අග්නි (දෙවියන්)

විකිපීඩියා වෙතින්
අග්නි
ගින්නට අධිපති[1][2]
අග්නි ගිනිදළු සහිත රශ්මි මාලාවක් සහිතව බැටලුවකු මත හිඳ සිටින අයුරු
වාසභවනයනැත (අයාලේ)
මන්ත්‍රයඕම් අග්නිදේවාය නමඃ
ආයුධයමුගුර
වල්ලභයාස්වාහා දෙවඟන[3]
වාහනයබැටලුවා[4]

අග්නි (සංස්කෘත: अग्नि) යනු හින්දු දෙවියෙක් වන අතර, අතිශයින් වැදගත් වේද දෙවිවරුන් අතුරින් එක් කෙනෙකි. ඔහු ගින්න හා සම්බන්ධ දෙවිවරයා වන අතර[5] යාගයන් පිළිගන්නා දෙවියා ය. අග්නි වෙත පිදෙන යාගයන් දෙවිවරුන් වෙත යොමු වන්නේ අනෙකුත් දෙවිවරුන් වෙතින් හා ඔවුන් වෙතට පණිවුඩ ගෙන යන්නා අග්නි වන බැවිනි. ඔහු සදා-යෞවන වන්නේ, සැමදා ගිනි යළි-දැල්වෙන බැවින් වන අතර එබැවින්ම අමරණීයද වෙයි.

පුරාණ වෛදික ගිනි දෙවියා ඇදහීමේ සිට වර්තමානයේ පවතින හින්දු ආගම දක්වා අග්නි දෙවිඳු ඇදහීමේ සිරිත අඛණ්ඩව පැවතෙන්නේය. ඝර්ෂණය කිරීමෙන් ගින්දර ලබා ගැනීම සඳහා කෝවිල්වල තිබෙන පූජනීය වස්තුවක් ලෙස සැළකෙන ගිණි තොරපනය නම් උපකරණය (අග්නි දෙවිඳුගේ දෛනිකව සිදු වන උපත සංකේතවත් කරමින්) කෝවිල්වල තවමත් ප්රයෝජනයට ගැනේ.

විස්තර දැක්වීම[සංස්කරණය]

හින්දු කලාවෙහි අග්නි දෙවියන් චිත්රණය කර ඇත්තේ අත් දෙකක් හෝ හතක් ද, හිස් දෙකක්ද, පාදයන් තුනක්ද, ඇත්තෙකු ලෙසිනි. සෑම හිසක්ම භයංකර දිවවල් හතකින් යුත්කය. එම දිවවල් වලින් කෙරෙන්නේ පූජා කරන ලද ගිතෙල් ලෙව කෑමයි. ඔහු බැටලුවෙකු තම වාහනයලෙස යොදා ගනී. නැතහොත් කෝපාග්නියෙන් දැවෙන අශ්වයින් යෙදූ රථයක් යොදා ගනී. ඔහු පොරවක්, ගිනි පන්දමක්, පබලු මාලයක්, ගිනි ඇවිලුනු හෙල්ලක් ද, සංකේතවත් කරන්නේය.

රතු පාටින් සහ හිස් දෙකක් ඇත්තෙකු ලෙස අග්නි නිරූපණය වන්නේ ඔහු සතුව පවත්නා විනාශ කිරීමේ බලය හා ගුණවත්කම ද පෙන්නුම් කරමිනි. ඔහු කළු පැහැති දෙනෙත් සහ හිසකේ ද, පාද තුනක් සහ අත් හතක් ඇත්තෙකු ලෙස ද නිරූපිතයි. ඔහු බැටලුවෙකු පිට හෝ එළුවන් හෝ කලාතුරකින් ගිරවුන් යෙදූ රථයක ගමන්කරයි. ඔහුගේ සිරුරෙන් ආලෝක කිරණ හතක් නිකුත් වෙයි. ඔහු "සප්ත ජිව්හා" යන නමින්ද හැඳින්වේ. එහි තේරුම දිවවල් හතක් ඇත්තා යනුයි.

වෙනත් විශ්වාසයන් හා ආගම් තුළ අග්නි[සංස්කරණය]

ඉන්දු - ටිබෙට් බුද්ධාගමේ ඔහු ගිණිකොන දිග ආරක්ෂා කරන 'ලෝකපාලකයාය.' "ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් - jigten lugs kyi bstan bcos යන පාඨයෙහි තේරුම "ඔබේ උදුන ඔබේ නිවසේ ගිණිකොන දෙසින් පිහිටුවන්න. එය අග්නි වෙනුවෙන් වූ ස්ථානයයි" යනුවෙනි. ඔහු බෞද්ධ "හෝම" නම් ගිනි පූජා පිළිවෙත්හි ප්රධාන භූමිකාවක්ද රඟ දක්වයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. George M. Williams (2008). Handbook of Hindu Mythology. Oxford University Press. p. 48. ISBN 978-0-19-533261-2.
  2. Wendy Doniger O'Flaherty (1994). Hindu Myths. Penguin Books. p. 97. ISBN 978-0-14-400011-1.
  3. Antonio Rigopoulos (1998). Dattatreya: The Immortal Guru, Yogin, and Avatara: A Study of the Transformative and Inclusive Character of a Multi-faceted Hindu Deity. State University of New York Press. p. 72. ISBN 978-0-7914-3696-7.
  4. Alexandra Anna Enrica van der Geer (2008). Animals in Stone: Indian Mammals Sculptured Through Time. BRILL Academic. p. 324. ISBN 90-04-16819-2.
  5. Mythology, An Illustrated Encyclopedia of the Principal Myths and Religions of the World, by Richard Cavendish ISBN 1-84056-070-3, 1998

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අග්නි_(දෙවියන්)&oldid=597575" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි