සාංචිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(සාංචි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ඛණ්ඩාංක: 23°28′46″N 77°44′23″E / 23.479410°N 77.739616°E / 23.479410; 77.739616

සාංචිය
සාංචියේ මහා ස්ථූපය
The Great Stupa at Sanchi
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය
නිල නාමය Buddhist Monuments at Sanchi
පිහිටීම Sanchi Town, භාරත ජනරජය විකිදත්ත සංස්කරණය කරන්න
ඛණ්ඩාංක 23°28′51″N 77°44′11″E / 23.4807°N 77.7363°E / 23.4807; 77.7363
නිර්ණායක සංස්කෘතික: සමාජ පංති: (i)(ii)(iii)(iv)(vi)
සමුද්දේශ 524
අභිලේඛනය 1989 (13 වන සැසිය)
Building details
සාමාන්‍ය තොරතුරු
ප්‍රභේදය Stupa and surrounding buildings
ගෘහනිර්මාණ ශෛලිය Buddhist architecture
ඉදිකිරීම් ආරම්භ වූයේ 3rd century BCE
උස 12.2816.46 m (54.0 ft) (dome of the Great Stupa)
මිනුම්
විෂ්කම්භය 32.3236.6 m (120 ft) (dome of the Great Stupa)
සාංචිය is located in මධ්‍ය ප්‍රදේශ්
සාංචිය
සාංචියහි පිහිටීම
Section of Stupa with dimensions

සාංචි බෞද්ධ විහාර ප්‍රසිද්ධ මහා ස්ථූපය සාංචි නගරයේ රැයිසන් දිස්ත්‍රික්කයේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දියාවේ පිහිටා ඇත. එහි උතුරු-නැගෙනහිර පස ට කිලෝමීටර් 46 උරාගන්නා ප්‍රමාණය භෝපාල් වේ.

මහා සාංචි ස්ථූපයේ ප්‍රධාන දොරකඩ පිහිටි බුද්ධ ප්‍රතිමාව

සාංචි මහා ස්ථූපය, ඉන්දියාවේ පැරණිතම ශෛලමය ව්‍යූහය[1] මධ්‍ය භාරතයේ රමණීය කඳුගැටයක් මත පිහිටි සාංචිය ඓතිහාසික පසුබිම විමසන කල්හි අශෝක අධිරාජ්‍යයා ගේ කාලය දක්වා දිව යන ඉතිහාසයකට නෑකම් කියන බව පෙනේ. මහාවංශයෙහි 'චේතියගිරි' යන නාමයෙන් ද සාංචිය හඳුන්වා තිබෙන අතර එය ක්‍රි.පූ. 3 වන සියවසේ දී අශෝක මහා අධිරාජ්‍යයා විසින් නිමවන ලදී. එහි න්‍යෂ්ටියෙහි බුද්ධ ධාතූන් පුරා සරල hemispherical ගඩොල් ව්‍යුහයකින් සමන්විත විය. එය ඡත්‍ර, ධාතු නිවාස පහසුකම් ගරු බුහුමන් සැලසීම රිසි වූ ඉහළ ම ගෞරවය, තනතුරු සංකේතවත් කරන parasol වැනි ව්‍යූහයන්, සමඟ නිමකරනු ලැබීය. මෙම දාගැබ ඉදිකිරීම් කටයුතු විදීසා නුවර දේවී නම් අශෝක රාජ්‍යයාගේ දේවිය විසින් අධීක්ෂණය කරන ලදී. සාංචිය ඇගේ උපන් ස්ථානය මෙන්ම මෙම ස්ථානයේ දී ඇය හා අශෝක රජු සරණ මංගල්‍යය විය. ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ දී, හතර සියුම්ව තොරණ (විසිතුරු වාහල) කැටයම් හා සමස්ත ව්‍යූහය වටලා ගල් ගරාදී වැටක් එකතු කිරීය.

අශෝක කුමරු යොවුන් අවධියේ දී යුව රජ ලෙස උදේනි පුර සිට සාංචිය පිහිටි මාල්වා ප්‍රදේශය පාලනය කළේ ය. මෙම කාලයේ දී ම විදිසා නුවර දේවී කුමරිය සමඟ ඔහු විවාහ වීය. අශෝක අධිරාජ්‍යයා බුදු දහම වැළද ගනිත් ම දේවී කුමරිය ද එය අනුගමනය කළා ය. ඒ අනුව ඇයගේ මව් බිමේ රජතුමන් ලවා විහාරයක් කරවා ගත්තා ය. එයට සැරියුත් සහ මුගලන් අගසවු දෙනමගේ ධාතූන් ද තෙවන ධර්ම සංඝායනා නායකත්වය ඉසිලූ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ් ධාතුන් ද ධර්මදූත සේවාවේ යෙදුන හිමිවරුන්ගේ් ධාතූන් ද මෙම සාංචි චෛත්‍යයන්හි තැන්පත් කොට ඇත. ධර්මාශෝක රාජ පුත් මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමට පෙර විදිසාවේ වැඩ විසූ බව ද ඉතිහාසය අනාවරණය කරයි. එසේම අශෝක රජතුමාගේ විශේෂ සැලකිල්ලට මෙන් ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි.[2]

මෞර්යය යුගය[සංස්කරණය]

Visitors at sanchi stupa

සාංචි 'මහා ස්ථූපය' ඉන්දියාවේ පැරණිතම ශෛලමය ව්‍යූහය[3] වන අතර මුලින් ම ක්‍රි.පු. 3 වන සියවසේ දී අශෝක මහා අධිරාජ්‍යයා, විසින් ඉදිකර නිමවන ලදී. එහි න්‍යෂ්ටියෙහි බුද්ධ ධාතූන් පුරා ඉදි කළ hemispherical ගඩොල් ව්‍යූහයකින් සමන්විත විය. එහි ඡත්‍ර, ඉහළ තනතුරු සංකේතවත් කරන parasol වැනි ව්‍යූහයන් ගෙන් සමන්විත විය. සිහින් ව ඔප දැමූ වැලි ගල් කණු ද ඉදි කරන ලදී. පසුව පැරණි ස්තූපය පුළුල් කරනා විට එය ගල් ආවරණයකින් ආවරණය කරන ලදී. භවයේ පහළ කොටස තවමත් පවතින අතර භවය ඉහළ කොටස පහත වහලක් යට තැන්පත් කර ඇත." භවය" යනු අශෝක ශිලා (නිකාය සම්ප්‍රයුක්ත) විසිතුරු ශිලා සංඛයන් ගුප්ත යුගයේ දී එක් කොට ඇත.

ශුංග යුගය[සංස්කරණය]

මෙම සංයෝගයක් බෞද්ධ සංකේත: Shrivatsa හි තොරණ දොරටුව මත ධර්ම චක්‍රය, පුරා triratana තුල, සාංචි.

සාංචි ස්ථූපයේ මුල් ස්වරූපය වූ ගඩොල් ස්ථූපයට, පසුව ශුංග පාලන සමයේදී ගල් ආවරණයක් එක් කරන ලදි. අශොකවාදන, විසින් ස්තූපය එක් අවස්ථාවක දී විනාශ කර ඇති බවට ක්‍රිස්තු පූර්ව 2 වන සියවසේ දී වාර්තා වේ, සමහර පැමිණියා වූ ශුන්ගාවරුන් විසින් මෞර්යය අධිරාජ්යයා නැගීම සඳහා මෙය විනාශ කර ඇත. ඉදිකරනු ලැබූ සංඝාරාමය මහාථූපය, අශෝක කුළුණ ඓතිහාසික මූලික නිර්මාණ වේ. අශෝක මහ රජතුමාගේ ඇවෑමෙන් රජ්‍ය පාලනය ලබා ගන්නා අශෝක අධිරාජ්‍යයාගේ සේනාධිපති වූ පුෂ්සමිත්‍ර ශුංග විසින් එම ප්‍රධාන චෛත්‍යය විනාශ කරනු ලැබී ය. ඔහුගේ පුත් අග්නිමිත්‍ර එය ජනතාව විසින් සංවර්ධනයට ලබා දුන් සහයෝගය හා, නව සියයකට ආසන්න පිරිසකගේ ධන පරිත්‍යාගයන් ද සමඟ නැවත ගොඩනගන ලදි. දැනට දැකගත හැකි සාංචි ස්තූපයේ සියලු අංගයන් ශුංග රාජ්‍ය කාලයට අයත් වේ.[4] එය පුෂ්සමිත්‍ර ශුංග හට බුද්ධාගම සමඟ තිබූ වෛරය නිසා මෙම ස්ථූපය විනාශ කර ඇත. යළි ප්‍රතිසංස්කරණය කළ අග්නිමිත්‍ර හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයන් පීඩාවට පත් වූ හෙයින් මෙම ශුංගා පරපුර පසුව පාලනය කාලයේදී ස්තූපය එහි මුල් ප්‍රමාණය මෙන් දෙගුණයක් කිරීමට ගල් පුවරු සමග පුළුල් කරන ලදි. ශිඛරයේ ඉහළ අසල බිම සමතලා කර වර්ග වැට තුළ අතුරන හිරු ආවරණ තුන විසින් බවට අභිෂේක ලැබීය. එහි බොහෝ ස්ථර සමග එය නීතියේ ධර්ම චක්‍රය සංකේතයක් විය. ශිඛරයේ en:circumambulation සඳහා වූ ඉහළ චක්‍රලේඛය බෙර, ද්විත්ව පඩිපෙළ හරහා ප්‍රවේශ විය හැකි ය. දෙවන බිම් මට්ටමේ දී ගල් අඩිපාරක දිශා මුහුණ දක්වන්නන්ට ජච් වාහල හතර (තොරණ) හා ගල් ගරාදා මේ සමඟ අමුණා ඇති කරන ලදී. මෙම ශුංග පාලන සමයේදී විවෘත කර ඇති බව පෙනෙන්නට තිබෙන ගොඩනැගිලි, දෙවන හා තුන්වන ස්තූපයන් හි (නමුත් ශිලා ලේඛනයන් හි සඳහන් පරිදි සතවාහන කාලයයේ සිට වන ඉතා අලංකාර වාහල ඉදිකර ඇත.) දක්නට ඇත. මහා සෑයේ බිම ගරාදා හා ගල් කවරයකින් සමන්විත වේ.

ශතවාහන යුගය[සංස්කරණය]

Carved decoration of the Northern gateway to the Great Stupa of Sanchi. Torana Panels: Chhaddanta,Sujata's offering, Vessantara Jataka, East Columns: Shakra's visit, Royal procession, බිම්බිසාර's visit, West Column: Foreigners, Monkeys, Kapilvastu

පසු කාලය[සංස්කරණය]


දඹදිව
බෞද්ධ වන්දනා ස්ථාන
Dharma Wheel.svg
ධර්ම සංවේගය උපදවාගතයුතු ස්ථාන
ලුම්බිණි · බුද්ධ ගයා
සාරානාත් · කුසිනාරා
බුද්ධ කාලීන වෙනත් ස්ථාන
Sravasti · Rajgir
Sankissa · Vaishali
Other Sites
Patna · Gaya · Kosambi
Kapilavastu · Devadaha
Kesariya · Pava
Nalanda · Varanasi
පසුකාලීන ස්ථාන
සාංචිය · Mathura
Ellora · Ajanta · Vikramshila
Ratnagiri · Udayagiri · Lalitgiri
Bharhut · Barabar Caves

තවදුරටත් ස්ථූප හා වෙනත් බෞද්ධාගමික ව්‍යූහයන් ක්‍රි.ව 12 සියවස වන තෙක් ම සියවස් ගණනාවක් පුරා එකතු විය. බොහෝ විහාරස්ථාන මුල් ගුප්ත යුගය ගුප්ත අධිරාජ්යය දක්වා දිව යන්නකි. එය යටින් කණු හතරක් සමග පැතලි අතු වර්ග වටිවාම්බිකාවකින් සමන්විත වේ. අභ්‍යන්තර හා බාහිර පැති තුනක් සරළව දේව මාලිගාවේ ඉදිරිපස කුළුණු අලංකාර 'සම්භාව්‍යය' පෙනුමක් (මිත්ර 1971) ලබා දී කැටයම් කර ඇත. ගුප්ත කාලය තුළ සාංචි තොරණ ආශි‍්‍රතව ප්‍රතිමා තැන්පත් කිරීම, ප්‍රතිමාඝර ඉදිකිරීම බඳු විවිධාංග එකතු වී ඇත. පසු කාලය තුල ශක, ශත්‍රප, ප්‍රතිභාර, පරමාර, හා ඉස්ලාම් වැනි විවිධ ආක්‍රමණිකයන් විසින් සාංචියට කිහිප වතාවක් ම ප්‍රහාර එල්ල කරන ලදි. කි‍්‍ර.ව. 1300 න් පසු සාංචිය පරිහානියට පත් වේ.

අරලියගහ 45 මැද භාගයේ දී ඉදි කරන ලද බෞද්ධ පන්සල - 9 වැනි සියවසේ අග භාගයේ[5] ඉදිකර ඇත. එසේම මෙම අවස්ථාවේ දී ස්මාරක පවුරක් තුළ මේ සමඟ අමුණා ඇති කරන ලදී. ඉන්දියාවේ බුදු දහම පරිහානියත් සමඟ සාංචි ස්මාරක භාවිතය පිටතට ගොස් ජරාවාස වූයේ ය. 1818 දී බෙංගාල කැවල්රි ටේලර් විසින් මහා සාංචි සංචාරය වාර්තා කර ඇත. එම කාලයේ දී ස්මාරක දීර්ඝ කාලයක් තිස්සේ නඩත්තුව හා නිවරදි සුරක්ෂිත සංරක්ෂණය අත්හැර දමා ඇති බවත් පෙනී යයි.

බටහිර සොයාගැනීම්[සංස්කරණය]

A Gate to the Stupa of Sanchi 1932

1818 දී බ්‍රිතාන්‍යය සාමාන්‍ය නිලධාරියෙකු වූ ටේලර් , සාංචි පිහිටීම පිළිබඳව ලේඛනගත කිරීමට විය. ආධුනික පුරාවිද්‍යාඥයින් හා නිධන් හොරු 1881 දි නිසි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන තෙක් ම එම අඩවිය විනාශ කරන ලදී. ක්‍රි.ව. 1850 දශකයේ ඉංගී‍්‍රසි ජාතිකයන්ගේ පාලන සමයක් වන එම වකවානුවේ ඇති වූ රහස්, කුමන්ත්‍රණයක් මත සාංචි තොරණ සතර එංගලනත්යට ගෙනයාමේ තැතක් ව්‍යවර්ථ වූ බව ඉතිහාසයේ සඳහන් ය. ඒ අතරතුර 1861 දී ඉන්දීය පුරාවිද්‍යා අධිකාරිය පිහිටුවනු ලැබීය. 1881 දී ආර්. සී කෝල් මහත්මා පුරාවිද්‍යා අධිකාරි ලෙස පත්ව 'සාංචි' ශුද්ධ පවිත්‍ර කොට මහා ථූපයේ කඩා වැටුණු කොටස් හා තොරණ දෙකක් අලුත්වැඩියා කර තොරණ ගෙන යාමේ උත්සාහයට දැඩි ලෙස විරෝධය දක්වයි.[6] අද දක්නට ලැබෙන සාංචිය, සම්පූර්ණ වශයෙන් අවසන් වරට අලුත්වැඩියා කරනුයේ එම ස්ථානයට ඉමහත් කැපවීමක් කළ සර් ජෝන් මාර්ෂල්තුමා ය.[7] අද, ස්මාරක පනහක් පමණ, ස්තූප තුනක් හා විහාරස්ථාන කිහිපයක් ඇතුළු මෙය සාංචි කඳු මුදුන මත පවතී. මෙම ස්මාරක සඳහා යුනෙස්කෝ ලෝක උරුම අඩවි ලෙස 1989 දී ලේඛන ගත කොට ඇත.

චේතියඝිරි විහාර හා ශාරීරික ධාතූන් වහන්සේලා[සංස්කරණය]

මැසෙයි විසින් සාංචි හිදී ලබා ගන්නා ලද බෞද්ධ ශාස්ත්‍ර්පති සර්වඥ ධාතුන් වහන්සේලා ඔවුන් විසින් බෙදා වෙන් කොට පෞද්ගලික සිහිවටන ලෙස එංගලන්තයට ගෙන යන ලදි.[8] මැසෙයි පවුලේ වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ නැවතී සිටි ස්ථානයේ වස්තූන් විකුණා තිබේ. මහාබෝධි විසින් නායකත්වය ගෙන සඳහන් කළේ නැවත එංගලන්තයේ ධාතූන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ බෞද්ධයන් සතු කළ යුතු බවයි. 1947 දී සැරියුත් හිමියන්ගේ සමහර ධාතුන් හා, මුගලන් තෙරුන්ගේ සර්වඥ ධාතූන් නැවත සාංචි හි තබා ගැනීමට අවසර ලබා දීය.[9] ශ්‍රී ලංකාව පාහේ මුළු ජනගහනයෙන් ධාතූන් වැද පුදා ගැනීමට සංචාරයක නිරත විය. පසුව ඔවුන් ඉන්දියාවට නැවත ධාතූන් වහන්සේලා ගෙන එන ලදී. 1952 දී නව චේතියගිරි විහාරය විහාර ධාතු යෑමට ඉදිකළ ලදී.[10][11]

ගැලරිය[සංස්කරණය]

මේවා ද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. බෞද්ධ සිතුවම් Magazine May 13–26, 1989
  2. http://www.lakehouse.lk/budusarana/2008/09/22/tmp.asp?ID=fea03
  3. Buddhist Art Frontline Magazine May 13–26, 1989
  4. "Who was responsible for the wanton destruction of the original brick stupa of Ashoka and when precisely the great work of reconstruction was carried out is not known, but it seems probable that the author of the former was Pushyamitra, the first of the Shunga kings (184-148 BC), who was notorious for his hostility to Buddhism, and that the restoration was affected by Agnimitra or his immediate successor." in John Marshall, A Guide to Sanchi, p. 38. Calcutta: Superintendent, Government Printing (1918).
  5. Reconstructing a Latina Temple Spire: Temple 45, Sanchi, Dissertation submitted to Cardiff University, Fiona Buckee, 2010
  6. http://www.lakehouse.lk/budusarana/2008/09/22/tmp.asp?ID=fea03
  7. John Marshall, "An Historical and Artistic Description of Sanchi", from A Guide to Sanchi, Calcutta: Superintendent, Government Printing (1918). Pp. 7-29 on line, Project South Asia.
  8. Brekke, Torkel, Bones of Contention: Buddhist Relics, Nationalism and the Politics of Archaeology, Numen, Volume 54, Number 3, 2007 , pp. 270-303(34)
  9. Ceylon Allowed To Keep Sanchi Relics Till May 8, Indian Express - Apr 28, 1947.
  10. BUDDHA DISCIPLES WILL BE REBURIED; Relics of Followers of Ancient Leader to Be Reinterred at Rites in India Saturday, THE NEW YORK TIMES, November 25, 1952
  11. Sariputta and Moggallana in the Golden Land: The Relics of the Buddha's Chief Disciples at the Kaba Aye Pagoda, Jack Daulton, Journal of Burma Studies, Volume 4, 1999 pp. 101-128

සාහිත්‍යය[සංස්කරණය]

  • Dehejia, Vidya. (1992). Collective and Popular Bases of Early Buddhist Patronage: Sacred Monuments, 100 BC-AD 250. In B. Stoler Miller (ed.) The Powers of Art. Oxford University Press: Oxford. ISBN 0-19-562842-X.
  • Dehejia, Vidya. (1997). Indian Art. Phaidon: London. ISBN 0-7148-3496-3.
  • Mitra, Debala. (1971). Buddhist Monuments. Sahitya Samsad: Calcutta. ISBN 0-89684-490-0

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Raisen district

"https://si.wikipedia.org/w/index.php?title=සාංචිය&oldid=398536" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි