ලක්‍ෂ්මී (දෙවඟන)

විකිපීඩියා වෙතින්
(ලක්ෂ්මී වෙතින් යළි-යොමු කරන ලදි)
ලක්ෂ්මී
සෞභාග්‍යයට අදිපති දෙවඟන
රාජා රවී වර්මා විසින් සිතුවම් කළ ගජ ලක්‍ෂ්මී දේවියගේ සිතුවමක්
වෙනත් නම්ශ්‍රී දේවි
අනුබැඳියදේවි (ත්‍රිදේවී), මහාලක්‍ෂ්මී, කමලාත්මිකා(හෝ කමලා මහාවිද්‍යා),ආදිශක්ති සහ ශක්ති
වාසභවනයවෛකුන්ත,[1] විෂ්ණුගේ පපුව[2]
මන්ත්‍රයॐ महालक्ष्म्यै नमो नम: ।

ॐ विष्णुप्रियायै नमो नम: । ॐ धनप्रदायै नमो नम : ।

ॐ विश्वजनन्यै नमो नम: ।
පෞද්ගලික තොරතුරු
වල්ලභයාවිෂ්ණු
දෙමාපියන්
  • ශිව , බ්‍රිගු සෘෂි , ක්ෂීර සාගරය (පියා)
  • පාර්වතී , ක්‍යාති (මව)
සොයුරු/සොයුරියන්ජ්‍යේෂ්ඨා හෝ අලක්ෂ්මී , කාර්තිකේය , ගණපති , සරස්වතී , අශෝක සුන්දරී
දරුවන්කාමදේව (ඇතැම් ග්‍රන්ථ අනුව)
වාහනයහස්තියා, බස්සා සහ ගරුඬ
උත්සවනවරාත්‍රී, දීවාලි, ලක්ෂ්මී පූජා, වරලක්ෂ්මී වෘත/මහාලක්ෂ්මී වෘත

ලක්ෂ්මී ( /ˈlʌksmi/; දෙමළ: இலட்சுமி , IAST: lakṣmī ) /ලක්‍ෂ්මී යනු ධනයට, වාසනාවට සහ සෞභාග්‍යයට අධිපති හින්දු දේවතාවිය වේ. ඇය විෂ්ණු දෙවියන්ගේ පතිනිය (බිරිඳ) වේ. හින්දු ආගමේ සඳහන් ත්‍රී දේවීන්ට අයත් වන්නේ සරස්වතී දේවියත්, ලක්ෂ්මී දේවියත් සමඟ ගෞරී දේවියත් ය. ඇය ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය වන අතර බැතිමතුන් ධනය, වාසනාව සහ සමෘද්ධිය උදා කර ගැනීමට ලක්ෂ්මී දේවතාවියට වන්දනාමාන කරනු ලබන අතර හින්දු බැතිමතුන්ගේ විවාහ චාරිත්‍රවල ද විෂ්ණු දෙවියන් සහ ලක්ෂ්මී දේවිය සම්බන්ධ වී ඇත. එමෙන්ම ඇය විෂ්ණු දෙවියන්ගේ නිත්‍ය පතිනියයි.

ලක්ෂ්මී ගුණවාචකය (අන්වර්ථ නාම)[සංස්කරණය]

ලක්ෂ්මි දෙවඟන විවිධ ගුණ වායන්නන් විසින් විවිධ නම් වලින් හදුන්වනු ලැබේ. ඇය හා නෙළුම් මල අතර විශේෂ සම්බන්ධතාවයක් පවතින අතර ඇයගේ බොහෝ අන්වර්ථ නාම නෙළුම් මලට සම්බන්ධ වේ. උදාහරණ ලෙස පද්මා, කමලා, පද්ම ප්‍රිය, පද්මමාලාධරදේවී, පිද්ම මුකී, පද්මාන්කිෂ, පද්ම හස්ථ හා පද්ම සුන්දරී දැක්විය හැකිය. මීට අමතරව ඇයව රාමා, ඉන්ද්‍රා, මුනිශ්‍රී, චක්‍රිකා, කමලිකා, ලලිමා, නන්දිකා, හා රැජුලා යන නම් වලින්ද හදුන්වනු ලබයි.

පුරාවෘතය[සංස්කරණය]

හින්දු ධර්මයට අනුව ශ්‍රී ලක්ෂ්මි දේවිය පළමුව ශිව සහ පාර්වතියගේ වැඩිමහල් දියණිය වශයෙන් ජන්මය ලබන අතර ඇයට තවත් ජන්ම දෙකක් ඇත. එකක් සෘෂි බ්‍රිගු සහ ක්‍යාතිගේ දියණිය වශයෙන් ජන්මය ලැබීම සහ අනෙක ක්ෂීර සාගරයෙන් ප්‍රකට වීමයි. ඒ මෙසේය , කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන්ගේ රජ වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය අයිරාවන නම් ඔහුගේ රාජකීය හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් වී සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.

පරාජයට පත් ‍වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහා බ්‍රහ්මයන් වෙත ගියේය. නැවතත් ජය ලැබීමට නම් අමරණියත්වයට පත් කරන “අමෘතය” ලබා ගත යුතු බවත් පැවසීය. මේ සඳහා ක්ෂීර සාගරය (කිරිමුහුද) කැළඹිය යුතු බවත් පැවසීය. මෙම කාර්යය සඳහා උදවු ලබා ගැනිම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු, කුර්ම අවතාරය වේසයෙන් මන්ත්‍ර පර්වතය, දණ්ඩක් ලෙස ගෙන කිරිමුහුද කැළඹිමට උදවු කළේය. නාග රජු වූ 'වාසුකී' ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර වුණි. ඉන්ද්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් දෙවිවරුන් සහ බලී රජුගේ නායකත්වය යටතේ අසුරයෝ ද එක්ව කිරි සයුර කළඹන්නට පටන් ගත්තේය.

කිරි සයුර කැළඹිමේදී මතු වූ අගනා වස්තූන් අතරින් ලක්ෂ්මී දෙවඟන ද පහළ වුවාය. ඇය විසින් ශ්‍රි විෂ්ණු තමාගේ වල්ලභ දෙවියන් ලෙස තෝරා ගන්නා ලදි. සියළු මායා බන්ධන දුර්වල කිරිමේ බලය ඔහුට පමණක් තිබිම ලක්ෂ්මී දෙවඟනගේ මෙම තෝරා ගැනීමට හේතු විය. සාගරයෙන් මතු වූ බැවින් ලක්ෂ්මී දෙව්දුව සාගරයේ දියණියක් ලෙස සැලකන අතර එලෙස මතුවු හඳ (චන්ද්‍රයා) ඇගේ සොහොයු‍රා ලෙස ව්‍යවහාරයට පත් විය. ආලක්ෂ්මී මෙසේ පහල වූ තවත් දෙවඟනක් වන අතර ඇය ලක්ෂ්මී දෙවඟනගේ වැඩිමහල් සොහොයුරිය වේ. කෙසේ වෙතත් ඇය අභාග්‍යයේ දෙව්දුව ලෙස සලකනු ලබති.

විෂ්ණු පුරාණයේ දැක්වෙන අන්දමට ලක්ෂ්මී දෙවඟන භ්‍රිග්ගු සහ කසාතිගේ දියණිය වෙයි. ඇය ස්වර්ගයේ ජිවත් වුවද දුර්වාසගේ සාපය නිසා ඇය පසුව ක්ෂීර සාගරය ඇගේ වාසස්ථානය කරගත්තා. එහෙත් ක්ෂීර සාගරයේ කැළඹීම නිසා ලක්ෂ්මී දෙව්දුව නැවත පහළ වීමත්, පසුව විෂ්ණු හා විවාහ වීමත් සම්බන්ධ කතාව එහි ඒ ලෙසටම සඳහන් ව ඇත. ලක්ෂ්මී විෂ්ණුගේ ශක්තිය සහ මායා බලය වේ. මෙය "ශ්‍රී චෛශ්නිවිසම්" යන සංකල්පය සමඟ මැනවින් ගැල‍පේ. එහි අර්ථය වන්නේ ලක්ෂ්මී යනු හුදු ධනයට අධිපති දෙවඟන පමණක් නොව ඇය දෙවඟනන් අතර අග්‍රතම දෙවඟන ද වේ.

දෙවියන් සහ අසුරයින් එක්ව ක්ෂීර සාගරය කැළඹීම

හින්දු සමාජයෙහි ස්තූති පූජා පැවැත්වීම[සංස්කරණය]

tiny globe
ලක්ෂ්මී මූර්තී භුබනේශ්වර්හි (ලක්ෂ්මි පූජා) ස්තූති පූජාවෙහිදී

හින්දුවරුන් බොහෝ ලෙසින් ලක්ෂ්මී වන්දනයෙහි යෙදෙන්නේ ආලෝක උත්සවය හෙවත් දීවාලීහිදීය. සම්ප්‍රදානුකූලව, දීවාලී දිනයෙහිදී ජනයා විසින් තම නිවෙස් පිටත කුඩා තෙල් පහන් දල්වා තබනු ලබන්නේ තමන් හට ආශිර්වාද කිරීමට ලක්ෂ්මී පැමිණෙතැයි යන බලාපොරොත්තු ඇතිවය.

ශ්‍රී යන උපසර්ගය විදහාපාන්නේ, ශ්‍රී ලක්ෂ්මී එනම් කුමන ආකාරයක හෝ ඓශ්චර්යයක් "හේතුවෙන් ප්‍රමුදිතයට පත්වන්නාවූ තැනැත්තා" යන්නයි. සමෘද්ධිමත් විය යුතු යැයි සැලකෙන ඕනෑම දෙයක් සඳහා ලක්ෂ්මී, හෝ ශ්‍රී යන්නාවූ මංගල උපසර්ගය හෝ ප්‍රත්‍යය හෝ භාවිත වන්නේ රාජ්‍ය ලක්ෂ්මී (ආධිපත්‍ය සම්පත), ශාන්ති ශ්‍රී (සාම සම්පත), ආදී වශයෙනි. මහතා සහ මහත්මිය යන අභිධානයන් වෙනුවෙන් ඉංග්‍රීසියෙන් භාවිතා වන මිස්ටර් සහ මිසිස් සඳහා නූතන ඉන්දියාවෙහි ශ්‍රී සහ ශ්‍රීමතී යෙදෙනුයේ, නිදසුනක් ලෙසින් ගතහොත් ශ්‍රී දේසායි හෝ ශ්‍රීමතී ශාන්ති ආකාරයටය.

උත්තරඛාන්ද්හිදී, දීවාලී රාත්‍රියෙහිදී දේවතාවිය පිදීමෙන් පසුව, සංඛ, හෝ හක්ගෙඩිය, පිඹින්නේ නැත. මෙයට හේතුව වන්නේ දේවතාවිය මෙන්ම සංඛය ද සමුද්‍රයෙන්ම වන බැවින් එයට විවේකයක් ලබා දෙනු පිණිසය.

අම්බබායි ලෙසින්ද හැඳින්වෙන, කරවීර නිවාසිනී මහාලක්ෂ්මී, මහාරාෂ්ඨ්‍රයෙහි කොල්හාපූර් නගරයෙහි ආරක්ෂක දෙවඟනයි.

බෙංගාලය[සංස්කරණය]

tiny globe
කෝජාගිරි ලක්ෂ්මී පූජාව

බෙංගාලයෙහි, ලක්ෂ්මී වන්දනය සිදුකෙරෙන්නේ සරත් සමයෙයි, වසරෙහි දීප්තිමත්ම රාත්‍රිය වන්නාවූ එක් පසළොස්වක රැයකදීය. පවතින විශ්වාසය අනුව, ඇය එම රාත්‍රියෙහිදී ඓශ්චර්යය ප්‍රසාද කරන්නීය. ඇයගේ වාහනය වන්නාවූ, මහා ධවල බකුසා සමගින් ඇය පෘථිවිය වෙත සැපත් වන්නේ, අපගේ ජීවිත අඳුරු කරන්නාවූ දරිද්‍රතාවය, අකර්මණ්‍ය බව, කෝපය, සහ කුසීත භාවය බැහැර කිරීමටය.

අෂ්ඨ ලක්ෂ්මී[සංස්කරණය]

අෂ්ඨ ලක්ෂ්මී යනු ලක්ෂ්මී දේවියගේ ස්වරූපයන් අටකි. එම අෂ්ඨ ස්වරූප ලක්ෂ්මී දෙවඟන බලපවත්වන දේ සමඟ සම්බන්ධ ව පවතී. එම අෂ්ඨ ස්වරූපයන් නම්:

  • ආදි ලක්ෂ්මී - (ලක්ෂ්මියගේ පළමු පහළවිම)
  • ධාන්‍ය ලක්ෂ්මී - (ධාන්‍ය ධනය)
  • ධෛර්ය ලක්ෂ්මී - (වීර්ය ධනය)
  • ගජ ලක්ෂ්මී - (අලියා - ධනයේ සළකුණ)
  • සන්තාන ලක්ෂ්මී - (පරම්පරාව පවත්වාගෙන යාමේ ධනය)
  • විජය ලක්ෂ්මී - (ජයග්‍රහණයේ ධනය)
  • විද්‍යා ලක්ෂ්මී - (දැනීමේ සහ අධ්‍යාපනයේ ධනය)
  • ධන ලක්ෂ්මී - (මූල්‍යමය ධනය)

ලක්ෂ්මි දෙවගනගේ අක්කා -අලක්ෂ්මී ...හොඳ ලක්ෂ්මි සහ නරක ලක්ෂ්මි


පැරැණි ඉන්දියානු ග්‍රන්ථවල සදහන් වී ඇත්තේ ලක්ෂ්මි දෙවගනට වැඩිමහල් සොහොයුරියක් සිටින බවයි. ඇයගේ නම ජේයෂ්ඪ ලක්ෂ්මි .අලක්ෂ්මී කියලත් ඇය හදුන්වනු ලබනවා.

ඇය නපුරුයි ලක්ෂ්මි දෙවගන කරන දේවල්වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි ඇය කරන්නේ.

ඇය දෙනවා දුප්පත්කම ,දැඩිශෝකය,අවාසනාව,බාධක,ගැටුම් ,අසතුට ,නින්දා අපහාස ,දුරාචාර ,අසමත්වීම්,අසාර්ථකවීම්,ප්‍රමාද දෝෂ ,දුෂ්ටකම ,වියසන .

ඔබගේ ජීවිතයේ ඉහත දේවල් බහුලයි නම් ඔබ ජේයෂ්ඪ ලක්ෂ්මියගේ බලපෑමට හසුවෙලා.

ඇය මූදේවී ,අලක්ෂ්මී ,ජේයෂ්ඪ ලක්ෂ්මි යන නම් වලින් හදුන්වනු ලබනවා .

අණවින,කොඩිවින වලට ඇය බහුලවම බැල්ම හෙලනවා.

  1. George M. Williams (2008). Handbook of Hindu Mythology. Oxford University Press. p. 128. ISBN 978-0-19-533261-2.
  2. Nanditha Krishna. Balaji-Venkateshwara, Lord of Tirumala-Tirupati: An Introduction. Vakils, Feffer, and Simons, 2000 - Religion - 114 pages. p. 105.
"https://si.wikipedia.org/w/index.php?title=ලක්‍ෂ්මී_(දෙවඟන)&oldid=504900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි