ඓතිහාසික වෛදික ආගම
Jump to navigation
Jump to search
වෛදික ආගම යනු හින්දු දහමේ මව් දහමයි. මෙහි ආරම්භය ඉන්දු-නිම්න ශිෂ්ටාචාර සමය තෙක් දිවයයි. මෙය ප්‍රධාන වශයෙන් ආර්‍යයන්ගේ ආගම විය. ඔවුන්ගේ ලියවිලි අනුව විශ්වය ස්ථර තුනකින් සමන්විතය. දේව ගණයට අයත් දෙවියන් ඉහලින් ඇති ස්වර්ගයේත්, මනුෂ්‍යයන් ඊට පහල ස්ථරයේත්, මරණයට අධිපති දේවතාවා සහ යක්ෂයෝ ඊටත් පහල ස්ථරයේ වූ පාතාල ලෝකයෙත් වාසය කරති. මෙය බහුදේවවාදී ආගමක් වුවද දේවතාවුන් කිහිපදෙනෙක් ප්‍රමුකස්ථානය උසුලති. යුද්ධයට අධිපති ඉන්ද්‍ර, සූර්‍යයා නිරූපණය කරන සූර්‍යදේව, ගින්නට අධිපති අග්නි, ශාකසාර පානයට අධිපති සෝම හා අහසට හා මුහුදට අධිපති වරුණ යන දෙවිවරුය.