පාණ්ඩව ලෙන්

විකිපීඩියා වෙතින්

පාණ්ඩව ලෙන් පිහිටියේ කර්ණාටක ප්‍රාන්තයේ මැංගලෝර් හි කද්‍රි මංජුනාත් දේවස්ථානය අසල ය.[1] ඉතිහාසඥයන්ට අනුව, වර්තමානයේ මෙහි ඇති දේවස්ථානය අතීතයේ බෞද්ධ ආරාමයක් වූ අතර එය කන්දාරිකා විහාරය ලෙස හඳුන්වා ඇත. එහි සිටි බුද්ධ ප්‍රතිමාවක් විය. ශිව ලබ්ධිකයකු වූ අලූපා රාජවංශයේ කුණ්ඩ්වර්ම රජු විසින් ඉවත්කොට තිබේ. නමුත් ඓතිහාසික සාක්ෂි අනුව එසේ ශිව ප්‍රතිමාවක් ලෙස භාවිතයට ගෙන ඇත්තේ බෝධිසත්ත්ව ප්‍රතිමාවක් බැව් පෙනේ. ඒ අනුව මෙම විහාරය මුලින් මංජුශ්‍රී බෝධිසත්ත්ව වන්දනාස්ථානයක් බැව් ඉතිහාසඥයෝ පවසති.[2] ක්‍රි.ව. 11වන සියවස තෙක්ම මෙම විහාරය ප්‍රකට අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි.[තහවුරු කර නොමැත] පසුව තන්ත්‍රික සම්ප්‍රදායයන්ට මෙහි ද්වාර විවර විය. මෙම බෞද්ධ විහාරය මුළුමණින්ම ශෛව දේවාලයක් වීමට ප්‍රථම මෙහි ශිවලිංගයක් සහ බෝධිසත්තව ප්‍රතිමාවක් වන්දනාවට පාත්‍රව ඇත.[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Ourkarnataka". 23 August 2000 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 June 2013.
  2. 2.0 2.1 Jaini, ed. by Padmanabh S. (2001). Collected papers on Buddhist studies (1. ed.). Delhi: Motilal Banarsidass. pp. 148–149. ISBN 81-208-1776-1. {{cite book}}: |first= has generic name (help)
"https://si.wikipedia.org/w/index.php?title=පාණ්ඩව_ලෙන්&oldid=468228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි