ඛම්භාලීඩා ලෙන්

විකිපීඩියා වෙතින්
ඛම්භාලීඩා ලෙන්
ඛම්භාලීඩා බෞද්ධ ලෙන්, ගුජරාටය
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
Map showing the location of ඛම්භාලීඩා ලෙන්
ගුජරාටය තුළ පිහිටීම
ඛණ්ඩාංක21°46′31″N 70°42′28″E / 21.7753°N 70.7078°E / 21.7753; 70.7078ඛණ්ඩාංක: 21°46′31″N 70°42′28″E / 21.7753°N 70.7078°E / 21.7753; 70.7078

ඛම්භාලීඩා ලෙන්, හෙවත් රාජ්කෝට් ලෙන් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ගුජරාට් හි රාජ්කෝට් දිස්ත්‍රික්කයේ ගොණ්ඩල් අසල පිහිටි බෞද්ධ ලෙන් ත්‍රිත්වයකි.

ගෘහනිර්මාණය[සංස්කරණය]

ප්‍රකට පුරාවිද්‍යාඥ පී. පී. පාණ්ඩ්‍යා විසින් 1958 දී මෙම ලෙන් සොයාගන්නා ලදී. මෙම ලෙන් නඩත්තු කරනු ලබන්නේ ගුජරාට් ප්‍රාන්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිනි.

ලෙන් පිහිටියේ දිය උල්පතක ඉවුරෙහි කුඩා කඳුගැටයක පාමුල ය. මෙය හුනුගලෙහි කැන ඇත. මෙහි ලෙන් තුනක් ඇති අතර, ඉන් මැද පිහිටි ලෙනෙහි ස්තුපයක් ඇති නිසා එය චෛත්‍ය ලෙන ලෙස හැඳින්වේ. මෙම චෛත්‍ය ලෙනෙහි පිවිසුම දෙපස බෝධිසත්ත්ව ප්‍රතිමා ද්විත්වයක් වේ. ඉන් වම් පස ප්‍රතිමාව බොහෝවිට අශෝක වැනි වෘක්ෂයක් යට සහායිකාවක සහ පරිවාර ජනයා පස්දෙනකු සමඟ සිටින පද්මපාණී රුව යැයි විශ්වාස කෙරේ. එහිම වම්පසට වන්නට භාජනයක් අතෙහි දරාගත් වාමන රුවක් දක්නට ලැබේ. පිවිසුමෙහි දකුණු පස ඇති ප්‍රතිමාව වජ්‍රපාණී යැයි විශ්වාස කෙරේ. මෙහ් ස්ත්‍රී රූපවල දක්නට ලැබෙන පුළුල් ඉණ පළඳනා ජූනාගධ් හි උපර්කෝට් ලෙන්වල කැටයම්වලට සමාන ය. මෙම කැටයම් පසුකාලීන කුෂාණ සිට ක්ෂ්ත්‍රප යුගය දක්වා කාලයේ නිර්මාණය වූ ප්‍රතිමා මෙන්ම ආන්ධ්‍ර ප්‍රතිමාවලට ද සමානත්වයක් පෙන්වයි.[1] මෙම ලෙන් ක්‍රි.ව. 4වන හෝ 5වන සියවස්වල භාවිතා වන්නට ඇතැයි සිතිය හැක.[2]

වම්ප ඇති අනෙක් ලෙන ගැඹුරු සහ විශාල එකක් වන අතර, එය ඉදිරියෙන් විවෘත ය. මෙය ඇතැම්විට භික්ෂූන්ගේ භාවනා කටයුතු සඳහා භාවිතා වන්නට ඇත.[1][3]

ඛම්භාලීඩා ලෙන් අසල තවත් කුඩා ලෙන් 15 ක් ද හමුවන අතර, ඒවා බොහෝ විට හීනයාන බෞද්ධ නිකායයට අයත් වන බැව් පෙනේ.[තහවුරු කර නොමැත]

වෙනත් තොරතුරු[සංස්කරණය]

නූතන විශාල බෞද්ධ විහාරයක් මේ අසල ඉදිවෙමින් පවතියි.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • TNN (9 February 2011). "Buddha caves to draw tourists". The Times of India. සම්ප්‍රවේශය 1 December 2013.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Nanavati, J. M.; Dhaky, M. A. (1969-01-01). "The Maitraka and the Saindhava Temples of Gujarat". Artibus Asiae. Supplementum. 26: 15–17. doi:10.2307/1522666.
  2. Tourism Corporation of Gujarat Limited. "Khambhalida Caves". Gujarat Tourism, Govt. of Gujarat. 27 November 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 December 2013.
  3. http://www.discoveredindia.com/gujarat/attractions/caves/khambhalid-caves-rajkot.htm

21°46′31″N 70°42′30″E / 21.7753°N 70.7083°E / 21.7753; 70.7083


"https://si.wikipedia.org/w/index.php?title=ඛම්භාලීඩා_ලෙන්&oldid=518705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි