ගාන්ධාර්පාලේ ලෙන්

විකිපීඩියා වෙතින්
ගාන්ධාර්පාලේ ලෙන්
ගාන්ධාර්පාලේ ලෙන්
ඛණ්ඩාංක18°05′12″N 73°24′15″E / 18.086802°N 73.404100°E / 18.086802; 73.404100ඛණ්ඩාංක: 18°05′12″N 73°24′15″E / 18.086802°N 73.404100°E / 18.086802; 73.404100
පරිපාලන සංවිධානයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණායතනය
ගාන්ධාර්පාලේ ලෙන් is located in ඉන්දියාව
ගාන්ධාර්පාලේ ලෙන්
ඉන්දියාව තුළ ගාන්ධාර්පාලේ ලෙන් හි පිහිටීම

ගාන්ධාර්පාලේ ලෙන්, හෙවත් මහාඩ් ලෙන් හෝ පාණ්ඩව ලේණි, යනුවෙන් හැඳින්වෙන්නේ මුම්බායි සිට 105 km පමණ දකුණින් මුම්බායි-ගෝව අධිවේගී මාර්ගයේ මහාඩ් අසල පිහිටි ලෙන් 30කින් යුත් බෞද්ධ ලෙන් විහාර සංකීර්ණයකි.[1]

මෙහි වූ වැදගත් ලෙන් කිහිපයක් පහත පරිදි වේ:[1]

  • ලෙන් 1: මෙහි ඉදිරිපස බරාඳය අඩි 53ක් දිගැති අතර අඩි 8ක් පළල් ය. මෙහි බුද්ධ ප්‍රතිමාවක් සමඟ ධර්මචක්‍රයක් සහ මුවකුගේ රුවක් දැකගත හැක.
  • ලෙන් 8: උසැති දාගැබක් ඇත.
  • ලෙන් 15: දාගැබක් සහිත ය.
  • ලෙන් 21: හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ පරිවාර රූ සහිත ය.

මෙහි වූ අභිලේඛන අනුව, වානිජකරුවන් සහ ගොවියන් විසින් සංඝයාට සිදුකළ දානයන් පිළිබඳ සඳහන් වේ.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 198. ISBN 8170307740.
"https://si.wikipedia.org/w/index.php?title=ගාන්ධාර්පාලේ_ලෙන්&oldid=518707" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි