වාරාණසී
වාරාණසී කාශි බනාරස් බෙනාරස් අවිමුක්ත ආනන්දවන රුද්‍රවාස[1] | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
පුරවරය | |||||||||
වමේ සිට දකුණට, ඉහළ සිට පහළට:
අහිල්‍යා ඝාට්, චේත් සිං ඝාට්, කේදාර් ඝාට්, දශාශ්වමේධ් ඝාට් හි ගංගා ආර්ති, වාරාණසීයේ ගංගා නදී ඉවුර දිගේ පිහිටියේ ය, ගංගා නදියට පූජා පවත්වන පුද්ගලයෙක්, දශාශ්වමේධ් ඝාට් | |||||||||
අපනාමය(න්): ඉන්දියාවේ අධ්‍යාත්මික අගනගරය | |||||||||
උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම | |||||||||
ඛණ්ඩාංක: 25°19′08″N 83°00′46″E / 25.31889°N 83.01278°Eඛණ්ඩාංක: 25°19′08″N 83°00′46″E / 25.31889°N 83.01278°E | |||||||||
රට | ![]() | ||||||||
ප්‍රාන්තය | උත්තර් ප්‍රදේශ් | ||||||||
කොට්ඨාසය | වාරාණසී | ||||||||
දිස්ත්‍රික්කය | වාරාණසී | ||||||||
රජය | |||||||||
• අධිකරණ වර්ගය | නාගරික සංස්ථාව | ||||||||
• ඉහළම අධිකරණය | වාරාණසී නාගරික සංස්ථාව | ||||||||
• නගරාධිපති | මෘදුලා ජයිස්වාල් (BJP) | ||||||||
• කොට්ඨාස කොමසාරිස් | දීපක් අගර්වාල්, IAS | ||||||||
• දිස්ත්‍රික් මහේස්ත්‍රාත් | කෞශාල් රාජ් ෂර්මා, IAS | ||||||||
• පරීක්ෂක ජනරාල්, වාරාණසී කලාපය | විජයි සිංහ් මීනා, IPS | ||||||||
• Senior Superintendent of Police | ප්‍රභාකර් චෞධරි, IPS | ||||||||
සරිය[2] | |||||||||
• පුරවරය | 82 කිමී2 (32 සතරැස් සැත) | ||||||||
• පුරවර[3] | 163.8 කිමී2 (63.2 සතරැස් සැත) | ||||||||
උන්නතාංශය | 80.71 මී (264.80 අඩි) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• පුරවරය | 1,201,815 | ||||||||
• අනුස්ථිතිය | 31වන | ||||||||
• ඝණත්වය | 15,000/කිමී2 ( 38,000/වර්ග සැත) | ||||||||
• පුරවර[4] | 1,432,280 (32වන) | ||||||||
භාෂාව | |||||||||
• නිල | හින්දි[5] | ||||||||
• අමතර නිල | උර්දු[5] | ||||||||
• ප්‍රාදේශීය | භෝජ්පූරි | ||||||||
වේලා කලාප | IST (UTC+5:30) | ||||||||
PIN | 221 001 to** (** ප්‍රදේශ කේතය) | ||||||||
දුරකථන කේතය | 0542 | ||||||||
වාහන ලියාපදිංචිය | UP 65 | ||||||||
දදේනි | $3.07 billion (2016–17)[6] | ||||||||
ඒක පුද්ගල ආදායම | INR 1,93 616[7] | ||||||||
ලිංග අනුපාතය | 0.926 (2011) ♂/♀ | ||||||||
සාක්ෂරතාව (2011) | 80.31%[8] | ||||||||
HDI | 0.645[9] | ||||||||
වෙබ් අඩවිය | varanasi.nic.in |
![]() |
මෙම ලිපිය තුළ භාරතීය පෙළ අන්තර්ගත ය. නිසි ප්‍රදර්ශන සහාය නොමැති විට, ඔබට ප්‍රශ්නාර්ථ හෝ කොටු, අස්ථානගත ස්වර හෝ නැතිවූ පිල්ලම් භාරතීය පෙළ වෙනුවට දිස්වනු ඇත. |
ලිපි මාලාවක කොටසක් වන |
හින්දු ආගම |
---|
![]() |
ලිපි මාලාවක කොටසක් වන |
වෛෂ්ණව ආගම |
---|
![]() |
![]() |
ලිපි මාලාවක කොටසක් වන |
ශෛව ආගම |
---|
![]() |
![]() |
වාරාණසී (හින්දුස්තානි උච්චාරණය: [ʋaːˈraːɳəsi] ( අසන්න)), හෙවත් බෙනාරස්,[10] බනාරස් (Banāras [bəˈnaːrəs] (
අසන්න)) හෝ කාශී (Kāśī [ˈkaːʃi] (
අසන්න)) යනුවෙන් හඳුන්වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ගංගා නදියෙහි ඉවුර අසබඩ පිහිටි නගරයකි. මෙය ප්‍රාන්ත අගනගරය වන ලක්නව් සිට 320 කිලෝමීටර (200 mi) ගිනිකොණදිගින් ද, අලහබාද් සිට 121 කිලෝමීටර (75 mi) පමණ නැගෙනහිරට වන්නට ද පිහිටා තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ආගමික මූලස්ථානයක් වන මෙය, හින්දු ආගම සහ ජෛන ආගම තුළ එන සප්ත පූජනීය නගර (සප්ත පූරි) අතර වඩාත්ම ශුද්ධ වූ නගරය ලෙස සැලකෙයි. එසේම මෙය බුද්ධාගමෙහි සහ රවිදස්සියා හි වර්ධනය කෙරෙහි බෙහෙවින් ඉවහල් විය. වාරාණසී පිහිටියේ ජාතික අධිවේගී මාර්ග අංක 2 අසල වන අතර, එහි වාරාණාසි සන්ධිය දුම්රිය ස්ථානය සහ ලාල් බහදූර් ශාස්ත්‍රී අන්තර්ජාතික ගුවන්තොටුපල පිහිටා තිබේ.
වාරාණසී වානිජමය අතින් ද වැදගත් නගරයක් වූ අතර, එය මස්ලින් සහ සේද රෙදි, සුවඳ විලවුන්, ඇත්දළ නිර්මාණ සහ ප්‍රතිමා සඳහා ප්‍රසිද්ධියක් ඉසිලී ය. ක්‍රි.පූ. 528 අවට කාලයේ, බුදුන් වහන්සේ සිය මංගල ධර්ම දේශනය වූ "ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය" දේශනා කළේ මෙහි යාබද සාරනාත් හි දී ය. මෙම නගරයෙහි ඇති තවත් ආගමික වැදගත්කමක් ලෙස ක්‍රි.ව. 8වන සියවසෙහි දී ආදි ශංකර විසින් ශෛවාගමික නිකායයක් ස්ථාපනය කිරීම දැක්විය හැක. මධ්‍යකාලීන යුගයේ මුසල්මාන පාලන සමයේ පවා නගරය හින්දු ආගමෙහි වැදගත් ස්ථානයක් ලෙස පැවතිණි. රාමගේ දිවිය අලලා තුල්සිදාස් විසින් රාම් චරිත් මානස් රචනා කරන ලද්දේ වාරාණසී හි ය. භක්ති ව්‍යාපාරයෙහි වැදගත් චරිත වන කබීර් සහ රවිදාස් උපත ලැබූයේ වාරාණසී හි ය.[11] සීක් ආගම බිහිකිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉසිලූ ගුරු නානක් ක්‍රි.ව. 1507 දී මහා ශිවරාත්‍රිය වෙනුවෙන් වාරාණසී වෙත පැමිණියේ ය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
උද්ධෘත[සංස්කරණය]
- ↑ "Varanasi: About the city". Official website of Uttar Pradesh Tourism. Archived from the original on 8 July 2013. Retrieved 23 May 2013.
- ↑ "Varanasi City".
- ↑ "District Census Handbook Varanasi" (PDF). censusindia.gov.in. Retrieved 23 December 2020.
- ↑ "Urban Agglomerations/Cities having population 1 lakh and above" (PDF). Office of the Registrar General & Census Commissioner, India. Archived (PDF) from the original on 17 October 2013. Retrieved 12 May 2014.
- ↑ 5.0 5.1 "52nd REPORT OF THE COMMISSIONER FOR LINGUISTIC MINORITIES IN INDIA" (PDF). nclm.nic.in. Ministry of Minority Affairs. Archived from the original (PDF) on 25 May 2017. Retrieved 26 December 2018.
- ↑ "Yogi Adityanath is right. Route to UP's $1 trillion GDP goal passes through hinterland". Retrieved 25 September 2019.
- ↑ "Executive Summary" (PDF). Retrieved 29 December 2019.
- ↑ "Slum Free City Plan of Action Varanasi" (PDF).
- ↑ http://ssca.org.in/media/4_2016_HDI_t1hcMZm.pdf
- ↑ The name that appears on the 1909 version official map of India
- ↑ "When the spirit of Kabir took over the ancient ghats of Benares". The Sunday Guardian Live (in ඇමෙරිකානු ඉංග්‍රීසි). 30 November 2019. Retrieved 29 December 2019.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
වාරාණසී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |
වාරාණසී travel guide from Wikivoyage
![]() |
විකිසරසවිය සතුව The Varanasi Heritage Dossier පිළිබඳ ඉගෙනුම් මූලාශ්‍ර ඇත. |
- Official website of Varanasi District
- State Government Tourism Website
- වාරාණසී at the Encyclopædia Britannica
- වාරාණසී at Curlie
- Banaras Bibliography at the Südasien-Institut, Heidelberg University