ඝටෝත්කච ලෙන්

විකිපීඩියා වෙතින්
ඝටෝත්කච ලෙන්
ඝටෝත්කච ලෙන
ඛණ්ඩාංක20°33′09″N 75°35′06″E / 20.552620°N 75.584977°E / 20.552620; 75.584977ඛණ්ඩාංක: 20°33′09″N 75°35′06″E / 20.552620°N 75.584977°E / 20.552620; 75.584977
පරිපාලන සංවිධානයඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව
ඝටෝත්කච ලෙන් is located in ඉන්දියාව
ඝටෝත්කච ලෙන්
ඉන්දියාව තුළ ඝටෝත්කච ලෙන් හි පිහිටීම

ඝටෝත්කච් ලෙන් පිහිටියේ ඉන්දියාවේ අජන්තා සිට 18 km පමණ බටහිරින්, ජින්ජාලා ගම්මානය අසල ය.[1] මෙහි බෞද්ධ ලෙන් ත්‍රිත්වයක් ඇති අතර, ඉන් එකක් චෛත්‍යශාලාවක් ද, අනෙක් දෙක විහාර ද වේ. මෙම ලෙන් කැන ඇත්තේ ක්‍රි.ව. 6වන සියවසෙහි මහායාන බුද්ධාගමේ ආභාසය අනුව ය.[1]

මෙම ලෙන්වල වාකාටක රාජවංශයේ හරිශේන රජුගේ (රාජ්‍ය පාලනය ක්‍රි.ව. 475 – 500 පමණ) අමාත්‍යවරයකු වූ වරාහදේව නැමැත්තකුගේ අභිලේඛනයක් ඇතුළත් ය.[2] වරාහදේව විසින්ම අජන්තා ලෙන් අංක 16හි ඇති අභිලේඛනය ද කරවා ඇති අතර, ඔහු සැදැහැති බෞද්ධයකු වූ බැව් පෙනේ: "පූජනීය ධර්මය සිය එකම සගයා කරගනිමින්, (ඔහු) ලෝක ගුරු බුදුන් වහන්සේ කෙරෙහි පැහැදිණි".[2]

ඝටෝත්කච ලෙනෙහි වූ අභිලේඛනයෙහි බුදුන්, දහම් සහ සඟුන් පිළිබඳ විස්තර කෙරේ.[1] එම අවස්ථාවේම වරාහදේව සිය හින්දු උරුමය පිළිබඳව ද සඳහන් කරයි.[2]

ඝටෝත්කච ලෙන් සහ එහි පරිසරය
ප්‍රධාන ලෙනෙහි සැලැස්ම
ඝටෝත්කච ලෙන් අභිලේඛනය
ඝටෝත්කච ලෙන් අභිලේඛනය (පරිවර්තනය)

බාහිර සබැඳි[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India : history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. pp. 191–192. ISBN 8170307740.
  2. 2.0 2.1 2.2 Spink, Walter (2006). Ajanta: History and Development, Volume 5 Cave by Cave (ඉංග්‍රීසි බසින්). BRILL. p. 180. ISBN 9789047411871.
"https://si.wikipedia.org/w/index.php?title=ඝටෝත්කච_ලෙන්&oldid=518708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි