අනුර කුමාර දිසානායක
අනුර කුමාර දිසානායක | |
---|---|
![]() දිසානායක 2022දී | |
ජනතා විමුක්ති පෙරමුණේ නායක | |
තනතුර දරමින් 2 පෙබරවාරි 2014 | |
පූර්වප්‍රාප්තිකයා | සෝමවංශ අමරසිංහ |
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
තනතුර දරමින් 3 සැප්තැම්බර් 2015 – 18 දෙසැම්බර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න |
අනුප්‍රාප්තිකයා | මහින්ද අමරවීර |
ජාතික ජන බලවේගයේ නායක | |
තනතුර දරමින් 2019 | |
පූර්වප්‍රාප්තිකයා | තනතුර පිහිටුවා ඇත |
කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 1 අප්‍රේල් 2004 – 8 අප්‍රේල් 2010 | |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 22 අප්‍රේල් 2010 – 17 අගෝස්තු 2015 | |
තනතුර දරමින් 18 ඔක්තෝම්බර් 2000 – 7 පෙබරවාරි 2004 | |
පුද්ගලික තොරතුරු | |
උපත | නල්ලච්චිගේ දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 24 නොවැම්බර් 1968 ලංකා ඩොමීනියන් රාජ්‍යය |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජනතා විමුක්ති පෙරමුණ |
වෙනත් දේශපාලන සබැඳියා | ජාතික ජන බලවේගය |
උගත් ශාස්ත්‍රාලය | කැලණිය විශ්වවිද්‍යාලය |
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක, (දෙමළ: அநுர குமார திசாநாயக்க, ඉංග්‍රීසි: Anura Kumara Dissanayake; උපත 24 නොවැම්බර් 1968) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක් වන අතර ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ වත්මන් නායක ලෙස කටයුතු කරයි.[1] අනුර දිසානායක කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු මීට පෙර කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත. 2014 පෙබරවාරි 2 වැනිදා පැවති ජවිපෙ 7 වැනි ජාතික සම්මේලනයේදී දිසානායක ජවිපෙ නායකයා ලෙස නම් කර තිබේ. ඔහු 2000 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වේ.
දේශපාලන ජීවිතය[සංස්කරණය]
ඔහු 2004 ශ්‍රීලනිප, ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග යටතේ පැවති සන්ධනය ආණ්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.[2]
2019 ජනාධිපතිවරණය[සංස්කරණය]
දිසානායක තම 2019 ජනාධිපති අපේක්ෂකයා බව ජාතික ජන බලවේග ව්‍යාපාරය 2019 අගෝස්තු 18 දින නිවේදනය කළේය.[3]
මැතිවරණ ඉතිහාසය[සංස්කරණය]
මැතිවරණ | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | සන්ධානය | ඡන්ද | ප්‍රතිඵලය | ||
---|---|---|---|---|---|---|---|
2004 පාර්ලිමේන්තු | කුරුණෑගල දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | එක්සත් ජනතා නිදහස් සන්ධානය | 153,868 | තේරී පත් වූණා | ||
2010 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | 65,966 | තේරී පත් වූණා | |||
2019 ජනාධිපතිවරණය | ශ්‍රී ලංකාව | ජනතා විමුක්ති පෙරමුණ | ජන බලවේගය සඳහා වූ ජාතික ව්‍යාපාරය | 418,553 | පරාජ වුණා | ||
2020 පාර්ලිමේන්තු | කොළඹ දිස්ත්‍රික්කය | ජනතා විමුක්ති පෙරමුණ | ජාතික ජන බලවේගය | 49,814 | තේරී පත් වූණා |
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Anura Kumara Dissanayake is new JVP leader & National People's Power Part. Daily Mirror, Retrieved on 3 February 2014.
- ↑ "Agriculture Minister Anura Kumara Dissanayake will launch tomorrow Tank renovation scheme at Yapahuwa".
- ↑ "NPPM Declares JVP Leader Anura Kumara Dissanayake As Its 2019 Presidential Candidate". Colombo Telegraph. 18 අගෝස්තු 2019. සම්ප්‍රවේශය 19 අගෝස්තු 2019.
බාහිර සබැඳි[සංස්කරණය]
- Parliament profile
- Srinivasan, Meera (21 නොවැම්බර් 2018). "We think what happened on October 26 is a conspiracy, says Anura Kumara Dissanayake". The Hindu.