහුට ලබලා දෙන්න කියලා, ඒ අහලා සිනහවෙන බලි රජු ඔහුට ඕනෑම තමන් කැමති තැනකින් අඩි තුනක් වැසෙන බිම් ඉඩක් ලබා දෙන්න පොරොන්දු වෙනවා... එසැනින් මේ කුරු වාමනයා මහා යෝධයෙක් වන්න ගන්නවා , අහසත් පොලොවත් වාතස්කන්ධයත් තම තුන් පියවරින් වසාලන වාමන අවසානයේ බලි රජුට පාතාලය හැරුණු කොට යන්නට වෙන තැනක් නොමැති කරනවා

පර්ශුරාම අවතාරය[සංස්කරණය]

පර්ශුරාම යනු පර්ශු නැමැති පොරොව අතින් ගත් තැනැත්තා යන අරුතයි.

රාමාවතාරය[සංස්කරණය]

පුලස්ති නම් ඍෂිවරයාගේ විශ්‍රවස් නම් බමුණාහට කෛසී නම් රාක්ෂස ගෝත්‍රයට අයත් බිසවගෙන් රාවණ, විභීෂණ, කුම්භකර්ණ නම් පුතුන් තිදෙනෙක් හා සුපර්ණකා නම් දියණියක්ද එකවර උපත ලැබූහ. විශ්‍රවස් බමුණාගේ දේවමර්ණි නම් බිසවට ලැබුණු වෛශ්‍රවණ නම් පුත්‍රයාට හිමිව තිබූ ලංකාවේ රාජ්‍යත්වය ලබාගත් රාවණා , උග්‍ර තපස් රැක කිසිදා නොමැරෙන අමරණීයවන වරයක් මහා බ්‍රහ්මයා වෙතින් ලැබීය.

ක්‍රිෂ්ණාවතාරය[සංස්කරණය]

මේ කතා සාරය ඉතා දීර්ඝ වූවක් , ඒ වගේම ඉතාමත්ම ශ්‍රේෂ්ඨ වූවක් ,මීට වර්ෂ 5000කට පමණ පෙර මථුරා පුරයේ යාදව් වංශයේ උපත ලැබූ ක්‍රිෂ්ණාගේ පියා වාසුදේව් වූ අතර මව එකල රජ කල කංස් රජුගේ නැගණිය දේවකී ය. ඇගේ 8 වන පුත්‍රයා අතින් කංස් රජු ඝාතනය වෙතැයි රජු ඇසූ දෛවඥ අනාවැකියක් නිසා ඇගේ කුසෙන් බිහිවූ දරුවන් 7 දෙනෙකුම ඔහු කෲරතර ලෙස මරා දැමූ අතර 8 වැනි දරුවා වූ ක්‍රිෂ්ණාව එතුමාගේ පියා විසින් එක් රාත්‍රියක රැගෙන ගොස් තම ඤාතියෙකු වූ නන්ද නම් ගොපල්ලාගේ දරුවාට මාරු කලේය.

වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව[සංස්කරණය]

වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ප්‍රකාශ කර ඇත.

භගවත් ගීතාව 5;7/8 ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය -ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය -තදා'තමානම් ඍජාමයහම්. පරිත්‍රාණාය සාධූනාම් -විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි.(මාගේ ස්වරූපය දක්වමි.) යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..

විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්[සංස්කරණය]

විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබේ. වෛශ්නව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායන කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.

  • අක්සුඨ
  • උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
  • අනන්ත (සදාතනික)
  • දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
  • ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන නමකි)
  • හරි
  • හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
  • ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
  • ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
  • කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
  • ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
  • මාධව (වසන්තප සමයට සම්බන්ධ)
  • මධුසූධන(මධු නම් රාක්ෂයා විනාස කල තැනැත්තා)
  • නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා / ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
  • පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
  • පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
  • පුරුෂෝත්තම - අති උතුම් ‍සදාතනික ජීවය
  • රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
  • ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
  • සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
  • ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
  • සිද්ධාර්ථ - (කලියුගය අවසානයේ පහළ වු බුදුරජාණන්වහන්සේද, විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස හින්දු සලකති)
  • ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
  • ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
  • ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
  • විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
  • වාමන - ඉතා කුඩා හෝ මිටි ස්වරූපය
  • වාසුදේව - සියල්ලටම අධිපති දෙවි

විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය[සංස්කරණය]

විෂ්ණු සහ ලක්ෂ්මි, විෂ්ණුගේ වාහනය ගරුඩා පදවනු ලබයි

විෂ්නු සියලූ ආකාරයේ දේවත්වයක් සාදනු ලබන අතර පුරුෂ පරමානවා (උත්තරිතර ආත්මය) අන්තරයාම් (අධයාත්මිකව නිවසනව) සහ සියලූ ආත්මයන් ඇතුලත් සිෂින් (සාකල්‍යය) ලෙස හදුන්වයි. ඔහු භගවත් හෝ භගවත් වන අතර එහි සංස්කෘතික තේරුම භාග්‍ය අයත් කර ගන්නා බවයි. (දිව්‍යමය තේජය) විෂ්ණු සතුට එවැනි දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,

  • ජන සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
  • ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය
  • ශක්ති ශක්තිය හෝ බලය කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කල කිරිමේ ඇති ශක්තිය
  • බල බලය ඔහුගේ නාවත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව
  • විර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක‍්‍රම මෙමගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය
  • තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක උද්ධිපිත්ය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව

උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ විෂ්ණුගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණුට වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) යන කරුණු (අනුකම්පාව) රිග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආශායයේ. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.

විෂ්ණු දෙවිඳුන් හා ලංකාව[සංස්කරණය]

ලංකාව සමග බැඳුනු ජනශ්‍රැතරයේ සදහන් වන්නේ උපුල්වන් දෙවියන් ය.

  1. Wendy Doniger (1999). Merriam-Webster's Encyclopedia of World Religions. Merriam-Webster. පි. 1134. ISBN 978-0-87779-044-0. https://books.google.com/books?id=ZP_f9icf2roC&pg=PA1134. 
  2. Editors of Encyclopaedia Britannica (2008). Encyclopedia of World Religions. Encyclopaedia Britannica, Inc.. පිටු 445–448. ISBN 978-1-59339-491-2. https://books.google.com/books?id=dbibAAAAQBAJ&pg=PA445. 
  3. 3.0 3.1 Constance Jones; James D. Ryan (2006). Encyclopedia of Hinduism. Infobase Publishing. පිටු 491-492. ISBN 978-0-8160-7564-5. https://books.google.com/books?id=OgMmceadQ3gC. 
  4. Muriel Marion Underhill (1991). The Hindu Religious Year. Asian Educational Services. පිටු 75–91. ISBN 978-81-206-0523-7. https://books.google.com/books?id=Fb9Zc0yPVUUC. 
"https://si.wikipedia.org/w/index.php?title=විෂ්ණු&oldid=415799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි