කරාඩ් ලෙන්

විකිපීඩියා වෙතින්
කරාඩ් ලෙන්
කරාඩ් ලෙන්, අගශිව් ලේනී.
Map showing the location of කරාඩ් ලෙන්
Map showing the location of කරාඩ් ලෙන්
Map showing the location of කරාඩ් ලෙන්
Map showing the location of කරාඩ් ලෙන්
ඛණ්ඩාංක17°14′07″N 74°09′08″E / 17.2352778°N 74.1522222°E / 17.2352778; 74.1522222ඛණ්ඩාංක: 17°14′07″N 74°09′08″E / 17.2352778°N 74.1522222°E / 17.2352778; 74.1522222

කරාඩ් ලෙන් ‍යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ කෝයිනා ගඟ අසල කරාඩ් සිට කිලෝමීටර 5ක් නිරිත දෙසින් ජාඛින්වාඩි ගම්මානය අසල පිහිටි ලෙන් 66කින් යුත් බෞද්ධ ස්මාරක සමූහයකි.[1] මෙයට අයත් ලෙන් කාණ්ඩ වන්නේ:

මෙහි ඇතැම් ලෙන් අගශිව් කඳුගැටයේ ද, සමහර ලෙන් ජාඛින්වාඩි අවට ද පිහිටා ඇත. මෙහි දකුණට මුහුණලා පිහිටි ලෙන් වැදගත් වේ. මෙහි නිම්නයේ ද ලෙන් පිහිටා ඇත. මෙහි එක් ලෙනක චෝඛාමේල අවුරුදු 8ක් වාසය කළ හෙයින් එම ලෙන ඔහුගේ නමින් හැඳින්වේ.[2]

ක්‍රි.ක්‍රි.පූ. පළමුවන සියවසේ කැන ඇති මෙහි ලෙන් ඉතා චාම් ය.[1]

  • ලෙන් අංක 5 - ආදිතම බෞද්ධ සංකේත දක්නට ලැබේ.
  • ලෙන් අංක 30 - බෞද්ධ සංකේත

මෙහි වූ අභිලේඛනයෙහි මෙය ගෝපාලගේ පුත් සංඝමිත්‍රගේ දානයක් බැව් සඳහන් වේ.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 Ahir, D. C. (2003). Buddhist sites and shrines in India: history, art, and architecture (1. ed.). Delhi: Sri Satguru Publ. p. 197. ISBN 8170307740.
  2. Frere, H. B. E. (1851). "Memorandum of some Buddhist Excavations near Karadh". Journal of the Bombay Branch of the Royal Asiatic Society. The Society. 3: 108–117.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කරාඩ්_ලෙන්&oldid=518699" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි