යෝග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යෝග[සංස්කරණය]

ඉන්දියාවේ පහළ වූ ෂඩ් දර්ශන (ීසං දරඑයදාදං) වන න්‍යාය, මයිෂේෂික, ශාංබ්‍ය, යෝග, පූර්ව මිමංසා සහ වේදන්ත අතර ප්‍රමුබ ස්ථානයක් හිමි කරගන්නා යෝග දර්ශනයට අතීතයේ සිටම ඉතා වැදගත් තැනක් හිමි ව තිබේ. ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට තපස්වරුන් රැකගෙන ආ යෝග දර්ශනය ක්‍රි.පූ. 2වන සියවසේ දී පතංජලී සෘෂිවරයා විසින් ග්‍රන්ථාරූඪ කරන ලදී. යෝග දර්ශනයේ පියා ලෙස සැලකෙන්නේ පතංජලී සෘෂිවරයාය.

පතංජලී යෝග සූත්‍රවලට අමතරව සමකාලීනව ලියැවුණු හතයෝග ප්‍රදීපිකා, ශිව සංහිතා සහ භගවත්ගීතාව යෝග ගැන සඳහන් වේද ග්‍රන්ථ වේ. ක්‍රි.පූ. 1700ට පෙර පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ද යෝග ආසන ක්‍රමයක් පැවැති බවට සාක්ෂි සොයාගෙන තිබේ. පුද්ගලයින් යෝග ආසනවල සිටින රූප 11 ක් එම පුරාවිද්‍යා කැණීම්භූමිවලදී හමුවී තිබේ. පුරාවිද්‍යාඥ ග්‍රෙගරි පොසෙල් පවසන පරිදි එම රූප අඹා ඇති ආකාරය අනුව ඔවුන් යෝගාසනවලට සමාන ආකාරකින් සිටින බවට හඳුනාගත හැකිව තිබේ. ක්‍රි.පූ. 600 උපනිෂද් ග්‍රන්ථවල සහ ක්‍රි.පූ. 500 භගවත් ගීතාවේ ද යෝග දර්ශනය පිළිබඳ සඳහන් ව තිබේ.

යෝග පිළිබඳ සෘෂිවරුන් ඉදිරිපත් කරන දර්ශන සියල්ලේ සංක්ෂිප්තයක් ලෙස යෝග දර්ශනය මිනිසාගේ එදිනෙදා ජීවිතය යහපත් කරගැනීම සඳහා විවිධ ගුරුවරුන් විසින් භාවිතාවට ගනු ලබමින් තිබේ. යෝග ´´යුග්`` සංස්කෘත වචනයෙන් සෑදී ඇති අතර එහි තේරුම ´´සම්බන්ධ කිරීම`` යන්නයි. මිනිසාගේ ජීව ශක්තිය ´´විශ්ව ශක්තිය``ට සමකරන්නාවූ මාර්ගය ය යෝග වේ. මූලික ග්‍රන්ථවල ශක්තිය, ධාරණය, සමාධි සහ ප්‍රාන යෝගවලින් ඇති වන බව පැහැදිලි කරයි. වර්තමානයේ යෝග යනු ආසන ක්‍රමයක් නැතහොත් ශරීර හා මානසික සුවතාව ලබාගැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ දෙනා වටහාගෙන ඇතත් යෝග දර්ශනය යනු ඊට වඩා පුළුල් විෂයයක් වන අතර යෝග දර්ශනය අධ්‍යාත්මික වශයෙන් පුළුල් ලෙස ප්‍රගුණ කරන්නකුගේ ඉලක්කය වනුයේ මෝක්ෂය නැතහොත් නැවත ඉපදීමක් නැති කරගැනීමයි.

යෝග ආසන ඔස්සේ මෝක්ෂය වෙත ළඟා වීමට බුද්ධිමත් විය යුතුය. එසේ නොවන අයට පහත සඳහන් මාර්ග ඔස්සේ මෝක්ෂය උදාකර ගත හැකි බව යෝග දර්ශනයේ සඳහන් වේ.

රාජයෝග[සංස්කරණය]

භාවනා මගින් අධ්‍යාත්මිකව හිත දියුණු කිරීමෙන් ඉහළ මානසික මට්ටමක ළඟා වීම. නැතහොත් භාවනාව මගින් ජීවිතයේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම වේ.

=[සංස්කරණය]

හඨ යෝග ===== සුසුම්නා පද්ධතියේ ශක්තිය ස්ථාන හයක සැඟව තිබේ. ඒවා අවධිකර ඉහළ මානසික මට්ටමක ළඟා වීම හඨ යෝග මගින් සිදුකෙරේ. ඉඩා හා පිංගලා යන නාඩි 2 සුසුම්නාවේ වම් හා දකුණු පැත්තෙන් දිවෙන අතර එහි මූලය මූලධර චක්‍රය නම් වේ. මූලාධරයෙහි කුණ්ඩලනී නම් ශක්තිය ඇත. ´´ප්‍රාණයාම`` මගින් මෙම ශක්තිය නිදහස් වේ. මෙම ශක්තිය සුසුම්නාවේ චක්‍ර මගින් බ්‍රහ්ම රන්ද්‍රය දක්වා ඉහළට යයි. මෙම තත්වයට පැමිණි විට යෝගි ෂත්‍ය (මෝක්ෂය) අවබෝධ කරගනී. චක්‍ර යහ පහත ආකාර වේ. මූලාධර චක්‍ර, ස්වාධිෂ්ඨාන චක්‍ර, මහිපුර චක්‍ර, අනාහත චක්‍ර, විශුද්ධ චක්‍ර සහ ආශ්‍ර චක්‍ර වශයෙනි.

=[සංස්කරණය]

මන්ත්‍ර යෝග ===== මන්ත්‍ර ජප කිරීම හා දෙවියන් පිදීම මගින් සමාධිය කරා ළඟා වීම. ගුරුවරයකු මාර්ගයෙන් සම්පූර්ණ ශ්‍රද්ධාව සහිතව ඉගෙනගත යුතු ශාස්ත්‍රයකි. එසේම මන්ත්‍ර පිළිබඳ විශ්වාසය සහ භක්තිය ඇතව පුහුණු කළ යුතුය.

=[සංස්කරණය]

ලය යෝග ===== මනසේ ශබ්ද පිළිබඳ ඒකාග්‍රතාව ඇති කොට සමාධි සිද්ධි කරා ළඟාවීම. එවිට, වීනා, බටනලා ආදී වාද්‍ය භාණ්ඩවලින් ධ්වනිත නාදයන් තුළ සමාධිගත වේ.

=[සංස්කරණය]

කර්ම යෝග ===== පින්දහම් කිරීමෙන් අධ්‍යාත්මික බව වැඩිදියුණු කරගැනීම. නිදසුන් ලෙස දක්වතොත්, දුප්පතුන්ට උදව් කිරීම, ආගමික ස්ථාන වැඩිදියුණු කිරිම, පරෝපකාරය ආදිය දැක්විය හැකිය.

=[සංස්කරණය]

භක්ති යෝග ===== දෙවියන් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ළඟාවන අධ්‍යාත්මික බව. උදාහරණ ලෙස දක්වතොත් දේවාලවල රාජකාරී කිරීම, ආවතේවකම් කිරීම දැක්විය හැකිය.

=[සංස්කරණය]

ඥාණ යෝග ===== භාවනාව මගින් ඥානය දියුණු කිරීමෙන් ලබන අධ්‍යාත්මික වර්ධනය. එනම් ශරීරය සහ ජීවය පිළිබඳ අවබෝධ කරගැනීමයි. විවිධ සෘෂිවරුන් යෝග පිළිබඳ විවිධ අර්ථ නිරූපණය කර ඇත. පතංජලී යෝග සූත්‍ර අනුව පහත සඳහන් අෂ්ටාංග යෝග මෝක්ෂය වෙත ළඟා වීම සඳහා උපකාරී වේ. වර්තමානයේ යෝග පිළිබඳ බොහෝදෙනා කතා කරන ආසන අයත් වන්නේ මෙම අෂ්ටාංග යෝගවල තුන්වන කරුණට ය.

=[සංස්කරණය]

අෂ්ටාංග යෝග ===== 1. යම 2. නියම 3. ආසන 4. ප්‍රාණයාම 5. ප්‍රත්‍යාහාර 6. ධාරණ 7. ධ්‍යාන 8. සමාධි

යම සහ නියම මමත්වය නැතිකර ශරීරයේ හා මනසේ ප්‍රථමික ශෝධනය කෙරේ.

1. යම (සමාජ විනය) පොදුවේ සමාජයට අහිතකර නොවන ආකාරයෙන් නැතහොත් වැරදි නොවන ආකාරයෙන් ජීවත් වීමයි. සමාජ විනය රැකගැනීම සඳහා පිළිවෙත් පහක් යම යටතේ සඳහන් වෙයි.

අහිංසා[සංස්කරණය]

කිසිදු ජීවියෙකුට කයින්, මනසින් හෝ වචනයෙන් හිංසාවක් හෝ පීඩාවක් නොකිරීමයි.

සත්‍ය (සත්‍යවාදී වීම) ===== ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පංචේන්ද්‍රීයය් කවර ආකාරයක හෝ අසත්‍ය පැවසීමට යොදා නොගැනීම.

ආස්තේය (අනුන්ගේ දේ නොගැනීම) ===== තමන්ට අයත් නොවන දේ නොගැනීමයි. මෙහිදී සොරකම පමණක් නොව තමන්ට අයිති නැති කිසිම දෙයක් නොගැනීම සිදුකළ යුතුය. නිදසුනක් ලෙස දක්වතොත් බිම වැටී තිබෙන භාණ්ඩයක් වුවද ගැනීම නොකළ යුතුය.

බ්‍රහ්මචාරී[සංස්කරණය]

කාමමිථ්‍යාචාරයෙන් තොරවීම.

අපරිග්‍රහ ===== අයුතු අසාධාරණ මාර්ගයන්ගෙන් ධනය හෝ වස්තුව ලබා ගැනීම හෝ උපයා ගැනීම හෝ තමන්ට උරුම නොවන ධනය හෝ සම්පත් ලබා ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම තමන්ට උරුම නොවන ආස්වාදයන් ලබාගැනීම පවා නොකළ යුතුය.

2. නියම (පුද්ගල විනය) ==== නියාම යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයකු විසින් පිළිපැඳිය යුතු විනායානුකූල පිළිවෙත් පද්ධතියකි.

සෞච[සංස්කරණය]

පුද්ගලයාගේ බාහිර සහ අභ්‍යන්තර පිරිසිදුකම රැකගැනීම. කිසියම් කෙනෙකු තම සෞබ්‍ය ගැන සැළකිළිමත් නොවන්නේ නම් ඔහු නිසැකයෙන්ම රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක සිටියි. ලෙඩ රෝග ඇතිවීම මගින් තමන් ද අනුන් ද කරදරයට පත්වෙයි. එමෙන්ම තමන්ට තමන්ද, අනුන්ගේ ද පිළිකුලට ලක්වෙයි. එම නිසා තමන් ද අනුන්ද කරදරයට පත් නොවීමට නම් අනුන්ගේ පිළිකුළට ලක්නොවීමට නම් තම සෞබ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

සන්තෝෂ (තෘප්තිමත් බව) ===== කවර තත්වයක් යටතේ වුවද සතුටින් වැඩකටයුතු කිරීම සහ ජීවත් වීම.

තපස් (භාවනාදියෙන් ලබන සංවරය) ===== පවිත්‍ර චේතනා. පවිත්‍ර වචන, පවිත්‍ර ක්‍රියා සහිතව ජිවත් වීම.

ස්වාධ්‍යාය[සංස්කරණය]

තමන් පිළිබඳ අවධානයෙන් යුතුව ජිවත් වීම. (ජීවිතයේ ඒ ඒ අවධියේ දී කළ යුතු දේවල් සහ ලබාගත යුතු දේවල් ලබාගැනීම. නිදසුනක් ලෙස ළමා කාලයේ දී ඉගෙනීම කටයුතු නිසි පරිදි කරගැනීම. නැතිනම් ඉදිරි අවධිවලදී බොහෝ කරදරවලට මුහුණදීමට සිදුවේ)

ඊශ්වර ප්‍රතිදාන[සංස්කරණය]

සියලු ආකාරයෙන් පවිත්‍රව දෙවියන් වෙත යාම. හින්දු දර්ශනය අනුව ඊශ්වර දෙවියන්ගේ වචනය විශ්වාස කිරීම. මෙය වෙනත් ආගම්වල අයට ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ දේශනා පිළිපැදිය හැකිය.

3. ආසන ==== සිත සහ කය එකඟකරගනිමින් නිශ්චිත ඉරියවුවක පහසුව රැඳී සිටීමයි. මෙම ඉරියවුවල රැඳී භාවනායෝගීව සිටීමෙන් ශාරීරික, මානසික, ආධ්‍යාත්මික සුවය ළඟා කරගත හැකි. යෝග ආසන 86000 ක් පමණ පැරණි සූත්‍රවල සඳහන්ව තිබෙන අතර භාවිතාවේ තිබෙන්නේ යෝගාසන 86 කට ආසන්න ප්‍රමාණයක් ය.

4. ප්‍රාණයාම ==== ප්‍රාණයාම යන පදයෙහි අර්ථය වනුයේ ප්‍රාණ ශක්තිය නැතහොත් ජීව බලය විහිදුවා හැරීමයි. මෙහිදී සුදුසු ආසනයක සිට සිහිකල්පනාවෙන් හුස්ම ගැනීම, රඳවා ගැනී, පිටකිරීම සිදුකරයි. ප්‍රාණය සහ මානසික ශක්තිය අතර ඇත්තේ ගැඹුරු සම්බන්ධයකි. ප්‍රාණයාමෙන් ශරීරයේ රුධිරය පිරිසිදුවන අතර මනසේ පාරිශුද්ධිය ද ඇති වේ. එසේම ප්‍රාණයාම යෝග ආසනවල නිවැරදි ප්‍රතිඵල ලබාගැනීමට උපකාරී වේ.

5. ප්‍රත්‍යාහාර ==== විවිධ අරමුණු ඔස්සේ ගමන්කරන සිතුවිලි බාහිර ලෝකයෙන් ඉවත්කොටගෙන තම අභ්‍යන්තරයට යොමුකරවමින් පංචේන්ද්‍රීයයන් සංසුන්කරවීම ප්‍රත්‍යාහාර නම් වේ. ඉහත යෝග පිළිවෙළින් අනුගමනය කරමින් පැමිණෙන යෝගීවරයා මෙම මට්ටමේදී භාහිර ඇලීම් ගැලීම් සහ බැඳීම් අවම කළ යුතුය. නැතහොත්

6. ධාරණ ==== ධාරණ යනු මෙනෙහි කිරීමයි. පිළිවෙළින් ඒකාග්‍ර වූ මනස කිසියක් දෙවියකු දේව වචනය හෝ තමන් අභිමත පූජ්‍ය වස්තුවක නිශ්චලව පිහිටුවා ගැනීමයි. නොඑසේනම් තම ශරීරය වෙතම සිත යොමුකර ගැනීමයි. පිටින් පැමිණෙන අරමුණ මනසට ඇතුළ් කරගැනීම නොකරයි. ඒම අරමුණු බැහැර කරමින් මනස එක ස්ථානයට රඳවාගැනීම මෙම මට්ටමේ දී සිදුකරයි.

7. ධ්‍යාන ==== ධාරණ මට්ටම තවදුරටත් වැඩි දියුණු කිරීමෙන් ධ්‍යාන මට්ටමට පත් වේ. ධ්‍යාන තත්වයට පත් වූ පුද්ගලයාට කාලය හා අවකාශය ඉක්මවා මනස මෙහෙයවිමේ හැකියාව ලැබේ. ධ්‍යාන තත්වයට පත් වූ පුද්ගලයාට තව කෙනෙකුගේ සිතේ ජනිත වන සිතුවිලි හඳුනාගැනීමේ හැකියාව ලැබේ. කාලය සහ අවකාශය ඉක්මවා මනස මෙහෙයවිය හැකි හෙයින් ප්‍රාතිහාර්ය පෑම් කළ හැකිය.

8. සමාධි ==== ඉහත යෝග නිසි ආකාරයට පිළිපැදීමෙන් එකාග්‍ර වන සිත සහ කයත් බාහිර ලෝකයත් සමඟ පවතින වෙනස තුරන් වී තමාටත් සමස්ත විශ්වයත් එකක්ම ලෙස අවබෝධ කරගන්නා අවස්ථාවයි. සමාධි යෝගයට පිවිසෙන්නාට පරම සංතුෂ්ටිය හිමි වේ. සුබ, දු:බ වේදනා රහිත වේ. නැතහොත් මෝක්ෂය උදාකර ගනී. යම, නියම, ආසන, ප්‍රාණයාම සහ ප්‍රත්‍යහාර භාහිර යෝග වන අතර ධාරණ, ධ්‍යාන සහ සමාධි අභ්‍යන්තර යෝගයි. යම, නියම, ආසන, ප්‍රාණයාම සහ ප්‍රත්‍යහාර යන අංග පහ අනුගමනය කරන පුද්ගලයකු හෙතෙම නිරෝගී සුවය අත්විඳින්නකු වෙයි. ඔහුට සාමකාමී යහපත් ගතිගුණයන්ගෙන් අනූන වූවකු වන අතර අධ්‍යාත්මික ශක්තයක් ද හිමි ඇත්තෙකු වෙයි.

ආසන === යෝග දර්ශනයේ කියැවෙන අෂ්ටාංග යෝග අතර ප්‍රමුබ තැනක් හිමිකරගන්නා යෝගාසන මේ වනවිට පෙරඅපරදිග බහුතර ජනතාවක් අනුගමනය කරන ශරීර සුවතා ව්‍යායාමක් ලෙස භාවිතා කරයි. යෝග දර්ශනයේ සඳහන් වන පරිදි යෝගාසන අභ්‍යාස මගින් යෝග දර්ශනයේ අවසන් ප්‍රතිඵලය වන මෝක්ෂය වෙත ළඟාවීම සඳහා කය සහ මනස ඒකාග්‍ර කරගැනීම මේ හරහා සිදුකෙරෙයි. නමුත් වර්තමානයේ මෙම යෝගාසන බහුලව භාවිතා කරනුයේ ලෞකික ජීවිතය නිරෝගී සහ යහපත් කරගැනීමේ අරමුණු වෙනුවෙනි. ඒ හරහා කායික, මානසික සහ සාමාජීය සුවය අත්කරගත හැකිය.

යෝග සූත්‍රවල යෝග ආසන 86000 ක් පමණ සඳහන් වන අතර එයින් ප්‍රධාන ආසන පවතිනුයේ 86කට ආසන්න ප්‍රමාණයකි. යෝග අභ්‍යාස ඉරියව් නිර්මාණය වී ඇත්තේ වස්තූන් හෝ ජීවින් පිහිටා හෝ නිර්මාණය වී ඇති ආකාරයන්ට අනුවය. එය නිදසුන් ආකාරයෙන් දක්වතොත් වෘක්ෂාසනය නිර්මාණය වී ඇත්තේ ගසක් නිරූපණය වන ආකාරයෙන් වන අතර භුජංගාසනය නිර්මාණය වී ඇත්තේ පෙනය පුප්පාගෙන සිටින නගයකු ආකාරයෙනි. ධනුරාසනය දුන්නක් ආකාරයෙන් නිර්මාණය වන විට පද්මාසනය නෙළුම් මලක් ආකාරනේ නිර්මාන්‍ය වී තිබේ. මේ ආකාරයෙන් යෝග අභ්‍යාසවල ඇති සියලු ආසන කිසියම් වස්තුවක් හෝ ජීවයක් පදනම් කරගෙන නිර්මානය වී ඇත. තවද යෝග අභ්‍යාසවල ඇති සෑම ඉරියව්වක්ම ශරීරයේ නම්‍යතාවක් ඇති වන ආකාරයෙන් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. යෝග ආසනවලින් ලැබෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස් ගුණාංගයන්ගෙන් සමන්විත වේ.

ලොව සියලුම මනුෂ්‍යයින් එකම ආකරයකට උප්පත්තිය ලැබුවත් මිය යනුයේ විවිධාකාරයෙනි. යෝග නියමාකාරයෙන් පුරුදු කළ අයකුට මෙලොවින් තම ශරීරය අතහැර යන ´´මරණය`` නමැති සංසිද්ධිය සිහිකල්පනාවෙන් නිදහස් විය හැකිය. එම ඔහුගේ ආත්මයට ආශිර්වාදයකි.

බුද්ධ දර්ශනය අනුව සිත සියලු දෙයට මුල්වන බව පෙන්වා දෙයි. එහිදී මනුෂ්‍යයාගේ දුක් විඳීම හෝ සැප විදීම ට එම පුද්ගලයාම වගකිවයුතු බව පෙන්වා දෙයි. එසේම පුද්ගලයෙක් කොතරම් හොඳ දේ කර තිබුණත්, මිය යන අවස්ථාවේ දී සිත දූෂ්‍ය කරන සිතුවිලි පහළ වුවහොත් එය ඔහුගේ ඊළඟ උත්පත්ති ස්ථානයට බලපාන බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ.

එබැවින් යෝග අභ්‍යාස සඳහා සුළු කාලයක් හෝ වැයකරන පුද්ගලයා මෙලොව ජිවිතය පමණක් නොව පරලොව ජීවිතය වාසනාවන්ත කරගැනීමට උපකාරී වේ. යෝග ආසන කොටස් තුනකට වෙන් කළ හැක. එනම් සංස්කෘතික ආසන, භාවනා යෝගී ආසන සහ විවේකාසන ලෙස වෙන්කෙරේ.


සංස්කෘතික ආසන ===== ස්වභාවධර්මයේ පවතින්නාවූ කිසියම් ජීවියෙක් හෝ වස්තුවක් නිරූපණය වන්නා වූ ආකාරයේ ආසනයි. උදා - මත්‍යාසනය - මත්සයකු ආකාර වේ. සලඹාසනය - සලඹයකු ආකාර වේ. ත්‍රිකෝනාසන - ත්‍රිකෝණ ආකාර වේ. පර්වතාසනය - පර්වතයක් ආකාර වේ.

භාවනා යෝගී ආසන[සංස්කරණය]

මෙම ආසන වැඩිපුර භාවනා යෝගීව සිටීමට භාවිතා කරයි. උදා - සුබාසනය, පත්මාසනය, වජ්‍රාසනය

විවේකාසන[සංස්කරණය]

යෝග ආසන තුළ රැඳී අභ්‍යාස කිරීමේ දී යම් වෙහෙසක් දැනුනහොත් තවදුරටත් ශරීරය සහ මනස සැහැල්ලු කිරීම සඳහා භාවිතා කරන ආසනයි. උදා- ශ්වාසනය, මකරාසනය

යෝග යනු තවත් ව්‍යායාම් ක්‍රමයක් ද? === වර්තමානයේ යෝග යනු තවත් ව්‍යායාම් ක්‍රමයක් බවට සමාජයේ මතයක් පවතියි. නමුත් යෝග සහ ව්‍යායාම් එකිනෙකට සමානකම් නොදක්වයි. ව්‍යායාම් සඳහා ශරීර ශක්තිය වැය වෙයි. යෝග ආසන මගින් ශරීර ශක්තිය හානි නොවන අතර විශ්ව ශක්තිය ශරීරගත වන ක්‍රියාවලියකි. තවද යෝගාසන අනුගමනය කිරීමේ දී මහන්සියක් ඇති නොවීම ද යෝගාසන, ව්‍යායාම්වලට සමාන නොවන දැක්වීමට කදිම උදාහරණයකි. යෝගාසන කිරීමේ දී සිතට ගෙන සිතින් ඉරියව් වෙනස් කිරීමක් සිදුකරන බැවින් කුමන ආකාරයේ ආසනයක දී වුවද ශරීරය වෙහෙසට පත් නොවේ. යෝගාසන පුරුදුවීමේදී ව්‍යායාම්වලදී මෙන් බලෙන් ශරීරයේ ඉරියවු පවත්වාගෙන යාමට උත්සාහ නොකරන අතර හුස්ම ගැනීම ගැන අවධානය යොමුකරයි.

යෝග ආසන පුරුදුවීමේ දී සැලකිළිමත් විය යුතු කරුණු

සුදුසු ගුරුවරයකු සොයාගැනීම[සංස්කරණය]

අතීතයේ ඉන්දියාවේ යෝග ආසන පුරුදු පුහුණු කරනු ලැබුවේ ගුරු ශිෂ්‍ය කුල පරම්පරාවන් විසිනි. පසුව අධ්‍යාත්මික විමුක්තිය සොයන අය මේ සඳහා වැඩිපුර යොමු විය. පසුකාලීනව යෝගීන්ගේ ආයුෂ, නිරෝගීකම, මානසික ශක්තිය සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉහළ මට්ටමක පැවතීමට හේතුව සෙවීමට විශේෂඥයින්, වෛද්‍යවරුන් යොමුවූහ. ඔවුන් මිනිසාගේ කායික, මානසික, සාමාජීය ගුණාංග වැඩිදියුණු බව සමාජයට පෙන්වා දුන් අතර තවදුරටත් පර්යේෂණ කරමින් භෞතික ලෝකයට එම ප්‍රතිඵලයන් දායක කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සොයමින් සිටිති. පසුව ක්‍රමක්‍රමයෙන් යෝග සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත වීම හරහා විවිධ පුද්ගලයන් යෝග ඉගෙනීම සඳහා යොමු වීම සිදුවිය. යෝග පිළිබඳ අධ්‍යාත්මික ප්‍රයෝජනයට ගන්නා අයට අමතරව භෞතික ලෝකයේ ප්‍රයෝජනය සඳහා ඉගෙනීම සහ පර්යේෂණ කිරීම ඩිප්ලෝමා, උපාධි, මහචාර්ය උපාධි දක්වා ඉන්දියාවේ දැනට විශ්වවිද්‍යාලවල හැකියාව පවතින අතර යෝග සති දෙක තුනක, මාස කිහිපයකට සීමා වූ පාඨමාලාවන්ද බිහි වී ඇත. මෙහි අහිතකර ප්‍රතිඵලයක් වනුයේ යෝග ආසන පිළිබඳ නිසි ප්‍රායෝගික අවබෝධයක් නැති බොහෝ පිරිසක් යෝග ඉගැන්වීම් සඳහා යොමුවීමයි. නමුත් මෙම තත්වයේ හිතකර පැත්තක්ද නැත්තේම නොවේ. එනම් යෝග සඳහා මහජනයාගෙන් තිබෙන පිපාසය සංසිඳුවීම මේ හරහා සිදු වූ නිසා පෙර නොවූ විරූ අයුරින් යෝග දර්ශනයේ ඉදිරිගමනට එය මහත් රුකුලක් විය.

යෝග අභ්‍යාස පුහුණුවීම සඳහා පුහුණු ගුරුවරයකුගේ සහාය ලබාගැනීම අනිවාර්යය කටයුත්තකි. මෙහිදී රෝගී පුද්ගලයකු තම රෝගී තත්වයන් වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට යෝග අභ්‍යාස අනුගමනය කිරීමට තීරණයකරන්නේ නම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුවත් ගුරුවරයකු වෙත යොමුවීම සිදුකළ යුතුය. ඒ මන්දයත් රෝගීන් සමඟ කටයුතු කිරීමේදී හදිසි තත්වයන් ඇති විය හැකි බැවින් ඔවුන්ගේ රෝගී තත්වයන් සහ හදිසි ප්‍රථමාධාර, ප්‍රතිකාර පිළිබද දැනුවත් ගුරුවරයකු සිටීම අතිශය වැදගත් ය. කෙසේවුවත් ගුරුවරයකු වෙත යාමේ දී යෝග පිළිබඳ ඔහු ලබා ඇති පුහුණුව පිළිබඳ විමසිලිවත් වීම වැදගත් ය. යෝග කොතරම් හොඳ දෙයක් වුවත් නිසි පරිදි සීමාවන් නොදැන භාවිතා කිරීමෙන් අනිසි ප්‍රතිඵල අත්විය හැකිය.

යෝග අභ්‍යාස සඳහා සූදානම් වීම[සංස්කරණය]

යෝග සඳහා ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැත. ස්ත්‍රීන් දරුවකු පිළිසිඳ ගැනීමෙන් මාස 4කට පසුවත් දරුවකු ඉපැදී මාස 4ක් ගතවන තෙක් යෝග අභ්‍යාසවල යෙදීම සුදුසු නොවේ. හින්දු දේව සංකල්පය යෝග දර්ශනය මත බලපා ඇති හෙයින් කාන්තාවන්ගේ සෘතු වෙනස් වන දිනයන්හි යෝග අභ්‍යාසවල යෙදීම නුසුදුසු ලෙස සලකයි.

තවද උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස ආදී තීර්ව රෝග අවස්ථාවලදී යෝග අභ්‍යාසවල යෙදීම සුදුසු නොවන අතර රෝගී තත්වයන් වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට යෝග අභ්‍යාසවල යෙදීමේදී ඒ ඒ රෝගී තත්වයන්ට සුදුසු ආසනවලපමණක් අභ්‍යාස කිරීමට වගබලා ගත යුතුය.

යෝග අභ්‍යාස ආරම්භ කිරීමට පෙර මලමුත්‍ර වේග පහකර සැහැල්ලු ඇඳුමකින් සැරසිය යුතුය. යෝග අභ්‍යාසවල නිරතවීම සඳහා පිරිසුදු වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් යොදාගැනීම වඩාත් සුදුසුය. එසේම අභ්‍යාසවල යෙදෙන කාලය තුළ තමන්ගේ සිත වෙනත් භාහිර බැඳීම් සමඟ පවතින සම්බන්ධතා තාවකාලිකව නවතා දැමිය යුතුය. ආධුනිකයකු ලෙස යෝග අභ්‍යාසවල යෙදෙන්නෙකුට තමාගේ හිත වෙනත් භාහිර අරමුණුවලට, ශබ්දවලට යොමුවිය හැකිය. එම නිසා නිශ්ශබ්ද ස්ථානයක් යොදාගැනීම වඩාත් සුදුසු වන අතර එසේ නොහැකි නම් දින කිහිපයක් එම ආසනවල හිත අරමුණුකර යෙදීමෙන් එම භාහිර බලපෑම්වලින් සිත මුදවා ගත හැකිය.

යෝග ආසන කිරීමට සුදුසු කාලය වයස අවුරුදු 12 සිට අවුරුදු 75 දක්වා සුදුසු කාලය වේ.

යෝග අභ්‍යාසවල නිරතවීම =====

යෝග අභ්‍යාසවල නිරතවීමට සුදුසු වේලාව ලෙස සඳහන් කර ඇත්තේ බ්‍රහ්ම මුහුර්තයෙන් උදෑසන අවදි වී එළඹෙන උදෑසනයි. එනම් ලෝකයේ සියලුම ගහකොළ, සත්වයින් (නිශාචර හැර) අවදි වන වෙලාවයි. ස්වභාවධර්මයට අවනතවීම තුළින් බොහෝ රෝග අවම වන බව විද්‍යාඥූයින් ද එකඟවන කරුණකි. ඉර පැයීමට විනාඩි 48කට පෙර මල මුත්‍ර වේග පහකර මුව දෝවනය කර යෝග අභ්‍යාසවල පැයක් පමණ නිරත විය යුතුය. උදෑසන යෝග ආසනවල නිරතවීමට අපහසු නම් ඉර බැසයාමට ආසන්න පැය 2ක කාලය ඒ සඳහා සුදුසු වේ. එයත් අපහසුනම් ගුරුවරයා හා සාකච්ඡා කොට සුදුසු වෙලාවක් යොදාගැනීම කළ හැකිය.

යෝග අභ්‍යාසවල නිරතවන්නාට වේදනාව දැනේ නම් වෙහෙසකාරී බවක් දැනේනම් පසුව ශරීරය සැහැල්ලු කර උපදේශකවරයාගේ උපදෙස් මත නැවත අභ්‍යාසවල යෙදීමට උත්සාහ කර බැලිය යුතුය.

එසේම යෝගවලදී ආසනයට පිවිසෙන ආකාරය, රැදෙන ඉරියවුවත් ආසනනේ නිදහස් වන ආකාරයත් ගැන සැළකිලිමත් විය යුතුය. එසේ නොමැති වුවහොත් අපහසු තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි අතර ආසනයෙන් ලැබෙන ප්‍රතිඵලය නොලැබේ.

යෝග ආසනවලදී ශරීරයේ ප්‍රකෘති අස්ථි සන්ධි ව්‍යුහාවේ නම්‍යශීලීතාවට හානියක් නොවේ. එසේම යෝග අභ්‍යාස ශරීරයේ වම, දකුණ සමතුලිත වන ලෙස කළ යුතුය. එක එක යෝග ආසනයෙහි යෙදීමෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් නිසා එම ආසනවල රැඳි යෝග සැහැල්ලුවන ආසනයක යෙදී නැවත වෙනත් යෝග ආසනයක යෙදීම කළ යුතුය.යෝග අභ්‍යාසයන් රැසක් එක දිගට කිරිම අත්‍යවශ්‍ය නොවේ.

යෝග ආසනවල පවතින සූර්ය නමස්කාරය කිරීම තුළින් කායික, මානසික නිරෝගීතාවට වැදගත් වේ. නමස්කාරය හරහා ශරීරයේ නම්‍යතාවක් ඇති වේ. සූර්ය නමස්කාරයේ දී ආසන වෙනස්වන චක්‍රයක් ලෙස පුහුණු කරන අතර අනිකුත් ආසන තමාට පහසු වෙලාවක් එකම ඉරියවුවක සිටීම විශේෂතාවයකි.

යෝග අභ්‍යාසවලින් ලැබෙන කායික සහ මානසික සුවතාව ====

තාක්ෂණයේ දියුණුවත් සමඟ කාර්යයන් පහසු කිරීම සඳහා උපකරණ රැසක් අප ප්‍රයෝජනයට ගනිමින් තිබේ. මේ නිසා අප ශරීරයට ලැබෙන ව්‍යායාම් හෝ ශක්තිය වැයවීම් ඉතාම අවම වී තිබේ. මේ නිසා අතීතයේ අපේ මුතුන් මිත්තන්ට වඩා වැඩි වේගයකින් වර්තමානයේ දරුවන්ගේ සිට මහලු වයස දක්වා රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ තත්වය යෝග අභ්‍යාස මගින් බොහෝ දුරට වළක්වා ගැනීමේ අවකාශය පවතී.

යෝග අභ්‍යාසවල මූලික අරමුණක් වනුයේ ද කායික සහ මානසික සුවය ලබාදීමයි. යෝග අභ්‍යාසවලදී ආසනයක රැඳෙනුයේ සිත, ශරීරයේ ඉරියවු සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම අරමුණු කරයි. සාමාන්‍යයෙන් ප්‍රාණය තියෙන ඕනෑම පුද්ගලයෙක් සිතීම, ශරීරයේ ඉරියවු පැවැත්ම, හුස්ම ඉහළ පහළ ගැනීම සිදුකරයි. නමුත් යෝගාභ්‍යාසවල යෙදෙන පුද්ගලයකු මේවා තමන් සිහිකල්පනාවෙන් කිරීම පුරුදු කිරීම නිසා තමන්ට අවශ්‍ය ලෙස මෙම ක්‍රියා අඩුකිරීමට හෝ වැඩිකිරීමට හැකියාව ලැබේ.

සාමාන්‍යයෙන් පුද්ගලයකු පෙනහලු පිරීයන ලෙස ආශ්වාස ප්‍රාශ්වාස නොකරයි. යෝග අභ්‍යාස පුරුදු වූ අයකු ප්‍රාණයාම යන සිතීමෙන් කරන හුස්ම ඉහළ පහළ ගැනීම තුළින් පෙනහලු හොඳින් ක්‍රියාත්මක වන අතර ඔක්සිජන් වැඩිපුර ශරීරගත වන අතර කාබන්ඩයොක්සයිඩ් පිටවීම හොඳින් සිදුවේ. එසේ රුධිරය පිරිසුදුවීම නිරෝගී බව ආරක්ෂා කරගැනීමට පිටුවහලක් වේ.

සාමාන්‍ය පුද්ගලයන්ගේ අවුරුදු 30 පසුවන විට අස්ථි සන්ධි ව්‍යුහාවේ කැල්සියම් තැන්පත් වීමෙන් නම්‍යශීලී බව අඩු වේ. නමුත් යෝග ආසන පවත්වන්නාවූ පුද්ගලයාගේ අස්ථි සන්ධි ව්‍යූහාව නම්‍යශීලීවන ආකාරයෙන් අභ්‍යාසවල යෙදෙන බැවින් ශරීරයේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාකිරීම සහ රුධිර ගමන ප්‍රශස්ත මට්ටමක පැවතිම තුලින් නිරෝගී බව ආරක්ෂා වීමට උපකාරි වේ.

යෝග ආසන කරන පුද්ගලයා එය සිත අරමුණුකරගෙන කරන බැවින් එම සංවේදන මොළයට යාමෙන් මොළයෙන් අවශ්‍ය ඉරියව්වට පුද්ගලයා හසුරුවන බැවින් එම පුද්ගලයාට වෙහෙසක් නොදැනේ. ඉහත කරුණු නිසා යෝග ආසන කරන පුද්ගලයකු යෝග ආසන නොකරන පුද්ගලයකුට වඩා තරුණ වේ. ලොව කිසිම පුද්ගලයකුට තමා වයසට යාම නතර කිරීමට ශක්තියක් නැත. නමුත් යෝග ආසන කරන පුද්ගලයින්ට සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩිකාලයක් නිරෝගීව ජීවිත්වීමේ වාසනාව උදා වේ.

මිනිසාගේ ජීව ශක්තිය විශ්වයේ පවතින ශක්තියට සමාන නොවන නිසා වෙනම ශක්තියක් ලෙස ප්‍රදර්ශනය වේ. විශ්වයේ පවතින්නා වූ ශක්තිය පුද්ගලයකුගේ ශබ්රයට ගත හැකි එකම ස්වරය ´´ඕම්`` ස්වරයයි.

යෝග ආසන නිසි පරිදි ප්‍රගුණ කරන කෙනෙකු ´ඕම්කාරය`` පුරුදු පුහුණු කරයි. එයින් ඔහුට හෝ ඇයට විශ්ව ශක්තිය ලබාගැනීම තුළ ජීව ශක්තිය වැඩිකර එය ශරීරය පුරා විහිදී යයි. ජීව ශක්තිය වැඩිවීම තුළ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය වේ.

එසේම පුද්ගලයකු ජීවත් වනුයේ ශරීරය තුළ ජීව ශක්තිය තිබෙනතාක් පමණි. වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි ප්‍රකෘති සිහිය තිබෙන අසාධ්‍ය රෝගීන්ට ඕම්කාරය සහ සැහැල්ලු යෝගාසනවල සිටීමෙන් තාවකාලික සුවයක් ලබාගත හැකිය.

ප්‍රාණයාම අභ්‍යාසවල නිරතවීම ආයුෂ වැඩිකිරීමට හේතු වේ. යෝග ආසන තුළ යෙදීමෙන් ජීව ශක්තිය වර්ධනය කරන සහ රැස්කරන ක්‍රියාවලියකි. යෝග අභ්‍යාසන්හි දියුණු තත්වයන්ට පත් වූ ඉන්දීය යෝගේෂ්වරයන් අවුරුදු 120ක් 200ක් භාවනායෝගීව ජිවත් වී ඇත.

යෝග මගින් ලෞකික ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ ====

යෝගාසන මගින් බහුතරයක් දෙනා පීඩා විඳින සන්ධි රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ශීර්ෂශූල, පීනස, ක්‍රිකශූල, නින්ද නොයාම, ශ්වාස, ගලගණ්ඩය, බලබද්ධය, අම්ල පිත්ත (ගැස්ට්‍රයිටිස්) තරුණ පීඩක (පිම්පල්) කෑම අරුචිය, කාන්තා රෝග, ලිංගික දුබලතා, මානසික අපහසුතා, තරහා යාම, මතක ශක්තිය අඩුවීම, ආතතිය (ස්ට්‍රෙස්) සමේ රෝග, හෝර්මෝන සමතුලිත නොවීම නිසා ඇති වන රෝග, ප්‍රතිශක්තිය අඩුවීම නිසා ඇති වන රෝග යනාදී කායික සහ මානසික රෝග වළක්වා ගැනීමට මෙන්ම සිරුර හැඩකරගැනීම, ක්‍රියාශීලීබව වර්ධනය කරගැනීම, පෞරුෂ වර්ධනය, තරුණ පෙනුම රැක ගැනීමට, රූමත් බව වර්ධනය කරගැනීමට යෝග ප්‍රගුණ කිරීමෙන් ලබාගත හැක.

නිතර රෝගී වීම වළක්වාගැනීම, සමහර හෘද රෝග අවස්ථාවන් ද යෝග දර්ශනයේ විස්තර කර ඇති යෝග ආසන සහ ප්‍රාණයාම තුළින් වළක්වාගත හැකිය. එසේම දැන හෝ නොදැන වැරදි කරන්නවුන්ව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, අපරාදවලට යොමුවූවන්, පුනරුත්ථාපනය කළ යුතු වූවන්, යුද්ධවලින් හෝ වෙනත් ආපදාවලින් පීඩාවට පත් වූවන් යෝග සඳහා යොමුකිරීමෙන් ඔවුන් සිටින තත්වයන්වලින් මුදවා ගත හැකි මෙන්ම ඔවුන් වැඩදායක පුද්ගලන් ලෙස නැවත සමාජගත කිරීමට හැකියාව ලැබේ.

ලොව ශක්තිය පරිවර්තනය වනවා මිස නැතිවීමක් සිදු නොවේ. ගස්කොලන්, සත්වයින් ඇති වී නැති වී යයි. ලොව පහළවූ ගෞතම බුදුන් ඇතුළු අනෙකුත් ධර්මයන් දේශනා කළ ශාස්තෘාවරුන්ගේ දේශනා විශ්වයට එකතු වී ඇත.

යෝග දර්ශනය සැබෑ අරමුණවලින් බැහැරව වර්තමානයේ ස්වල්ප දෙනෙකු විසින් එය තවත් වෙළෙඳාමක් බවට පත්කරගෙන තිබීම කණගාටුවට කරුණකි. යෝග ජනයා අතරට ගෙන යාම සඳහා විද්‍යුත් සහ මුද්‍රීත මාධ්‍ය යොදාගෙන තිබේ. යෝග පුරුදු පුහුණුවිය යුත්තේ ගුරුවරයකු ඉදිරිපිට ඔහුගේ නිරීක්ෂණය යටතේ ය. ගුරුවරයකු සමඟ යෝග අභ්‍යාස පුහුණුවීමේදී ඒ අවස්ථාවේදී ඇති වන ගැටලු ඒ අවස්ථාවේදීම විසඳාගත හැකිය. නැතහොත් පුවත්පත්වල ඡායාරූප, විස්තර හෝ වීඩියෝ දර්ශන මගින් යෝග අභ්‍යාස අනුගමනය කිරීමට යාමෙන් ඇති වන ගැටලු සහගත තත්වයන් නිවැරදි කර ගැනීමට නොහැකි වේ. විශේෂයෙන්ම රෝගී පුද්ගලයන් මාධ්‍ය තුළින් ඉදිරිපත්වන යෝග පාඩම් හෝ වීඩියෝ දර්ශන අනුව කිසිවිටකත් යෝග අභ්‍යාසවල යෙදීම සුදුසු නොවේ. සෘෂිවරුන් පවසන ලද යෝග දර්ිශනය ත්‍රෛයිකාලීනය. සත්‍යවාදීන් වන ඔවුන් පැවසූ දෑ අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේ දී සත්‍ය ලෙස පවතී. අතීතයේ සෘෂිවරුන්ගේ අරමුණ වූ යෝග මගින් ජනතාවට ලෝකෝත්තර සුවය ලබාදීමයි. වර්තමානයේ යෝග ලෞකික ජීවිතය යහපත් කරගැනීම සඳහා යොදාගැනීම වඩාත් ඵලදායී වන අතර යාන්ත්‍රික වෙමින් පවතින මිනිසා තුළ අධ්‍යාත්මික ගුණවගාවන් වැඩිදියුණුවීම තුළින් යහපත් සමාජයක් බිහි කිරීමට යෝගවලට හැකි වේ.


References[සංස්කරණය]

Further reading[සංස්කරණය]

  • Apte, Vaman Shivram (1965). The Practical Sanskrit Dictionary. Delhi: Motilal Banarsidass Publishers. ISBN 81-208-0567-4.  (fourth revised & enlarged edition).
  • Patañjali (2001). Yoga Sutras of Patañjali. Studio 34 Yoga Healing Arts. http://www.studio34yoga.com/yoga.php#reading. 
  • Chang, G.C.C. (1993). Tibetan Yoga. New Jersey: Carol Publishing Group. ISBN 0-8065-1453-1
  • Chatterjee, Satischandra; Datta, Dhirendramohan (1984). An Introduction to Indian Philosophy (Eighth Reprint Edition සංස්.). Calcutta: University of Calcutta. 
  • Donatelle, Rebecca J. Health: The Basics. 6th ed. San Francisco: Pearson Education, Inc. 2005.
  • Feuerstein, Georg. The Shambhala Guide to Yoga. 1st ed. Boston & London: Shambhala Publications 1996.
  • Flood, Gavin (1996). An Introduction to Hinduism. Cambridge: Cambridge University Press. ISBN 0-521-43878-0. 
  • Gambhirananda, Swami (1998). Madhusudana Sarasvati Bhagavad_Gita: With the annotation Gūḍhārtha Dīpikā. Calcutta: Advaita Ashrama Publication Department. ISBN 81-7505-194-9. 
  • Harinanda, Swami. Yoga and The Portal. Jai Dee Marketing. ISBN 0978142950. 
  • Jacobsen, Knut A. (Editor); Larson, Gerald James (Editor) (2005). Theory And Practice of Yoga: Essays in Honour of Gerald James Larson. Brill Academic Publishers. ISBN 9004147578.  (Studies in the History of Religions, 110)
  • Keay, John (2000). India: A History. New York: Grove Press. ISBN 0-8021-3797-0. 
  • Michaels, Axel (2004). Hinduism: Past and Present. Princeton, New Jersey: Princeton University Press. ISBN 0-691-08953-1. 
  • Mittra, Dharma Sri. Asanas: 608 Yoga Poses. 1st ed. California: New World Library 2003.
  • Müller, Max (1899). Six Systems of Indian Philosophy; Samkhya and Yoga, Naya and Vaiseshika. Calcutta: Susil Gupta (India) Ltd.. ISBN 0-7661-4296-5.  Reprint edition; Originally published under the title of The Six Systems of Indian Philosophy.
  • Possehl, Gregory (2003). The Indus Civilization: A Contemporary Perspective. AltaMira Press. ISBN 978-0759101722. 
  • Radhakrishnan, S.; Moore, CA (1967). A Sourcebook in Indian Philosophy. Princeton. ISBN 0-691-01958-4. 
  • Saraswati, swami satyananda. November 2002 (12th edition). "Asana Pranayama Mudra Bandha" ISBN 81-86336-14-1
  • Taimni, I. K. (1961). The Science of Yoga. Adyar, India: The Theosophical Publishing House. ISBN 81-7059-212-7. 
  • Usharabudh, Arya Pandit. Philosophy of Hatha Yoga. 2nd ed. Pennsylvania: Himalayan Institute Press 1977, 1985.
  • Vivekananda, Swami (1994). Raja Yoga. Calcutta: Advaita Ashrama Publication Department. ISBN 81-85301-16-6.  21st reprint edition.
  • Zimmer, Heinrich (1951). Philosophies of India. New York, New York: Princeton University Press. ISBN 0-691-01758-1.  Bollingen Series XXVI; Edited by Joseph Cambell.

External links[සංස්කරණය]

සැකිල්ල:Yoga [[ගොනුව:ගොනුව:උදාහරණ.jpg]]

"http://si.wikipedia.org/w/index.php?title=යෝග&oldid=269242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි