රාජ්ගිර්
රාජ්ගිර් රාජගෘහ | |
---|---|
ඓතිහාසික නගරය | |
මුදුනේ සිට දක්ෂිණාවර්තව: විශ්ව ශාන්ති ස්තූපය, රාජ්ගිර් කඳු, රත්නගිරි කඳු රැහැන් මග, පුරාතන මාකුරු පවුරු, සෝන් භාණ්ඩර් ලෙන්, ගිජ්ජ කූටය | |
අපනාමය(න්): මගධ අධිරාජ්‍යයේ රාජසභාව, රජුගේ ගෘහය[1] | |
බිහාර් | |
ඛණ්ඩාංක: 25°02′N 85°25′E / 25.03°N 85.42°Eඛණ්ඩාංක: 25°02′N 85°25′E / 25.03°N 85.42°E | |
රට | ![]() |
ප්‍රාන්තය | බිහාර් |
කලාපය | මගධ |
කොට්ඨාසය | පැට්නා |
දිස්ත්‍රික්කය | නාලන්දා |
Ward | 19 wards |
පිහිටුවූයේ | ක්‍රි.පූ. 2000 පමණ |
ප්රාරම්භකයා | සම්රාට් බෘහද්රථ |
සරිය(2015) [A 1] | |
• නගරය | 61.6 කිමී2 (23.8 සතරැස් සැත) |
• ප්‍රාදේශීය සැලසුම්කරණය | 517 කිමී2 (200 සතරැස් සැත) |
උන්නතාංශය | 73 මී (240 අඩි) |
ජනගහණය(2011)[3] | |
• මුළු | 41,587 |
වේලා කලාප | IST (UTC+5:30) |
PIN | 803116 |
Telephone code | +91-6112 |
වාහන ලියාපදිංචිය | BR-21 |
ලිංග අනුපාතය | 1000/889 ♂/♀ |
සාක්ෂරතාව | 51.88% |
ලෝක් සභා බල ප්‍රදේශය | නාලන්දා |
විධාන් සභා බල ප්‍රදේශය | රාජ්ගිර් (SC) (173) |
වෙබ් අඩවිය | nalanda.bih.nic.in |
දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
රාජ්ගිර් (ඓතිහාසිකව ගිරිව්‍රාජ් ලෙස ද හඳුන්වයි) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ පිහිටි පුරාතන නගරයකි. රාජ්ගිර් නගරය (පුරාතන රාජගෘහ; පාලි: රාජගහ) මගධ රාජධානියේ පළමු අගනුවර විය. පසුව මගධය මෞර්ය අධිරාජ්‍යය බවට වර්ධනය විය.[4] මෙම නගරය පිළිබඳී ඉන්දියානු මහා වීරකාව්‍යයක් වන මහාභාරතයේ සඳහන් අතර, ජාරාසන්ධ නම් රජකු පිළිබඳ එහි විස්තර වෙයි. මෙම නගරයේ සම්භවය නොහඳුනන නමුත්, ක්‍රි.පූ. 1000ට පමණ අයත් සෙරමික් නිර්මාණ මෙම නගරයෙන් හමුවී ඇත. වසර 2,500ක් පමණ පැරණි මහා ප්‍රාකාරය මෙම නගරය තුළ පිහිටා ඇත. මෙම ප්‍රදේශය ජෛනාගම සහ බුද්ධාගම සඳහා වැදගත් ස්ථානයක් වේ.[5] මෙය 20වන ජෛන තීර්ථංකර මුණිසුව්‍රතගේ උපන් බිම වන අතර, මහාවීර සහ ගෞතම බුදුන් වහන්සේගේ දිවිය සමඟ මෙම ස්ථානය බැඳී පවතී.[6] ක්‍රි.පූ. 6වන සහ 5වන සියවස්වල දී මහාවීර සහ බුදුන් වහන්සේ සිය ධර්ම දේශනාවන් මෙහිදී සිදුකොට තිබේ. බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේට වේළුවනාරාමය පූජා කළේ මෙහිදී ය. පුරාතන නාලන්දා විශ්වවිද්‍යාලය පිහිටියේ රාජ්ගිර් ආසන්නයේ වන අතර, 2010දී පිහිටුවූ නාලන්දා විශ්වවිද්‍යාලය ද ඒ අසලම පිහිටා ඇත.[7]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Pinddaangaya.in". www.pinddaangaya.in.
- ↑ "पत्रांक-213 : राजगीर क्षेत्रीय आयोजना क्षेत्र एवं बोधगया आयोजना क्षेत्र के सीमांकन एवं घोषणा" (PDF). Urban Development Housing Dept., Government of Bihar, Patna. 15 April 2015. Archived (PDF) from the original on 18 June 2015. සම්ප්‍රවේශය 18 May 2015.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Census2011Gov
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ "BSTDC". BSTDC.
- ↑ Jain Dharma ka Maulik Itihas Part-1, Ed. Acharyashri Hastimalji Maharaj, 1971 p. 739-742
- ↑ "Rajgir – The Abode of Kings". Times of India Travel.
- ↑ "Excursion tour of Rajgir & Nalanda from Bodhgaya | Rajgir, India Activities". Lonely Planet.
බාහිර සබැඳි[සංස්කරණය]
