එල්ලෝරා ගුහා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
එල්ලෝරා ගුහා
ලෝක උරුම ලැයිස්තුවෙහි අභිලේඛනය කර ඇති පරිදී නම
Kailasha temple at ellora.JPG
කයිලසනාත දෙවොල, (ගුහාව 16)
ගල මුදුනෙහි සිට දර්ශනය
වර්ගයසංස්කෘතික
නිර්ණායක(i) (iii) (vi)
ආශ්‍රිතb 243
යුනෙස්කෝ කලාපයදකුණු ආසියාව
අභිලේඛන ඉතිහාසය
අභිලේඛනය1983 (Unknown සැසිය)
Lua දෝෂය in Module:Location_map at line 502: Unable to find the specified location map definition: "Module:Location map/data/India Maharashtra" does not exist.

එල්ලොරු ලෙසින්ද හැඳින්වෙන, එල්ලෝරා (මරාති: वेरूळ Vērūḷ) යනු, මහාරාෂ්ට්‍ර ඉන්දියානු ප්‍රාන්තයෙහි අවුරන්ගබාඩ් නගරයට 29 කිමී[convert: unknown unit] වයඹ දෙසින් පිහිටි සහ රාෂ්ට්‍රකූට රාජවංශය විසින් තනවා ඇති පුරාවිද්‍යාත්මක අඩවියකි. එහි ඇති ඉතා උසස් ගුහා නිසාම ප්‍රචලිත එල්ලෝරා, ලෝක උරුම අඩවියකි. [1] එල්ලෝරා වෙතින් නිරූපණය වන්නේ ඉන්දියානු ගලෙහි-නෙළූ ගෘහ නිර්මාණ ශිල්පයෙහි පරම නිදර්ශනයකි. "ගුහා" 34 – සත්‍යවශයෙන්ම චරනන්ද්‍රි කඳු වල සිරස් මුහුණත කැණීම වෙතින් තැනුනු ව්‍යුහයන් වෙති. බෞද්ධ, හින්දු සහ ජෛන ගලෙහි-නෙළූ දේවාල සහ විහාර සහ මතාවන් 5වන සියවස සහ 10වන සියවස අතර තනා ඇත. සමීපයෙහි තනා ඇති, බෞද්ධ ගුහා 12 (ගුහා 1–12), හින්දු ගුහා 17 (ගුහා 13–29) සහ ජෛන ගුහා 5 (ගුහා 30–34), ප්‍රදර්ශනය කරනුයේ ඉන්දියානු ඉතිහාසයෙහි මෙම යුගයේ පැවැති ආගමික සුසංයෝගයයි. [2] එය, ඉන්දීය පුරාවිද්‍යාත්මක මිනින්දෝරු ආයතනය යටතේ පවතින රක්ෂිත ස්මාරකයකි.[3]

ශබ්දනිරුක්තිය[සංස්කරණය]

වෙරුල් හෝ එලුරා ලෙසින්ද හැඳින්වෙන එල්ලෝරා යන නාමය, එලපුර යන පුරාතන නාමයේ විකෘතවූ ආකාරයයි.[4]

බෞද්ධ ගුහා[සංස්කරණය]

තෝමස් ඩැනියෙල් (1803) විසින් නිර්මිත එල්ලෝරා කන්ද සිතුවම.
එල්ලෝරා ගුහා, සාමාන්‍ය සිතියම.

මෙම ගුහා තනා ඇත්තේ 5වන සිට 7වන සියවස දක්වා කාලය තුලදීය. ගුහා 1-5 පළමු අදියරෙහි (400-600) සහ ගුහා 6-12 පසු අදියරකදීද (මධ්‍ය 7වන - මධ්‍ය 8වන සියවස) ලෙසින්, පස්වන සහ අටවන සියවස අතර තැනුනු බෞද්ධ ගුහා, මුලදීම තැනුනු නිර්මාණ වලින් කිහිපයක් බවට පෙරදී විශ්වාස කෙරුණු මුත්, නවීන විද්වතුන්ට වර්තමානයේදී පැහැදිලිව ඇත්තේ සමහරක් හින්දු ගුහා (27,29,21,28,19,26,20,17 සහ 14), මෙම ගුහාවලට පෙරදී නිමවී ඇති බවයි. මුලින්ම තැනී ඇති බෞද්ධ ගුහාව වන්නේ ගුහා 6 වන අතර, එයින් පසුව 5,2,3,5 (දකුණු පාර්ශවය), 4,7,8,10 සහ 9 තැනී ඇත. අවසනට තැනී ඇත්කේ 11 සහ 12 ගුහාය. සියළුම බෞද්ධ ගුහා 630-700 අතරතුරදී තනා නිම කොට ඇත.[5]

මෙම නිර්මාණ බොහෝවිට විහාර හෝ ආශ්‍රමයන් වෙතින් සමන්විත වී ඇත: මේවා කඳු මුහුනත කැණීමෙන් නෙලා ඇති විශාල, මහල්-කිහිපයකින් සමන්විත ගොඩනැගිලි වන අතර, විසුම් කුටි, නිදන කුටි, මුළුතැන් ගෙවල් සහ අනෙකුත් කුටි වලින් සමන්විත විය.

සටහන්[සංස්කරණය]

  1. "එල්ලෝරා කේව්ස් - යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සෙන්ටර්". Whc.unesco.org. 2008-03-06. Retrieved 2010-08-12.
  2. ටයිම් ලයිෆ් ලොස්ට් සිවිලිෂේසන්ස් සීරීස්: ඒන්ෂන්ට් ඉන්ඩියා: ලෑන්ඩ් ඔෆ් මිස්ට්‍රි (1994)
  3. "එල්ලෝරා කේව්ස්". Retrieved 2012-05-19.
  4. වර්ල්ඩ් හෙරිටේජ් සීරීස් එල්ලෝරා, ඉන්දීය පුරාවිද්‍යාත්මක මිනින්දෝරු ආයතනය, ඉන්දීය රජය, පිටුව 6. ISBN 81-87780-43-6. මුද්‍රණය ගුඩ්අර්ත් ප්‍රකාශකයෝ, අයිෂර් ගුඩ්අර්ත් සීමාසහිත සමාගම @ තොම්සන් ප්‍රෙස්, නව දිල්ලිය
  5. ධාවලිකර් 2003
"https://si.wikipedia.org/w/index.php?title=එල්ලෝරා_ගුහා&oldid=241424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි