ක්‍රිෂ්ණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ක්‍රිෂ්ණ
දිව්‍යත්වය, ආදරය, දැනුම, රූමත්භාවය
ක්‍රිෂ්ණ
ශ්‍රී මාරිඅම්මාන් කෝවිලේ ඇති ක්‍රිෂ්ණ ප්‍රතිමාවක්, සිංගප්පූරුව
දේවනගරිकृष्ण
සංස්කෘත පරිවර්තනයKṛṣṇa
අනුබැඳියස්වයං භගවාන්, පරමාත්මන්
වාසභවනයගෝලෝක වෘන්දාවන‍ය, ගෝකුල, ද්වාරකා
ආයුධයසුදර්ශන චක්‍රය
කෞමෝදකී
පෞද්ගලික තොරතුරු
වල්ලභයාරාධා, රුක්මිණී, සත්‍යභාමා, ජම්බාවතී, කාලින්දි, මිත්‍රවින්දා, නග්නජිතී, භද්‍රා, ලක්ෂ්මණා සහ අනෙක් 16,000 හෝ 16,100ක් වූ කනිෂ්ඨ බිසෝවරු[1]
දෙමාපියන්දේවකී සහ වසුදේව, යශෝධා (හදාගත් මව) සහ නන්ද බාබා (හදාගත් පියා)
සොයුරු/සොයුරියන්බලරාම, සුභද්‍ර
වාහනයගරුඩා
පාඨ ග්‍රන්ථමහාභාරතය, භගවද් ගීතාව, විෂ්ණු පුරාණය, භගවත පුරාණය
උත්සවක්‍රිෂ්ණ ජන්මාෂ්ටමි, හෝලි

ක්‍රිෂ්ණ (/ˈkrɪʃnə/; සංස්කෘත: कृष्ण, Kṛṣṇa IAST වලින්, උච්චාරණය [ˈkr̩ʂɳə] ( අසන්න)) යනු විවිධ දෘෂ්ටිකෝණවලින් වන්දනාවට ලක්වන ප්‍රධාන හින්දු දෙවි කෙනෙකි. ක්‍රිෂ්ණ ඔහුගේ අයිතියෙන් ස්වයං භගවාන් හෙවත් විෂ්ණු දෙවියන්ගේ පූර්ණ/පරම උත්පත්තියක් ලෙස සලකනු ලබයි. සියලු හින්දු දෙවිවරුන් අතුරින් වඩාත් වන්දනාවට ලක්වන සහ ප්‍රචලිත දෙවියකු ලෙස ක්‍රිෂ්ණ හැඳින්විය හැක.[2] හින්දු දින දර්ශනය අනුව හින්දූහු ක්‍රිෂ්ණගේ උපන් දිනය සෑම වර්ෂයකම ශ්‍රාවණ මාසයේ ක්‍රිෂ්ණ පක්ෂයේ (අඳුරු පක්ෂය) අටවන දිනයේ (අෂ්ටමි) සමරති.[3]

ක්‍රිෂ්ණව ගෝවින්ද, මුකුන්ද, මධුසුධාන, සහ වාසුදේව යන නම්වලින් ද හඳුන්වනු ලබයි. ඔහුව නිතරම වෙඬරු කෑමට ප්‍රිය ළදරුවකු; භගවත පුරාණයේ සඳහන් පරිදි වස්දඬු වයන දරුවකු;[4] රාධා සමග සිටින තරුණයකු; ස්ත්‍රීන් පිරිවරා ගත් තරුණයකු; හෝ භගවද් ගීතාවේ දැක්වෙන පරිදි දිශාව සහ මඟපෙන්වීම සිදුකරන වැඩිමහල් පුද්ගලයකු ලෙස නිරූපණය කිරීම සිදුවේ.[5] ක්‍රිෂ්ණගේ කථාපුවත හින්දු දර්ශනය සහ සම්ප්‍රදායයන් තුළ පුළුල් විවිධත්වයකින් යුතුව දැකගත හැක.[6] ඔවුහු ක්‍රිෂ්ණව විවිධ දෘෂ්ටිකෝණවලින් නිරූපණය කරති: ළමා දෙවියකු, විසුළුකාරයකු, පරමාදර්ශී ප්‍රේමවන්තයකු, දිව්‍යමය වීරයකු, සහ පරම දේවතාවකු ලෙස දක්වා තිබේ.[7] ක්‍රිෂ්ණාගේ කථාපුවත විස්තර කෙරෙන ප්‍රධාන මූලාශ්‍රයන් වන්නේ ශ්‍රීමද් භගවතම්, මහාභාරතය, හරිවංසය, භගවත පුරාණය, සහ විෂ්ණු පුරාණයයි. ක්‍රිෂ්ණා පිළිබඳ වෘත්තාන්ත සහ උපාඛ්‍යාන සාමාන්‍යයෙන් ක්‍රිෂ්ණ ලීලා ලෙස හැඳින්වේ.

ක්‍රිෂ්ණ දේව වන්දනාව ක්‍රිෂ්ණ දෙවියන්ගේ ස්වරූපයෙන් හෝ වාසුදේව, බාල ක්‍රිෂ්ණ හෝ ගෝපාල් වැනි ස්වරූපවලින් වන්දනාවට සාක්ෂි ක්‍රි.පූ. 4වන සියවස තරම් මුල් කාලයෙන් හමුවේ.[8][9] ස්වයං භගවාන් ලෙස ක්‍රිෂ්ණ වන්දනාව හෝ ක්‍රිෂ්ණවාදය ලෙස ක්‍රිෂ්ණ පරම දේවතාවකු ලෙස වන්දනාමාන කිරීම මධ්‍යතන යුගයේ සිදුවූ අතර එය භක්ති ව්‍යාපාරය අනුව පෙනේ. ක්‍රි.ව. 10වන සියවසේ දී ක්‍රිෂ්ණ අභිවාහ්‍ය කලා සඳහා ජනප්‍රිය තේමාවක් බවට පත්වූ අතර, ප්‍රාදේශික ඇදහිලි සම්ප්‍රදායයන් ද වර්ධනය විය. මෙයට උදාහරණ ලෙස ඕඩිෂාවේ ජගන්නාථ, මහාරාෂ්ට්‍රයේ විථෝබ සහ රාජස්ථානයේ ශ්‍රීනාත්ජී වැනි උදාහරණ දැක්විය හැක. 1960 දශකයේ සිට ක්‍රිෂ්ණ වන්දනාව බටහිර ලෝකය සහ අප්‍රිකාව වෙත ව්‍යාප්ත වූයේ ප්‍රධාන වශයෙන්ම ක්‍රිෂ්ණා සවිඥානකතාව සඳහා අන්තර්ජාතික සංගමය (ISKCON) දැරූ ප්‍රයත්නයන්හි ප්‍රතිඵලයක් ලෙසයි.[10] ක්‍රිෂ්ණ වන්දනාවේ ප්‍රධාන යෝජකයකු ලෙස ගෞඩියා මැත් සැලකේ.

ඇතැම් ආගමික විද්වතුන් ක්‍රිෂ්ණගේ උපන්දිනය ගණනයට උත්සාහ දරා ඇත. "වාසුදේව ගෝවින්ද ක්‍රිෂ්ණ ශෞරි" යන නාමයෙන් ක්‍රිෂ්ණ වර්තමානයේ ගිලීගොස් ඇති ද්වාරකා දිවයිනේ (ඉන්දියාවේ ගුජරාටයට නුදුරින්) ශූරසේනි සහ වෘෂ්ණි ගෝත්‍ර පාලනය කළේ යැයි විශ්වාස කරන ඇතැම්හු ඔහුගේ උපන්දිනය ක්‍රි.පූ. 3200 සහ 3100 අතර දිනයක් යැයි පවසති.[3]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. John Stratton Hawley, Donna Marie Wulff (1982). The Divine Consort: Rādhā and the Goddesses of India. Motilal Banarsidass Publishe. ISBN 9780895811028. 
  2. "Krishna". Encyclopædia Britannica Online.
  3. 3.0 3.1 "Krishna lived 125 years". Times of India.
  4. Knott 2000, p. 56
  5. Knott 2000, p. 36, p. 15
  6. Richard Thompson, Ph.D. (December 1994). "Reflections on the Relation Between Religion and Modern Rationalism". Retrieved 2008-04-12. Cite journal requires |journal= (help)
  7. Mahony, W.K. (1987). "Perspectives on Krsna's Various Personalities". History of Religions. American Oriental Society. 26 (3): 333–335. doi:10.1086/463085. JSTOR 1062381.
  8. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Cultofgopal නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Hastings540 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  10. Selengut, Charles (1996). "Charisma and Religious Innovation:Prabhupada and the Founding of ISKCON". ISKCON Communications Journal. 4 (2). Archived from the original on 13 July 2011. Cite uses deprecated parameter |deadurl= (help)

ප්‍රභව[සංස්කරණය]

වැඩිදුර කියවීමට[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Mahābhārata සැකිල්ල:Hindu Culture and Epics සැකිල්ල:Hindudharma සැකිල්ල:Caitanya sampradaya සැකිල්ල:Religion topics

"https://si.wikipedia.org/w/index.php?title=ක්‍රිෂ්ණ&oldid=407041" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි