Jump to content

මාතර දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්
(මාතර පරිපාලන දිස්ත්‍රික්කය වෙතින් යළි-යොමු කරන ලදි)
මාතර
නගරය
මාතර දුම්රිය ස්ථානය
මාතර දුම්රිය ස්ථානය
රාජ්‍යයශ්‍රී ලංකාව
පලාතදකුණු පලාත
ආණ්ඩුව / පරිපාලනය
 • පුරපතිසොසින්ද්‍ර හඳුන්ගේ
සරිය
 • මුළු1,283 කිමී2 (495 සතරැස් සැත)
 • භූමිය1,270 කිමී2 (490 සතරැස් සැත)
 • ජලය13 කිමී2 (5 සතරැස් සැත)
උන්නතාංශය2 මී (7 අඩි)
ජනගහණය(2001)
 • මුළු76,254
 • ඝණත්වයBad rounding here59/කිමී2 (Bad rounding here150/වර්ග සැත)
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් අංකය81000
දුරකථන කේතය(න්)041

මාතර ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ දිස්ත්‍රික්කයකි. පුරාණ කාලයේ මාගම නමින් හැඳින්වීය. තවත් මතයකින් කියන්නේ මාතර අතීතයේ දී 'මහතෙර' නමින් ද හැඳින්වූ බවයි. මෙය එය 2004 දෙසැම්බර් මස ආසියානු කළාපයේ ඇතිවූ සුනාමි ඛේදවාචකයෙන් දරුණු ලෙස හානියට පත් වූ දිස්ත්‍රික්කයකි. මාතර මෙහි ප්‍රධාන නගරයයි. මාතර දිස්ත්‍රික්කයේ මුළු ජනගහනය 809344 ( වර්ෂ 2011 ) වන අතර පිළිවෙලින් සිංහල 763121 ( 94.3% ) මුස්ලිම් 25300 ( 3.1% ) ඉන්දියානු දෙමළ 11984 ( 1.5% ) ශ්‍රී ලංකා දෙමළ 8562 ( 1.1% ) වේ.

නමේ ඉතිහාසය

[සංස්කරණය]

නිල්වලා ගඟ මාතර දිස්ත්‍රික්කයෙන් මුහුදට වැටෙන ප්‍රධාන ගංගාවකි. මෙහි නම මුලින් ම භාවිතයට පැමිණියේ 'තොලගා මාතර ආචිචි' යන නමිනි. මොහු ශ්‍රී ලංකාවේ පියා ලෙසට හැදින්වූ බව සදහන් වෙයි. 'මාතර' යනුවෙන් හැදින්වීමට එක් හේතූවක් නම නිල්වලා ගඟ අසල ඇතිවූ විශාල භූමි භාගය නිසා ය. මෙය 'දැවැන්ත තොට' යන නමින්ද ප්‍රසිඬ නිසා 'සහන් තොට' යැයි කියනු ලැබෙ. ශ්‍රී ලංකාවේ ඇති දැවැන්ත තොටවල් වලින් කවියන්ගේ අවධානය විශාල වශයෙන් මාතර දිස්ත්‍රික්කයට ඇදී ගොස් ඇත. ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත පරවි සංදේශයේ, "විරබමි පතමි" නමි පාලකයෙක් මාතර අගනුවර කර එය නැවත 'මාපටුන' යන නමින් හැදින්වූ බවට සඳහන් වෙි. පෘතූගීසි පූජක කූවරීස් තූමාගේ 'මනර' යන නම පිළිබඳ නිගමනය නමි එය නිල්වලා ගඟ හා සමීප බව නිසා පෘතූගීසීන් මාතරට 'මතූරෙයි' යන හෙවත් දැවැන්ත බල කොටුව යන නම තැබූහ.

මෙම නම භාවිතයට පැමිණ ඇත්තේ ක්‍රි. ව. 1672 දීය. මෙම වචනය උච්චාරණය වරදවා 'මතූරෙයි' යන නම 'මදරායි' යන නමින් සැලැකූ බව ද ඉතිහාසයේ සඳහන් ය. ඇතැම් මූලාශ්‍රයන්ට අනුව පෘතූගීසීන් මෙය' මචුරායි' යන නමින් හැඳින්වූ බව සඳහන්වේ 'තූරායි' යනු 'බලකොටුව' යන වචනයේ අරුත දෙන්නකි. බස්නාහිර ජනපද වාසීන් මාතර ප්‍රදේශය යටත් කර ගැනීමට මුස්ලිමි වැසියන් දහස් ගණනක් ඝාතනය කළ බව සඳහන් ය.[තහවුරු කර නොමැත] එම නිසා මෙම මුස්ලිමි වැසියන් කිරින්ද, මී ඇල්ල ,අකූරැස්ස වැනි ප්‍රදේශ වලට පැන ගත්හ.[තහවුරු කර නොමැත] මෙම වකවානුවේදී ඔවුහු මෙම ප්‍රදේශය 'මතරායි' යන නමින් හැඳින්වූහ. දැනට භාවිතා වන මාතර යන නම පරිහරණය කර ඇත්තේ ශත වර්ෂ දෙකකට පමණ පෙර සිටය.

මාතර පරිපාලනය

[සංස්කරණය]
  • පෘතූගීසි පරිපාලනය
  • ලන්දේසි පරිපාලනය
  • ඉංග්‍රීසි පරිපාලනය

ලන්දේසීන් පාතරට / මූදුබඩ ප්‍රදේශය යටත් කර ගත් පසු එය පරිපාලන කොටස් 04 ට බෙදුවෝය. ඒවා සබරගමුව, සත්කෝරළය, සතර කෝරළය, හා මාතර යනුවෙන් නම් කළෝය. මේවායින් මාතර දිස්ත්‍රික්කය විශාල පෙදෙසක පැතිරී තිබිණි. එය දකූණු පළාතේ කළු ගඟ දක්වා පැතිරී ගියේ ය. ධර්මපාල රජු විසින් ලන්දේසි පූජක ෆ්‍රැන්ඩි ඩී ක්වෙරෝස් හට ලබාදුන් වාර්තාවේ සඳහන්වූයේ එය කෝට්ටේ සිට වලවේ ගඟ දෙසට පැතිරී යන බවයි. පසුව පාතරට දකූණු පළාත පරිපාලන කටයුතු සඳහා කොටස් 09 ට වෙන් කරන ලදී. මෙම ප්‍රදේශ 09 'මාතර මහා දිසාව' ලෙස නම් කරන ලදී. ලන්දේසි පාලන කාලය තූල මාතර ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස පැවති බව මෙම කරුණු වලින් පැහැදිලි වේ. වර්තමානයේ මාතර මහ නගර සභාවේ පුරපති වරයා සොසින්ද්‍ර හඳුන්නෙත්ති යැයි මෙහි දැක්වෙන නම සොසින්ද්‍ර හඳුන්ගේ ලෙස වෙනස් විය යුත්තේ ය.

ජනකවිය හා කවීන්, මාතර ඉතිහාසය හා නොයෙක් ආකාරයෙන් බැඳී පවතී. සරම් මුදලි තුමා, කාලිදාස, ගජමන් නෝනා, රංචාගොඩ ළමයා මින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම මාතර හා නිල්වලා ගඟ පිළිබඳ ජන කවියක් වන්නේ,

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා... තල්ල සුදුයි බෙල්ලේ ගෝඹර කැටියා... යන එන ඔරු පාරු නවතාගෙන සිටියා... මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා...

මෙම කවියේ අර්ථය පිළිබඳ නොයෙකුත් මති මතාන්තර තිබේ. මෙය නිල්වලාවේ සිටින කිඹුලන් පිළිබඳ එකක් ලෙස ඇතැමුන් පවසන අතර, බොහෝ අය කියන්නේ මෙය ව්‍යංගාර්ථයක් සහිත කවියක් බවයි. එනම්, මාතර තොටුපළේ මගීන් එහා මෙහා ගෙන යාමට තිබූ ඔරු-පාරු වල හිමියා, ගඟෙන් එගොඩ වන මගීන් ගෙන අසාධාරණ ලෙස මුදල් අයකළ අතර, ඔහුගේ පුතා එසේ කරන්නෙකු නොවීය. ඔහු මගීන්ට ඉතා කාරුණික, සාධාරණ පුද්ගලයෙක් වූ බැව් පැවසේ. මෙම කවිය එම පාරු හිමියා සහ පුතා අල්ලා ගොතන ලද කවියක්ය යන්න වඩා ප්‍රචලිත මතයයි. කෙසේ වෙතත් රුනුණේ මාතර යනු කවිය පෝෂණය කළ ප්‍රදේශයකි.

ජනතාව

[සංස්කරණය]

මාතර ප්‍රදේශයේ ධෛර්යය සමිපන්න මිනිස්සුන්ගෙන් පරිපූරණ වූවක් යයි ජනවහරේ පවතී. තවද මාතර වාසීන් බලි තොවිල් හදි හූනියම් වලට ඉතා දක්ෂ යයි විශ්වාසයක් ජනවහරේ පවතී. ලංකාවේ වෙනත් පළාත් වල ජීවත් වන බොහෝ අයගේ උපන්බිම මාතර ය. ලංකාවේ ජනප්‍රිය ව්‍යපාරිකයන් විශාල ප්‍රමාණයක ගේ උපන්බිම මාතර ය. පහත දැක්වෙන්නේ එයින් කිහිපදෙනෙකි.

  • නවලෝක සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • ජිනසේන සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • උපාලි සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • මැලිබන් බිස්කටි සමාගමේ නිර්මාතෘ
  • දාස සමුහ ව්‍යපාරයේ නිර්මාතෘ
  • හවුස් ඔෆ් ෆැෂන් නිර්මාතෘ
  • හරිස්චන්ද්‍ර මිල්ස් නිර්මාතෘ


එසේ ම බොහෝ ගත්කතුවරුන්ගේ නිජබිම ද මෙය යි.

  • අත්තුඩාවේ සිරි රාහුල හිමි
  • මුණිදාස කුමාරතුංග
  • දෙනගම සිරිවර්ධන

එමෙන් ම මෙහි ඇති රන් දූපත උපෝසථාගරය ද බොහෝ ජනතාවගේ නෙත් සිත් පිනවන මනරම් පුණ්‍ය භූමියකි@

මෙහි වත්මන් විහාරාධීකාරීත්වය පූජ්‍ය @ විටියල ඉන්ද්‍රරතන තෙරුන් වහන්සේ හොබවයි@ මෙහි වත්මන් කෘත්‍යාධිකාරීත්වය පූජ්‍ය @ වලස්මුල්ලේ සිරිධම්ම තෙරුන් වහන්සේ හොබවයි @ මෙම ස්ථානය බොහෝ දෙස් විදෙස් සන්චාරකයින්ගේ පාරාදීසයකි @
මාතර පරෙවි දූපත හෙවත් රන් දූපත උපෝසථාගරය

මැතිවරණ කොට්ඨාශ

[සංස්කරණය]
  • මාතර
  • වැලිගම
  • දෙවිනුවර
  • හක්මන
  • අකූරැස්ස
  • දෙනියාය
  • කඹුරුපිටිය

විශ්වවිද්‍යාල

[සංස්කරණය]
  • රුහුණු විශ්ව විද්‍යාලය
  • විවෘත විශ්වවිද්‍යාලය

උසස් අධ්‍යපන ආයතන

[සංස්කරණය]

ශ්‍රී සුදර්ශී විද්‍යායතන පිරිවෙන මාතර

වෘත්තීය අධ්‍යාපන ආයතන

[සංස්කරණය]

පාසල්

[සංස්කරණය]
  • රාහුල විද්‍යාලය
  • මාර/කරගොඩ උයන්ගොඩ මහා විද්‍යාලය
  • මාතර දික්වැල්ල විජිත විද්‍යාලය
  • සුජාතා විද්‍යාලය
  • ශාන්ත තෝමස් විද්‍යාලය
  • සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය
  • ශාන්ත සර්වේසස් විද්‍යාලය
  • ශාන්ත මරියා කන්‍යාරාමය
  • මහින්ද රාජපක්ෂ විද්‍යාලය-මාතර
  • බෞද්ධ විද්‍යාලය-මාතර
  • සාරිපුත්‍ර විද්‍යාලය-මාතර
  • මහාමායා විද්‍යාලය-මාතර
  • මාතර මධ්‍ය මහා විද්‍යාලය
  • ජනාධිපති විද්‍යාලය-මාතර
  • නාරන්දෙණිය ජාතික පාසල
  • ගුණරතන විද්‍යාලය - පාලටුව
  • මාර/පරදුව කනිෂ්ඨ විද්‍යාලය
  • තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය
  • අකුරැස්ස මහා විද්‍යාලය- අකුරැස්ස.
  • ගොඩපිටිය මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල)
  • තිහගොඩ මධ්‍ය මහා විද්‍යාලය
  • මාර/කෝන්ගල මධ්‍ය මහා විද්‍යාලය-හක්මණ
    • මාර/යටියන මහ විදුහල
    • මාර/තලල්ල උතුර මහා විද්‍යාලය-කැකණදුර
    • මාර / අපරැක්ක ම විදුහල - අපරැක්ක

මාර/රදාවෙල කනිෂ්ඨ විද්‍යාලය

  • මාර/කරගොඩ උයන්ගොඩ කණිෂ්ඨ

විද්‍යාලය

"https://si.wikipedia.org/w/index.php?title=මාතර_දිස්ත්‍රික්කය&oldid=682415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි