හරිනි අමරසූරිය

විකිපීඩියා වෙතින්
හරිනි අමරසූරිය
ஹரிணி அமரசூரிய
Harini Amarasuriya
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
තනතුර දරමින්
20 අගෝස්තු 2020
පුද්ගලික තොරතුරු
උපත6 මාර්තු 1970 (1970-03-06) (වයස 54)
කොළඹ,බස්නාහිර පළාත, ශ්‍රී ලංකාව
ජාතියශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය 2020 - වර්තමානය
වෙනත් දේශපාලන
සබැඳියා
ජනතා විමුක්ති පෙරමුණ 2020 - වර්තමානය
රැකියාව
  • සමාජ ක්‍රියාකාරික
  • කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරික
  • තරුණ ක්‍රියාකාරික
  • ශාස්ත්‍රාලික
  • දේශපාලනඥ

හරණි අමරසූරිය, (දෙමළ: ஹரிணி அமரசூரிய, ඉංග්‍රීසි: Harini Amarasuriya; උපත 6 මාර්තු 1970) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක්, ශාස්ත්‍රාලිකයෙක්, අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙක් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්. අමරසූරිය ජාතික ලැයිස්තුව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඇය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කර ඇත. ඇය 2019 සිට ජාතික ජන බලවේගයපක්ෂය නියෝජනය කරයි. ඇය ජාතික ජන බලවේගයේ මතවාදීව මධ්‍ය-වමේ ; ඇය තමා ලිබරල්වාදියෙකු ලෙස සලකයි. තරුණ විරැකියාව, ලිංගභේද පිළිබඳ අසමානතාවය, ළමා ආරක්ෂණය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමයේ අකාර්යක්ෂමතාව වැනි දැවෙන ගැටළු පිළිබඳව කරන ලද පර්යේෂණ සඳහා හරිනි ප්‍රසිද්ධය. [1] ඇය දැනට නෙස්ට් නම් ශ්‍රී ලාංකික දේශීය රාජ්‍ය නොවන සංවිධානයක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි. [2]

වෘත්තීය[සංස්කරණය]

ඇය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළාය. ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය සමාජ සම්බන්ධතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් ප්‍රකාශයට පත් කළ අතර පර්යේෂණ සිදු කළාය. [3] [4]

2011 වසරේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් ලෙස සම්බන්ධ වීමෙන් පසු ක්‍රියාකාරීත්වයේ සිය වෘත්තීය ජීවිතය කරගෙන ගිය ඇය නිදහස් අධ්‍යාපනය ඉල්ලා උද්ඝෝෂණවලට සම්බන්ධ වූවාය. [5] ළමා ආරක්ෂණ සහ මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඇය සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට බැඳුණාය.

හරිනි අමරසූරිය 2019 දී ජාතික බුද්ධිමතුන්ගේ සංවිධානයට සංරක්ෂණය කළ පිටපත 2022-08-10 at the Wayback Machine සම්බන්ධ වූ අතර 2019 ශ්‍රී ලංකික ජනාධිපතිවරණ සමයේදී NPP අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළාය. 2020 අගෝස්තු 12 වන දින, ඇය 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ 16 වන පාර්ලිමේන්තුවට ඇතුළු වීම සඳහා ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගය විසින් නම් කර පත් කරන ලදී. [6] [7] [8]

ජාතික ලැයිස්තු අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව විවෘත විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස හරීනිට ඇයගේ සේවය දිගටම කරගෙන යා හැකිද යන්න පිළිබඳවද ව්‍යාකූලත්වය සහ කනස්සල්ල මතු විය. [9] කෙසේ වෙතත්, EconomyNext සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය නිල වශයෙන් හෙළි කළේ තම දේශපාලන ජීවිතය සහ පාර්ලිමේන්තු දේශපාලනය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Interview - Harini Amarasuriya". E-International Relations (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-06-25. සම්ප්‍රවේශය 2020-08-12.
  2. "Harini Amarasuriya | Youthpolicy.org". www.youthpolicy.org. සම්ප්‍රවේශය 2020-08-12.
  3. "Dr Harini Amarasuriya | IASH". www.iash.ed.ac.uk. සම්ප්‍රවේශය 2020-08-12.
  4. "Who is Dr. Harini Amarasuriya ? NPP national list nominee". NewsWire (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 2020-08-12. සම්ප්‍රවේශය 2020-08-12.
  5. "Cyber bullying prevents women from public positions - Harini Amarasuriya". www.dailymirror.lk (English බසින්). සම්ප්‍රවේශය 2020-08-12.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  6. "Rights activist and academic Dr Harini Amarasuriya is the NPP National List nominee". EconomyNext. 2020-08-12. සම්ප්‍රවේශය 2020-08-12.[භින්න වූ සබැඳිය]
  7. "Dr. Harini Amarasuriya named as JJB National List MP". Sri Lanka News - Newsfirst (ඉංග්‍රීසි බසින්). 2020-08-12. සම්ප්‍රවේශය 2020-08-12.
  8. tharindu. "හරිනි අමරසූරිය මාලිමාවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට". sinhala.srilankamirror.com (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-12.
  9. "NPP National List slot: Dr. Harini Amarasuriya's name proposed". www.themorning.lk. සම්ප්‍රවේශය 2020-08-12.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හරිනි_අමරසූරිය&oldid=625472" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි