ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010
![]() | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 74.50% | ||||||||||||||||||
| |||||||||||||||||||
![]() ජනාධිපතිවරණ ප්‍රතිඵල සිතියම. නිල් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ විසින් දිනූ දිස්ත්‍රික්ක වන අතර, කොළ පෙන්නුම් කරන්නේ ෆොන්සේකා දිනූ දිස්ත්‍රික්ක වෙති. | |||||||||||||||||||
|
2010 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරණය විය. වසර 2011 දී සිදුවීමට නියමිතව තිබූ ඔහුගේ ධූර කාලය නිමාවීමට පෙර, නවමු ජන වරමක් උරගා බැලීමට, ධූරන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කිරීමෙන් පසුව, 2009 නොවැම්බර් 23 දිනදී මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කෙරිණි. [1] 2009 දෙසැම්බර් 17 දිනදී නාමයෝජනා භාර ගන්නා ලද අතර, මැතිවරණය පැවැත්වුණේ 2010 ජනවාරි 26 දිනදීය. [2]
2005 නොවැම්බර් මාසයේදී, වසර-6 ක ධූර කාලයකට ජනාධිපති වශයෙන් තේරී පත්ව සිටි රාජපක්ෂ, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අපේක්ෂකයා විය. ශ්‍රී ලාංකික යුද්ධ හමුදාවේ හිටපු හමුදාපතිවරයෙක් වූ ජනරාල් සරත් ෆොන්සේකා, මැතිවරණයෙහිදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා විය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු, ප්‍රධාන විපක්ෂ පක්ෂ ගණනාවක් විසින්, ෆොන්සේකා වෙත සහය පලකොට තිබුණි.
භාවිතා කෙරුණු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 57% වැඩි ප්‍රමාණයක් ලැබූ ජනාධිපති රාජපක්ෂ, මැතිවරණ ජයග්‍රහණය ලැබ යළි-පත්කරනු ලැබීය.[3][4] ෆොන්සේකා වෙත ඡන්ද 40% ට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණු අතර, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් ඔහු විසින් ජයග්‍රහණය කෙරිණි. ඉතිරි අපේඛ්ෂකයන් විසි දෙනාම එකතුව ලබා ගත්තේ ජනප්‍රිය ඡන්දයෙන් 0.5% ට අඩු ප්‍රමාණයක් පමණි.
පසුබිම[සංස්කරණය]
2005 වසරෙහිදී, එක්සත් ජාතික පක්ෂය (එජාප) අපේක්ෂක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරාජය කල මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු ධූර කාලය සඳහා තේරී පත් විය. මහින්ද රාජපක්ෂ, මැතිවරණයට පෙර, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ අග්‍රාමාත්‍යවරයා විය. ජනප්‍රිය ඡන්දයෙන් 50.29% ලැබූ රාජපක්ෂ, ඡන්ද 190,000 ප්‍රමාණයකින් පටු ජයග්‍රහණයක් ලැබීය.
ප්‍රතිඵල[සංස්කරණය]
අපේක්ෂකයා | පක්ෂය | ඡන්ද | % | |
---|---|---|---|---|
මහින්ද රාජපක්ෂ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 6,015,934 | 57.88% | |
සරත් ෆොන්සේකා | නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 4,173,185 | 40.15% | |
මොහොමඩ් කාසිම් මොහොම්ඩ් ඉස්මයිල් | ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ | 39,226 | 0.38% | |
අචල අශෝක සුරවීර | ජාතික සංවර්ධන පෙරමුණ | 26,266 | 0.25% | |
චන්න ජනක සුගත්සිරි ගමගේ | එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ | 23,290 | 0.22% | |
ඩබ්. වී. මහිමන් රංජිත් | ස්වාධීන | 18,747 | 0.18% | |
ඒ. එස්. පී. ලියනගේ | ශ්‍රී ලංකා කම්කරු පක්ෂය | 14,220 | 0.14% | |
සරත් මනමේන්ද්‍ර | නව සිහළ උරුමය | 9,684 | 0.09% | |
එම්. කේ. ශිවලිංගම් | ස්වාධීන | 9,662 | 0.09% | |
උක්කුබණ්ඩා විජේකෝන් | ස්වාධීන | 9,381 | 0.09% | |
ලාල් පෙරේරා | අපේ ජතික පෙරමුණ | 9,353 | 0.09% | |
සිරිතුංග ජයසූරිය | එක්සත් සමාජවාදී පක්ෂය | 8,352 | 0.08% | |
වික්‍රමබාහු කරුණාරත්න | වාමාංශික පෙරමුණ | 7,055 | 0.07% | |
අයි. එම්. ඉල්යාස් | ස්වාධීන | 6,131 | 0.06% | |
විජේ ඩයස් | සමාජවාදී සමානතා පක්ෂය | 4,195 | 0.04% | |
සනත් පින්නදූව | ජාතික සන්ධානය | 3,523 | 0.03% | |
එම්. මොහොමඩ් මුස්තාෆා | ස්වාධීන | 3,134 | 0.03% | |
බත්තරමුල්ලේ සීලරතන හිමි | ජනසෙත පෙරමුණ | 2,770 | 0.03% | |
සේනාරත්න ද සිල්වා | දේශප්‍රේමී ජාතික පෙරමුණ | 2,620 | 0.03% | |
අරුණ ද සොයිසා | රුහුණු ජනතා පක්ෂය | 2,618 | 0.03% | |
උපාලි සරත් කෝන්ගහගේ | එක්සත් ජාතික විකල්ප පෙරමුණ | 2,260 | 0.02% | |
මුතු බණ්ඩාර තැමිණිමුල්ල | ඔක්කොම වැසියෝ, ඔක්කොම රජවරු සංවිධානය | 2,007 | 0.02% | |
වලංගු ඡන්ද | 10,393,613 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රමාණය | 101,838 | |||
සම්පූර්ණ ඡන්ද ප්‍රමාණය | 10,495,451 | |||
ලියාපදිංචි ඡන්දදායකයෝ | 14,088,500 | |||
ඡන්දය ප්‍රකාශ කිරීම | 74.50% | |||
මූලාශ්‍ර: මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ප්‍රසිඩන්ට් ඩිසයිඩ්ස් ටු හෝල්ඩ් ද ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන්". රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව. 23 නොවැම්බර් 2009. http://news.lk/index.php?option=com_content&task=view&id=12489&Itemid=44. සම්ප්‍රවේශය කෙරුණු දිනය 23 නොවැම්බර් 2009.
- ↑ "5 කැන්ඩිඩේට්ස් ඉන් ද ෆ්‍රේ". ද සන්ඩේ ටයිම්ස්. 29 නොවැම්බර් 2009. http://www.sundaytimes.lk/091129/News/nws_04.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 26 නොවැම්බර් 2009.
- ↑ [1][මළ බැඳිය]
- ↑ "රාජපක්ෂ ස්වීප්ස් ටු ශ්‍රී ලංකා වික්ටරි ඈස් ෆොන්සේකා ක්‍රයිස් ෆවුල්". BusinessWeek. 27 ජනවාරි 2010. Retrieved 21 August 2010.
Initial visibility
To set the template's initial visibility, the |state=
parameter may be used:
|state=collapsed
: {{ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=collapsed}} to show the template collapsed, i.e., hidden apart from its title bar|state=expanded
: {{ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=expanded}} to show the template expanded, i.e., fully visible|state=autocollapse
: {{ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, 2010|state=autocollapse}}- shows the template collapsed to the title bar if there is a {{navbar}}, a {{sidebar}}, or some other table on the page with the collapsible attribute
- shows the template in its expanded state if there are no other collapsible items on the page
If the |state=
parameter is not set, the template's initial visibility is taken from the |default=
parameter in the template. For this template, that currently evaluates to autocollapse
.