අජන්තා ලෙන්
![]() |
|
අජන්තා ලෙන් | |
---|---|
ලෝක උරුම ලැයිස්තුවෙහි අභිලේඛනය කර ඇති පරිදී නම | |
![]() | |
වර්ගය | සංස්කෘතික |
නිර්ණායක | i, ii, iii, vi |
ආශ්රිත | 242 |
යුනෙස්කෝ කලාපය | ආසියා-ශාන්තිකර |
භූ ඛන්ඩාංක | 20°33′09″N 75°42′02″E / 20.552377°N 75.700436°Eඛණ්ඩාංක: 20°33′09″N 75°42′02″E / 20.552377°N 75.700436°E |
අභිලේඛන ඉතිහාසය | |
අභිලේඛනය | 1983 (7වන සැසිය) |
අජන්තා ලෙන් යනු, ඉන්දියාවෙහි මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි අවුරන්ගාබාද් දිස්ත්‍රික්කයෙහි පිහිටි, පොයුපෙ 2වන සියවසෙහි සිට ක්‍රියු 480 හෝ 650 පමණ දක්වා කාල නිර්ණය කල හැකි, ගලෙහි කැන නිමැවුනු බෞද්ධ ලෙන් සමාධි 30 ක් පමණ වෙති.[1]
අජන්තා ලෙන් විහාර[සංස්කරණය]
ඉන්දියාවේ වයඔ දිග මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මගෝරා ගඟ අසබඩ අශ්ව ලාඩමක හැඩය ගත් උස් ගල් පර්වතයක අජන්තා ලෙන් පන්තිය පිහිටයි. ක්‍රි.ව. 2 වන සියවසේ දී විහාර අසුහාර දහසක් කරවු අශෝක රජ සමයේ ආරම්භය හා ක්‍රි.ව. 7 වන සියවස තුල කරවු බවට ශිලා ලේඛනවල සඳහන් වේ. මෙහි ලෙන් 29 ක් දැකිය හැක. ඒවා කොටස් දෙකකින් යුතුය.
චෛත්‍ය ශාලා[සංස්කරණය]
ගුහාව කෙලවර ගලින් නෙලන ලද කුඩා චෛත්‍යයක් දැකිය හැකිවන අතර සංඝයා රැස්වීමට ධර්ම සාකච්ඡා පැවැත්වීමට යොදාගෙන ඇත. 9, 10, 19, 26 යන ගුහා ලෙන් චෛත්‍ය ශාලාවන්ය
ආවාස ශාලා[සංස්කරණය]
වැඩි වශයෙන් බිතු සිතුවම් දක්නට ඇත 1, 2, 16, 17 යන ලෙන් ආවාස ශාලාවන් ය.
අජන්තා සිතුවම් වල වස්තු විෂය[සංස්කරණය]
- බුද්ධ චරිතය
- ජාතක කතා
- ඓතිහාසික සිද්ධි
- තේමා කොට ගනිමින් නිර්මිත අජන්තා සිතුවම් බොහොමයක් ලෝකෝත්තර තේමාවන් මුල් කොට ගනිමින් නිර්මාණිත අතර ඉතා සුළු ප්රමාණයක් ලෞකික තේමාවන් මුල් කොටගනිමින් නිර්මාණය කොට තිබේ.
- ↑ ගෝපාල්, මාදන් (1990). කේ.එස්. ගෞතම්. ed. ඉන්ඩියා ත්‍රෑ දි ඒජර්ස්. ප්‍රකාශන අංශය, තොරතුරු සහ ගුවන්විදුලි අමාත්‍යාංශය, ඉන්දියානු රජය. පිටුව. 173.
2.කෝරළගේ සම්පත් සුරංග(2018). චිත්ර කලාව ,පෙබරවාරි කලාපය.ඉමාෂි ප්රකාශන,පිටු 26,27,28,29.