ශෛව ආගම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශෛවම් යන වචනයෙන් අදහස් කරන්නේ "ශිව සමග සම්බන්ධ" යන්නයි. ශෛවවාදය ලෙසද හැඳින්වේ. ශිව යන්නෙන් අදහස් කරන්නේ ශුභදායක/ මංගල / යහපත වන අතර ශෛවම් යනු ප්‍රීතිදායක ශිව දෙවියන් වෙත ගෙන යන මාර්ගයයි.

ශෛවම් ශිව දෙවියන් අදහන ආගමයි.  හින්දු ආගමේ ඉතා පැරණි ආගමක් වන ශෛවම් දර්ශනවලින් හා සංස්කෘතික අංග වලින් ඉතා පොහොසත් ය.වර්තමාන හින්දු දහමේ ශිව වන්දනය  පැරණි අනාර්‍ය ඇදහිලි සහ රුද්‍ර දෙවියන් වන්දනාව ප්‍රමුඛ වෛදික ඇදහිලි වලින් විකාශනය වූවකි.ක්‍රිස්තු පූර්ව 4 වැනි සියවසේදී පමණ භගවත් ගීතාවට පෙර රචනා කරන ලද ශ්වේතාශ්වතර උපනිෂද්හි වත්මන් හින්දු දහමේ සහ ශෛවවාදයේ ඉගැන්වෙන ශිව දෙවියන් පිලිබද  මුල්ම අදහස් දැකිය හැක.

එහි ශිව, රුද්‍ර , විශ්වයේ සංහාරකයා,මහේෂ්වර, ගුරු, භක්ති, යෝග, ආත්මන්,බ්‍රහ්මන් ( ශිව හා සම්බන්ධ )වැනි ශෛවවාදයේ ප්‍රධාන ඉගැන්වීම් සහ අදහස් අඩංගු වේ.

ශෛව ධර්මය ශෛව සිද්ධාන්තම්, කාශ්මිර ශෛව දහම, වීර ශෛව , කපාලික ආදි උප කොටස් තිබේ.  මේ අතරින් ලංකාවේ හා දකුණු ඉන්දියාවේ මෙන්ම ලෝකයේම ජනප්‍රියම දර්ශනය ශෛව සිද්ධාන්තම් දර්ශනයයි. ශෛව දහමේ ප්‍රධාන ආගමික ග්‍රන්ථ ලෙස වේදයන්,  ඊශාන ( ශිව) දෙවියන් වෙතින් ලැබුනේ යැයි විශ්වාස කරන ආගම ග්‍රන්ථ වැදගත් ග්‍රන්ථ වේ.  ශෛවයන් උත්තරීතර දෙවියන්ට අරූප,අරූප රූප( පුද්ගල දේව ස්වරූපයක් නැති ලිංග සංකේතය), රූප(පුද්ගල ස්වරූප-උමා මහේශ්වර , සෝමස්කන්ධ,නටරාජ ,දක්ෂිණමූර්ති ආදි) ලෙස වන්දනාමාන කරයි.

ශෛව සිද්ධාන්තම් දර්ශනය

සත්‍යම් සිවම් සුභම් සුන්දරම්
ශෛව සිද්ධාන්තම් හි දර්ශනය  වේදාන්ත දර්ශනයෙන් විකාශනය වූවකි.  තිල්ලෙයි  සහ මදුරෙයි සෛව සිද්ධාන්තයේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථාන වේ.  ක්‍රිස්තු වර්ෂ එකොළොස්වන සියවසේදී පමණ 

දකුණු ඉන්දියාවෙ සෛව සිද්ධාන්තය නමින් සුවිශේෂී දර්ශනයක් ඇරඹිණි.දකුණු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය ඇදහීමකි.

වේදයන්ට අමතරව

1. විසිඅටක් වූ ශෛව ආගම ග්‍රන්ථ ;
2. නම්බි අන්දර් නම්බි විසින් සම්පාදනය කරන ලද, "තිරුමුරායි" නමින් හැඳින්වෙන ශෛව ගීතිකා එකතුව;
(එහි සම්බන්දර්, අප්පාර් සහ සුන්දරර්ගේ තේවාරම්; මානික්කවාසගර්ගේ තිරුවාචගම්; සහ තිරුමුලර්ගේ තිරුමන්තිරම් ඇතුලත් වේ)
3. පෙරියපුරානම් ලෙසින් හඳුන්වනු ලබන ශිව බැතිමතුන්ගේ ජීවිත කතා එකතුව;
4. මෙයිකන්ඩර්ගේ ශිව-ඥානබෝධම්;
5. අරුල්නන්දිගේ සිවඥානසිද්ධියර් සහ උමාපතිගේ කෘති.
(තිරුමුලර්ගේ කෘතිය වන තිරුමන්තිරම් යනු පසුකාලීන ශෛව සිද්ධාන්ත දර්ශනයේ ව්‍යුහය ගොඩනැගුණු පදනමයි.)
දක්ෂිණ ශෛවවාදයේ ප්‍රධාන මූලාශ්‍ර වේ.

ආශ්‍රිත- ස්වාමි ශිවානන්දගෙ ශිව දෙවියන් සහ ඔහු වන්දනය ග්‍රන්ථය , ශෛවම් වෙබ් අඩවිය

ශිව දෙවියන්[සංස්කරණය]

හින්දු ශෛව ලබ්ධියකන්ගේ විශ්වාසයට අනුව ශිව දෙවියන් ප්‍රධානම දෙවියන් වේ. එබැවින් 'මහාදේව්' (මහ දෙවියන්) ලෙසද හඳුන්වති. මහේශ්වර්, ඊශ්වර වැනි නම් වලින්ද ශිව දෙවියන් හඳුන්වනු ලැබේ. ත්‍රිමූර්ති සංකල්පයට අනුව කාලානුරූපීව ලෝකය විනාශ කරන්නේ ශිව දෙවියන් ය. ශිව දෙවියන්ගෙන් අදහස් කරනුයේ ස්වභාවධර්මය ය. මොහුගේ විමානය පිහිටා ඇත්තේ කෛලාශ කූඨ නම් පර්වතයේ යැයි සඳහන්ය. මොහුගේ පතිනිය නම් කාලි, දුර්ගා,ගෞරි මාතා ආදී නම් රාශියකින් හඳුන්වන පාර්වතී දේවියයි. නන්දි නම් වෘෂභ ශිවදෙවියන් ගේ රථයයි. ත්‍රිශූලය ආයුධය වේ. කොටි හමක් වස්ත්‍රය ලෙස හැඳ, ගෙලෙහි නාගයන් දවටාගෙන,ජපමාල දමාගෙන ,බෙරයක් රැගෙන සිටින ශිව කෛලාශ කූඨයෙහි භාවනානුයෝගීව සිටියි. ඔහුගේ බැඳී කොණ්ඩය මුදුනින් ගංගා නදිය ඇරඹෙන බව හින්දු විශ්වාසයයි. ඒ පිලිබඳ රසවත් කතාවක්ද ඇත. ඔහුගේ නළලෙහි තෙවෙනි ඇසක් පිහිටා ඇති අතර එයින් යමෙකු දෙස බැලුවහොත් ඔහු දැවී අලු වී යන බව කියැවේ. එක් කතාවකට අනුව වරක් ඔහුගේ දිගු භාවනාවට බාධා කළ අනංගයා හෙවත් කාමදේව දවා අලු කර දැමූයේ මෙම තෙවෙනි ඇසෙනි. අනංග හෙවත් ශරීරයක් නැති අයෙකු බවට පත්වූයේ මෙසේ දැවී ගිය නිසාය. නමුත් ශිව දෙවියන් සාමාන්‍යයෙන් මෙම ඇසෙන් කිසිවකු දෙස නොබලයි. ඔහුගේ බඳින ලද කොණ්ඩයේ අඩ සඳ පැළඳ සිටී.

== උත්තරීතර යථාර්ථයේ ( ශිව)ලක්ෂණ (සෛව සිද්ධාන්තයට අනුව)==
- උත්තරීතර යථාර්ථය ශිව වේ.
- ඔහු ආරම්භයක් හෝ අවසානයක් රහිත අනන්ත වූ විඥානයි.
- ඔහු සදාකාලික, වෙනස් නොවන, රූප රහිත, ස්වාධීන, සර්ව ව්‍යාප්ත, සර්වබලධාරී, සර්වඥ, ආරම්භයක් නැති, හේතු රහිත, කිලිටි නැති, ස්වයං-පවතියි, සදාකාලික නිදහස්, සදා පිරිසිදු, පරිපූර්ණ වේ.
- ඔහු කාලයට සීමා නොවේ.
- ඔහු අසීමිත සතුට අසීමිත බුද්ධිය වේ .
-ඔහු පාපයන්ගෙන් තොරය, සියල්ල කරන්නා හා සියල්ල දන්නාය.
ශිව දෙවියන් ආදරයේ දෙවියාය.  උන්වහන්සේගේ කරුණාව අනන්තය.  ඔහුගේ ආදරය අසීමිතයි.  ඔහු ගැලවුම්කරුවා සහ ගුරුවරයාය.  ඔහු ආත්මයන් ද්‍රව්‍යයේ ත්‍රාසයෙන් නිදහස් කිරීමේ නිරතව සිටී.  ඔහු ගුරුවරයෙකුගේ ස්වරූපය( දක්ෂිණමූර්ති ) ගන්නේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති දැඩි ආදරය නිසාය.  ඔහු ප්‍රාර්ථනා කරන්නේ සියලු දෙනාම උන්වහන්සේව අවබෝධ කොට ප්‍රීතිමත් ශිව-පාදම්(ශිව තත්ත්වය) ලබා ගත යුතු බවයි.  ඔහු එක් එක් ආත්මයන්ගේ ක්‍රියාකාරකම් නරඹන අතර, ඔවුන්ගේ ඉදිරි ගමනට උපකාර කරයි.  ඔහු එක් එක් ආත්මයන් ඔවුන්ගේ විලංගු හෝ බැඳීම් වලින් නිදහස් කරයි.
උත්තරීතර දෙවියන් වහන්සේගේ( ශිව) ක්‍රියාකාරකම් පහ නම්: මැවීම, සංරක්ෂණය, විනාශය,සැගවීම,මෝක්ෂය ලබාදීම.  මේවා වෙනම සලකා බැලූ විට බ්‍රහ්ම, විෂ්ණු, රුද්‍ර, මහේෂ්වර සහ සදාශිව යන අයගේ ක්‍රියාකාරකම් වේ.( මෙහිදී රුද්‍ර , මහේශ්වර සහ සදාශිව විශේෂයෙන්ම ශිව ස්වරූපයන් වේ)

සගුණ බ්‍රහ්මන් ( පුද්ගලරූපි දෙවියන්) ස්වභාවයේදි ඔහු රන්වන්/ රතු හෝ සුදු පැහැ කඩවසම් සහ දීප්තිමත් ශරීරයකින් යුතු තැනැත්තෙකි.ඔහු ඔහුගේ වාසස්ථානය වූ කෛලාසයේ වාසය කරයි.ඔහුගේ බිරිද උමා දේවියයි.ගනේෂ සහ කාර්තිකේය පුතුන් දෙදෙනාය.නන්දි ඔහුගේ වාහනය සහ ප්‍රධාන සේවකයාය.ඔහුගේ වාසස්ථානය වූ කෛලාසයේ ඔහු තම පිරිවර වන ගණදේවතාවන් , සෘෂිවරුන් , භක්තිකයන් සමග වාසය කරයි.

ශිව, ශක්ති සහ මායා: ශිව දෙවියන් ඔහුගේ ශක්තියෙන් මුළු ලෝකයම නිර්මාණය කරයි.  ඔහු  සවිඥානික ශක්තිය වන  ශක්ති හරහා ක්‍රියා කරයි.  ඇය ශිව දෙවියන්ගේ ශරීරයයි.  බඳුනට පළමු හේතුව කුඹල්කරු ය. සකපෝරුව ක්‍රියාමය හේතු වේ.  මැටි බඳුනේ ද්රව්යමය හේතුවයි.  එලෙසම ලොවට මුල්ම හේතුව ශිව දෙවියන්ය.  ශක්ති ක්‍රියාමය හේතුවයි.  මායාව භෞතික හේතුවයි.  ශක්ති යනු විශ්වයේ ද්‍රව්‍යමය හේතුව නොවේ, මන්ද ඇය විඤ්ඤණයේ ස්වභාවයයි.  ශිව යනු පිරිසිදු විඥ්ඥානයයි , නමුත් පදාර්ථය පිරිසිදු අවිඥානයයි.  ශක්ති යනු මේ දෙක අතර අතරමැදි සම්බන්ධකයයි. එයට ස්වාධීන පැවැත්මක් නැත.  ශිවා මේ ස්වභාවය( ශක්ති) ගන්නේ ආත්මයන් කෙරෙහි ඇති ඔහුගේ ඉමහත් ආදරය නිසාය. ශිව ප්‍රාර්ථනා කරන්නේ සියල්ලෝම ඔහුව දැනගත යුතු බවයි.

( ස්වාමි ශිවානන්දගේ ලිපි ඇසුරිණි)

⚛️ශෛව ලබ්ධියේ පැතිරීම⚛️ අවුරුදු 6000කට වඩා පැරණි හින්දු දේව සංකල්පයන්ට ශිව දෙවියන් ඇතුළු වූයේ කවදාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවත් දක්ෂිණ භාරතයේ ශිව දෙවිදුන් බොහෝ ජනප්‍රිය වූ බව පෙනේ. මහාභාරත කතාවේද කුරුක්ෂේත්‍ර යුද්ධය ඇරැඹිමට ප්‍රථම කෞරවයින් සහ පාණ්ඩවයින් ශිව දෙවියන්හට පූජා පවත්වා ආශිර්වාදය ළබා ගත් බව කියැවේ. රාමායණයේද ලංකේශ්වර රාවණ රජු ශිව දෙවියන් නිතර වන්දනා කරමින් ඔහුගේ ආශිර්වාදය පැතූ සදහන් ය. බොහෝ විට ශිව දෙවියන්හට පූජා පවත්වන්නේ ලිංග පූජාවක් ලෙසය. පාෂාණයකින් සෑදූ එය විශේෂ පූජා දින වලදී කිරි වලින් නෑවීම ආදී චාරිත්‍ර හින්දූන් අතර පවතී.සාමාන්‍යයෙන් විෂ්ණු හා මහාබ්ර්හම යන දෙවිවරුන්ට වඩා ශිව දෙවියන් අදහන ලබ්ධිකයන් සංඛ්‍යාව ඉහල අගයක් ගනී. ශිව භක්තිකයන් ශිව දෙවියන් නමදිනු ලබන්නේ " ඕම් නමඃ ශිවාය ...." යන මන්ත්‍ර පාඨය උසුරුවමිනි.🕉️

ලංකාවේ ශිව ඇදහීම[සංස්කරණය]

ලංකාවට ශිව ඇදහීම පැමිණියේ දකුණු ඉන්දියානු චෝල ආක්‍රමණ සමඟය. පොළොන්නරු යුගයේ ශිව වන්දනය ජනප්‍රියව පැවති බවට එහි ගලින් තැනූ ඓතිහාසික ශිව දේවාල දෙක සාක්ෂි දරයි. සීතාවක රාජසිංහ රජතුමාද ප්‍රබල ශිව භක්තිකයෙකු බව සඳහන්ය. වර්තමානයේ ශිව වන්දනය සිංහලයන් සිදුකරන බවක් නොපෙනේ.ලාංකීය දෙමළ ජනතාව අතර නම් ශිව වන්දනාව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=ශෛව_ආගම&oldid=495363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි