දකුණු පළාත, ශ්‍රී ලංකාව
දකුණු පළාත(දකුණු රට) Southern Province தென் மாகாணம் | |
---|---|
පළාත | |
![]() ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
ඛණ්ඩාංක: 6°10′N 80°45′E / 6.167°N 80.750°Eඛණ්ඩාංක: 6°10′N 80°45′E / 6.167°N 80.750°E | |
රට | ශ්‍රී ලංකාව |
තැණිනි | 1833 |
ඇතුළත් කෙරිණි | 14 නොවැම්බර් 1987 |
අගනගරය | ගාල්ල |
විශාලතම නගරය | ගාල්ල |
රජය | |
• ආණ්ඩුකාරවරයා | මාර්ෂල් පෙරේරා |
• ප්‍රධාන අමාත්‍යවරයා | ෂාන් විජයලාල් ද සිල්වා |
සරිය | |
• මුළු | 5,444 කිමී2 (2,102 සතරැස් සැත) |
භුමිප්‍රමාණ අනුස්ථිතිය | 7වන (මුළු සරියෙන් 8.46%) |
ජනගහණය(2011 ජන සංගණනය) | |
• මුළු | 2,464,732[1] |
• අනුස්ථිතිය | 3වන (මුළු ජනගහණයෙන් 12.18%) |
දළ ප්‍රාදේශීය නිෂ්පාදිතය (2010)[2] | |
• මුළු ගණන | රු බිලියන 492 |
• අනුස්ථිතිය | 3වන (මුළු ගණනින් 10.2%) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-3 |
වාහන ලියාපදිංචිය | SP |
නිල භාෂා | සිංහල, දෙමළ |
වෙබ් අඩවිය | sp.gov.lk |
ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් සමන්විත වූ දකුණු පළාත ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය අයත් වන බස්නාහිර පළාත, හා සැසඳීමේදී මෙම ප්‍රදේශය අාර්ථික තත්වය සුළු පසුගාමීත්වයක් පෙන්නුම් කරයි. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය මෙහි ප්‍රධාන ජීවනෝපාය මාර්ගයන් ලෙස දැක්විය හැක.
දකුණු පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ:
- මාතර දිස්ත්‍රික්කය - ව.කි.මී.1,673
- ගාල්ල දිස්ත්‍රික්කය - ව.කි.මී.2,593
- හම්බන්තොට දිස්ත්‍රික්කය - ව.කි.මී.1,246
උසස් අධ්‍යාපනය ලැබූවෝ අග නගරයට සංක්‍රමණය වීම මෙහි කර්මාන්ත සංවර්ධනයේ පසුගාමීත්වයට එක් හේතුවකි.
වැදගත් ස්ථාන[සංස්කරණය]
යාල සහ උඩවළව ජාතික වනෝද්‍යාන, කතරගම පූජා නගරය, තිස්සමහාරාමය, කිරින්ද සහ ගාල්ල වැනි පෞරාණික නගර මෙම ප්‍රදේශයට අයත් වැදගත් ස්ථාන ලෙස දැක්විය හැක. පොදු ජනතාව පිළිබඳව කවි ලියූ දික්වැල්ලේ විසූ අන්දරේ සහ මාතර දිස්ත්‍රික්කයට අයත් දෙනිපිටියේ විසූ ගජමන් නෝනා පෘථුගීසි පාලන සමයේ සිටි සුප්‍රසිද්ධ කවීන් දෙදෙනෙකි.
2004 වර්ෂයේදී ඇතිවූ සුනාමි උවදුරින් මෙම ප්‍රදේශය දැඩි ලෙස හානියට පත් විය.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "පොපියුලේෂන් බයි ප්‍රොවින්ස්, 2012" (PDF). ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. 2012. Retrieved 1 දෙසැම්බර් 2014.
- ↑ :.නිවුස් ලයින් : නෝර්ත්, ඊස්ට් රෙකෝඩ් හයියස්ට් ජීඩීපී ග්‍රෝත් රේට් Archived 20 June 2012[Date mismatch] at the Wayback Machine.