හින්දු ආගම තුළ ගෞතම බුදුන් වහන්සේ

විකිපීඩියා වෙතින්
ද්වාරකා තිරුමලා දේවාලයේ බුදුන් වහන්සේ අවතාරයක් ලෙස නිරූපණය කොට ඇති අයුරු, ආන්ධ්‍රා ප්‍රදේශ්.

බුද්ධාගමෙහි එන ගෞතම බුදුන් වහන්සේ, විෂ්ණු (ලාංකික ජන දේව විශ්වාසයක් වන උපුල්වන් දෙවියෝ නොවෙති) දෙවියන්ගේ අවතාරවලින් එකක් යැයි වෛෂ්ණව හින්දු ආගමිකයෝ සලකති. විෂ්ණුගේ ‍දශාවතාර අතුරින් නව වන අවතාරය බුදුන් වහන්සේ යැයි ඔවුහු විශ්වාස කරති.[1][2] හින්දු ආගම තුළ උන් වහන්සේ නිරූපණය කොට ඇති අයුරු විවිධත්වයක් පෙන්වයි. පුරාණ වැනි ඇතැම් ග්‍රන්ථ තුළ, උන් වහන්සේ වෛදික ඉගැන්වීම් නොසලකා හරින්නන් නොමඟ යැවීමට උපන් පුද්ගලයකු යැයි සඳහන් කොට ඇත.[2] නමුත් වෛෂ්ණව කිවි ජයදේවගේ ගීතගෝවින්දය වැනි වෙනත් කෘතිවල සඳහන් වන්නේ විෂ්ණු බුදුන් වහන්සේ ලෙසින් උපත ලැබූයේ ඉගැන්වීමට සහ සත්ත්වයාගේ හිංසාව අවසන් කිරීමට බවයි.[1]

බෞද්ධයෝ බුදුන් වහන්සේ යනු විෂ්ණුගේ අවතාරයකැයි පිළි නොගනිති.[1][3] බුදුන් වහන්සේ මෙසේ සම්බන්ධ කොට දැක්වීම හින්දු ආගමිකයන් බුද්ධාගම අවශෝෂණය කරගැනීමට සිදුකළ උත්සාහයක් විය හැක.[1][2] හින්දු ආගම බුදුන් වහන්සේ අවතාරයක් ලෙස ඇතුළත් කර ඇතිවා සේම, බෞද්ධ පුරාවෘත්තවල ද ජාතක කථා තුළ ක්‍රිෂ්ණ පිළිබඳ ඇතුළත් කොට ඇත. එහි ක්‍රිෂ්ණ (විෂ්ණුගේ අවතාරයකි) යනු බුදුන් වහන්සේගේ පෙරභවයක උන් වහන්සේගෙන් අධ්‍යාපනය ලද පුද්ගලයකු යැයි සඳහන්ව ඇත.[4] හර්මාන් ඕල්ඩ්න්බර්ග්, තෝමස් රීස් ඩේවිඩ්ස් සහ පර්වේපල්ලි රාධාක්‍රිෂ්ණන් සඳහන් කොට ඇත්තේ මෙම ආගම් දෙක අතර සමානතා බොහෝ ඇති බවයි.[5][6][7]

විෂ්ණුගේ අවතාරය[සංස්කරණය]

හින්දු ආගමිකයෝ බුදුන් වහන්සේ (පහළ මැද) විෂ්ණුගේ දශ අවතාර අතුරින් එකක් ලෙස සලකති.

පුරාතන යුගයේ සිටම, හින්දු ආගමට බුදුන් වහන්සේ වැදගත් පුද්ගලයකු විය. බුදුන් වහන්සේ කෙරෙහි වූ හින්දු මත (බ්‍රාහ්මණ සම්ප්‍රදාය) කිසිදින නියත හෝ ස්ථාවර එකක් වූයේ නැත. බෞද්ධ තාර්කික අංග, දේවවේදය, ශබ්ද මාලාව සහ සංකල්ප සමග ඒවා ක්‍රියාකාරීව තර්කයෙහි යෙදී ඇත. වඩාත් මෑතක දී බ්‍රාහ්මණික ක්‍රමය තුළ උපත ලබා හැදී වැඩුණු පුද්ගලයකු ලෙස සිද්ධාර්ථයන්ගේ පුද්ගලතාව ද මෙසේ වාද විවාදයන්ට ලක්වූ කරුණකි.[8] හින්දු පුරාණෝක්තිවේදය තුළ වූ එවන් සංකලනයක් වන්නේ බුදුන් වහන්සේව විෂ්ණුගේ නවවන අවතාරය ලෙස සැලකීමයි.[8]

13වන සියවසේ වැදගත් වෛෂ්ණව කවියකු වූ ජයදේවගේ ගීත ගෝවින්දයේ දශාවතාර ස්තෝත්‍රය තුළ බුදුන් වහන්සේ විෂ්ණුගේ දශාවතාර අතුරින් එකක් ලෙස දක්වා ඇති අතර, එහි පහත පරිදි යාඥාවක් ඇතුළත් ය:

අ‍හෝ කේශව! අහෝ විශ්වයේ අධිපතියාණෙනි! අහෝ බුදුන්ගේ ස්වරූපය රැගත් හරි දෙවියනි! සියලු ආශ්චර්යයන් ඔබගේ ය! අහෝ දයානුකම්පිත හදින් යුත් බුදුන් වහන්ස, වෛදික පූජා විධි අනුව සිදුවූ අහිංසක සත්ත්ව ඝාතනය ඔබ වහන්සේ හෙළා දුටු සේක.[9]

ප්‍රධාන වශයෙන්ම අහිංසාව මූලික කරගත් බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක් ලෙස සැලකීම ක්‍රිෂ්ණ සවිඥානකතාව සඳහා අන්තර්ජාතික සංගමය වැනි නූතන වෛෂ්ණවීය සංවිධාන ගණනාවක් තුළ ජනප්‍රිය ඇදහීමක් බවට පත්ව ඇත.[10]

බුදුන් වහන්සේ හින්දුවරයකු බවට වන ප්‍රකාශ[සංස්කරණය]

සෝමනාථපුරයේ චෙන්නකේසව දේවාලයේ බුදුන් වහන්සේ විෂ්ණු ලෙස නිරූපණය කොට ඇති අයුරු.

බුදුන් වහන්සේව සිය ආගමික මතය තුළට ඇතුළත් කොට දක්වන හින්දු පිළිගැනීම සත්‍යදැයි විද්වතුන්ගේ මතභේදයට ලක්ව ඇත.[8] විෂ්ණුගේ අවතාරයක් යැයි පැවසුණ ද, හින්දු ආගම තුළ ක්‍රිෂ්ණ සහ රාම මෙන් උන් වහන්සේ වන්දනයට ලක්වන්නේ කලාතුරකිනි.[1] ජෝන් හෝල්ට් අනුව, බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක් ලෙස සලකන්නට පටන් ගෙන ඇත්තේ පුරාණ රචනා වූ සමයේ වන අතර, එමගින් උන් වහන්සේ බ්‍රාහ්මණ චින්තනයට යටත් බව හුවා දැක්වීම අරමුණු කෙරිණි.[11] හෝල්ට්, ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ දුකණු ආසියාවෙන් පිටත විවිධ විද්වතුන් වැඩිදුරටත් පවසන්නේ, යටත්විජිත යුගය සහ පසුකාලීනව බුදුන් වහන්සේව හින්දු දර්ශනය තුළට ඇතුළත් කිරීමට දරන උත්සාහයන් ජාතිකවාදී දේශපාලන න්‍යාය පත්‍රයන් බවත්, එහි දී "බුදුන් වහන්සේව ඉන්දියානු ඉතිහාසයේ සහ සංස්කෘතියේ ස්වදේශික ජාතිකවාදී සංකේතයක් ලෙස විජයග්‍රාහීව පුනරුච්චාරණය කොට ඇති බවයි".[12]

හර්මාන් ඕල්ඩ්න්බර්ග්, තෝමස් රීස් ඩේවිඩ්ස් සහ සර්වේපල්ලි රාධාක්‍රිෂ්ණන් වැනි ඇතැම් විද්වතුන් පවසා ඇත්තේ මෙම ආගම් දෙක අතර පොදු කරුණු ගණනාවක් පවතින බවයි.[5][6][13] බ්‍රිතාන්‍ය විද්වතකු සහ පාලි ග්‍රන්ථ සංගමයේ ආදිකර්තෘ වන රීස් ඩේවිඩ්ස්ට අනුව, බුදුන් වහන්සේ "උපත ලබා, හැදී වැඩී, ජීවත්ව මියගියේ හින්දුවරයකු ලෙස ය".[6] බුදුන් වහන්සේ හින්දු ආගමේ ප්‍රතිවාදියකු වූ බව හෝ "අසාධාරණ, පීඩාකාරී සහ වංචනික" යැයි පැවසෙන ක්‍රමය විනාශ කිරීමට උන් වහන්සේ තැත් කළ බව දුර්මතයක් යැයි ඔහු කියයි.[6] ඉන්දුවේදියකු සහ බෞද්ධ අධ්‍යන මහාචාර්යවරයකු වන රිචඩ් ගොම්බ්‍රිච් වැනි විද්වතුන් පවසා ඇත්තේ බුදුන් වහන්සේ සමාජ ප්‍රතිසංස්කරණ පසුපස හෝ කුල ක්‍රමයට එරෙහිව හඹා නොගිය බවත්, උන් වහන්සේගේ අරමුණ වූයේ සිය ශ්‍රාවකයින්ගේ මෝක්ෂය උදා කරලීම බව ය.[14][15][16] ගොම්බ්‍රිච් පවසන්නේ නූතනවාදීන් මෙම "බටහිර කතුවරුන් අතින් සිදුවූ අත්වැරදීම" උකහාගෙන ඇති බවයි.[14] ඔක්ස්ෆර්ඩ් මහාචාර්යවරයකු සහ පසුව ඉන්දියාවේ ජනාධිපති බවට පත් රාධාක්‍රිෂ්ණන් පවසන්නේ "බුදුන් වහන්සේ තමන් නව ආගමක් පතුරුවන්නේ යැයි නොසිතූ" නිසා උන් වහන්සේ හින්දුවරයකු බවයි".[5]

ග්‍රන්ථ[සංස්කරණය]

බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක් ලෙස සඳහන් කෙරෙන පුරාණ සහ වීරකාව්‍ය ග්‍රන්ථ පහත පරිදි වේ:

පුරාණික ග්‍රන්ථවල උන් වහන්සේ විෂ්ණුගේ දශ අවතාර අතුරින් එකක් ලෙස, විශේෂයෙන් නවවන අවතාරය ලෙස සඳහන් කොට ඇත. උන් වහන්සේ අවතාරයක් ලෙස සඳහන් වන තවත් වැදගත් ලේඛනයක් වන්නේ පරාශාරගේ බෘහත් පරාශාර හෝරා ශාස්ත්‍ර (2:1-5/7) ග්‍රන්ථයයි.

අර්ථ නිරූපණ[සංස්කරණය]

ගෞතම බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක් ලෙස නිරූපිත සිතුවමක්

හෙල්මත් වොන් ග්ලේසනැප් යෝජනා කරන්නේ මෙම සංවර්ධනයන් බුද්ධාගම සාමකාමී ලෙසින් අවශෝෂණය කරගැනීමට මෙන්ම බෞද්ධයන් වෛෂ්ණව ආගම වෙත නැඹුරු කරගැනීමට වූ හින්දු අපේක්ෂාව නිරූපණය කරන බවයි.[20]

මෙහි සඳහන් වන එක් "බුද්ධ" නමැති පුද්ගලයකු ජීවත් වූ කාලය අතිශයින්ම පරස්පර වන අතර, එම පුද්ගලයා ක්‍රි.ව. 500 අවට කාලයේ වසර 64ක් ජීවත් වූ බවත් සඳහන් වේ. එම තැනැත්තා වෛදික ආගම අනුගමනය කරමින් ඇතැම් පුද්ගලයන්ව මරාදැමූ බවත්, ඔහුගේ පියා ජින නම් වූ බවත් සඳහන් වේ. මෙම පුද්ගලයා සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ නොව වෙනත් පුද්ගලයකු බැව් පෙනේ.[21]

ප්‍රතිමා ශිල්පයේ අන්‍යෝන්‍ය භාවිතය[සංස්කරණය]

චක්‍රය ඓතිහාසිකව විෂ්ණුගේ ධර්මයේ සංකේතයක් වන අතර, ධර්මචක්‍රය බුද්ධාගමේ බුදුන් වහන්සේගේ ධර්මයේ සංකේතයක් ලෙස සැලකේ.[22]

පූජිත චරිත අන්‍යෝන්‍ය භාවිතය[සංස්කරණය]

හින්දු ආගම බුදුන් වහන්සේ සිය පුරාණෝක්තිවේදය තුළට ඇතුළු කරගෙන ඇතිවා සේම, බුදු දහම තුළ ද හින්දු දෙවි ක්‍රිෂ්ණ සිය පුරාණෝක්තිවේදය තුළට ඇතුළු කරගත් අවස්ථා හමුවේ. නිදසුනක් ලෙස බුද්ධාගමේ ජාතක කථා තුළ ක්‍රිෂ්ණගේ කථාව හමුවීම දැක්විය හැක.[23] විධුරපණ්ඩිත ජාතකය තුළ මධුරා (සංස්කෘත: මථුරා), ඝට ජාතකය තුළ කංස, දේවගබ්භා (සංස්කෘත: දේවිකා), උපසාගර හෙවත් වසුදේව, ගෝවද්ධන (සංස්කෘත: ගෝවර්ධන), බලදේව (බලරාම), සහ කණ්හ හෙවත් කේසව (සංස්කෘත: ක්‍රිෂ්ණ, කේෂව) යන නාමයන් හමුවේ.[24][25]

අර්ජුන සහ ක්‍රිෂ්ණ අතර සම්බන්ධතාව ජාතක කථා තුළ හමු නොවේ. බෞද්ධ ප්‍රභේදයෙහි, සිය පුත්‍රයා මියයයාමත් සමග ක්‍රිෂ්ණ අතිශයින් හඬා වැළපෙන අතර, ක්‍රිෂ්ණට පාඩමක් ඉගැන්වීමට ඝටපණ්ඩිත උමතු ස්වභාවයක් මවා පායි.[26] ඔහුගේ සොහොයුරන් බීමත්ව එකිනෙකා නසාගත් අයුරු ද ජාතක කථාවල සඳහන් වේ. බෞද්ධ පුරාවෘත්තයෙහි ක්‍රිෂ්ණ මියයන්නේ ජාර නම් දඩයම්කරුගේ දෑතෙහි ය. ඌරකුට විදින හීයක් ක්‍රිෂ්ණගේ පාදය පසාරු කරයන අතර, එහි දී ඇතිවන තුවාලය හේතුවෙන් ක්‍රිෂ්ණ මියයයි.[27]

ඝට ජාතකය අවසානයේ බෞද්ධ ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ බුදුන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයකු වූ සාරිපුත්ත තෙරුන් වහන්සේ එම ආත්මයේ ක්‍රිෂ්ණ ලෙස උපත ලද බවයි:

අනතුරුව උන් වහන්සේ සත්‍යය වදාළමින් උපත් හඳුන්වා දුන්නේ ය: “එකල ආනන්ද රෝහිණෙය්‍යත්, සාරිපුත්ත වාසුදේවත් [ක්‍රිෂ්ණ], බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් සෙසු පුද්ගලයන් ද වූ අතර, තමන් වහන්සේ ඝටපණ්ඩිතයෝ වූ සේක."

— ජාතක කථා අං. 454, පරිවර්තක: ඩබ්. එච්. ඩී. රෞස්[4]

බෞද්ධ ජාතක කථාවල ක්‍රිෂ්ණ-වාසුදේව පෙර ආත්මයේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු වූ බව සඳහන් කරන විට,[4] හින්දු ග්‍රන්ථ බුදුන් වහන්සේව විෂ්ණුගේ අවතාරයක් ලෙස සලකා ඇත.[28][29]

බුද්ධාගම සහ හින්දු ආගම අතර වෙනස්කම්[සංස්කරණය]

ඓරාවතේශ්වර දේවාලයේ බුදුන් වහන්සේ අවතාරයක් ලෙස නිරූපණය කොට ඇති අයුරු

හින්දු ආගම තුළ බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක් ලෙස ඇතුළත් කොට තිබුණ ද, මෙම ආගම් දෙක බෙහෙවින් වෙනස් ය. හින්දු ආගම සහ අනෙකුත් ප්‍රධාන ඉන්දියානු ආගම් සේම බුද්ධාගම තුළ ද සෑම දෙයක්ම අනිත්‍ය (අනිච්ඡ) බව ස්ථිරව ප්‍රකාශ කරයි. නමුත් එම ආගම් මෙන් නොව සත්ත්වයා තුළ ස්ථිර ආත්මයක් නොපවතින බව (අනත්තා) බුදු දහම සඳහන් කරයි.[30][31][32] නොවෙනස් දෙයක් පවතින බවට වන අවිද්‍යාව හෙවත් නොදැනීම (අවිජ්ජා) බුදු දහම තුළ වැරදි වැටහීමක් ලෙස අර්ථ දැක්වෙන අතර, එය දුකට ප්‍රධාන හේතුවක් ද වේ.[33][34][35]

පුනර්භවය අනුමත කළ බුදුන් වහන්සේ ඒ පිළිබඳ දේශනා කළහ. මෙමගින් සත්ත්වයා ජීවිත අනුප්‍රාප්තියක් ඔස්සේ ගමන්ගන්නා බවත්, සවිඥානක ජීවිතයක් තුළ ප්‍රතිසන්ධිය ලබමින් මියයමින් දිවිගෙවන බවත් ය.[36] බෞද්ධ චින්තනය තුළ, මෙම පුනර්භවය සමග හින්දු සහ ජෛන ආගම්වල සඳහන් වන ආත්මයක් සම්බන්ධ නොවේ.[37] බුදු දහම අනුව, ආත්ම සංකල්පය අසත්‍ය වේ.[38]

පිළිගැනීම[සංස්කරණය]

දාලිත් නායකයකු වූ බී. ආර්. අම්බේඩ්කාර් 1935දී හින්දු ආගම අත්හැර බුද්ධාගම වැළඳ ගැනීමට ඔහු තුළ වූ අභිප්‍රාය ප්‍රකාශයට පත්කළ අතර, වසර 20කට පසුව බුද්ධාගම වැළඳගත්තේ ය. ඔහු බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක්ය යන්න ප්‍රතික්ෂේප කළේ ය.[39] දාලිත් බෞද්ධ ව්‍යාපාරයේ දී ඔහු ලබාදුන් ප්‍රතිඥා 22න් 5වන ප්‍රතිඥාව වූයේ "බුදුන් වහන්සේ විෂ්ණුගේ අවතාරයක්ය යන්න මම විශ්වාස නොකරමි. මෙය හුදු උමතුවක් සහ අසත්‍ය ප්‍රචාරයක් බව මම විශ්වාස කරමි."[40]

ඩොනල්ඩ් ස්වියරර් අනුව, බුදුන් වහන්සේ හින්දු ආගම තුළ පිළිගැනීම උන් වහන්සේගේ බලපෑමේ විවිධත්වය පෙන්නුම් කරයි. ස්වියරර් පවසන්නේ බුදු දහම තුළ පවා, ථෙරවාද, මහායාන, ටිබෙට්, ජපන් සහ වෙනත් සම්ප්‍රදායයන් තුළ උන් වහන්සේ සහ උන් වහන්සේගේ අදහස් වෙනස් අයුරින් දක්නා ඇති බවයි. මීට සමාන අයුරින්, විවිධ හින්දු සම්ප්‍රදායයන් තුළ බුදුන් වහන්සේ විවිධ අයුරින් අර්ථ නිරූපණය කොට ඇත.[41]

ශ්‍රී ලංකාවේ උපන් බෞද්ධ භික්ෂුවක සහ පරිවර්තකයකු වන නාරද මහා තෙරුන් වහන්සේ පවසන්නේ බුදුන් වහන්සේ හින්දු දෙවි විෂ්ණුගේ අවතාරයක් හෝ ගැලවුම්කරුවකු නොවන බවයි. උන් වහන්සේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට දේශනා කළේ තම්නගේ විමුක්තිය උදෙසා බාහිර දේවතාවකු මත රඳානොපැවතී, තමන් මතම රඳාපවත්නා ලෙසයි. එසේම තමන්ගේ අයහපත් ක්‍රියාවල ප්‍රතිඵලවලින් තමන්ව මුදවා ගන්නට දෙවිවරුනට නොහැකි බවත්, හුදෙක් පිරිසුදු භාවය තමන්ගේම ක්‍රියා මත රඳා පවතින බවයි. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට දේශනා කළේ තමන් හුදු ආචාර්යවරයකු පමණක් බවත්, විමුක්ති මාර්ගය වෙත පියනැගිය යුත්තේ තමන් බවත් උන් වහන්සේ කියයි.[42]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 James G. Lochtefeld (2002). The Illustrated Encyclopedia of Hinduism: A-M. The Rosen Publishing Group. pp. 73, 128. ISBN 978-0-8239-3179-8.
  2. 2.0 2.1 2.2 John Clifford Holt (2008). The Buddhist Viṣṇu: Religious Transformation, Politics, and Culture. Motilal Banarsidass. pp. 18–21. ISBN 978-81-208-3269-5.
  3. Charles Russell Coulter (2013). Encyclopedia of Ancient Deities. Routledge. p. 109. ISBN 978-1-135-96390-3., Quote: "According to some, Buddha was the ninth avatar of Vishnu. Buddhists do not accept this theory."
  4. 4.0 4.1 4.2 E.B. Cowell; WHD Rouse (1901). The Jātaka: Or, Stories of the Buddha's Former Births. Cambridge University Press. p. 57.
  5. 5.0 5.1 5.2 Lars Tore Flåten (2016). Hindu Nationalism, History and Identity in India: Narrating a Hindu past under the BJP. Taylor & Francis. pp. 90–93. ISBN 978-1-317-20871-6., Quote: "Rhys Davids says, 'Gautama was born and brought up and lived and died a Hindu."
  6. 6.0 6.1 6.2 6.3 Thomas William Rhys Davids (2000). Buddhism: Being a Sketch of the Life and Teachings of Gautama, the Buddha. Asian Educational Services. pp. 83–84. ISBN 978-81-206-1479-6.
  7. K N Jayatilleke (2013). Early Buddhist Theory of Knowledge. Routledge. pp. 369–370 with note 625. ISBN 978-1-134-54287-1.
  8. 8.0 8.1 8.2 John Clifford Holt (2008). The Buddhist Viṣṇu: Religious Transformation, Politics, and Culture. Motilal Banarsidass. pp. 8–22. ISBN 978-81-208-3269-5.
  9. John Marshall / Jaya Tirtha Charan Dasa (1970-02-18). "Dasavatara stotra". Salagram.net. සම්ප්‍රවේශය 2012-08-14.
  10. Lecture 1974 by founder of ISKCON - A. C. Bhaktivedanta Swami Prabhupada සංරක්ෂණය කළ පිටපත 2007-09-27 at the Wayback Machine "Because people were addicted so much in violence, in killing the animals, therefore Buddha philosophy was needed"
  11. Holt, John. The Buddhist Visnu. Columbia University Press, 2004, p.12,15 "ඉන්දියානු රාත්වයේ පුරාණෝක්ති චින්තනය තුළ බුදුන් වහන්සේ "විශ්වීය පුද්ගලයා" ලෙස ඇතුළත් කොට තිබෙන්නේ, බුදුන් වහන්සේ බ්‍රාහ්මණීය විෂ්ණු වන්දනාව යටතට ඇතුළ්ත කෙරු‍ණු සමයේ බැව් පෙනේ."
  12. John Clifford Holt (2008). The Buddhist Viṣṇu: Religious Transformation, Politics, and Culture. Motilal Banarsidass. pp. 18–23, 31–32. ISBN 978-81-208-3269-5.
  13. K N Jayatilleke (2013). Early Buddhist Theory of Knowledge. Routledge. pp. 369–370 with note 625. ISBN 978-1-134-54287-1.
  14. 14.0 14.1 Richard Gombrich (2012). Buddhist Precept & Practice. Routledge. pp. 344–345, context and discussion: 343–370. ISBN 978-1-136-15623-6., Quote: "Unlike the customs concerning property and succession it is admitted by traditionalists to be doctrinally indefensible, and it is of course heartily attacked by modernists. Some modernists go so far as to say that the Buddha was against caste altogether: this is not the case, but is one of mistakes picked up from western authors".
  15. Randall Collins, The Sociology of Philosophies: A Global Theory of Intellectual Change. Harvard University Press, 2000, page 205-206
  16. Christopher S. Queen; Sallie B. King (1996). Engaged Buddhism: Buddhist Liberation Movements in Asia. State University of New York Press. pp. 17–18. ISBN 978-0-7914-2844-3.
  17. "Bhagavata Purana 1.3.24". Srimadbhagavatam.com. 2007-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-08-14. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  18. Motilal Banarsidass, Delhi 1982.
  19. Dhere Ramchandra Chintaman, Shri Vitthal: ek maha samanvaya, Shri Vidya Prakashan, Pune, 1984 (Marathi)
  20. von Glasenapp 1962 page 113, cited in O'Flaherty, page 206.
  21. Singh, p.266.
  22. Hajime Nakamura (1964). The Ways of Thinking of Eastern Peoples: India-China-Tibet-Japan. University of Hawaii Press. p. 181. ISBN 978-0-8248-0078-9.
  23. "Andhakavenhu Puttaa". www.vipassana.info. සම්ප්‍රවේශය 2008-06-15.
  24. Law, B. C. (1941). India as Described in Early Texts of Buddhism and Jainism. Luzac. pp. 99–101.
  25. Jaiswal, S. (1974). "Historical Evolution of the Ram Legend". Social Scientist. 21 (3–4): 89–97. JSTOR 3517633.
  26. Gunapala Piyasena Malalasekera (2007). Dictionary of Pāli Proper Names: A-Dh. Motilal Banarsidass. pp. 825–826. ISBN 978-81-208-3021-9.
  27. H. T. Francis; E. J. Thomas (1916). Jataka Tales. Cambridge University Press (Reprinted: 2014). pp. 314–324. ISBN 978-1-107-41851-6.
  28. Daniel E Bassuk (1987). Incarnation in Hinduism and Christianity: The Myth of the God-Man. Palgrave Macmillan. p. 40. ISBN 978-1-349-08642-9.
  29. Edward Geoffrey Parrinder (1997). Avatar and Incarnation: The Divine in Human Form in the World's Religions. Oxford: Oneworld. pp. 19–24, 35–38, 75–78, 130–133. ISBN 978-1-85168-130-3.
  30. Anatta Buddhism, Encyclopædia Britannica (2013)
  31. [a] Christmas Humphreys (2012). Exploring Buddhism. Routledge. pp. 42–43. ISBN 978-1-136-22877-3.
    [b] Gombrich (2006), page 47, Quote: "(...) Buddha's teaching that beings have no soul, no abiding essence. This 'no-soul doctrine' (anatta-vada) he expounded in his second sermon."
  32. [a] Anatta, Encyclopædia Britannica (2013), උද්ධෘතය: "බුදු දහමේ අනත්ත යනු මිනිසුන් තුළ ස්ථිර, නොවෙනස් ආත්මයක් නොපනතින බවයි. අනාත්ම හෙවත් අනත්ත සංකල්පය හින්දු ආත්ම විශ්වාසයෙන් වෙනස් ය.";
    [b] Steven Collins (1994), Religion and Practical Reason (Editors: Frank Reynolds, David Tracy), State Univ of New York Press, ISBN 978-0791422175, page 64; "Central to Buddhist soteriology is the doctrine of not-self (Pali: anattā, Sanskrit: anātman, the opposed doctrine of ātman is central to Brahmanical thought). Put very briefly, this is the [Buddhist] doctrine that human beings have no soul, no self, no unchanging essence.";
    [c] John C. Plott et al (2000), Global History of Philosophy: The Axial Age, Volume 1, Motilal Banarsidass, ISBN 978-8120801585, page 63, Quote: "The Buddhist schools reject any Ātman concept. As we have already observed, this is the basic and ineradicable distinction between Hinduism and Buddhism";
    [d] Katie Javanaud (2013), Is The Buddhist 'No-Self' Doctrine Compatible With Pursuing Nirvana?, Philosophy Now;
    [e] David Loy (1982), Enlightenment in Buddhism and Advaita Vedanta: Are Nirvana and Moksha the Same?, International Philosophical Quarterly, Volume 23, Issue 1, pages 65–74
  33. Brian Morris (2006). Religion and Anthropology: A Critical Introduction. Cambridge University Press. p. 51. ISBN 978-0-521-85241-8., Quote: "(...) anatta is the doctrine of non-self, and is an exteme empiricist doctrine that holds that the notion of an unchanging permanent self is a fiction and has no reality. According to Buddhist doctrine, the individual person consists of five skandhas or heaps – the body, feelings, perceptions, impulses and consciousness. The belief in a self or soul, over these five skandhas, is illusory and the cause of suffering."
  34. Richard Francis Gombrich; Cristina Anna Scherrer-Schaub (2008). Buddhist Studies. Motilal Banarsidass. pp. 209–210. ISBN 978-81-208-3248-0.
  35. Frank Hoffman; Deegalle Mahinda (2013). Pali Buddhism. Routledge. pp. 162–165. ISBN 978-1-136-78553-5.
  36. Keown, Damien (1996). Buddhism: A Very Short Introduction. Oxford University Press. p. 107.
  37. Oliver Leaman (2002). Eastern Philosophy: Key Readings. Routledge. pp. 23–27. ISBN 978-1-134-68919-4.
  38. [a] Christmas Humphreys (2012). Exploring Buddhism. Routledge. pp. 42–43. ISBN 978-1-136-22877-3.
    [b] Brian Morris (2006). Religion and Anthropology: A Critical Introduction. Cambridge University Press. p. 51. ISBN 978-0-521-85241-8., Quote: "(...) anatta is the doctrine of non-self, and is an extreme empiricist doctrine that holds that the notion of an unchanging permanent self is a fiction and has no reality. According to Buddhist doctrine, the individual person consists of five skandhas or heaps – the body, feelings, perceptions, impulses and consciousness. The belief in a self or soul, over these five skandhas, is illusory and the cause of suffering."
    [c] Gombrich (2006), page 47, Quote: "(...) Buddha's teaching that beings have no soul, no abiding essence. This 'no-soul doctrine' (anatta-vada) he expounded in his second sermon."
  39. Michael Jerryson (2016). The Oxford Handbook of Contemporary Buddhism. Oxford University Press. pp. 47–48. ISBN 978-0-19-936238-7.
  40. Ucko, Hans (2002). The people and the people of God. LIT Verlag Münster. p. 101. ISBN 978-3-8258-5564-2.
  41. ඩොනල්ඩ් ස්වියරර් (2016). Michael Jerryson (ed.). The Oxford Handbook of Contemporary Buddhism. Oxford University Press. pp. 678–683. ISBN 978-0-19-936238-7.
  42. "Buddhism in a Nutshell". www.accesstoinsight.org. සම්ප්‍රවේශය 4 December 2016.