සතී (හින්දු දෙවඟන)

විකිපීඩියා වෙතින්
(සතී (දෙවඟන) වෙතින් යළි-යොමු කරන ලදි)
සතී දේවිය
බලයේ දෙවඟන, විවාහ සෞභාග්‍යයේ සහ දීර්ඝායුෂයේ දෙවඟන
සිය බිරිඳ වූ සතීගේ මෘතදේහය උසුලාගෙන යන ශිව
දේවනාගරීसती
සංස්කෘත පරිවර්තනයSatī
අනුබැඳියපාර්වතී, ආදි පරාශක්ති, ශක්ති, දේවී
වාසභවනයකෛලාශ කූටය
පෞද්ගලික තොරතුරු
වල්ලභයාශිව
දෙමාපියන්
සොයුරු/සොයුරියන්

සතී (ˈsʌti:) (සංස්කෘත: सती) හෙවත් දාක්ෂායණී (සංස්කෘත: दाक्षायणी, සාහිත්‍යමය. දක්ෂගේ දියණිය) දේවිය යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු ආගමේ විවාහ සාර්ථකත්වයට සහ චිරජීවනතයට අධිපති දෙවඟනයි. දෙමළ බසින් සතී දෙවඟන දෙමළ: தாட்சாயிணி තාට්චායිණී ලෙසත්, තෙලිඟු භාෂාවෙන් පේරාන්ටලු ලෙසත් හැඳින්වේ. ආදි පරාශක්ති දේවියගේ ස්වරූපයක් වන දාක්ෂායණී ශිවගේ දෙවන බිරිඳයි. ශිවගේ තෙවන බිරිඳ වූ පාර්වතී සතීගේ නැවත උපතක් ලෙස සැලකේ. (දේවී භාගවත පුරාණයට අනුව ශිවගේ පළමු බිරිඳ කාලිකා දේවිය වන අතර දෙවන බිරිඳ සතී දෙවඟනයි.)

හින්දු ජනප්‍රවාදයෙහි, සතී සහ පාර්වතී යන දෙදෙනාම ශිව දෙවියන් තපස් හුදකලා දිවියේ සිට ලෝකයේ මැවුම්කාරී සහභාගීත්වය කරා යොමු කිරීමට හේතු වූයේ යැයි විශ්වාස කෙරේ.[1] අවංකත්වයේ සහ විශ්වාසනීයත්වයේ අවසන් ක්‍රියාව ලෙස හින්දු වැන්දඹුවන් සිය සැමියාගේ චිතකයට පැන සිය දිවි හානිකරගැනීමේ චාරිත්‍රය වන සති පූජාව ද මෙම දෙවඟන සිය සැමියා වෙනුවෙන් සිය දිවි හානිකරගත් ආකාරය නිසා ගොඩනැගුණකි.[2]

නිරුක්තිය[සංස්කරණය]

සතී දේවියගේ මුල්ම සදහන් වීම් රාමායණය සහ මහා භාරතයේ කාලයේ සොයාගත හැක.නමුත් ඇගේ කතාවේ තොරතුරු පුරාණවල සදහන් වේ.දක්ෂ රජුගේ ප්‍රියතම දියණිය සතී ලෙස පුරාවෘත්තයන් විස්තර කරයි.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Kinsley, David (1987, reprint 2005). Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition, Delhi: Motilal Banarsidass, ISBN 81-208-0394-9, p.38
  2. Kinsley, David (1987, reprint 2005). Hindu Goddesses: Visions of the Divine Feminine in the Hindu Religious Tradition, Delhi: Motilal Banarsidass, ISBN 81-208-0394-9, p.35
"https://si.wikipedia.org/w/index.php?title=සතී_(හින්දු_දෙවඟන)&oldid=544169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි