හින්දු ආගමේ තුළ දෙවියන්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

හින්දු ධර්මය සහ බෞද්ධ ධර්මය තුළ දෙව සංකල්ප අතර මතුපිටින් සමාන කමක් පෙනුනද අභ්‍යන්තරයෙන් ගත් කළ එවා අතර වෙනස් කම් පවති. බෞද්ධ ධර්මය තුළ පරමාත්ම සංකල්පය නොමැති අතර තිබෙන්නෙ අරිහත් දේව උප්පත්ති දේව සම්මුති දේව ලෙස ප්‍රධාන කොටස් තුනක් හරහාය. නමුත් හින්දු ධර්මය තුළ දෙවියන් අකාර දෙකකි. එනම් පරමාත්මයේ ප්‍රකට වීම් සහ ස්වර්ග ලෝක වාසි දේවියන් ලෙසයි. මෙහි ස්වර්ග ලෝක වාසි දෙවියන් බෞද්ධ ධර්මයේ තුළ එන උත්පත්ති දේව සංකල්පය අතර සමාන කමක් දක්වන නමුත් පරමාත්ම ප්‍රකට වීම් වලටද දේව යන නාමය භාවිතා කරන් එය සම්බන්ධ වන්නේ ඊශ්වර වාදය සමඟයි.

ඊශ්වරවාදය[සංස්කරණය]

පුරාතන මුණිවරයන් නිවතුරුවම උත්සාහ කරන ලද්දේ විශ්වයේ ආරම්භ කෙසේ සිදු වුනේ දැයි සොයා බැලීමටයි. මම ප්‍රශ්ණ වලට උත්තර වශයෙන් ඔවුන් අවබෝධ කරගනු ලැබුවේ විශ්වයේ අඛණ්ඩව පවත්වාගෙන යාමය මූල ශක්තියක් පවතින බවයි එය පසුකාලීන උපනිෂද් යුගයේදි බ්‍රහ්මන් (මහා බ්‍රහ්මයා සමඟ පටලවා නොගන්න) ලෙසින් අර්ථකථනය කළහ. ඊශ්වර යන්නෙහි අරුතත් මෙම විශ්වයේ මූල තත්වයටමයි. පූරාණ යුගය එන විට විශ්වයේ ස්වාභාවික චක්‍රය වන නිර්මාණය පැවැත්ම සහ විනාශ සංකල්පයට බ්‍රහ්ම, විෂ්ණු, ශිව යනුවෙන් පුද්ගලරූපි බාවයක් ආරෝපණය කළහ