ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
Parliament of Sri Lanka (ඉංග්‍රීසි)
இலங்கை பாராளுமன்றம் (දෙමළ)
Coat of arms or logo
වර්ගය
වර්ගය
ඒක-මණ්ඩල
නායකත්වය
කරු ජයසූරියඑක්සත් ජාතික පක්ෂය
2015 සැප්තැම්බර් 01 සිට
නියෝජ්‍ය කථානායක
ධම්මික දසනායක
2015 අගෝස්තු 18 සිට
ව්‍යුහය
ආසන 225
Parliament of Sri Lanka – Current.svg
දේශපාලන කණ්ඩායම්

රජය (107)

විපක්ෂය (118)

මැතිවරණ
අවසන් මැතිවරණය
2015 අගෝස්තු 17
රැස්වන ස්ථානය
The Parliament of Sri Lanka.jpg
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
Website
http://www.parliament.lk

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව යනු, මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් හෙබි, ශ්‍රී ලංකාවේ ඒක-මණ්ඩල ව්‍යවස්ථාදායකය වෙයි. වසර-හයක කාලසීමාවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සමානුපාතික නියෝජනය යටතේ සර්වජන ඡන්දය භාවිතයෙනි. සියළු නීති සම්පාදනය කිරීම සඳහා බලය පාර්ලිමේන්තුව සතුය. එය ආදර්ශයට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙයි.

කථානායක හෝ ඔහු නොමැතිවිටෙක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති හෝ නියෝජ්‍ය කාරක සභා සභාපති හෝ පාර්ලිමේන්තුවෙහි මුලසුන දරයි.

ව්‍යවස්ථාදායක සැසියක් කැඳවීම, අත්හිටුවීම, වාර හමාර කිරීම, හෝ අත්හිටුවීමටද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමටද සඳහා බලය, රටෙහි ජනාධිපති සතු වෙයි. මන්ත්‍රීවරුන් 225 අතුරින් 196 දෙනෙකු, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 වෙතින් තෝරා පත් කර ගනු ලැබේ. ජාතික මුළු ඡන්ද ප්‍රමාණයෙන් පක්ෂ (සහ ස්වාධීන කණ්ඩායම්) සඳහා ලැබුණු ඡන්ද ප්‍රමාණය ට අනුපාතික වශයෙන් ඉතිරි මන්ත්‍රීවරුන් 29 දෙනා ජාතික ලැයිස්තු වලින් තෝරා පත් කර ගනු ලැබේ.

ව්‍යවස්ථාදායක ඉතිහාසය[සංස්කරණය කරන්න]

ලංකාවේ පළමු අග්‍රාමාත්‍යය ඩී.එස්. සේනානායකගේ සහභාගිත්වයද සහිතව, හෙන්රි කුමරු, ග්ලොස්ටර් හී ආදිපාද විසින්, ස්වයං-පාලනයේ ඇරඹුම සනිටුහන් කරමින්, නිදහස් චතුරස්‍රයේදී පළමු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය.

බ්‍රිතාන්‍ය ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය[සංස්කරණය කරන්න]

ලංකාවේ පිහිටුවනු ලැබූ පළමු ව්‍යවස්ථාදායකය වූයේ, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවෙහි නිර්දේශය පරිදී, 1833 මාර්තු 13 දිනදී සංස්ථාපිත, විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාව වෙති. විධායක සභාව සමන්විත වූයේ යටත් විජිත ලේකම්, සන්නද්ධ හමුදා අණ දෙන නිලධාරි, නීති පති, විගණකාධිපති සහ භාණ්ඩාගාරික යන්නන්ගෙන් වන අතර, මන්ත්‍රණ සභාවේ රාජකාරි උපදේශාත්මක වූ අතර මූලාසනය හෙබවූ ලංකාවේ ආණ්ඩුකාර විසින් එහි උපදෙස් විමසුවද එහි උපදෙස් නොසලකා හැරීමෙහි නිදහස ඔහු සතු විය. ආරම්භයේදී එය සමන්විතව තිබුණේ බ්‍රිතාන්‍යයන්ගෙන් පමණක් වන අතර පසුව දේශිය වැසියන්ද එක් කරන ලදි. මුලදී 16 දෙනෙක් සහ පසුව 49 දෙනෙක් මන්ත්‍රීවරු ව්‍යවස්ථාදායක සභාවට තෝරා පත් කර ගන්නා ලද මුත්, ඒ සඳහා ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලැබුවේ සීමිත ජනතා කොටසක් පමණි.

1931 දී ව්‍යවස්ථාදායක සභාව විසුරුවාහැරිය අතර ඒ වෙනුවට ඩොනමෝර් ව්‍යවස්ථාව විසින් පිරිනැමුනු සර්වජන වැඩිහිටි ඡන්දය ඇසුරෙන් තෝරා පත් කර ගත් මන්ත්‍රීවරු 101 කින් සමන්විත වඩාත් බලවත් ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.

ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය[සංස්කරණය කරන්න]

1948 පෙබරවාරි 4 දිනදී නිදහස ප්‍රදානය කිරීමට හා ඩොමීනියන් ලංකාව පිහිටුවීමට පෙර, සෝල්බරි කොමිසමෙහි නිර්දේශ පරිදී, 1947දී නව ද්වි-මණ්ඩල පාර්ලිමේන්තුවක් පිහිටවනු ලැබුවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව විසුරුවා හැරීමෙන් පසුවය. එය පදනම්ව තිබුණේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය අනුව වන අතර, පත් කළ සාමාජිකයන්ගෙන් සමන්විතවූ සෙනෙට් සභාව නම් උත්තර මන්ත්‍රී මණ්ඩලයකින්ද, එහි සාමාජිකයන් තෝරා පත් කර ගනු ලැබූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නම් පහළ මන්ත්‍රී මණ්ඩලයකින්ද , මෙය සමන්විත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සමන්විත වූයේ මන්ත්‍රීවරුන් 101 දෙනෙකුගෙන් (1960 දී මෙය 157 දක්වා ඉහළ නංවන ලදි) වන අතර සෙනෙට් සභාව සමන්විතවූ සාමාජීකයන් 30 දෙන අතුරින්, 15 දෙනෙකු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් තේරී පත් කරනු ලැබූ අතර 15 දෙනෙකු ලංකාවේ අග්‍රාණ්ඩුකාර විසින් පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ඉතිහාසය[සංස්කරණය කරන්න]

1971 ඔක්කොම්බර් 21 දිනදී සෙනෙට් සභාව අහෝසි කරන ලද අතර, 1972 මාර්තු 22 දිනදී ජනරජ ව්‍යවස්ථාව ප්‍රඥප්ත කරන ලද අතර, නියෝජික මන්ත්‍රී මණ්ඩලය වෙනුවට තෝරා පත් කරගනු ලැබූ මන්ත්‍රීවරු 168 දෙනෙකුගෙන් සමන්විතවූ ජාතික රාජ්‍ය සභාව පිහිටුවා ගන්නා ලදි. 1977 දී ප්‍රඥප්ත කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව මගින් මෙය වෙනුවට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආදේශ කෙරිණි.

1987 දී, පාර්ලිමේන්තු සංකීර්ණය තුල රජයේ මන්ත්‍රීවරුන් රැස්වීමක් පවත්වද්දී රැස්වීම් කාමරයට අත්බෝම්බයක් වීසි කරන ලදි. මන්ත්‍රීවරු දෙදෙනෙක් මියගොස් දහසය දෙනෙක් තුවාල ලද අතර, ප්‍රහාරයේ ඉලක්කය වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තුවාල නොලබා බේරිණි. ජනතා විමුක්ති පෙරමුණ මෙම ප්‍රහාරයේ වගකීම භාර ගති.

සැසි සහ සැසි වාර[සංස්කරණය කරන්න]

කාර්යභාරය[සංස්කරණය කරන්න]

පාර්ලිමේන්තු ක්‍රමයට අනුගතව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කාර්යයන්ද ප්‍රධාන වශයෙන් කොටස් 3කි.

  1. ජනතාව නියෝජනය කිරීම
  2. නීති පැනවීම (ව්‍යවස්ථා සම්පාදනය)
  3. විභාගකිරීම් සහ පරීක්‍ෂණ

උත්තරීතරභාවය[සංස්කරණය කරන්න]

වරප්‍රසාද[සංස්කරණය කරන්න]

සෙංකෝලය[සංස්කරණය කරන්න]

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය[සංස්කරණය කරන්න]

පාර්ලිමේන්තුවේ මහලේකම් විසින් ප්‍රධානත්වය උසුලන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය, පාර්ලිමේන්තුවේ සමස්ත පරිපාලනමය ක්‍රියාකාරකම් භාරව සිටියි. මෙම පරිපාලනය දෙපාර්තමේන්තු අටකට බෙදා ඇත.

මෙම දෙපාර්තමේන්තු නම්;

  • චේත්‍රධාරී දෙපාර්තමේන්තුව
  • පරිපාලන දෙපාර්තමේන්තුව
  • ව්‍යවස්ථාදායක සේවා දෙපාර්තමේන්තුව
  • හැන්සාඩ් දෙපාර්තමේන්තුව
  • මුදල් හා සැපයුම් දෙපාර්තමේන්තුව
  • තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව
  • සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව
  • ආහාරපාන හා ගෘහපාලන දෙපාර්තමේන්තුව

ආරක්ෂ කටයුතු පිළිබඳව භාරව සිටින්නේ චේත්‍රධාරී නිලධාරි වන අතර ඔහු පරිනායක ලෙසින්ද ක්‍රියා කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත යටතේ පිහිටුවන පද කාර්ය මණ්ඩල උපදේශන කමිටුව (SAC) පාර්ලි‌මේන්තු‌ කාර්ය මණ්ඩලය සම්බන්ධ කරුණුවලදී පාර්ලි‌මේන්තු‌ මහ‌‌ලේකම් කාර්යාංශයට උප‌දෙස් හා මාර්‌ගෝප‌දේශ සපයයි. කාර්ය මණ්ඩල උප‌දේශක කමිටුව සමන්විත වන්‌නේ කථානායකතුමා (සභාපති), සභානායකතුමා, මුදල් ඇමැතිතුමා සහ විපක්ෂ නායකතුමා යන අය‌ගෙනි.

පාර්ලිමේන්තු ගොඩනැගිලි[සංස්කරණය කරන්න]

ගාලු මුවදොර පිටිය අසබඩ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල, දැනට ජනාධිපති ලේකම් කාර්යාලයය පවත්වාගෙන යයි
පැරණි ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල, කොළඹ කොටුව. වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය එහි පිහිටා තිබේ.

බ්‍රිතාන්‍ය යටත්විජිත රජය යටතේ, 1833 දී විධායක සභාව සහ ව්‍යවස්ථාදායක සභාව පිහිටවූ විට, ඒවායේ රැස්වීම් පැවැත්වුනේ, ගෝර්ඩන් උද්‍යානය ඉදිරිපිට ගොඩනැගිල්ලක වන අතර, වර්තමානයේ "ජනරජ ගොඩනැගිල්ල" ලෙසින් හැඳින්වෙන එහි, විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි කටයුතු පවත්වාගෙන යයි. 1930 ජනවාරි 29 දිනදී, ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර, ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලි (1927–1931) විසින්, ව්‍යාවස්ථාදායක සභා රැස්වීම් පැවැත්වීමට නිර්මාණය කොට තිබූ, ගාලු මුවදොර පිටිය ඉදිරිපිට වූ, ගොඩනැගිල්ල විවාත කෙරිණි. මින් අනතුරුව, එය ව්‍යවස්ථාදායක සභාව (1931–1947) සඳහාද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (1947–1972) සඳහාද, ජාතික රාජ්‍ය සභාව (1972–1977) සඳහා සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව (1977–1981) සඳහාද භාවිතා විය. වර්තමානයේදී, මෙම පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල භාවිතා වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයය සඳහාය.

1967 දී, කථානායක ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් යටතේ, දේශපාලන පක්ෂ නායකයන් ඒකමතිකව තීරණය කළේ, ගාලු මුවදොර පැවති පාර්ලිමේන්තුවට බේරේ වැවට විරුද්ධ පැත්තේ නව පාර්ලිමේන්තුවක් ගොඩ නැගිය යුතු බව නමුදු, ඒ පිළිබඳ තවද කටයුතු සිදු නොවීය. ස්ටැන්ලි තිලකරත්න කථානායකව සිටි කාලයේදී (1970–77), දේශපාලන පක්ෂ නායකයන් විසින් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සඳහා සැලසුම් සකස් කිරීමේ කටයුතු ගෘහ නිර්මාණ ශීල්පීන් වෙත පැවරුවද ඉන්පසුව ව්‍යාපෘතිය අත්හරින ලදි.

1979 ජූලි 4 දිනදී, එවකට අග්‍රාමාත්‍යයව සිටි රණසිංහ ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවෙහි අනුමැතිය ලබාගත්තේ, කොළඹින් 16 කිමී[convert: %s]%s පමණ නැගෙනහිරින් දියවන්නා ඔය හී 5 හෙක්ටෙයාර් (12 අක්කර) ප්‍රමාණයේ දූපතක් වන දූව හී, නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තැනීමටයි.


ආශ්‍රිත ලිපි[සංස්කරණය කරන්න]